අබ්දුල්ලාහ් මනුලාල්ගෙන් සටහනක්

දැහැමි ජීවිතයකට ඉස්ලාම් මග පාදයි

පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි

කරුණාබර වැඩිහිටියනිæ සහෝදර සහෝදරියනිæ මිනිසෙකු වශයෙන් උපත ලැබීමට වාසනාව ලද ඔබ අපි හැම දෙනාම ප්‍රධාන වශයෙන් සැළකිය යුතු කාරණා ගැන නිරතුරුව සිහි කල්පනාවට ගෙන නිවැරදි දැක්මක් තුළින් ජීවන කි්‍රයාවලියට නැගිය යුතුය. මේ සඳහා අපගේ බුද්ධිය පෝෂණය කිරීමට දැනුම ලබා දිය යුතු අතර එම දැනුම ලබාගැනීමේදී සත්‍යවූත් නිවැරදි වූත් ලොව අනුමත කරන ඒ වගේම සරල ලෙස සිතා බලා කටයුතු කළ හැකි අයුරකට එම දැනුම ලබාගත යුතුය. ඈත අතීතයේ සිට වර්තමානය තෙක් මිනිස් ජීවිත ගෙවාලූ සහ ගෙවාලන ආකාරය පිළිබඳ සළකා බලන විට ඉතා පහසුවෙන් නිගමනය කිරීමට හැකිවනවා මිනිසුන් මනුෂ්‍යන් ලෙස ජීවත්වූවාද? මිනිසුන් ලෙස පෙනී සිට ජීවත් වෙනවාද? කියා. ඇත්තටම මෙය මා මෙසේ පැවසීමට හේතුව නම් එදා සිට අද දක්වාම මිනිසාට අනුගමනය කිරීමට සුදුසු ජිවන සැලැස්මක් තෝරානොගැනීම නිසාය. සත්‍ය මාවත තුළ නිවැරදි ක්‍රමයකට ජීවිතයක් තුළින් කි්‍රයාවෙන් විදහා පෑ ජීවිත දර්ශණය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට විශ්වයේ මැවුම් කරුවාණන්වූද ලොව වෙසෙන සෑම සත්වයෙන්ගේ පෝෂකායනන් සහ ආරක‍ෂකයා වූද සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මානව වර්ගයාගේ යහපත උදෙසා ලොවේ අවසන් නබි තුමන් ලෙසට මුහම්මද් නබි තුමා මිනිස් වර්ගයා හමුවට කැඳවිය. ඈත ඉතිහාසයේ සිට මේ දක්වාම සසඳා බැලූ කළ නිගමනය කළ හැකි එකම කරුණ නම් මිනිසා විසින්ම මිනිසාව නොමග යැවීමට කටයුතු කර තිබීමයි. ඊට ප්‍රධානම හේතුව තමන්ගේ බුද්ධියෙන් තීරණ නොකර ගතානු ගතිකත්වයට සහ අනුකරණයට ලක්ව කටයුතු කිරීමයි. මේ සියළු කරුණු නිසා මිනිසා නොමිනිහා වී කටයුතු කරන බව අප හට සුළබව දැකිය හැකි කරුණකි.

වර්තමාන සමාජයේ ඇති ප්‍රශ්න හා ගැටළු දෙස බලන කල අපි අවබෝධ කරගත යුතු තවත් කරුණක් නම් මිනිස් සිත තුළ ඉවසීම නොමැති කම සහ නොදැනුවත් කම වේ. මේ කාරණා දෙකම කෙනෙකු සතු නම් ඒ තැනැත්තාගේ ජීවිතය ගැන අපි අවධානය යොමු කර කටයුතු කරන අයුරු නිරීක‍ෂණය කළ විට අපිට අවබෝධ වන එකම කරුණ නම් අන්ධානුකාරයෙන් කටයුතු කිරීමයි.

