යා යුතු මග

චන්ද්‍රයෙහි ඇතිවූ පැල්ම!
ඉහත සඳහන් රූපය තුළින් දිස්වන්නේ ‘Belt of Rocks’  චන්ද්‍රයාගේ බෙදුනු ස්ථානයයි. මෙය චන්ද්‍රයෙහි ඇති වී තිබෙන බෙදීම වේ. එවකට මක්කාවෙහි නබි (සල්) තුමන්ව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටියවුන් පැමිණ ඔබ සත්‍යවූ ශාස්තෘවරයකු නම් චන්ද්‍රයා දෙකට බෙදා පෙන්වන්න,  ඔබ එසේ කළේ නම් අපි ඔබව ශාස්තෘවරයකු වශයෙන් පිළිගන්නෙමු යනුවෙන් ඔවුන් පැවසූහ. එදින පුරහඳ පෑයූ දිනයක් විය එකී කාරණය ඉටු වීම සඳහා මුහම්මද් (සල්) තුමන් අල්ලාහ් යැදීය, එම යැදීම සර්ව බලධාරි අල්ලාහ් පිළිගත්තේය. ඒ සැනින්ම මහා හාස්කමක් සිදුවිය. එනම් චන්ද්‍රයා කොටස් දෙකකට බෙදී වෙන්විය එයින් එක් කොටසක් ”සෆා ”පර්වතයට ඉහලින් හා අනිත් කොටස ”කායිකන්” පර්වතයට ඉහළින් ද දිස්විය එනමුත් පසුව එම ප‍්‍රතික්‍ෂෙපකයින් මෙය මුහම්ද්ගේ හූණියමක්, මුහම්මද් අපට කෙසේ හෝ මායාවක් පාන්නට ඇත යනුවෙන් පැවසූහ. නමුත් මෙම හූණියම ලෝකයේ සිටින සියළු අය ඉදිරියේ ඵල රහිතය, ගම් වැසියන් එන තෙක් අපි ඉවසා සිටිමු ඔවුන්ගෙන් මේ පිළිබඳ විමසා බලමු, එවිට ඔවුන්ද එය දිස්වූයේ නම් අපි එයි පිළිගමු එසේ නොවූවොත් එය මුහම්මද්ගේ හුදු මායාවක් පමණි යනුවෙන් අබූ ජහ්ල් පැවසූවේය. ගම්වැසියන් පැමිණ ඔවුන්ද එය දුටු බව සනාථ කළ විට පවා මක්කා ප‍්‍රතික්‍ෂෙපකයින් ”මුහම්මද්ගේ හූණියම කෙතරම් බලවත්ද” යනුවෙන් පමණයි පැවසුවේ.

පසුව අල්ලාහ් ”අල්කමර් ” (චන්ද්‍රයා) නම් පරිච්ඡේදය අනාවරණය කළේය “අවසන් දිනය ළං විය, චන්ද්‍රයාද පැලී වෙන්විය, නමුත් ඔවුන් යම් හාස්කමක් දුටු විට (එය) ප‍්‍රතික්‍ෂෙප කරති. සෑම විටම සිදුවන්නාක් මෙන් මෙය ද (තවත් එක්) හුණියමක් වේ යනුවෙන්ද ඔවුන් කියති. නියත වශයෙන්ම අවවාද කරන බොහෝ පුවත් ඔවුන්ට පැමිණ ඇත” (ශුද්ධවූ අල්කුර්ආනය 54: 1- 4).   මෙය නබි (සල්) තුමන්ගේ ජීවිත සමයේ සිදුවූ ප‍්‍රාතිහාර්යයකි.

Dr. Zaghlool Al-Najaar’s වරක් තම දේශණයකදී, බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල අතුරින් එක් විශ්ව විද්‍යාලයක් මෙම මතය දරයි, චන්ද්‍රයාහි ඇති වී තිබෙන පැලීම මෑතකදී තහවුරු කළ බව ඉස්ලාම් දහම කෙරෙහි බොහෝ ඇල්මක් දක්වන ”දාවූද් මූසා” මොහු බි‍්‍රතාන්‍යයෙහි ඇති මුස්ලිම් පෙරමුණේ වත්මන් නායකයා වශයෙන් හා එහි නුදුරේදි පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඉස්ලාමීය ධජය යටතේ තරඟ කිරීමටද තීරණය කරමින් සිටි. බටහිර ලෝකය තුළ ඉතා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන දහම ඉස්ලාම් යනුවෙන් ද ඔහු කියයි. ඔහුගේ මෙම වෙනසට පෙර ආගම් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටී අවදියේ ඔහුගේ මිත‍්‍රයා ශුද්ධවූ අල්කුර්ආනයේ ඉංග‍්‍රීසි පරිවර්තනයක් ඔහුට පිරිනැමුවේය. අල්කුර්ආනය විවෘත කර එය කියවන විට අල්කමර් (චන්ද්‍රයා) පරිච්ඡේදය ඔහු කියවුවේය ”අවසන් දිනය ළං විය චන්ද්‍රයාද පැළුනි මෙය නෙත ගැටුනු විගසම ඔහු ශුද්ධවූ අල්කුර්ආනය පසක දැමුවේය.

ඉනික්බිතිව එක් දවසක් ඔහු අහම්බෙන් BBC නාලිකාවෙහි විකාශය වෙමින් තිබුනු වැඩසටහනක් නරඹන්නට විය. එය විද්‍යාඥයන් තිදෙනෙකු සමග වූ පිළිසඳරකි, එම පිළිසඳර පවත්වන්නා, අභ්‍යවකාශ ඉදිරි සැලැස්මට බිලියන් ගණන් මුදල් වැය කිරීම පිළිබඳව ඇමෙරිකාව විවේචනය කරන්නට විය. ලෝකයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව දිළින්දන් වශයෙන් කල් ගෙවති, විද්‍යාඥයින් අභ්‍යවකාශ ගවේශණයේ වැදගත්කම පිළිබඳ කරුණු ගෙනහැර පෑමේ ප‍්‍රයත්නයක යෙදී සිටියහ.

මෑත කාලයේ විශාල මුදල් සම්භාරයක් වැය කරමින් සිදුකළ අභ්‍යවකාශ ගමන පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේය. එම ගමනට බිලියන් 100 ක් වැය විය. හුදෙක්ම ඇමෙරිකානු ධජය හඳෙහි සිටවන්නද මෙතරම් මුදල් කන්දරාවක් වැය කළේ ද යන්න ඔහු ප‍්‍රශ්න කළේය. එයට විද්‍යාඥයින් චන්ද්‍රයාගේ අභ්‍යන්තර හැඩය අධ්‍යයනය කිරීමෙන් එය පෘථිවියට සමානකමක් දක්වයි, ‘Belt of Rocks’  (චන්ද්‍රයාගේ පැළුනු) තීරුව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් විස්මිතවූවා. එය චන්ද්‍රයාගේ මතු පිට සිට සෘජුවම අභ්‍යන්තර පත්ල දක්වාම ඇත. කුතුහලය දණවන කරුණ නම් ඔවුන් ගෙනහැර දැක්වූ තොරතුරු ඔවුන්ගේ භූ විද්‍යාඥයින්ව පවා විශ්මයට පත්කළ බව පවසමින් ඔවුන් සමාප්ත කළේය.

මෙය නරඹමින් සිටී ”දාවූද් මූසා” තම ආසනයෙන් පැන කෑ ගැසුවා, මෙය මුහම්මද් (සල්) තුමන්ගේ ආශ්චර්්‍යයකි.  අවුරුදු 1400 කට පෙර සිදුවූ ප‍්‍රාතිහාර්්‍යය ඔප්පු කිරීමට ඇමෙරිකානු විද්‍යාඥයින්ට බිලියන් ගණන් මුදල් වියදම් කරන්නට සිදුවිය. නමුත් විශ්ව හිමියන්ගේ පුස්තකය එය ශත වර්ෂ 14 කට පෙරම සඳහන් කරන ඇත. සැබවින්ම සත්‍යයවූ එකම දහම ඉස්ලාම් බව මුස්ලිම්වරුන් ඉදිරියේ දැඩි විශ්වාසයකින් යුතුව ඔහු පවසයි. මුලින් කුමන අල්කමර් (චන්ද්‍රයා) පරිච්ඡේදය ඔහු ඉස්ලාම් දහම ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවූවාද යළිත් වරක් එම පරිච්ඡේදයම ඔහු ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතු සාධක විය.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් වෙයි: “කවුරුන් අල්ලාහ් නිවැරදි මාවත ඔස්සේ යොමු කිරීමට සිතයිද ඔහුගේ සිත ඉස්ලාම් වෙනුවෙන් පුළුල්කරයි.”  (ශු අල්කුර්ආනය 6: 125).

සමාජවාදයේ සිට ඉස්ලාම් කරා බිලාල් ෆිලිප්ස්!
වත්මන් ඉස්ලාමීය ලෝකය තුළ නොදන්නා කෙනෙකු නැත යන තරමට ප‍්‍රචලිත වී සිටින ප‍්‍රවීන ඉස්ලාමීය විද්වතෙකු වන බිලාල් ෆිලිප්ස් නම් චරිතය, වසර 40 කට පෙර සමාජවාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත්, කළු ජාතිකයින් වෙනුවෙන් ඇප කැපවී සිටි චරිතයකි. එතුමන්ගේ ජීවිතයෙහි මෙතරම් සහ විපර්්‍යාසයක් ඇති කිරීමට තුඩු දුන් හේතූන් මොනවාද?

බිලාල් ෆිලිප්ස් කිතු පවුලක උපත ලැබූ කෙනෙකි. කි‍්‍රකට් ක‍්‍රීඩාවට ප‍්‍රසිද්ධියක් උසුලන බටහිට ඉන්දිය කොදෙව් දූපතෙහි පිහිටා ඇති ජමෙයිකා නම් නගරයෙහි 1947 දී උපත ලැබුවේය. ඔහුගේ දෙමාපියන් දෙදෙනාම වෘත්තියෙන් ගුරුවරුන් විය. ඔහුගේ මුත්තා බයිබලය හදාරා කිතු ප‍්‍රචාරයන්හි නිරතවූ කෙනෙකු විය.

බිලාල් ෆිලිප්ස්ගේ පවුලේ උදවිය පරාර්ථකාමි හැඟීමෙන් යුතු වූ අතර, බල කිරීමකින් තොර තම මවත් සමග සෑම සති අන්තයකම පල්ලියට ගොස් ඒමේ පුරුද්ද ඔහුට විය.

ෆිලිප්ස්ට වයස අවුරුදු 11ක්ව පවතින විට ඔහුගේ පවුලේ උදවිය කැනඩාව බලා යන්නට විය. එවකට කැනඩාවෙහි ජීවත් වූ බහුතරයක් යුරෝපයෙහි හා වෙනත් රටවල් වල සිට පැමිණී උදවිය විය. යුරෝපයට හිමි කම් කියන අප කැනඩාවෙහි උසස් ජාතීන් යන උඩඟුකම හා මමත්වය ඔවුන් තුළ පැවතිනි. මෙය කුඩා ළමයෙකුවූ ෆිලිප්ස්ගේ සිත් තුළ තදින් බලපාන්නට විය.

මිනිසුන් අතර සමානව නොසැළකීම ෆිලිප්ස් තුළ ලොකු බලපෑමක් ඇති කළේය. ෆිලිප්ස්ගේ දෙමාපියන් කෙතරම් වෙනස් කම් වලට මුහුණ පෑවේද යනු ඔවුන් විස්තර කළේය. මා අත් දුටු දේට වඩා මාගේ දෙමාපියන් පාසැල් අවදියේදි බොහෝ අසාධාරණ කම් වලට මුහුණ දුන්හ යනු මා පසුව ඔවුන්ගෙන් දැනග්තෙමි යනුවෙන් ෆිලිප්ස් කියයි.

කැනඩාවෙහි ජීවත්වූ කාල වකවානුවෙහි මුස්ලිම් සමාජයත් සමග කිසිදු සම්බන්ධකමක් ඔහුට නොතිබිනි. ෆිලිප්ස්ගේ දෙමාපියන්ට කැනඩාව හා කොළඹ යන ගිවිසුමක් මත මැලේසියාවෙහි ගුරු පත්වීමක් ලැබිනි. ප‍්‍රථම වරට මුස්ලිම් සමාජයත් සමග ඇසුරක් ඔහුට ලැබෙන්නේ එහි සිටින විටයි. කැනඩාවට වඩා මැලේසියාව තරුණ ෆිලිප්ස්ට සතුට ගෙන දෙන්නට විය. නමුත් මැලේසියාව මුස්ලිම් රටක් යන්නට කිසිදු සළකුණක් ඔහුට නොපෙනුනි.

බි‍්‍රතාන්‍යය යටත් විජිත පාලනය යටතේ මැලේසියාව පැවතීම නිසා එම සළකුණු එහි පෙනෙන්නට විය. ෆිලිප්ස්ගේ මිත‍්‍රයින් වශයෙන් ඉංග‍්‍රීසි දන්නා ගුරුවරුන් හා ඉංග‍්‍රීසි දන්නා මැලේසියානුවන් සිටියේය. ”රාක්” සංගීත කණ්ඩායමක් ඇති කර වෘත්තියක් වශයෙන් ගිටාර් වාදනය කරමින් ෆිලිප්ස් කාලය ගත කළේය.

මැලේසියාවෙහි සිටින කාල වකවානුවෙහි ෆිලිප්ස්ගේ දෙමාපියන් ඉන්දුනේසියානු මුස්ලිම් දරුවෙකු හදාගන්නට විය. ෆිලිප්ස්ගේ මවට ඉස්ලාම් පිළිබඳ සාමාන්‍ය දැනුමක් පැවතුනු නිසා එම දරුවාට සලාතය හා උපවාසය කරන ආකාරය පිළිබඳ කියා දුන්නේය. වරක් තම අළුත් ආගන්තුකයා සලාතය කරන එම දර්ශනය දුටු ෆිලිප්ස්ට, ඔහු අමුතු චරිතයක් යන හැඟීම පමණක් පහළවිය. එනමුත් ඔහුගේ ප‍්‍රතිපත්තීන් හා විශ්වාසයන් පිළිබඳ දැනගැනීමට තරම් ඔහුට උනන්දුවක් නොවීය.