දස මසක් කුස දරාගෙන සිට මෙලොව බිහි කරන දරුවාට ඇඟ ලේ කිරී කර පොවලා ඇති දැඩි කර බලා පොරොත්තුවනුවේ හොඳ මනුෂේ‍යකු සේ සිටිනවා දැකීමයි. නමුත් මෙය සාර්ථක වන ප්‍රති ශතය ඉතා අඩු මට්ටමක පවතින බව පැහැදිළිව සමාජයෙන් දැක ගත හැකි කරුණකි. මෙයට මූලික හේතුව නිවැරදිව ආගම ධර්මයකට මූලිකත්වය දී සකස්කරනු ලැබූ ජීවන සැලැස්මකට අනූව කටයුතු නොකිරීමයි. ඇත්තටම මෙයට ගොදුරු වන්නේ නොදැනුවත්කම සහ ගතානුගතික කි්‍රයාවලියට නතුව සිටීම නිසා බව පැහැදිළිය. මෙය ජීවිතයේ විනාශයට සහ එලොවටත් මෙලොවටත් පලක් නොවන කි්‍රයාවලියක් බව වටහා ගැනීමට ලොව වෙසෙන සෑම දෙනාම ඒක දේවත්වය තුළින් කටයුතු කරන මුහම්මද් නබි තුමාගේ ජීවිත කැපවීමෙන් හා ජීවිත කි්‍රයාවලියෙන් පෙන්වා දුන් ජීවන සැලස්ම කි්‍රයාත්මක කරන ඉස්ලාම් දහම ගැන අවබෝධ කරගත යුතු වෙනවාය. ඉතිහාසයෙන් කරුණු කිහිපයක් ගෙන හැර දැක්වනුයේ තමන් සතු බුද්ධියට තැන දී නිවැරදිව කටයුතු කිරීමෙන් අත්කරගත හැකි ජීවිතයේ ජයග්‍රාහණයන් මොනවාදෝ කියා සිහි ගැන්වීම සඳහාය.

සය වන ශත වර්ෂයේ එනම් කි. ව. 570 මක්කාවෙහිදි කුෙරෙෂ් කුලයට අයත් අබ්දුල්ලාහ්ට Þව ආමිනා මෙලොව බිහි කළ මුහම්මද් කුමරු බහතෝරන වයසේ සිටම තම බුද්ධියෙන් තීරණය කර කටයුතු කළ අයකි. එතුමාට සම්බන්ධ පවුල්වල සියළු දෙනාම එවකට ආගමානුකුල කටයුතු වල යෙදී සිටියේ රූප සහ මූර්ති මුල්කරගෙන වැඳුම් පිඳුම් කරන ක්‍රමයක් අනුගමනය කරමිනි. මෙහි වෙනස දැකිය හැක්කේ, මෙහි ඇති අසත්‍ය දැකිය හැක්කේ බුද්ධියට එකඟව සිතා ගැනීමෙනි. එම ප්‍රදේශයේ ප්‍රබලව සිට නැමදුම් ඉටු කරන අයගේ, වන්දනා මාන කරන අයගේ ගැත්තෙක් නොවී මුහම්මද් තුමා දෛනික කටයුතු කළේ බුද්ධියට එකඟව ගොඩනගා ගත් ආත්ම ශක්තියෙනි. මෙසේ කාලය ගෙවී යන විට ඥාතීන් අසල් වැසියන් හා සියළු දෙනාම මොහු කෙරෙහි දැඩි බැඳීමක් ඇති විය. කාලය වසර ගණනාවක් මෙසේ විශ්වාසය දිනාගෙන සමගියෙන් සිටින විටදී වයස අවුරුදු හතළිහේදී (වහි) දේව නියමයන් පහළ විය. මේ අනූව මුහම්මද් තුමා නබිත්වයට පිවිස දෙලොවෙහිම අධිපති අල්ලාහ් දෙවියන්ගේ නියමය අනූව කටයුතු කිරීමට මුල පිරුවේ සමස්ථ ප්‍රජාවගේම සුභ සෙත සඳහාය. ජනතාව හමුවේ විශ්වාසනීය ලෙස ඉතාම සරලව නිවැරදිව කරුණු ගෙන හැර දැක්වූයේ —ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලූල්ලාහ්˜ කියා පැහැදිළි කිරීමෙනුයි. ඇත්තේ එකම දෙවියයි මුහම්මද් නබි තුමා අල්ලාහ් දෙවිඳුගේ වක්ෘවරයා බවත් Þසයා බවත් කියා ගෙන හැර පෑ දැක්වූ දේව සංකල්පය මුළු අරාබිකරයේම ඉතාම සීඝ්‍රයෙන් මිනිසුන්ගේ හදවත් වලට සේන්දු විය. සෑම කෙනෙක්ම විසින්ම මෙය වටහා ගැනීමට උත්සහා ගන්නා ලදි.

මෙමගින් ඇත්තටම තම බුද්ධියට තැන දී ගතානුගතිකත්වය පසක ලා කටයුතු කිරීම තුළින් නිවැරදි දැක්ම ඇති කරගත හැකි බව අවබෝධ කර දුන්හ. ඊමාන් භක්ති ප්‍රකාශයේ මූලික කාරණා හයක් සහ ඉස්ලාමෙයි කුළුණු පහ සමගින් ආගමානූකුලව සකස් කර ඇති ජීවන දර්ශණය නිවැරදිව පවත්වාගෙන යා යුතු ආකාරය සහ එහි පළ ප්‍රයෝජනයන් ගැන සිහිගන්වනු ලැබූහ. සැබෑ ලෙසම ලොව දෙස බලා කටයුතු කරන විට පැහැදිළි වෙනසක් දැකිය හැකි ආගම් දර්ශණය සහ ජන කොට්ටාසය වන්නේ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ප්‍රජාව තුළයි. සත්‍ය දෙවියන් මූලික කරගෙන මුහම්මද් නබි තුමන්ගේ නබි වදන්වලට එකඟව බැඳී කටයුතු කිරීම තුළින් මිනිසෙකු දැහැමි මගක නියැලී කටයුතු කරනුයේ සෙසු අයට ආදර්ශයක් සපයමිනි. දෛනික ජීවිතයෙහි සෑම කි්‍රයාවක්ම ආගමට එකඟව සිදු කර යුතු පිළිවෙලත් සඳහන් කර දී ඇති නිසා කිසි විටක මිනිසාට වැරදි ලෙස කටයුතු කිරීමට හැකියාවක් නැත . ලොව උතුම් නිර්මාණය ලෙස මිනිසා මවා සත්‍ය ධර්මය ලබා දී මිනිසාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගැනීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දී ඇති අතර මරණින් මතු ජීවිතය ගැන නිතර නිතර සිහිකරවමිනි.

මීට වසර 1400 කට පර මුහම්මද් නබි තුමන් විසින් තම ජීවිත කි්‍රයාවෙන් පෙන්නුම් කළ කි්‍රයාවලිය විශ්වයේ මැවුම් කරුවාණන් වූ සර්ව බලධාරි අල්ලාහ් දෙවියන්ගේ නියමයන්ට අනූව සැකසුන ශ=ද්ධවූ අල්කුර්ආනය ප්‍රජාවට තිළිණ කළේ සදාචාර සම්පන්න ජීවිතයක් තුළින් මිනිස් කම ඇති කිරීම සඳහායි. ඉස්ලාමය තුළින් ජීවිතයට අවශ්‍ය සැනසීම ලබා ගැනීමට නිවැරදි මාර්ගය පැහැදිළිව පෙන්වා දී තියෙන නිසා බුද්ධිය අවදිකරගත් සියළු දෙනා අද ඉතා වේගයෙන් ජාති කුල මල බේද දුරුකරලා එකම දෙවියන්වූ අල්ලාහ් දෙවිඳුගේ නියමයන් වලට අනූව කටයුතු කිරීමට ඉදිරිපත් වන අයුරු දැක ගත හැකි කරුණකි.
 