ෆිලිප්ස් අධ්‍යාපනය ලබාගැනීමට එතරම් කැමැත්තක් නොදක්වා සංගීතය, ඒ වගේම තම සයිකලයෙන් කරක් ගැසීමට වැඩි අවදානයක් යොමු කිරීම නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. එබැවින් ඔහුගේ දෙමාපියන් යළිත් වරක් ඔහුව කැනඩාවෙහි පිහිටී සයිමන් බිරේසර් විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපයන ලබාගැනීම සඳහා එව්වේය.

කැනඩාවෙහි 60 දශක අවසානයෙහි 70 දශකයේ මුල් අවදිය වන විට ශිෂ්‍ය සංගම් ප‍්‍රබල ලෙස කි‍්‍රයා කරන්නට විය. ෆිලිප්ස්ද එහි කි‍්‍රයාකාරි සාමාජිකයෙකු වශයෙන් තමන්ව බඳවා ගත්තේය. එවකට අලෙන්කින්ස්මේර්ක් තවද තිමෝති ලීයරියි වැනි ප‍්‍රබලයන් විසින් මත් ද්‍රව්‍ය හා හිප්පි සංවිධානය ප‍්‍රචලිත වෙමින් පැවතුනි, ගුරුවරු විසින්ම මත් ද්‍රව්‍යන් මිශ‍්‍ර කළ සිගරට් ශිෂ්‍යන්ට පිරිනමා එය සියළු අය බීමෙන් පසු විෂයයන් ඉගැන්වීම ආරම්භ කරන ලදි.

මෙවැනි පසුබිමක් තුළ පිලිෆ්ස් මා වෛද්‍යවරයකු හා කලාවේදියෙකු විය යුතුයි යනු සිහින මවන්නට විය. මේ සඳහා පිලිෆ්ස් ජීව රසායන විද්‍යාව (Bio – chemistry) නම් විෂය තෝරාගත්තේය. කලා විශ්ව විද්‍යාලයකින් ආධාර මුදලක් ද ඔහුට ලැබිනි.

ෆිලිප්ස් තම සිහිනය සැබෑ කරගැනීමට පෙරාතුවම ශිෂ්‍ය දේශපාලනය තුළ ප‍්‍රබල කි‍්‍රයාකාරි සාමාජිකයකු විය. තමන්ගේ තරුණ අත්දැකීම් තුළින් බටහිර ලෝකය තුළ පවතින අඩු ලූහුඬුකම් පිරිමැසිය යුතුයි යනු ඔහු අධිටන් කළේය.

ගුරුවරු පංති කාමරවල සමාජවාදය හඳුන්වා දුන්හ. පිලිෆ්ස් කාල් මාක්ස් පිළිබඳ පුළුල්ව හැදෑරුවේය, ෆිල්ප්ස් ඔහුව මාක්ස්වාදියෙකු හා ලෙනින් වාදියෙකු යනුවෙන් හඳුනාගත්තේය.

නියම මාක්ස්වාදියෙකු හා ලෙනින් වාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත් ෆිල්ප්ස්, කාල් මාක්ස්ගේ නිර්මාණයන් සියුම්ව කියවන්නට පටන් ගත්තේය. සමාජයෙහි යම් විපර්්‍යාසයක් කළ හැකි සංකල්පය වශයෙන් සමාජවාදය පිළිගනු ලැබිනි. අසාධාරණය තුරන් කර සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමට සහතිකයක් මේ සංකල්පය තුළින් දෙන ලද අතර, මෙම වෙනස් කම් විප්ලවයකින් කළ හැකි බවත් ඔවුන්ට උගන්වන ලදි යනුවෙන් ෆිලිප්ස් පවසයි.

කළු ජාතීන් මුහුණ දෙන ප‍්‍රශ්නවලට දේශපාලන විසඳුමක් අවශ්‍යයි යන පිපාසය ඔහු කැලිෆෝර්නියාව කරා යන්නට බාධාවක් නොවීය. (එම පිපාසය ඔහු කැඳවාගෙන ගියේය) එහි කළු කොටි (බ්ලැක් බේන්තර්ස්) වැනි කළු ජාතීන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමග ෆිලිප්ස් තමන්වද බඳවා ගත්තේය. එම අත්දැකීම් පිළිබඳ ෆිලිප්ස් පවසන විට මෙම සියළු සංවිධාන කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වේ. මෙහි ප‍්‍රබල නායකයන් වූයේද කළු ජාතීන්ය, එම යුගයෙහි කළු ජාතීන් මහත් අසාධාරණයන්ට ලක්වූ ජාතියක් විය. එබැවින් ඔවුන්ගේ හඬ නිදහස වෙනුවෙන්, තම අයිතීන් වෙනුවෙන් රැව් පිළිරැව් දෙන්නට විය. එනමුත් සුදු ජාතීන්ගේ පාසැල්හි අධ්‍යාපන ලැබූ සුදු ශිෂ්‍යන් පවා මෙම සංවිධානයන්ට තම පූර්ණ සහයෝගය ලබා දුන්නේය. ඉන් පසු මෙම සියළු පාර්ශ්වයන් සටන් ව්‍යාපාරවල නිරතවූහ. කාන්තා නිදහස් ව්‍යාපාර යනුවෙන් සම ලිංගික සේවණ සංවිධානයන් බිහිවෙන්නට පටන් ගත් බව ෆිලිප්ස් පවසයි.

කාලය මෙසේ ගතවීමත් සමග තමන් තුළ යම් පිළිකුල් බවක් ඇති වූ බව පිලිෆ්ස් පවසයි. සංවිධානවල සිටී බහුතර සාමාජිකයන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටියේය. ආරක්‍ෂක වැඩවලට යනු පවසා ජනතාවගෙන් ආධාර එකතු කර එම මුදල සාදයන්, මත් ද්‍රව්‍යන් සඳහා වැයකරන්නට පටන් ගත්හ. ජනතාවගේ ආධාරවලින් යැපෙන්නන් බවට මොවුන් පත්වූහ. මේ සියල්ල ෆිලිප්ස්ගේ සිත් තුළ දැඩි කලකිරීමක් ඇති කළ කි‍්‍රයාවන් විය.

මෙම කාල වකවානුවෙහි ”නේෂන්  ඕෆ් ඉස්ලාම්” යන නමින්ද කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සංවිධානයක් පැවතුනි. මොවුන් කළු මුස්ලිම් වරු යනුවෙන් අමතන ලදි. මෙම සංවිධානයේ නිර්මාතෘවරයා වූයේ ”එලිජා මුහම්මද්” ඉස්ලාමීය නම ඔවුන් භාවිතා කළත් සැබෑ ඉස්ලාමීය ප‍්‍රතිපත්තිවලින් ඔවුන් මුළුමනින් වෙන්ස් වී සිටියේය.

කළු ජාතීන් පරිශුද්ධ වන්තයින්, සුදු ජාතීන් යක්කු යනුවෙන් එලිජා ප‍්‍රචාරය කළේය. දෙවිවරු අතුරින් මහත් දෙවිවරයා තමන්ට ඇවිත් උපදෙස් කළ බවත්, තමන් දෙවියන්ගේ දූතවරයා බවත් එළිජා හා එහි සාමාජිකයින් ප‍්‍රචාරය කරමින් සිටියේය.

එලිජා මුහම්මද්ගේ සංවිධානයෙහි සාමාජිකයකුව සිට පසුව එයින් පිටත්වූ මැල්කම් එක්ස්ගේ ස්වයං චරිතාපදානය යන කෘතියට ජනතාව අතර හොඳ පිළිගැනීමක් තිබුනි. නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානයෙහි ඉතා වැදගත් සාමාජිකයකු වූ මැල්කම් එක්ස් සැබෑ ඉස්ලාම් පිළිබඳ නිසි දැනුමක් ලබාගැනීමෙන් පසු එම සංවිධානයෙන් ඉල්ලා අස්වී ඉස්ලාම් දහම පිළිගත්තේය. මෙම සිද්ධිය වී මාස හයක් ගත වීමටත් පෙර මැල්කම් එක්ස් ඝාතනය කරනු ලැබිනි. සැබෑ වූ ඉස්ලාම් දහම තමන්ට තිබුනු කථීක හැකියාවෙන් ප‍්‍රචාරය කිරීමට පෙරම මැල්කම් එක්ස් ඝාතනය කරනු ලැබුවේය. එබැවින් ඔහුගේ ස්වයං චරිතාපදානය කියවූ උදවියට පමණක් ඔහුගේ ගමනෙහි වැදගත්කම පිළිබඳ අවබෝධකරගන්නට හැකිවූයේය.

මැල්කම් එක්ස්ගේ ස්වයං චරිතාපදානය කියවූ ෆිලිප්ස්, නේෂන් ඔෆ් ඉස්ලාම් සාමාජිකයින්ගේ ආගමික ස්ථානයට දවසක් පැමිණියේය. එම සංවිධානයෙහි සාමාජික කාන්තාවන් වැදගත් විදිහට ඇඳුම් ඇඳ සිටීම ඔහු ආකර්ෂණය කළත් එම සංවිධනායෙහි ප‍්‍රතිපත්තීන් පළක් නැති බව ෆිලිප්ස් සිතුවේය.

1975-හි එලිජා මුහම්මද් මිය යෑමත් සමග, ඔහුගේ පුතා වරීදුද්දීන් මුහම්මද්, නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානයෙහි මූලික වෙනස්කම් රාශියක් කළේය. කාලෝචිතව කරනු ලැබූ මෙම වෙනස් කම් නිසා නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානය අන්තවාදී සංවිධානයක් යන තත්ත්වයෙන් මිදී, සැබෑවු ඉස්ලාමීය සංවිධානයක් අසලට ගෙන ඒමට ඔහු සමත්විය.

කළු ජාතීන්ගේ පරම අභිලාෂයන් ඉටු කරගැනීමෙහිලා ඇමෙරිකාවෙහි කි‍්‍රයාත්මක වූ කළු ජාතීන්ගේ සංවිධාන කිසිදු පිටුවහලක් නොවනු ඇත යනුවෙන් සිතූ පිලිෆ්ස්, ඇමෙරිකාවට පැමිණී අරමුණ මුදුන්පත් කරගැනීමට නොහැකී බව සිතා යළි කැනඩාවටම යන්නට විය.

විශ්ව විද්‍යාලයෙහි අවුරුදු දෙකක කාලයක් නිම කර සිටී පිලිෆ්ස්, අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යෑමට නොහැකිව එයින් පිටත්විය. ටොරන්ටෝව මුල්කොට ගෙන කි‍්‍රයාත්මක වෙන සමාජවාදි පක්‍ෂයක තමන්වද සාමාජිකයකු කරගත්තේය.

70- දශක ආරම්භයෙහි ඇමෙරිකාවෙහි සිට හා බටහිර ඉන්දිය කොදෙව් දූපතෙහි සිට කළු ජාතීන් වැඩි සංඛ්‍යාවක් කැනඩාවෙහි පදිංචිවෙන්නට පටන් ගත්හ. පවතින සමාජ ක‍්‍රමය තුළ කළු ජාතීන්ගේ තත්ත්වය පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමේ කර්තව්‍යයෙහි බිලාල් හා එම සංවිධානයෙහි සාමාජිකයින් නිරතවෙමින් සිටියේය.

කළු ජාතීන්ට අසාධාරණයක්වූ  කැනේඩියානු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ ද කළු ජාතීන් දැනුවත් කරමින් සිටියේය. සාමජවාදි සංවිධානය පවත්වන හමුවල පිලිෆ්ස් අප‍්‍රිකානු ඉතිහාසය පිළිබඳ හා, සමාජ සංවිධාන පිළිබඳ ද පහදා දුන්නේය. තමන්ට ඇති සහජ සංගීත හැකියාව පෙන්වමින් පිලිෆ්ස් තම සංවිධානයට මුදල් එකතු කළේය. ඔහුගේ සිතුවම් ඇඳීමේ හැකියාවද මේ වෙනුවෙන් භාවිතා කරනු ලැබිනි. තම කලාත්මක හැකියාව, දේශපාලන විකට චිත‍්‍ර නිර්මාණ කිරීම සඳහා, දේශපාලන ප‍්‍රචාරක පුවරු නිර්මාණය කිරීම සඳහාද ඔහු භාවිතා කළේය.

පිලිෆ්ස් කොමියුනිස්ට් වාදය කෙරෙහි දැඩි සේ ඇළුම් කරන්නට විය. වෘත්තීය අවස්ථාවන්ගෙන් සමන්විත ඇමරිකාව වැනි රටක විප්ලවයක් ඇති කිරීමට නම් චීනයෙහි හා රුසියාවෙහි අනුගමනය කරනු ලැබූ ක‍්‍රම උපායන් පළක් නොදෙනු ඇත. එබැවින් නව ක‍්‍රම උපායන් ඒ සඳහා සෙවිය යුතුයි යනු එවකට පැවතුනු දේශපාලන චින්තනය විය. චීනයෙහි හා රුසියාවෙහි විප්ලවය ඇති වීමට මහත් රුකුලක් වූයේ ගම්බද ජීවත් වූ ගොවීන් ය. නමුත් උතුරු ඇමෙරිකාවෙහි නාගරික පෙදේස්වල සිට සටන් ව්‍යාපාර දියත් කළ යුතු බවත්, මෙය නාගරික ගරිල්ලා සටනක් වශයෙන් පැවතිය යුතුයි යනුවෙන් එවකට සාකච්ඡාවට බඳුන් වූ ප‍්‍රධාන මාතෘකාවන් විය.