මේ සියළු දෙනා අල්ලාහ් දෙවිඳුගේ පරම දයාව තුළින් මෙලොව ජීවිතය අර්ථවත් කර ගැනීමට ආශිර්වාද ලාභියන් බවට පත්වන්නේය. තවද මරණින් මතු ජීවිතයේදී කිසිම සැකයක් නොමැතිව ස්වර්ග රාජේ‍ය්දී පැසසුමට ලක්වන අය බවට පත්වන්නේ මිනිසා මවා මිනිසත්කම රැකගෙන පිවිතුරු ජීවිතයක් ගත කිරීමට සියළු මාර්ගෝපදේශයන් ලබා දුන්නාවූ අල්ලාහ් දෙවිඳුගේ පැසසුම ලක්වූ නිසාවෙනි.
 
දයාබර හිතවතුනිæ හිතවතියනිæ ඔබ සතු බුද්ධිය අවදි කරගෙන කටයුතු කිරීමට දැනුම ලබා ගැනීමට උත්සාහය ගන්න. මිනිසත්කමේ වටිනා කම රැක ගැනීමට මිනිසාව හුරු කරවා ස්වාභාවික ජීවිතයේ ඇති සියල්ල එලෙසම ලබා ගැනීමට මිනිසා යොමු කරවන නිවැරදි ක්‍රමය හඳුන්වා දී මිනිසාව ආගමානූකුලව සියළු කටයුතු කිරීමට පොළඹවන එකම ආගම් දර්ශණය ඉස්ලාම්ය. මේ පිළිබඳව ඔබ සැම හට නිසි දැනුම ලබා ගැනීම සඳහා අÞළ අංශ වෙත යොමුවන්න.
 
ජීවිතයට මුහුණ දෙන්න ජීවිතයේ වටිනාකම හඳුනාගන්න. යථාර්ථය අවදි කර ඒ අනූව කටයුතු කිරීමට නිරන්තරයෙන් මිනිසාව හුරු කරවන්නේ ඉස්ලාම් දර්ශණයෙනි. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමය. මිනිසාගේ පරම යුතුකම මිනිසා නිර්මාණය කළ විශ්වයාධිපති අල්ලාහ්ගේ සියළු අණ පිළිගෙන ඒ අනූව කටයුතු කිරීමය. මෙසේ කටයුතු කරන අයගේ ආගමික වන්දනාව සහ ආගමික වතාවත් සිදුකරන ආකාරය මොහොතකට සිතා බලන්න. එකම සත්‍ය දෙවියන්ගේ ඒකීයත්වය විවිධත්වයක් නොමැතිව ඇදහීමට මිනිසා හුරු කරවා එකම වේලාවකට එම ඇදහීම් කටයුතු කිරීම සඳහා යොමු කිරීමට ආගමානුකුල සකස් කරනු ලැබූ කාල සටහනක් අනූව සිදුවන විට කෙතරම් ක්‍රමානුකුල බව සිතා බලන්න. සෑම දෙයකින්ම මිනිස් සිත ප්‍රබෝධමත් කරවන සැහැල්ලූ පරිසරයක් ගොඩ නගා දෙනු ලබන්නේ සත්‍යයේ ඇති හාස්කම නිසාය.
 