නාගරික ගරිල්ලා සටන් ක‍්‍රමය සාර්ථක වීමට නම් නගර මායිම්වල කඳවුරු බැඳිය යුතු අතර, මෙම කඳවුරු ජංගම ඒවා විය යුතු බවත් පිලිෆ්ස්ගේ සංවිධානය උපක‍්‍රම යෙදූහ. මෙම සටන් ව්‍යාපාරයෙහි වාහන අත්‍ය අවශ්‍ය වූ අංගයක් බව සළකනු ලැබිනි. වාහන පිළිබඳ කාර්මික දැනුම තිබීමත් අවශ්‍ය බව තීරණය කරන ලදි. එබැවින්, වාහන කාර්මික අංශය පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකට පිලිෆ්ස් ගියේය.

පිලිෆ්ස්ගේ දේශපාලන වැඩ කටයුතු වලට ඔහුගේ දෙමාපියන්ගෙන් දැඩි විරෝදයක් මතුවිනි. දේශපාලනය පිළිබඳ පිලිෆ්ස්ගේ පියා හා පිලිෆ්ස් අතර දැඩි සංවාදයන් විටින් විට හටගත්තේය. තත්ත්වය උග‍්‍රවන විට ඇගේ මව මැදිහත්වී සමතයට පත්කරන අවස්ථාද එමටය. තාවකාලිකව තම නිවසෙහි නවාතැන් ගත් පිලිෆ්ස්, පසුව තම නිවසින් පිටත් වී තමා මෙන් යොවුන් වියෙහි පසුවූ තරුණයින් සමග පොදු සමාජ ශාලාවෙහි නවාතැන් ගත්තේය.

කාලයක් ගත වීමත් සමග තමන් සමග වැඩ කරන්නන්ගේ කි‍්‍රයා කලාපය හා තම කි‍්‍රයා කලාපයන් අතර පැහැදිළි වෙනසක් ඔහු දැක්කේය. මෙම පරස්පරතාවයන් බහුලව පැවතුනේ විනයත් සමග බැඳුනු කරුණු වලයි. තම සගයන් අළුත් සමාජයක් ගොඩ නැගීමට පෙරුම් පිරුවද තමන්ව වෙනස් කරගැනීමට ඔවුන් සූදානම් නැති බව පිලිෆ්ස් දුටුවේය.

සමාජවාදය පිළිබඳ සමහර ප‍්‍රශ්න ඔහුගේ සිත් තුළ යම් තෙරපීමක් ඇතිකළේය. මෙහි ඉතා වැදගත් වූයේ, අළුත් සමාජයක් බිහිකිරීම සම්බන්ධයෙන් පවතින සමාජවාදයෙහි හැකියාව පිළිබඳවයි. කොමියුනිස්ට් වාදය හා, සමාජවාදය ඉදිරියෙහි විනය පිළිබඳ න්‍යායන් තිබෙන බව නොපෙනුනි. බහුතරයක් මත් පැන් පානය, සම ලිංගික සේවනය, බාල අතවරයන් ආදී කි‍්‍රයාවන් විනයත් සමග සම්බන්ධවූ කරුණු ලෙස පිළිගැනීම නිසා එවැනි කි‍්‍රයාවන් කිසිදු බාධාවකින් තොර නිදහසේ සිදුවෙමින් පැවතුනු බව පවසන පිලිෆ්ස් මෙය මා බොහෝ සේ කළ කිරීමට ලක්වූ හේතූන් විය.

මෙම කාල වකවානුවෙහි ගරිල්ලා සටන් ක‍්‍රමය හැදෑරීම සඳහා චීනය බලා යෑමට පිලිෆ්ස් තීරණය කළේය. මෙයට අවශ්‍ය කරන උපදෙස් ඔහු එක්රැස් කරමින් සිටින විට, තමන් නියෝජනය කළ සමාජවාදි සංවිධානයෙහි මධ්‍ය කාරක සභාවෙහි උසස් සාමාජිකාවක් වශයෙන් හා කොමියුනිස්ටි සංකල්පය තුළ ප‍්‍රබල සාමාජිකාවක් සේ සිටී කාන්තාවක් ඉස්ලාම් දහම වැළඳගත් පුවත පිලිෆ්ස්ට ආරංචි විය. මෙම කාන්තාව ඉදිරිපත් කළ මාර්ක්ස්, ලෙනින් වාදය පිළිබඳ අදහස් කෙරෙහි පිලිෆ්ස් බොහෝ දුරට ආකර්ෂණය වී සිටියේය. නමුත් දැන් ඇය ඉස්ලාම් දහම වැළඳගත් පුවත ආරංචි වී ඉස්ලාම් ඇයව කෙසේ ආකර්ෂණය කරන්නට ඇත්ද? යනු දැනැගනීම පිණිස පිලිෆ්ස් ඉස්ලාම් පිළිබඳ පොත් පත් කියවන්නට පටන් ගත්තේය.

ඊජිබ්තුවෙහි කි‍්‍රයාත්ම වෙමින් තිබුනු ”ඉහ්වානුල් මුස්ලිමූන්” යන මුස්ලිම් සහෝදරවරුන්ගේ සංවිධානයෙහි ඉතා ප‍්‍රබල නායකයකු වූ සෙයියිද් කුතුබ්ගේ සහෝදරයා මුහම්මද් කුතුබ් ලියූ ”Islam The Misunderstood Religion” (වරදවා තේරුම් ගත් දහම ඉස්ලාම්) යන කෘතිය ප‍්‍රථමයෙන් පිලිෆ්ස් කියවන්නට විය.

මුහම්මද් කුතුබ්ගේ මෙම කෘතිය, සමාජීය, ආර්ථීක, සාරධර්ම කෝනයන්ගෙන් ඉස්ලාම් සමාජවාදය, කොමියුනිස්ට් වාදය වෙනත් ධන වාදයත් සමග සංසන්දනාත්මකව ගවේෂණයක් කර තිබුනි. අධ්‍යාත්මික වශයෙන් පමණක් අවදානය යොමු කරන කෙනෙකුට මෙම කෘතිය වැදගත් නොවූවත්, පිලිෆ්ස් වැනි දේශපාලන පන්නරයක් තුළ වැඩුනු අයට ලොකු බලපෑමක් කරන කෘතියක් වශයෙන් මෙය පැවතුනි.

බටහිර සමාජය තුළ සමාජීය, ආර්ථීක විප්ලවයක් ඇති කිරීමට ඉස්ලාම් පමණයි එකම විසඳුම යන විශ්වාසය පිලිෆ්ස් තුළ තදින්ම ඇති කිරීමට මුහම්මද් කුතුබ්ගේ මෙම කෘතිය බොහෝ දුරට සමත්විය. ඉස්ලාම් පිළිබඳ ඉංග‍්‍රීසියෙන් නිමවූ හැම කෘතියක්ම පිලිෆ්ස් කියවන්නට පටන් ගත්තේය. දෛනික, සමාජීය, ආර්ථීක විප්ලවයක් පුද්ගලයන් තුළ ඉස්ලාම් ඇති කිරීම දැක පිලිෆ්ස් මවිතයට පත්විය.

මුස්ලිමෙකු වීමට නම් සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. සම්පූර්ණ නොවූ වෙනසකින් කිසිදු පළක් නැත යන තීරණයකට පිලිෆ්ස් එළඹිය. ”මාගේ ජීවිතය එදා පටන් යම් පාලනයකිනුයි පැවතුනේ. එබැවින් ඉස්ලාම් පනවන විනය ගරුක සීමාවන් මට බාධාවක් නොවීය. නමුත්, ඉස්ලාම් දහමට ඇතුල් නොවී සිටීමට ෙෂෙතාන් විවිධ බාධාවන් ඇති කළේය. එම කාලයෙහි ඉඳ හිට හෝ මත් පැන් පානය කිරීමේ, දුම් පානය කිරීමේ පුරුද්ධක් මට තිබුනි. මෙවැනි ආශ්වාදයක් ගෙන දෙන කි‍්‍රයාවලින් නුඹ මිදෙන්නෙද්? මෙවැන් අවස්ථා නුඹ අත්හරින්නටද යන්නේ? යන හඬක් මා තුල රැව් පිළිරැව් දෙමින් තිබුනි. මෙය මා තුළ යම් පීඩනයක් ඇති කළ අතර මාගේ ඉස්ලාමීය වෙනසට ද යම් ප‍්‍රමාදයක් ඇති කළ බව පිලිෆ්ස් කියයි.

දේශපාලනික වශයෙන් ඉස්ලාමීය චින්තනයන් ඔහු තුළ ලොකු විපර්්‍යාසයක් ඇති කළ, නමුත් අධ්‍යාත්මික වශයෙන්, දෙවියන්, ජින්වරුන්, දේව දූතයින් පිළිබඳ ඉස්ලාමීය ප‍්‍රතිපත්තීන් පිළිගැනීම පිලිෆ්ස්ට තරමක් දුරට අපහසු විය.

පිලිෆ්ස් පවසයි: ”මාගේ සිතෙහි දෙවියන් පිළිබඳ අපැහැදිළි දර්ශනයක් පැවතුනි. නමුත් එයද දෙවියන්ව මුළුමනින් ප‍්‍රතික්‍ෂේප කිරීමට උගන්වන කොමියුනිස්ට් වාදය නිසා මාගේ සිතෙන් මුළුමනින් සේදී ගොස් තිබුනි. මාගේ විද්‍යාත්මක පසුබිමත් දෙවියන් පිළිගැනීමට මට බාධාවක් විය.

දිනක් රාති‍්‍රයෙහි පිලිෆ්ස් බයානක හීනයක් දුටුවේය. මෙයින් ඇතිවූ බලපෑම නිසා ශුද්ධවූ අල්කුර්ආනය හොඳින් අධ්‍යයනය කළ යුතුයි යන තීරණයකට පිලිෆ්ස් එළඹිය.

තම සිතෙහි දෙවියන් පිළිබඳ පහළවූ සැකයන්ට නිසි පිළිතුරු ශුද්ධවූ අල්කුර්ආනයෙහි දැක ඔහු මවිතයට පත්විය. ඔහු දුටු හීනයෙහි ඔහු මිය යන බව දැක්කේය. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මතු සඳහන් පාඨය ඔහුගේ සිත තුළ බොහෝ දුරට ලොකු බලපෑමක් කරන්නට විය.

”ප‍්‍රාණයන් මරණයට පත්වන විටත්, මරණයට පත් නොවී ප‍්‍රාණයන් නින්දෙන් පසුවෙන විටත් අල්ලාහ් අත්පත් කරන්නේය. කුමක් සඳහා මරණය නියම කළේද එය තමන් සතුව පවත්වාගෙන, සෙසු (ප‍්‍රාණයන්) නියමිත කාලයක් (ජීවත් වීම) සඳහා මුදවා හරින්නේය. කල්පනා කරන ජනයාට මෙහි විවිධ සාක්‍ෂීන් ඇත.” (ශු අල්කුර්ආනය 39: 42).

ශුද්ධවූ අල්කුර්ආනයෙහි දෙවියන් පිළිබඳ සඳහන් කරුණු ඔහු තුළ දේව විශ්වාසය තදින්ම ඇති කළේය. අවසානයේදී 1972 හි පෙබ්රවරි මස ඉස්ලාම් දහම වැළඳගත් ඔහු තමන්ට බිලාල් යනුවෙන් නම තබාගත්තේය.

ඉස්ලාම් තම ජීවන ක‍්‍රමය වශයෙන් තෝරාගැනීමෙන් පසු සංගීත භාණ්ඩ උපයෝගි කිරීම මුළුමනින් ඔහු අත්හැරියේය. ඒ වගේම සිතුවම් ඇඳීමද ඔහු අත්හැරියේය. තම මුළු කාලයම ඉස්ලාම් පිළිබඳ දැන ගැනීම සඳහාම වැය කළේය. අරාබි මාධ්‍යය හදාරා කෙටි කලකින් අල්කුර්ආනය කියවන තත්ත්වයට තමන් දියුණු කරගත්තේය.

අරාබි මාධ්‍යය හා, ඉස්ලාමීය නීති රීතීන් ඉජිබ්තු ජාතියෙකුගෙන් ඔහු හැදෑරුවේය. මෙම ඉජිබ්තු ජාතිකයාගේ පියා ආගමික විද්වතෙකු වූ අතර, ඉහ්වානුල් මුස්ලිමූන් සංවිධානයෙහි සාමාජිකයකුද විය.

විවිධ කෝනවලින් ඉස්ලාම් පිළිබඳ දැනුම පිලිෆ්ස් ලබා ගත්තේය. නමුත්, ඉස්ලාම්හි කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැළකෙන සවුදි අරාබියාවට ගොස් ඉස්ලාම් දහම හැදෑරිය යුතුයි යන ආශාව ඔහු තුළ විය. මදීනාවෙහි පිහිටී ඇති විශ්ව විද්‍යාලයෙන් ඔහුට අවසර ලැබීමෙන් පසු ඔහු සවුදි බලා පිටත්වී ගියේය.

පිලිෆ්ස් සවුදි අරාබියාවට දැනුම සොයා ගිය අවසථාවෙහි මදීනා විශ්ව විද්‍යාලයෙහි ජීවන තත්ත්වය ඉතා දිළිඳු මට්ටමකයි පැවතුනේ. සෙබළුන් හැර ගිය කඳවුරුයි එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ නවාතැන් වූයේ. දැඩි සීතල කාලයෙහි උණු ජලය හෝ, දැඩි උශ්නත්වය පවතින කාලයෙහි, වායූ සමීකරණ පහසුකම් හෝ ශිෂ්‍යන්ට නොවීය. බිලාල් නවාතැන් ගත් ස්ථානයෙහි දෙවරක් ඔහුව ගෝනුස්සන් දෂ්ට කරන්නට විය. නමුත් අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා තම අධ්‍යාපනික කටයුතු දිගටම පවත්වාගෙන ගියේය.

මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයෙහි බිලාල් අවුරුදු හයක කාලයක් සිප් සතර හැදෑරුවේය. අරාබි දරුවන්ට, ඉංග‍්‍රීසි දැනුම හා කරාටි පුහුණුව ඔහු ලබා දුන්නේය. ඉන් පසු රියාද් හි පිහිටා ඇති ”රජු සවූද්” විශ්ව විද්‍යාලයට එක්වී විශාරද උපාධිය (Master Degree) කළේය. තම දෙමාපියන්ද සවුදි රටට ගෙන්වා ගත්තේය. මිනාරතුල් රියාද් ජාත්‍යන්තර පාසැලෙහි ගුරු වෘත්තිය සඳහා ඔවුන් බැඳුනහ. තම විශාරද උපාධි (Master Degree) පංති සවස් වරුවේ පැවතුනු නිසා බිලාල් තම විවේකි කාලය තුළ මිනාරතුල් රියාද් පාසැලෙහි ඉස්ලාමීය ගුරුවරයකු වශයෙන් කටයුතු කළේය.

පාසැලෙහි බිලාල්ගෙන් ඉටුවූ සේවාව ඉතා මහඟුය. මෙම පාසැලෙහි අධ්‍යාපනය ලබාගත් ළමුන්ගෙන් බොහෝ අය වෙනත් රටවල්වල සිට සවුදි රාජ්‍යට රැකියාවන් සඳහා පැමිණී අයගේ දරුවන් වේ. පාසැල් අධ්‍යාපන ක‍්‍රමය ඉංග‍්‍රීසි දන්නා ශිෂ්‍යන්ට උචිත ආකාරයට බිලාල් සැකසුවේය. විෂයන් සමග සම්බන්ධ පොත් පහක් ඔහු නිර්මාණය කළේය.

බටහිර සංක්ස්කෘතියට ආවැඩූ මුස්ලිම් ශිෂ්‍යන්ගේ සිතෙහි පැන නැගෙන ප‍්‍රශ්න සියල්ලටම බිලාල් තම පංතියේදී පිළිතුරු සපයන්නේය. ශුද්ධවූ අල්කුර්ආනය, හදීස්, තර්කන වාදය තුළින් ඔහු පිළිතුරු දෙයි. තම ගුරු වෘත්තිය පිළිබඳ පවසන විට ”මාගේ ශිෂ්‍යන් අතුරින් 15 සිට 20 දක්වා වූ දරුවන් තම රටවල් වලට ඉස්ලාම් කෙරෙහි පුළුල් විශ්වාසයක් තබමිනුයි හැරෙන්නේ. එහි ගොස් ඉස්ලාමීය ප‍්‍රචාරක කටයුතු හොඳින් කරති. මාගේ ශිෂ්‍යන් අතුරින් සමහරුන් මුස්ලිම් නිවස්වල සිට පැමිණියත් අදේවවාදය ඔවුන් තුළ මුල් බැස ගෙන තිබුනි. පංතිවලට සහභාගි වී දැනුම ලබා ගැනීමෙන් පසු නියම කි‍්‍රයාකාරි මුස්ලිමෙකු වශයෙන් ඔවුන් පරිවර්තනය වීම මා තුළ ඉමහත් සතුටක් ගෙනදෙයි. ඔවුන්ට ඉගැන්වීම සඳහාවූ පෙර සූදානම මට වෙහෙසක් ගෙන දුන්නද මෙම දර්ශනයන් මට ඒ සියල්ල අමතක කර දමයි යනුවෙන් බිලාල් පවසයි.

ෂියියා සංකල්පය පිළිබඳ අල්කුර්ආනය හා අල් හදීසය කෝනයෙන් අරාබි මාධ්‍යයෙන් සැකසුනු කෘතීන් තුනක් ඉංග‍්‍රීසි බසින් බිලාල් පරිවර්තනය කළේය. ”ඉස්ලාම්හි බහු විවාහ ක‍්‍රමය” යන මෑයෙන් තවත් කෙනෙකු සමග එක් වී කෘතියක් ලියා ඇත. ශුද්ධවූ අල්කුර්ආනයෙහි 49 වැනි අල්හුජුරාත් පරිච්ඡේදයට විවරණය, ”ෆික්හ් නීති රීතින්හි පූර්විකාව” ”තව්හීද්” ආදී විවිධ කෘතීන් නිර්මාණය කර ඇත.

බිලාල්ගේ කලාත්මක හැකියාව යළි වරක් හිස එසවූ නමුත්, එය අරාබි විචිත‍්‍ර කළා නිර්මාණය සඳහා පමණක් උපයෝගි කරගත්තේය.

ඉස්ලාම් වෙනුවෙන් ඉටු කිරීමට බොහෝ දේ ඇති බව බිලාල් සිතයි. ශී‍්‍රස්ම සෘතුවේ ඇමෙරිකාවෙහි හා කැනඩාවෙහි ඉස්ලාම් දහම ප‍්‍රචාරය කිරීම සඳහා ඔහු වැය කරයි. මධ්‍ය හා දකුණු ඇමෙරිකාවෙහි, තවද බටහිර ඉන්දිය කොදෙව් දූපත්වලද ඉස්ලාමීය ප‍්‍රචාරය සඳහා කාලය වැය කරයි.

නිවාඩුව ගත කිරීමට කාලයක් නැත. කාලය කෙතරම් කෙටිද යනු ඔබට හැෙඟන විට ඉස්ලාම් වෙනුවෙන් ඉටු කළ යුතු දේ පර්වතයන් මෙන් තිබීම ඔබ දකිනු ඇත. යනුවෙන් පවසන බිලාල් ඉස්ලාම් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරයි. ඔහුගේ කෘතීන් විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇත. ඉස්ලාම් පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන ඔහුගේ වෙබ් අඩවියක්ද ඇත. එහි ලිපිනය නම්: www.bilalphilips.com

පරිවර්තනය: අබූ අස්මා

ශුද්ධවූ අල්කුර්ආනය කළ හාස්කම!
“කේට් ස්ටීවන්ස්” පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ගායකයකි. ඔහුගේ ජීවිතයෙහි ඔහුට අවශ්‍ය කරන ප‍්‍රසිද්ධිය හා මිළ මුදල්, සම්පත් හිමිවිය. නමුත් ඔහු තුළ පැන නැගුනු ප‍්‍රශ්න වැළකටයි නියම පිළිතුරු  නොලැබුනේ. විවිධ ප‍්‍රබන්ධනයන් ඔහු කියවන්නට විය, ඔහු යමක් සොයන්නට විය, නමුත් ඔහු සොයන දේ එයින් නොලැබිනි.

දවසක් ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ඔහු තුළ පැන නැගුනු පැනයන්ට නියම පිළිතුරු ලැබෙන ජීවමාන හාස්කමක් ලබාදුන්නේය. ඔහු එය කියවන්න පටන් ගත්තේය, එහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කළේය. අවසානයේදී ඔහු ”යූසුෆ් ඉස්ලාම්” යනුවෙන් අළුත් පරිච්ඡේදයක් පෙරලන්නට විය.

ඔහුගේ මෙම වෙනස පිළිබඳ ඔහුගේ මුවින්ම අසා දැනගමු:

කිතු පවුලක උපත ලැබූ මා, ආඩම්බරයන්ගෙන් කිසිදු අඩුවක් නැති නවීන ලෝකයක මා වැඩුනෙමි. විනෝදය, ව්‍යාපාරය කරගත් උසස් තලයක සිට සුඛෝපබෝගි ජීවිතයක් ගතකරමින් ජීවත්වුනෙමි,

උපත ලබන සෑම දරුවෙකුම ස්වභාවික දහම තුළයි උපත ලබන්නේ ඔවුන්ගේ දෙමාපියනුයි තම තමන්ගේ දහම්වලට ඔවුන්ව හරවා ගන්නේ යනු අපි දැන සිටින කරුණකි. ඒ අනූව මාද කිතු වරයෙකු වශයෙන් හැඩ ගස්සනු ලැබූ අතර ඒ පසුබිම තුළ සිටයි මා කල්පනා කළේ. දෙවියන් සිටින බව මට උගන්වන ලදි, නමුත් එම දෙවියන් සමග සෘජුව සම්බන්ධතාවන් ගොඩනැගීමට නොහැක. යේසූස් වහන්සේගේ මාර්ගයෙනුයි දෙවියන් සමග සම්බන්ධතාවන් ගොඩ නැගිය හැක්කේ, දෙවියන් හමුවන දොරටුව යේසූස් වහන්සේ යනුවෙන් මට කියන ලදි. මෙම ප‍්‍රතිපත්තිය පිළිගෙන මා ජීවත් වූයෙමි.

නමුත් එයට මුළුමනින් එකඟවීමට මට නොහැකි විය. යේසූස් වහන්සේගේ ප‍්‍රතිමාවන් කෙරෙහි මා අවදානය යොමු කළෙමි, ඒ සියල්ල මට පෙනුනේ අජීවි ගල් වශයෙනුයි. දෙවිවරු තිදෙනෙකු යනුවෙන් පැවසූ විට මා තුළ තවත් ප‍්‍රශ්න රාශියක් මතුවෙන්නට විය. නමුත් මට සංවාදයන් පැවැත්වීමට නොහැක. මා මේ සියල්ල විශ්වාස කළෙමි, මන්ද මාගේ දෙමාපියන්ගේ විශ්වාසයට ගරුකිරීම මාගේ යුතුකමක් නිසා.

නමුත් කෙමින් කෙමින් මෙම ආගමික විශ්වාසයන්ගෙන් මා ඈත්වෙමින් සිටියෙමි. සංගීතයට නැඹුරුවුනෙමි ප‍්‍රසිද්ධ තරුවක් වශයෙන් බැබලිය යුතුයි යනු මාගේ ඒකායන පරමාර්ථය විය. මා දුටු සිනමාව හා විද්‍යයුත් මාධ්‍යයන් මා ඒ කරා තල්ලූ කළ අතර එය මාගේ සිත ආක‍්‍රමණය කළේය. මුදල් ඉපැයීමයි දෙවියන් යනුවෙන් සිතන්න පටන් ගත්තෙමි.

ලස්සන සුඛෝපබෝගි කාරයකට හිමිකම් කියන මාගේ ඥාතියෙකු සිටී, ඔහු තම ඉලක්කය සපුරාගත් බව මා සිතුවෙමි. ඔහු මිළ මුදල් සම්පත් වලට හිමිකම් කියන කෙනෙකි යනු මාගේ සිත කියයි. මා වටා සිටියවුනුත් මෙයයි ජීවිතය, මුදලයි දෙවියන් යන හැඟීම මාගේ සිත තුළ වැපිරුවේය.

වැඩි වශයෙන් මුදල් උපයා සුඛෝපබෝගි ජීවිතයක් ගත කළ යුතුයි යන තීරණයකට එළඹුනෙමි. පොප් ගායකයින්වයි මා උසස් කොට සැළකුවේ. මා ගීත නිර්මාණය කිරීමට පටන් ගත්තෙමි.

නමුත් මාගේ සිත තුළ සෙසු අය පිළිබඳ ද ආදර හැඟීමක් පැවතුනි. මා පොහොසතෙකු වූවා නම් දුප්පත් අසරණයින්ට උදව් උපකාර කළ යුතුයි යන හැඟීම මා තුළ විය. මා ප‍්‍රසිද්ධියට පත්වුනෙමි, මාගේ 20 වැනි විය මා පසු කිරීමටත් පෙර සියළු මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යන් මා පිළිබඳ කියන්න, ලියන්න පටන්ගත්හ. මාගේ රූපයන් පළවිය. මට ආඩම්බරය, ගෞරවය, ප‍්‍රසිද්ධිය හිමිවුනි. මා ද සුඛෝපබෝගි ජීවිතයකට හිමිකම් කියන පුද්ගලයකු බවට පත්වුනෙමි.

මත් පැන් හා මත් ද්‍රව්‍යයි ජීවිතය යන තීරණයට එළඹ, පුරා වසරක් මහත් මුදලක් උපයා ආඩම්බර ජීවිතයක් ගත කිරීමෙන් පසු දැඩිලෙස රෝගාතුර වුනෙමි. කාස රෝගය වැළඳ බොහෝ සේ පීඩා වින්දෙමි. රෝහලෙහි නේවාසික ප‍්‍රතිකාර ගැනීමට තරම් තත්ත්වය උග‍්‍ර විය. මෙම පසුබිම තුළ සිටයි මා කල්පනා කරන්න පටන් ගත්තේ.

මට සිදුවූයේ කුමක්ද? මා හුදු ශරීරයක් පමණද? මාගේ ජීවිතයෙහි අභිලාෂය කායික අවශ්‍යතාවන් ඉටු කිරීම පමණද? යනු සිතන්න පටන් ගත්තෙමි.

මාගේ රෝගි තත්ත්වය යනු දෙවියන් මට දුන් භාග්‍යයකි. යළිත් මාගේ දෙනෙත් විවෘත කර බැලීමට අවස්ථාවක් යනු සිතුවෙමි.

මා මෙහි සිටින්නේ ඇයි? මා ඇඳක සිටින්නේ ඇයි? මෙවැනි විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්න පටන් ගත්තෙමි. කල්පනා කරන්න පටන් ගත්තෙමි. එළවළු වර්ග පමණක් අනුභව කරන බව තීරණය කරගත්තෙමි. දැන් සාමය හා ශාන්තිය කෙරෙහි ඇල්මක් ඇති කෙනෙකු බවට පරිවර්තනය වූයෙමි.

ජෙන් සිං ගණිත ශාස්ත‍්‍රය ජ්‍යොතිශ්‍යය යන විවිධ අංශ පිළිබඳ සොයා බැලූවෙමි. යළිත් වරක් බයිබලය විවෘත කළෙමි නමුත් මා අපේක්‍ෂා කළ දේ මට නොලැබුනි. ඒ වන විටත් ඉස්ලාම් පිළිබඳ මා කිසිවක් නොදැන සිටියෙමි.

එවිටයි හාස්කමක් සිදුව ඇත්තේ, මාගේ සහෝදරයා ජෙරූසලමෙහි පිහිටා ඇති මස්ජිදයකට ගොස් ඇත. එම මස්ජිදයෙහි ඔහු දුටු දර්ශණයන් ඔහු මවිතයට පත් කළේය. කිතු හා යුද පල්ලි පාලූවට ගියා මෙන් මස්ජිදයන් පාලූවට නොගොස්ය. ඒවා ක‍්‍රියාකාරිව පැවතුනු අතර එහි පැවතුනු ශාන්තිය හා මනස්කාන්ත පරිසරය මාගේ සහෝරදයාගේ සිත් ගන්නා සුළු දර්ශණයන් විය. මස්ජිදයට ගිය එම අත්දැකීමත් සමග ලන්ඩන් හැරුනු විට අල්කුර්ආනයෙහි පරිවර්තනය ද රැුගෙන ආවේය, එම මස්ජිදයෙහි අත් දුටු අත්දැකීම් පිළිබඳ පවසා මට අල්කුර්ආනය ද ඔහු පිරිනැමුවේය.

මාගේ සහෝදරයා මුස්ලිමෙකු නොවූවත් එහි සැබෑ වෙනසක් ඔහු අත් විඳ ඇත. මාද ඒ තුළින් යම් දෙයක් අත් විඳිය හැක යනුවෙන් සිතා ඇත.

මා අල්කුර්ආනය කියවීමට පටන් ගැනීමත් සමග මට සියළු දේ පහදා දෙන මාර්ගෝපදේශයක් වශයෙන් එය දැක්කෙමි. මා කව්ද? මාගේ ජීවිතයෙහි යථාර්ථය කුමක්ද? සත්‍ය කුමක්ද? මා පැමිණියේ කොහේ සිටද? යන මා තුළ තැවුනු ප‍්‍රශ්න රාශියකට පිළිතුරු එහි දැක්කෙමි. මෙයයි සත්‍යවු එකම දහම යනුවෙන් අවබෝධ කරගත්තෙමි. ආගම යනුවෙන් මා කියන්නේ බටහිර ලෝකය අවබෝධ කරගෙන සිටින අර්ථයෙන් නොවේ. පැරණි යුගයට ගැලපෙන ආගම යන අදහසින් ද නොවේ.

ආගම වෙනස් කර වෙනත් ආගමක් ඔස්සේ ගමන් කරන්නන් අන්තවාදීන් යන විශ්වාසය බටහිර ලෝකය තුළ මුල් බැස ඇත. මා අන්තවාදියෙකු නොවේ, කය හා ආත්මය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ මා තුළ අර්බුදයක් පැවතුනි. මේ දෙක වෙනස් නොවේ යනුවෙන් හා ආත්මාව වර්ධනය කර ගැනීම සඳහා කඳු වලට යෑම අවශ්‍ය නැති බවත් මා අවබෝධ කරගත්තෙමි.

අපි අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වී ජීවත් විය යුතුයි. එසේ ජීවත් වන විට දේව දූතවරුන්ට වඩා උසස් භාවයක් අපට ලබාගත හැක යනු මා දැනගත්තෙමි. දැන් මා කළ යුතු ප‍්‍රථම වැඩ කොටස නම් මුස්ලිමෙකු වීමයි.

සියල්ල ඔහුගේ ශක්තියට බලයට යටත් බවත් ඔහුට සුළු නින්දක් හෝ නැත යනු මා දැනගත්තෙමි. මෙම අවස්ථාවෙහි මා පිළිබඳ ලොකුවට හිතීම මා අත්හැරියෙමි. මාගේ හැකියාවන්ගෙන් පමණයි මෙම ස්ථානයට පැමිණුනේ යනු සිතමින් සිටියෙමි. නමුත් දැන් මට වැටහුනි, එයට මා විතරක් හේතු නොවන බව. මෙම විශ්වයේ ජීවත්වීමේ මුළු අරමුණ ඉස්ලාම් යන ජීවන සැලැස්මට අවනත වී ජීවත් වීම යනු මට හරි හැටි අවබෝධ විය.

මා කුමන දේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුද? යනු මා වටහාගන්නට පටන් ගත්තෙමි මා මුස්ලිමෙකු යනු හඳුනා ගත් අතර ශුද්ධවූ අල්කුර්ආනය හදාරන විට සෑම ශාස්තාවරයකුම රැුගෙන ආ පණිවුඩය එකම පණිවුඩය යනු දැනගත්තෙමි.

නමුත් යුදෙව්වරු හා කිතුවරුන් ඇයි වෙන්ව සිටින්නේ? යුදෙව්වරුන් යේසූස් වහන්සේ නොපිළිගත් අතර එතුමන්ගේ වචනයන් ඔවුන් විකෘති කිරීමද මට දැන් අවබෝධ විය.

කිතුවරුන් දෙවියන්ගේ වාක්‍යන් වැරදිව අවබෝධ කර යේසූස් වහන්සේ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් සළකා පුදන්නට පටන් ගත්හ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි පාඨයන් බුද්ධියට පිළිතුරු සැපයූ අතර, මෙය ශුද්ධවූ අල්කුර්ආනයටම ආවේනිකවූ ලක්‍ෂණයයි. අල්කුර්ආනය හේතු කාරණා පසුබිම් කොට අපව අධ්‍යයනය කිරීම සඳහා ඇරයුම් කරයි.

ඉර හා හඳ මේ දෙකට ඔබලා යාඥා නොකරන්න, මේ සියල්ල මැවූ අල්ලාහ්ට ඔබලා යාඥා කරන්න යනුවෙන් එය පවසයි. ඉර හඳ ඒ වගේම ඔහුගේ වෙනත් නිර්මාණයන් පිළිබඳ අධ්‍යයනය කරන ලෙස මානව සංහතියට ඇරයුම් කරයි.

චන්ද්‍රයාගෙන් සූර්්‍යා කෙසේ වෙන්වී පවතින්නේද යනු ඔබ දුටුවේද? මෙය පෘතුවියෙන් වෙන්වී පිහිටා ඇත නමුත් ඒ සියල්ල එක හා සමාන දුරකින් පවතින බවයි පෙනෙන්නේ.

ග‍්‍රහ ලෝකයන්ට පියාසර කරන ගගණ ගාමීන් පෘතුවියෙහි කුඩා ප‍්‍රමාණය හා ග‍්‍රහ ලෝකයන් හි සුවිශාල බව දැක මවිතයට පත්වෙති. එය දකින ඔවුන් තුළ දේව විශ්වාසයක් ඇතිවෙන්න පටන්ගනි. මන්ද ඔවුන් අල්ලාහ්ගේ පැහැදිළි සාක්‍ෂීන් දැක ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවෙයි.

ශුද්ධවූ අල්කුර්ආනය මා තව දුරටත් කියවන විට එය යාඥාවන් පිළිබඳ හා දයාව කරුණාව දැක්වීම පිළිබඳවත් දාන මාන කිරීම පිළිබඳවත් ඉදිරිපත් කළ ඇති අදහස් මා දුටුවෙමි. එම අවස්ථාවෙහි මා මුස්ලිමෙකු වශයෙන් ප‍්‍රසිද්ධ නොකරගත්තෙමි. නමුත් මාගේ සිත් තුළ පැන නැගෙන සෑම ප‍්‍රශ්නයකටම පිළිතුර අල්කුර්ආනයයි යනු මා අවබෝධ කරගත්තෙමි.

අල්කුර්ආනය විවිධ මට්ටමෙන් තම අදහස් ඉදිරිපත් කරයි. තවත් කෝනයකින් අල්කුර්ආනය හඳුනා ගැනීමට මට හැකිවිය. එනම් ”විශ්වාසවන්තයින් ඒක දේවත්වය ප‍්‍රතික්‍ෂේප කරන්නන්ව තමන්ගේ කල්‍යාන මිත‍්‍රයින් වශයෙන් නොගනි විශ්වාසවන්තයින් තමන් අතර සහෝදරයින් වේ” යන පාඨය කියවුවෙමි මේ අවස්ථාවේදි මා මුස්ලිම් සහෝදරවරුන් හමුවීමට ප‍්‍රිය කළෙමි.

මාගේ සහෝදරයා කළා සේම ජේරුසලම බලා යෑමට තීරණය කළෙමි. ජෙරුසලමෙහි පිහිටා ඇති එක් මස්ජිදයකට ගොස් වාඩිවුනෙමි. කෙනෙකු පැමිණ ඔබට අවශ්‍ය කුමක්ද? යනුවෙන් මාගේන් ප‍්‍රශ්න කළේය එයට මා මුස්ලිමෙකු යනුවෙන් පිළිතුරු දුන්නෙමි ඔබේ නම කුමක්ද? යනුවෙන් ඔහු මාගෙන් ප‍්‍රශ්න කළේය මා ”ස්ටීවන්ස්” යනුවෙන් පිළිතුරු දුන්නෙමි. ඔහුට එය ප්‍රෙහේළිකාවක් විය. මා පසුව සලාතයට එක්වී එය ඉටු කළෙමි නමුත් එය නිවැරදි ලෙස මා ඉටු කළාද යනු කිව නොහැකිය.

පසුව මා ලන්ඩන් බලා පැමිණ නෆීසා යන සහෝදරිය හමු වී මා ඉස්ලාම් දහම පිළිගැනීමට කැමති බව දැන්වූවෙමි. ඇය මාව නියූ රීජන්ට් මස්ජිදයට කැඳවාගෙන ගියේය. එය 1977 වර්ෂයයි ශුද්ධවූ අල්කුර්ආනය මා කියවීමට පටන්ගෙන අවුරුදු එකහමාරක් ගතවෙමින් තිබූ අවස්ථාවයි. මා තුළ ඇති උඩඟු කම මා තුරන් කළ යුතුයි ඉබ්ලීස් ෙෂෙතාන්ව මා තුළින් පන්නා දැමිය යුතුයි මා කඃබාවට මුහුණලා සිටිය යුතුයි යනු මා අධිටන් කර ගත්තෙමි. සිකුරාදා දින මස්ජිදයෙහි ප‍්‍රමුඛත්වය උසුලන ඉමාම් වෙත ගොස් කලිමා ප‍්‍රතිඥා ගත්තෙමි.

මුදල් හා ප‍්‍රසිද්ධිය ලැබුනු කෙනෙකු වශයෙන් මා සිටියෙමි. නමුත් නිවැරදි මගයි මට මහත් උත්සහයකින් පසුත් නොලැබෙමින් තිබුනේ. ශුද්ධවූ අල්කුර්ආනය මට ලැබෙන තෙක් මෙයයි තත්ත්වය කිතු දහම හෝ වෙනත් සංකල්පයන් මෙන් නොව මාගේ හිමියන් සමග සෘජුව සම්බන්ධතාවක් ඇති කරගැනීම හැකි බව මට දැන් වැටහුනි.

හින්දු කාන්තාවක් මට, ඔබ හින්දුවරුන් හරි හැටි අවබෝධ කරගත්තේ නැත අපිත් එකම දෙවි කෙනෙකු කෙරෙහියි විශ්වාසය තබා ඇත්තේ. නමුත් අවධානය නොබිඳීම සඳහායි මෙම රූපයන් ප‍්‍රතිමාවන් අපි භාවිතාකරන්නේ යනුවෙන් එක් අවස්ථාවකදී පැවසුවාය. දෙවියන් කරා සමීපවීමට ඔහුට ආදේශයන් ඇති කළ යුතුයි යන අදහසයි ඇය කියන්නට උත්සහ කළේ. නමුත් ඉස්ලාම් දෙවියන්ට සමීපවීමට ඇති සියළු බාධක කඩා බිඳ දමයි දේව ප‍්‍රතික්‍ෂේපත්වයෙන් වෙන්කර විශ්වාසය ඔපනංවන කි‍්‍රයා මාර්ගයක් නම් එයයි සලාතය මෙය සිතෙහි පරිශුද්ධත්වය ඇති කිරීමට නියම පුහුණුවකි.

අවසන් වශයෙන් මා අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීම සඳහායි සියල්ල කරන්නේ යනු කීමට කැමැත්තෙමි. මාගේ අත්දැකීම් තුළින් ඔබටත් යම් ප‍්‍රයෝජනයක් ලැබීමට මා අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමි. මා ඉස්ලාම් දහම පිළිගැනීමට පෙර කිසිදු මුස්ලිමෙකු සමග සම්බන්ධතාවයක් මට නැත. මා ප‍්‍රථමයෙන් කියවන්නට පටන් ගත්තේ ශුද්ධවූ අල්කුර්ආනයයි. කිසිදු මිනිසෙකු අංග සම්පූර්ණ නැති බව මා වටහා ගත්තෙමි ඉස්ලාම් පමණයි පරිපූර්ණව පවතින්නේ.

අපි අල්ලාහ්ගේ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ආදර්ශයන් නිසි ලෙස පිළිපදින විට ජය ලැබිය හැක එම උත්තමයානන්ගේ මග ඔස්සේ ගමන් කිරීමට අප සියල්ලන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා!

අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක!
පරිවර්තනය: නිස්තාර් – ගම්පළ

සර්ව බල සම්පන්න අල්ලාහ්, මුළු විශ්වයේම නිර්මාතෘවරයා හා පෝෂකයා වේ. මුළු මානව සංහතියම ඇදහිය යුත්තේ තම මැවුම්කරුවාටය. නමුත් අවාසනාවකට මෙන් එම යථාර්ථය බහුතරයක් අවබෝධ නොකර ජීවත්වීම ඉතා කණගාටු දායකය. ඔහුට අවතනව, ඔහු පමණක් අදහන්නන් මුස්ලිම්වරුන් වෙති. ලෝක වාසි ජනතාවටම ඔහුගේ ඇරයුම ඔහුට අවනතව ජීවත්වන ලෙසයි.