ප්‍රථම කොට විනයානුකුල සියල්ල සිදුවීමට සහ කිරීමට මිනිසාව හුරුකරවනු ලබන්නේ අදහන ආගම තුළිනි. ස්වභාවිකව අවට ලෝකය දෙස බලන්න. සත්‍ය ලෙස ආගමේ නිර්මාතෘගේ අණ රැකගෙන නමස්කාර කරන එකම ආගම් දර්ශණයත් ඉස්ලාම් ආගම් දර්ශණය වේ. මෙය කෙනෙකු දුටු විට සිත අවදි කරවන කි්‍රයාවක් බවට පත්වේ. එක් එක් ආගම්වටල අÞළ දෙවිවරු නමදින ආකාරය සහ නමදින මූලික ස්ථානයන් කරා යෑම වන්දනාම ගමනක් ලෙස සැළකේ. සමස්ථයක් ලෙසට මෙයටද ආගම් බේදයකින් තොර සහභාගිවීමට විවෘතවූවකි. මෙලෙස නැමදීමට පිටත්ව යන ගමන වන්දනා ගමනක් ලෙස හඳුන්වනු ලබයි. නමුත් අද සියළු වන්දනා ගමන් විනෝද චාරිකාවන් බවට පත්වී මිනිස් සිත අපිරිසිදුවීමට අවශ්‍ය කරන සියල්ල වන්දනා ගමනේ නාමයෙන් ලබාගෙන ගී ගයමින් ඛෙර ගසමින් ගිහින් වැඳලා එන වන්දනා ගමන් ඔබට අපට දැක ගත හැකි කරුණකි. කුමන අයුරකට හරි මේ දැක ගැනීමට සජීවීව හැකියාව ලැබී තිබීම ඉස්ලාම් ආගම් දර්ශණය කෙනෙකුට තෝරාගැනීමට හා ඇදහීම් ක්‍රම අතර ඇති වෙනස පෙන්වා දීමට සජීවී ඇති එක් නිදසුනක් බවට පත්වීමද ස්වභාවික සිද්ධියකි. ඇත්තටම මුස්ලිම් ජන කොටසට පමණක් සීමාවූ වන්දනාවන් දෙකක් ඉස්ලාම් ධර්මයේ සඳහන් වී ඇත. මෙම වන්දනා ගමන් දෙක ගැන ලිවීමට හෝ හැකියාව ඇත්තේ එම ගමන් දෙකෙන් එකක් හෝ ගිය කෙනෙකුට පමණි. දේවත්වයේ සත්‍ය දැකීමට සැදැහවතුන්ගේ සැදැහවත් කම අනූව අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුනාට පසුව කළ හැකි වන්දනා ගමනකි ඉස්ලාම් ධර්මයේ තිඛෙන්නේ.
 
සත්‍ය ලෙසින්ම හික්මීම ඇතිව එකම දෙවියන් මූලික කරගෙන ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් පෙන්වා දී තියෙන අයුරට එම වන්දනාව කිරීම දැක ගැනීමට ජීවිතයේ එක් භාග්‍යකි. සැබෑ වන්දනාව මෙය යයි දනෝ පවසති. මෙම වන්දනාව නොකර ඉස්ලාම් භක්තිකයෙකුට වුනත් සත්‍ය පැවසීමට නොහැකි තරම්ය. මේ සෑම කරුණක් කෙරෙහිම ප්‍රායෝගිකව අත්දැකීම් ලබාගැනීමට හැකියාව ඇති නමුත් කුමන හෝ අවාසනාවකට එය මිනිසුන් විසින් මග හරවා ගනු ලබයි. සත්‍ය වශයෙන්ම ජීවිතයට ආගමානූකුලව පසුබිමක් සකස් කර දී ඒ තුළම කටයුතු කරවන ආගම ඉස්ලාමයයි.
සැබෑ ලෙසම දැහැමිවූත් සංවරවූත් ජීවිතයක් ගත කිරීමට ඉස්ලාමය තුළ ඇති හැකියාව ඇති නිසා සිත ගත පිරිසිදු චරිතයට දේවත්වයේ ආශිර්වාදයත් සමාජයේ ප්‍රශංසාවත් අත්වේ. මේ ඉස්ලාම් ධර්මයේ ස්වභාවික දැකිය හැකි එක් ලක‍ෂණයකි. මෙය කියවා බලා ඔබ සැම ඔබගේ සිත අවදිකර ගෙන කාරණා ගැන බුද්ධිමත්ව වටහාගෙන දැහැමි මගකට ඉස්ලාමය මග පාදා දී ඇත්ද? නැද්ද? කියා සිතා බලා කටයුතු කිරීම ඔබට භාර කටයුත්තකි.

ඔබ සැමට විශ්වයාධිපති අල්ලාහ් දෙවිඳුගේ පිහටෙන් නිවැරදි දැක්ම ලබාගැනීමට වාසනාව උදාවේවාæ

අල්හම්දුලිල්ලාහ්

සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය.

Leave a Reply

Your email address will not be published.