එක් එක් කාල වකවානුවල දී ජීවත්වූ ජන සමාජයන් ඍජූ මාර්ගයෙහි ගමන් කිරීම උදෙසා, සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් සිය දේව දූතයින්ගේ මාර්ගයෙන් ධර්මයන් පහල කරන ලදී.

ක‍්‍රිස්තු වර්ෂ 7ත් වන සියවසේදී පහල කරන ලද දේව ධර්මයන් හි නිමාව ලෙස මෙළොව අවසානය තෙක් ජීවත්වන ජනයා වෙත පහල කරන ලද දේව ධර්මය වන්නේ ශුද්ධවූ අල් කුර්ආනයයි.

මිනිස් බුද්ධියේ පරිණාමය අනූව දැනුවත්භාවයේ ව්‍යාප්තිය මෙකල අධිකව සිදුවෙමින් පැවතුනද, ශත වර්ෂ 14 කට පෙර අනාවරණයවූ අල්කුර්ආනයෙහි කිසිදු කරුණක් අර්ථ ශූන්‍යය බව හෝ සාවද්‍ය බව ඔප්පු කිරීමට කිසිවෙකු සමත් වී නැත. එමෙන්ම කුර්ආනයෙහි සඳහන් සෑම ෛඑතිහාසික කරුණක්ම සියයට සියයක්ම සත්‍ය බව මේ ලෝතලයේ සංචාරය කර බැලූවිට අපට අවබෝධවනු ඇත.

මේ භූමිය මත සංචාරය කළ ගෙවී ගිය කාල පරිචිජේදය, යටගිය අතීතය මැනවින් අධ්‍යයනය කර එයින් අප ජීවිතයට යමක් ඉගෙන ගැනීමට අල්කුර්ආනය මගින් අල්ලාහ් අපට නියෝග කරයි.

“විශ්වාස කරන ජනයාට මහ පොළොව මත විවිධ සාක්‍ෂීන් ඇත” (ශු අල්කුර්ආනය 51: 20).

“මහ පොළොව මත සංචාරය කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේවූයේ දැයි බලන ලෙස (ශාස්තෘවරයානනි! ඔවුන්ට) පවසන්න”.  (ශු අල්කුර්ආනය 27: 69).

මෙම අදහසම ගෙන දෙන පාඨයන් මෙහිද සඳහන් වේ. (ශු අල්කුර්ආනය 6: 11), (ශු අල්කුර්ආනය 30: 42).

”(ශාස්තෘවරයානනි!) පවසන්න පොළොව මත ඔබලා ගමන් කර අල්ලාහ් තම (ප‍්‍රථම) මැවීම් කෙසේ ආරම්භ කළේදැයි බලන්න, පසුව තවත් වාරයක් ඔහු නිර්මාණය කරයි. සැබවින්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලවන්තයාය” (ශු අල්කුර්ආනය 29: 20).

මුල්ම මිනිසා  ආදම්  අලෙයිහිස්සලාම්: -

කෝටි සංඛ්‍යාත ජීවි වර්ගයාගෙන් වෙන් කොට සුවිශේෂ බුද්ධියක් ඥණ ශක්තියක්, ඉන් දැනුම් සම්භාරයක් ප‍්‍රදානය කර මුල්ම මිනිසා ආදම් (අලෙයි) අල්ලාහ් නිර්මාණය කළේය. පසුව ඔහුගේ සහයිකාව වන හව්වා (අලෙයි)ද නිර්මාණය කරනු ලැබුවේය. ඒ දෙදෙනා ස්වර්ගයට ප‍්‍රවිශ්ට කරනු ලැබූහ. නමුත් එහි අල්ලාහ්ගේ නියෝගයක් කඩ කිරීම නිසා මෙළොවට එවනු ලැබූහ. මුළු මානව සංහතියේම පියා හා මව ඒ දෙදෙනාය.

මක්කාවට කි.මි කිහිපයක් නුදුරින් පිහිටි අරෆා කඳුවැටියේ ජබල් අර්රහ්මා යනුවෙන් හැඳින්වෙන කුඩා කඳු ගැටයක් ඇත. මෙහිදීයි මුල් වරට මිනිස් වර්ගයාගේ ආදී වාසියා වන ආදම් අලෙයිහිස්සලාම් හා ආදී වාසිනිය වන හව්වා අලෙයිහිස්සලාම් මව් තුමිය යන දෙදෙනා හමුවූ බව බහුතරයකගේ මතයවූවද එයට කිසිදු සාධකයක් නොමැත. තව ද ආදම් (අලෙයි) තුමා ලංකාවේ සමනළ කන්දට කළ ආගමනයක් පිළිබඳව මතයක් පැවතුන ද ඒ සම්බන්ධව කිසිඳු සටහනක් කුර්ආනයේ හෝ ඉස්ලාමීය වංශ කථා ග‍්‍රන්ථවල සටහන් වී නොමැත.

ජබලුර් රහ්මා කඳුවැටිය                                       සමනළ කන්ද       ADAM’S PEAK

අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු!
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!

ශුද්ධවූ අල් කුර්ආනයෙහි මිනිසා මවනු ලැබීමේ පරමාර්ථය පැහැදිළිව සඳහන් වේ. “මා මිනිස් හා ජින් වර්ගය මාහට වැඳුම් පිඳුම් කිරීමට මිස නිර්මාණය නොකළෙමි” (ශු අල්කුර්ආනය 51: 56).

මෙම පාඨයෙන් ප‍්‍රත්‍යක්‍ෂ වන ඉතා වැදගත් කාරණය නම්: මිනිසා තම ජීවිත කාලය පුරා අල්ලාහ්ට අවනතව ජීවත්වීමට බැඳී සිටි. තම ජීවිතයෙහි පැන නැගෙන හැම ගැටළුවකදීම අල්ලාහ්ගේ දිව්‍යමය හෙළි කිරීම වන ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා අවසන් ශාස්තෘවරයානන්ගේ මග පෙන්වීම ඔස්සේ විසඳුම් සෙවිය යුතුයි. ඉස්ලාම් වෙනත් සංකල්ප මෙන් නොව, මිනිසාගේ ජීවිතයෙහි හැම පැති කඩක් සඳහාම මග පෙන්වන දහමකි.

මිනිසා තම නිර්මාතෘවරයා සමග අඛණ්ඩව සම්බන්ධකම් පැවැත්වීම ඔහුගේ දෙලොව ජයග‍්‍රහණය සඳහාවූ ඒකායන මාර්ගය වේ.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි:  “ඔබ මා සිහිපත් කරන්න, මා ඔබලා සිහිපත් කරමි” (ශු අල්කුර්ආනය 2: 152).

“මාගේ දාසයන් මා පිළිබඳ ඔබෙන් ප‍්‍රශ්න කළා නම්, මා ඔවුන්ට ඉතා සමීප බව පවසන්න. මා ප‍්‍රාර්ථනාකරන්නන්ගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප‍්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා” (ශු අල්කුර්ආනය 2: 186).

ඉස්ලාම් මුස්ලිමෙකුට ලබා දී ඇති මහඟු වරප‍්‍රසාදයක් නම් මෙම සකල විශ්වයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ත් සමග සම්බන්ධවීමට කිසිදු තැරැව්කරුවෙකු හෝ අතර මැදියෙකු හෝ අවශ්‍ය නැත. සෘජුව සම්බන්ධ විය හැක. ඉහත සඳහන් කුර්ආන් පාඨයෙන් එය මොනවට සනාථ වෙයි.

වෙනත් ස්ථානයක මෙසේ සඳහන් වෙයි: “ඔබගේ ස්වාමින් පවසයි: මාගෙන් ප‍්‍රාර්ථනා කරන්න, මා ඔබගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනිමි” (ශු අල්කුර්ආනය 40: 60)

විශ්වයෙහි මැවුම් කරුවානන් අපේ ප‍්‍රාර්ථනාවන්ට සෑම මොහොතකම ඇහුම් කන් දෙන්නේ නම් එය ඔහුගේ අසීමිත කරුණාවට, අපරිමිත දයාළු භාවයට ඇති කදිම නිදසුනකි. නමුත් මෙය වටහා නොගත් බොහෝ අඥානයන් අල්ලාහ් ඉදිරියෙහි පමණක් කළ යුතු ප‍්‍රාර්ථානවන්, සොහොන් කොත්වලට ගොස් එහි මිහිදන් වී සිටින පුද්ගලයින් ඉදිරියේ කරන අඥාන කි‍්‍රයාව දකිමු. ප‍්‍රාණය ඇති මොවුන් අප‍්‍රාණික දෙයකින් පිහිට පැතීම මොවුන්ගේ සිහි බුද්ධිය උකසට තබාද මෙවැනි කි‍්‍රයාවන් කරන්නේ යැයි සැකයක් මතු වේ.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “අල්ලාහ් හැර ඔබ ප‍්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට ශක්තියක් නොමැත. ඔවුන්, තමන්ට පවා පිහිටවීමට නොහැකි අය වේ”. (ශු අල්කුර්ආනය 7: 197).

මෙය ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් ලෙසය. අල්ලාහ් අභිමුව පමණක් කළ යුතු ප‍්‍රාර්ථනාවන් වෙනත් සොහොන් කොත් ඉදිරියේ හෝ වෙනත් වෙනත් දේ ඉදිරියේ හෝ කිරීම අල්ලාහ්ට පමණක් ඇති ගුණාංග, ශක්තිය ඔවුන්ටත් තිබෙන බව සැළකීමේ එක් ප‍්‍රතිඵලයකි. ඉස්ලාම් මෙය දකින්නේ බලවත් වරදක් සේය. තවත් මෙම වරද කරන සමහරුන් අපි සොහොන් කොත්හි මිහිදන්ව සිටින්නන්ව දේව බලය ලැබූ අය වශයෙන් සළකා නොවෙයි ඔවුන්ගෙන් ප‍්‍රාර්ථනා කරන්නේ, ඔවුන් අපි දකින්නේ අල්ලාහ් හා අප අතර සිටින තැරැව්කරුවන්, මැදිහත් කරුවන් වශයෙනි. ඔවුන්ගේ මෙම තර්කය නවතම සොයා ගැනීමක් නොවේ. මීට පෙර නොමග ගිය සමාජයන් මේ හා සමාන තර්කයන් ඉදිරිපත් කළෝය.

“අල්ලාහ් හැර ඔවුන්ට කිසිදු යහපතක් හෝ විපතක් කළ නොහැකි දේට පුද සත්කාර කරති. ඔවුන් අල්ලාහ් අභියස අපට රෙකමාදාරු කරයි යනුවෙනුත් පවසති. අහසෙහි හා පොළොවෙහි අල්ලාහ්ට නොදැනුවත් දේ ඔහුට කියා දෙන්නේද? ඔහු ඉතා පරිශුද්ධයි. ඔවුන් ආදේශයන් ඇති කරන දෙයින් ඔහු අති්‍යුත්කෘෂ්ඨයි. යනුවෙන් පවසන්න” (ශු අල්කුර්ආන් 10: 18).

“දැනගන්න පරිශුද්ධවූ මෙම දහම අල්ලාහ්ට අයිතිවේ. ඔහු හැර ආරක්‍ෂකයින් ඇති කරගත්තන් අල්ලාහ් අභියස අපව සමීපකරවයි යනු විනා අපි ඔවුන්ට වන්දනා මාන නොකරමු (යැයි ඔවුන් පවසති). ඔවුන් මත භේද වූ දේ පිළිබඳ අල්ලාහ් විනිශ්චය කරයි. (තමන්ව) ප‍්‍රතික්‍ෂේප කරන අසත්‍ය වන්තයාට අල්ලාහ්ට යහමග නොපෙන්වයි” (ශු අල්කුර්ආනය 39: 3).

එම තීරණාත්මක අවසන් විනිශ්ච දිනයෙහිදි මෙලොවට පහළවූ උගත් ශාස්තෘවරුන් වේවා, වෙනත් කුමන තරාතිරමක සිටින කෙනෙකු වේවා හැමෝම අල්ලාහ්ගේ සමූහයට ‍දාසයන් වශයෙනුයි පැමිණිය යුත්තේ.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: “අහස් ගැබෙහි හා මහ පොළොවෙහි පවතින සියල්ල අසීමිත දයාළුවන්තයා වෙත (එදින) දාසයන් වශයෙන් පැමිණෙති” (ශු අල්කුර්ආන් 19: 93).

අල්ලාහ් හැර ඔවුන් කන්නලව් කරන, ප‍්‍රාර්ථනා කරන දේ, සියළු අර්බුදවලින් ඔවුන්ව මුදවන බව සිහින මවති. එනමුත් මෙය සදාතනික නිරය සඳහා වූ පාපයක් බව ඔවුන් නොදැනුවත්ව සිටීද? නැතහොත් දැන දැනම උඩඟු ලෙස කි‍්‍රයා කරයිද?

අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ, “ප‍්‍රාර්ථනාව එයයි යාඥාව” (මූලාශ‍්‍රය: තිර්මිදි).

යාඥාවන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් පමණක් කළ යුතුයි. මෙය සෑම මුස්ලිමෙකුම දැන සිටිති. මුස්ලිමෙකු නිරතුරුව ප‍්‍රකාශ කරන, හෘදයාංගම පිළිඅරන් ඇති “ලා ඉලාහ ඉල්ලල්ලාහ් ” යන පදයෙහි අර්ථය නිසි ලෙස වටහා ගත් මුස්ලිමෙකු මෙවැනි මහත් පාපී කි‍්‍රයාවන්හි නිරත නොවෙයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ: “කව්රුන් යම් දෙයක් පැතීම සඳහා අල්ලාහ් ඉදිරියේ තම දෑත් එසෙව්වේද, අල්ලාහ් එම දෑත් හිස්ව යැවීමට ලැජ්ජාවෙයි.” (මූලාශ‍්‍රය: සහීහුල් ජාමිඃ).

අල්ලාහ්ගේ අසීමිත දයාළු භාවය ප‍්‍රත්‍යක්‍ෂ කරන මෙම නබි වදන සෑම මුස්ලිමෙකුගේම අවධානයට ලක් විය යුතුය. අල්ලාහ්ගේ අසීමිති දයාළුභාවය සුළුවෙන් තක්සේරු කරනන්න්ට ශුද්ධවූ අල්කුර්ආනය මගින් ඔහු අනතුරු අඟවයි. “කව්රුන් අල්ලාහ්ගේ භාග්‍යන්හි විශ්වාස භංගත්වයෙන් පසුවෙයිද ඔහු නොමග ගියෙකු මිස නොමැත” (ශු අල්කුර්ආනය 15: 56).

“අල්ලාහ්ගේ භාග්‍යන්හි විශ්වාස භංගත්වයෙන් පසු නොවන්න. එසේ විශ්වාස භංගත්වයෙන් පසුවෙන්නන් මිත්‍යා දෘෂ්ටිකයින් මිස නොමැත” (ශු අල්කුර්ආනය 87: 12).

අල්ලාහ් හැර වෙනත් අය ඉදිරියෙහි ප‍්‍රාර්ථනා කරන්නන්, තම අවශ්‍යතාවන් ඉදිරිපත් කරන්නන් අල්ලාහ් අභිබවා ඔවුන් තමන්ට කරුණාව දක්වන බව ඔවුන්ගේ කි‍්‍රයාවෙන් ඔප්පු කරයි. මෙය තුළින් ඔහු මුස්ලිම් යන රාමුවෙන් පවා පිටවෙයි. ඉහත සඳහන් කුර්ආන් පාඨයන් එයට කදිම සාක්‍ෂියකි.

නබි (සල්) තුමන් වරක් කුඩා වියෙහි පසුවෙමින් සිටී ඉබ්නු අබ්බාස් (රලි) අමතා “ඔබ උදව් පැතුවේ නම් අල්ලාහ්ගෙන් පමණක් පතන්න” (බුහාරි).

මුස්ලිමෙකු ඔහු ඉටු කරන සලාතයන්හි හැම රක්අතයක් පාසාම අල්ලාහ් ඉදිරියෙහි ගන්නා පොරොන්දුවක් නම් “ඉයියාක නඃබුදු වඉයියා නස්තඊන්” (අපි ඔබම නමදිමු ඔබගෙන්ම පිහිට පතමු). මුස්ලිමුන් අතුරින් බහුතරයක් ඉහත සඳහන් මෙම කුර්ආන් පාඨය අර්ථය වටහා නොගෙන පාරායනය කිරීම නිසා ඔවුන් දෙන පොරොන්දුව ඔවුන් විසින්ම කඩ කෙරේ. මුස්ලිමෙකු සියළු දේ අල්ලාහ්ගෙන්ම පැතිය යුතුයි. මුස්ලිමෙකු පතන සියළු දේ නියතයෙන්ම අල්ලාහ් විසින් ඉෂ්ට කර දෙනු ලැබේ. නමුත් කණගාටුවට පත්විය යුතු කරුණ නම් අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරන මුස්ලිමුන් පවා යම් දෙගිඩියාවකින් ප‍්‍රාර්ථනාවන්හි නියැලෙති. මෙයට හේතුව අල්ලාහ්ගේ බලය සුවිශේෂ ශක්තිය පිළිබඳ නිසි අවබෝධයක් මොවුන් තුළ නොවීමයි.

සකරියියා (අලෙයි) තුමන් තම මහළු වියෙහි කළ ප‍්‍රාර්ථනාවක් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය විවිධ අවස්ථාවල සිහිපත් කරයි . “(ශාස්තෘවරයානනි!) මෙය ඔබ හිමියන් තම දාසයා වන සකරියියාට පිරිනැමු භාග්‍ය පිළිබඳවයි. ඔහු තම හිමියන්ගෙන් සිහින් හඬ්න් ආයාචනා කළ විට (මෙසේ භාග්‍ය පිරිනැමුවේය). (සකරියියා) පැවසුවේය: මාගේ හිමියනි! නියතයෙන්ම මාගේ ඇට කටු දුර්වලවී ඇත, මාගේ හිසද (වයස නිසා) පැසී දිලිසෙයි, මා (මෙතෙක්) ඔබෙන් කළ ප‍්‍රාර්ථනාවන්ගෙන් ආශිර්වාද නොලද්දෙක් නොවෙමි. ඇත්තෙන්ම මගෙන් පසු මගේ නෑදෑයින් පිළිබඳ බියවෙමි. මගේ බිරිඳ වඳවූවාය, එබැවින් ඔබගෙන් මට දරු භාග්‍යක් ලබාදෙනු මැන. මගෙන් උරුමවන්නාවූද, යඃකුබ්ගේ පරපුරෙන් උරුමවන්නාවූද (පුතකු දෙනු මැනව). ඔහු යහපත් පුද්ගලයකු බවට පත්කරනු මැනව.

ඕ! සකරියියා අපි ඔබට පුතෙකු පිළිබඳ ශුභාරංචිය දෙන්නෙමු. ඔහුගේ නම යහ්යාය.  ඔහුට පෙර මෙනමින් කිසිවකුට නම් නොකෙළෙමු. මාගේ හිමියනි! මට කෙසේ පුතුකු වන්නේද? මාගේ බිරිඳ වඳය. මාද මහලූවියට පැමිණියෙන් දුබල යැයි ඔහු (සකරියියා) කීවේය. එලෙස යැයි (අල්ලාහ්) කීවේය. එය මට පහසු කාර්්‍යකි. ඔබ කිසි දෙයක් නොවියදී මා ඔබ නිර්මාණය කළෙමි. එය මට පහසු යැයි ඔබගේ හිමියන් කීවේය”. (ශු අල්කුර්ආනය 19: 2- 9).

සකරියිය නබි තුමන්ගේ තිරසාර විශ්වාසයට තිළිණයක් වශයෙන් අල්ලාහ් පිරිනැමූ භාග්‍යයයි ඉහත සඳහන් වූයේ. එතුමන්ගේ තිරසාර විශ්වාසය සැමට ආදර්ශයක් විය යුතුයි. එපමණක් නොව අපේ විශ්වාසයද එසේ පවතින විට අල්ලාහ්ගේ අද්විතීය බලය තුළින් ඔහුගේට පිහිටද නොකඩවා අපට හිමිවනු ඇත.

වරක් නබි (සල්) තුමන්, අල්ලාහ් පවසන බව ප‍්‍රකාශ කළහ: “දාසයා මා පිළිබඳ කෙසේ සිතන්නේද එසේම මා ඔහු සමග සිටිමි” (මූලාශය: බුහාරි).

අල්ලාහ්ගේ අසීමීත ශක්තිය කෙරෙහි කවුරුන් තිරසාර විශ්වාසයකින් පසුවෙයිද ඔහුට එය දැක බලාගැනීමේ අවස්ථාවන් ඔහුගේ ජීවිතය තුළ  අනන්තව ලැබෙනු ඇත.

මා කළ පාපයන්ට සමාව ලැබෙයිද? මාගේ සිතුම් පැතුම් ඉටුවෙයිද? මට දරු භාග්‍යයක් හිමිවෙයිද? මාගේ ලේඩ රෝග සුව වෙයිද? මාගේ දුක් කරදර පහවෙයිද? මාගේ ජීවිතයට සැනසීමක් ලැබෙයිද? මට ස්වර්ගය හිමිවෙයිද? මේ ආකාරයට යම් සැකයකින් දෙගිඩියාවකින් අල්ලාහ්ගෙන් කෙනෙකු ප‍්‍රාර්ථනා කරන විට ඔහුගේ ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලබන්නේ නැත. කවුරුන් තිරසාර විශ්වාසයකින් යුතුව අල්ලාහ් ඉදිරියේ දෙ අත් ඔසවා ප‍්‍රාර්ථනා කරයිද එම ප‍්‍රාර්ථනාවන් සැබවින්ම ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේය.

ශුද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ අමතයි. “තම ආත්මයටම අසාධාරණ කරගත් දාසයනි! අල්ලාහ්ගේ දයාළු භාවයෙහි අපේක්ෂා භංගත්වයෙන් පසු නොවනු. ඇත්තෙන්ම අල්ලාහ් සියළු පාපයන් සමා කරන්නාය. නියතයෙන්ම ඔහු සමා කරන්නා හා දයාළු වන්තයා වේ” (ශු අල්කුර්ආනය 39: 53).

නබි (සල්) තුමන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ: “ඔබලා අතුරින් කිසිවෙකු අල්ලාහ් පිළිබඳ යහපත් ආකල්ප ඇති කරගෙන මිස මිය නොයන්න” (මූලාශ‍්‍රය: මුස්ලිම්).

අල්ලාහ් කෙරෙහි පිවිතුරු විශ්වාසයක් තබමු. ඔහු වෙතට මුළුමනින් හැරෙමු. ඔහු රිසි දේ කිරීමට බලවන්තයාය. ඔහුගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු, ඔහු නිරතුරුව දාසයන්ගේ කන්නලව්වට ඇහුම් කන් දෙන්නාය.

අප අතර සාමය ව්‍යාප්ත කරමු!
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්. මෙම ස්වභාවිකවූ මගින් මිනිසා කෙතරම් ඈත්වෙයිද ඒ තරම් ඔහුගේ ජිවිතයෙන් සාමය, සෞභාග්‍යය ඈත්වෙයි. ඒකීය අල්ලාහ්ට අවනතව ජීවත් වීම තුළින් සිය ජීවිතයෙහි සියළු කි‍්‍රයා කලාපයන් සඳහා අල්ලාහ් ඉදිරියෙහි මා විනිශ්චයට ලක්වන දිනයක් සැබවින්ම ඇත යන විශ්වාසය තුළිනුත් උදාවන්නේ ජන ජීවිතයෙහි සාමයයි. ඉස්ලාමීය සියළු ඉගැන්වීම් තුළ මෙය හොඳින් දැකගත හැක. එකිනෙකා හමුවන විටද සාමය ප‍්‍රාර්ථනා කරන ලෙස ඉස්ලාම් මිනිසාට උගන්වයි. මෙය මිනිස් ඉතිහාසයේ මුල සිට පැවත ආ සිරිතක් බව ඉස්ලාම් අවධාරනය කරයි:

මුල් මිනිසා ආදම් (අලෙයිහි) තුමන් පටන් පැවත ආ සිරිතකි:

“අල්ලාහ් විසින් ආදම් (අලෙයිහි) මවා මෙසේ කීය. ඔබ ගොස් එහි වාඩි වී සිටින දූතවරුන්ට සලාම් සුභ පතන්න. ඔවුන් ඔබට පිරිනමන පැතුමට ද සවන් දෙන්න. ස්ථීර වශයෙන්ම එය ඔබටත් ඔබේ පරම්පරාවටත් අයිති පැතුමක් වන්නේය. ඒ අනූව ආදම් (අලෙයිහි) තුමා අස්සලාමු අලෙයිකුම් (ඔබ සැමට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා) යනුවෙන් පැවසීය. එවිට ඔවුහු (දූතවරුන්) අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පැවසූහ. ඔවුහු එයට පිළිතුරු දීමේදී වරහ්මතුල්ලාහ් යන පදය අධික කරගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).

විශ්වාසවන්තයින් මතු දිනයෙහි ද මෙම සුභ පැතීම මගිනුයි පිළිගනු ලබන්නේ:

“ඔවුන් අල්ලාහ් හමුවන දිනයෙහි ඔවුන්ට ලැබෙන සුභපැතුම ‘සලාමුන්’ (ඔබලාට ශාන්තිය හා සාමය උදාවේවා) යනුවෙනුයි. තවද ඔවුන් වෙනුවෙන් උසස් ප්‍රසාදයන් ද ඔහු සූදානම් කර ඇත”. (ශු අල්කුර්ආනය 33:44).

“කවුරැන් අල්ලාහ්ට බිය බැතිව ක්‍රියා කළේද ඔවුන් පිරිස් වශයෙන් ස්වර්ගය වෙත ගෙන එනු ලබයි. ඔවුන් එහි පැමිණීමත් සමග එහි දොරටුවන් විවෘත කරනු ලබයි. එහි ආරක්ෂකයින් ඔවුන් අමතා ඔබලාට සාමය උදාවේවා, ඔබලා භාග්‍යවන්තයින්, ඔබලා මෙහි පිවිසෙන්න, සදාතනිකව  මෙහි රැඳී සිටින්න” (ශු අල්කුර්ආනය 39: 73).

කෙනෙකු තවත් කෙනෙකුගේ නිවසට පිවිසීමට පෙර සලාම් පවසා ඔවුන්ගෙන් අවසර ගෙන ඇතුල් වීම ඔවුන් විවිධ අපහසුතාවයන්ට ලක්වීමෙන් වළක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය එම උසස් සාරධර්මය මෙසේ නියෝග කරයි:

“විශ්වාසවන්තයිනි! ඔබලාගේ නිවෙස්වලට හැර අන් අයගේ නිවෙස්වලට අවසර ලබාගෙන එහි සිටින අයට සලාම් කියනතෙක් ඔබලා ඇතුල් නොවන්න” (ශු අල්කුර්ආනය 24: 27).

“ඔබලා නිවෙස්වලට ඇතුල්වූවොත් අල්ලාහ්ගෙන් අභිවෘද්ධිය ලබාදෙන අගනා සුභපැතුමක් වශයෙන් ඔබලා එකිනෙකාට සලාම් පවසන්න” (ශු අල්කුර්ආනය 24: 61).

“ඉබ‍්‍රාහීම් (අලෙයි) තුමාගේ ගෞරවණීය අමුත්තන්ගේ පුවත ඔබ දන්නෙහිද? ඔවුහු වෙත පැමිණි විට සලාම් කීහ. ඔහුද සලාම් කීවේය”. (ශු අල්කුර්ආනය 51: 24,25).

කෙනෙකු සලාම් පවසා අපට සාමය ප‍්‍රාර්ථනා කරන විට එයට පිළිතුරු සලාම් පැවසීම අනිවාර්්‍ය කටයුත්තකි. ඒ වෙනුවට හිසෙන් සංඥා කිරීම හෝ නොසැළකිලිමත්ව සිටීමට කොහෙත්ම අවසර නැත.

“ඔබලා (සලාම් නැමති ආශිර්වාදයෙන්) සුභ පැතුම් ලැබුවේ නම් ඊට වඩා යහපත් අයුරින් සුභ පතන්න. එසේ නොමැති නම් එයට ඒ අයුරින්ම නැවත පිළිතුරු දෙන්න”  (ශු අල්කුර්ආනය 4: 86).

සලාම් සුභ පැතීමෙහි පවතින මහිමය:

” ඔබලා විශ්වාසවන්තයින් බවට පත්වන තෙක් ස්වර්ගයට නොපිවිසෙන්නේය, ඔබලා එකිනෙකා අතර සෙනෙහස පුදන තෙක් ඔබලා විශ්වාසවන්තයින් බවට පත්නොවන්නේය, ඔබලා සෙනෙහසින් බැඳ දමන උතුම් කි‍්‍රයාවක් පවසන්නද? එයයි ඔබලා අතර සලාම් සුභපතමින් සාමය ව්‍යපාත්ර කිරීමයි” යනුවෙන් නබි :සල් තුමන් පැවසූහ. (විසරතරකරන්නේ: අබූ හුරෙයිරා රලි තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).

කෙනෙකු තවත් කෙනෙකු හමුවන විට සාමය ප‍්‍රාර්ථනා කිරීම පිවිතුරු සිතින් අවංකව සිදුවිය යුතු උතුම් කි‍්‍රයාවකි. ඒ තුළින් සහෝදරත්වය ගොඩ නැගෙන බව ඉහත නබි වදනින් තහවුරු වෙයි.

“කෙනෙකු නබි (සල්) තුමන් වෙත පැමින ඉස්ලාම්හි උතුම් කි‍්‍රයාව කුමක්දැ?යි විමසා සිටියේය, එයට එතුමන් (දිළින්දන්ට) ආහාර පිළිගැන්වීමත්, ඔබ හඳුනන නොහඳුනන සියළු අයට සලාම් සුභ පැතීමත් වේ” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්න අම්රිබ්නු ආස් (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුත්තෆකුන් අලෙයිහි).

”ඔබලා අතර සලාම් සුභ පතමින් සාමය ව්‍යාප්ත කරන්න, දුගීන්ට (දිළින්දන්ට) ආහාර පිරිනමන්න, මිනිසුන් සුව නින්දෙන් පසුවන රාත්‍රි කාලයෙහි නැගිට සලාතය කරන්න ඔබලාට පහසුවෙන් ස්වර්ගයට පිවිසිය හැක”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි).

නබි (සල්) තුමන් අපට කරුණු හතක් නියෝග කළහ: “රෝගියාගේ සුව දුක් විමසීම, දේහයක් පිටුපසින් ගමන් කිරීම, කිඹුහුම් ගිය තැනැත්තාට (ඔහු අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් අල්ලාහ් ප‍්‍රශංසා කළ විට ඔබට අල්ලාහ්ගේ දයාව හිමිවේවා (යර්හමුකල්ලාහ්) යනුවෙන්) පිළිතුරු දීම, දිළින්දන්ට උදව් කිරීම, අසාධාරණයට ලක්වූ තැනැත්තටා පිහිට වීම, සලාමය (සාමය) ව්‍යාප්ත කිරීම, ගිවිස ගත් කෙනෙකු සමග යහපත් ලෙස කටයුතු කිරීම”. (අල් බරාඃ බින් ආසිබ් (රලි) තුමන් විස්තර කරයි, මූලාශ‍්‍රයන්: බුහාරි මුස්ලිම්).

සලාම් පැවසීම පිළිබඳව පවතින උසස් සාරධර්ම තවත් ලිපියකින් ඉදිරියේදී සාකජ්චා කෙරේ

පොතක් කියවන අතරමග!
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්

චංචල සිත

ඉතින් මට සමාවෙයන්!

මෙතෙක් කියවූ පිටු අතුරින්,

වැටුහුනි මට ඔබ ගැන.

කල කිරීමකි ඇතිකළේ,

ඔබේ ඇසුර

ඒනමුදු මම තරහක් නැත,

ඔබ නොදැන සිටි නිසාවෙන්

ඉස්ලාමය!

චංචල සිත—!

සමාව සහ සමුගැනීම,

දෙමි ඔබට සතුටින් මම.

ඉවසීම, සාධාරණය, කරැණාව, පරාර්ථය

සමග මග පැමිණෙන,

මගේ නිසසල නැවුම් සිත.

පිළිගනිමි නුඹව මම සාදරෙයන්,

මගේ දිවි පුරාවට

ඉස්ලාමය!

ජීවිතයට, ජීවිතයක් දුන් පොත් පිංච!
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්

ඒ කෙසේද? යත්

නොලැබිනි නිසි පිළිතුරක්

කිසිම මගකින්,

ඉපෙදනා මැරෙනා ජීවිතය මිස

නොමැත වෙන අරැතක්

හිස් ලූ අත සිතේ පරිදි

දිව ගිය ජීවිතය

පෙරලුනි වෙනස් මගකට

දැන ගති ජීවිතය යනු කුමක්ද?

ගෞරවයක්, වටිනාකමක්, අරමුණක් ඇත.

ජීවිතයට

ඇයි? ද යත් ජීවත්වන්නේ

‘නිසි ආශ්වාදයට නිසි මග’ ඔබට තුතිවේවා!

පෙන්වා දුනි….

යා යුතු මග…..

ඉස්ලාමය විනා – අන් මගක් නැ‍ත.

වෙනතක් නැත.

සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම!
ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි. කෙනෙකු ඉස්ලාම් අනුමත කළ මාර්ගයේ රැකියාවක් කිරීම හෝ ව්‍යාපාර කටයුතු වල නියැලීම ඉස්ලාම් දකින්නේ යහපත් කි‍්‍රයාවක් වශයෙනි.

“සලාතය ඉටු කිරීමෙන් පසුව මහ පොළොවේ විසිරී ගොස්, අල්ලාහ්ගේ දායාදයන් (ජීවනෝපාය) සොයන්න” (ශු අල්කුර්ආනය: 62: 10).

“නුඹලාගෙන් යමෙක් තම ලණුව අතට ගෙන කන්දට ගොස් දරමිටියක් බැඳ පිටේ තබාගෙන ගොස් විකුණා ජීවත්වීම අන් අයගෙන් අතපෑමට වඩා ශ්‍රේෂ්ඨය. ඒ තුළින්  අල්ලාහ් ඔහුව නින්දාවට ලක්වීමෙන්ද වළක්වයි. ජනයා ඉදිරියේ ඔහු අතපාන විට ඔවුන් යමක් දීමටත් හැක, නොදී ප‍්‍රතික්ෂේප කිරිමටත් හැක.” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ අබ්දිල්ලාහ් ජුබෙයිර් බින් අව්වාම් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).

“මාගේ ප‍්‍රාණය කවුරුන් සතුව පවතීද ඔහු මත දිවුරා ප‍්‍රකාශ කරමි, නුඹලාගෙන් යමෙක් දරමිටියක් තම පිටේ තබාගෙන යමක් ඉපැයීම අනුන්ගෙන් අතපෑමට වඩා ඔහුට වැදගත් වන්නේය. ඔහු කාගෙන් අතපායිද (ඔහු මනාප නම්) යමක් පිරිනමයි නැතහොත් කිසිවක් නොදී ප‍්‍රතික්ෂේප කරයි” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).

“දාවූද් (අලෙයි) තුමන් තම අතින් උපයාගත් දේ හැර (වෙන කිසිවක්) ආහාරයට නොගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).

“සිය දෑතින් උපයා අනුභව කරන කෑම වේලට වඩා වැදගත් ආහාරයක් කිසිවෙකුට අනුභව කළ නොහැකිය. අල්ලාහ්ගේ දූතවරයකු වූ දාවූද් (අලෙයි) තුමන් තම දෑතින් උපයාගත් දෙයින් පමණක් ආහාර ගැනීම පුරුද්දක්කර ගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (විස්තර කරන්නේ: මික්දාම් බින් මඃදිකරිබ් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).

“සකරියියා (අලෙයි) තුමන් දැව කර්මාන්තයේ යෙදුන වඩුවෙකු වශයෙන් ජීවත්වූහ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).

අල්ලාහ්ගේ දහම ප‍්‍රචාරය කිරීමෙහි මහඟු කටයුත්ත තම කරටගත් දූතවරුන් පවා සිය දෑතින් උපයා ආහාර වේල සොයා ගැනීම උතුම් කොට සැළකූ බව ඉහත පුවත්වලින් මොනවට ගම්‍යමාන වෙයි.

“ජනයා ඉදිරියේ අතපාන පුද්ගලයා විනිශ්ච දිනයෙහි සම නොමැති වතින් යුතුව නැගිට්ටුවන් ලබන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).

නබි (සල්) තුමන්ගේ ස්වර්ණමය දේශණ අතුරින් !
අල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන:

1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.

2- ඔබලා සියල්ලන් එකමුතුව අල්ලාහ්ගේ දහම නම් කඹය තදින් අල්ලා ගැනීම.

3- ඔබලා නොබෙදී සිටීම.

අල්ලාහ්ගේ ඔබලාගෙන් පිළිකුල් කරන කරැණු තුන:

1- මෙසේ පැවසුවා මෙසේ පවසනු ලැබුවා යනු කිසිදු නිශ්චිත භාවයකින් තොර කරැණු දැක්වීම.

2- අධිකව (අනවශ්‍ය) ලෙස ප්‍රශ්න ඇසීම.

3- මුදල් නාස්ති කිරීම.

(විස්තර කරන්නේ: අබූ හුරෙයිරා රලි තුමන්, මූලාශ්‍රය: බුහාරි).

අබූ දර් (රලි) තුමන් අමතා නබි (සල්) තුමන් කළ උපදෙස් තුන:

1- ඔබේ කොහේ සිටියද (කුමන තත්ත්වයක සිටියද) අල්ලාහ්ට බියවනු.

2- ඔබෙන් වැරදි ක්‍රියාවක් සිදුවූ සැනින් යහපත් ක්‍රියාවක් කරනු එය එම වරද මකා දමයි

3- ජනයා සමග උසස් අන්දමින් ක්‍රියා කරනු.

(විස්තර කරන්නේ: අබූ දර් (රලි) තුමන්ල මූලාශ්‍රය: තිර්මිදි).

අබූ හුරෙයිරා (රලි) තුමන් අමතා නබි (සල්) තුමන් කළ උපදෙස් තුන:

1- සෑම මසකම උපවාසයෙන් තුනක් ඉටු කරන්න.

2- රක්අත් දෙක්ක ලුහා සලාතය ස්ථාපිත කරන්න.

3- රාත්‍රියේ නින්දට යෑමට පෙර විත්ර් සලාතය ඉටු කරන්න.

(විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).

නබි (සල්) තුමන් ඓතිහාසික හිජ්රත් ගමන කරමින් මදීනාවට පැමිණීමත් සමග ජනයා අමතා කළ දේශනාව:

1- ඔබලා අතර සලාම් පවසමින් සාමය ව්‍යාප්ත කරන්න.

2- දුගීන්ටල දිළින්දන්ට ආහාර පිරිනමන්න.

3- මිනිසුන් සුව නින්දෙන් පසුවන රාත්‍රි කාලයෙහි නැගිට සලාතය කරන්න.

ඔබලාට පහසුවෙන් ස්වර්ගයට පිවිසිය හැක.

(විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි).

ඔබාලාගේ පාපයන් අල්ලාහ් සමා කරන පදවීන් උසස් කරන කරැණු පිළිබඳ ඔබලාට දන්වන්නද? යනුවෙන් නබි සල් තුමන් වරක් විමසා සිටියේය, එයට මිතුරන් එසේය යනුවෙන් පිළිතුරැ දුන්හ.

1- සීත කාලගුණය (මෙන් අසීරු අවස්ථාවන්හි පවා) දෝවනය සම්පූර්ණයෙන් කිරීම.

2- මස්ජිදයට අධික පියවර තබමින් ගමන් කිරීම.

3- සලාතයක් නිම කර තවත් සලාතයක් මග බලා සිටීම.

මෙය ඔබලා ස්ථීරත්වයට පත්කරන ක්‍රියාවන් වේ.

(විස්තර කරන්නේ: අබූ හුරෙයිරා :රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්).

1- සමූහ සලාතයට ඉක්මනින් පැමිණීමේ වැදගත්කම ජනයා දැන සිටීනම් ඒ වෙනුවෙන් ඔවුන් තරඟ වදිමින් සහභාගි වෙති.

2- ෆජ්ර් හා ඉෂා සලාතයන්හි සුවිශේෂත්වය දැන සිටී නම් ධනගසා හෝ එම සලාතයන්හි ඔවුන් සහභාගිවෙති.

3- සලාතයේ මුළ් පෙලෙහි ශ්‍රේෂ්ඨත්වය දැන සිටී නම් ඒ වෙනුවෙන් ඔවුන් කුසපත් ඇදීමෙන් මුල් පෙලේ අවස්ථාව අන් අයට පිරිනමති.

(විස්තර කරන්නේ: අබූ හුරෙයිරා රලි තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).