දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1

ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක‍ෂණික ලොවට අවතීර්ණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිත දියුණු කිරීමෙහි එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නා වූ දියුණුවේය. ඒ අනූව තම හා විශ්වය පිළිබඳව ලබාගන්නා දැනුම අනූව සැලකීමේදී කිසියම් සීමාවක කොටු වී ඇතිබවක් පෙනීයයි.

එනිසයි 1961-04-12 දින ප්‍රථමයෙන් අභ්‍යවකාශය තරණය කළ යූරි ගගාරින් (1934-1968 නැවත පෘථීවියට පැමිණී අවස්ථාවේ පැවසුවේ —මා අහසපුරාම දෙවියන් සෙව්වෙමි, නමුත් එහි කිසිදු දෙවියෙකු දක්නට නොලැබුණි˜ යනුවෙන්.

අදේව වාදීන්ට එනම් දෙවියෙක් නැතැයි යන විශ්වාසය මත පමණක් පදනම් වූවන්ට සහ ස්වයං වාදය එනම් සියල්ල ඉබේ ඇතිවූවක් යනුවෙන් විශ්වාස කරන ජනයා හට මෙය ඉතා හොඳ සාක‍ෂියක් විය. නමුත් බුද්ධිමත් ආකාරයෙන් සිතන විට එය නිවැරදි අදහසක් නොවන බව පැහැදිලි වනු ඇත. විශ්වයේ විශාලත්වය සමඟ මොහු ගිය ගමන සැලකුවේ නම් එය සැලකිය නොහැකි තරම් කෙටි දුරකි. අදටත් විශ්වයේ විශාලත්වය විද්‍යාවට නිර්ණය කිරීමට නොහැකිව ඇත.

විශ්වයේ විශාලත්වය සම්බන්ධයෙන් බුදු දහමේ පවසන කරුණ බහුතරයක් බෞද්ධයන් සිටින රටක් නිසාත් දෙවියන් පිළිබඳව බෞද්ධයන් අතර පවතින්නේ මීට සමානවූ මතයක් නිසාත් එය ඉදිරිපත් කරමි. අංගුත්තර නිකායේ රෝහිතස්ස සූත්‍රයේ මෙසේ සඳහන් වේ. බුදුන්වහන්සේ ළඟට පැමිණි රෝහිතිස්ස බමුණා පවසනවා. —ස්වාමිණීæ මම ඉස්සර ආත්මයේ රෝහිතිස්ස නමින් තවුසෙක් වෙලා හිටියා. මට ප්‍රබල සෘද්ධි බලයක් තිබුණා. එතකොට මට පුළුවන් වුණා දක්ෂ දුනු ශිල්පියෙකු තල් කොලයක් සිදුරුවෙන්න විඳින්න කොයිතරම් කාලයක් ගතවේද ඒ තරම් සුළු කාලයක් ඇතුළත එක් ලෝකදාතුවක් විනිවිද ගමන් කරන්න. ඉතින් මට හිතුනා විශ්වයේ කෙළවර සොයන්න. මම අවුරුදු 100 ක් අර වේගයෙන් විශ්වයේ උඩට ගමන් කළා. අවසානයේ ඉම සොයාගන්න බැරිව මම උඩදීම මිය ගියා.˜ මේක තමයි විශ්වයේ අවසානය සොයා ගිය ගමනේ වැඩිම දුරක් ගිය පැරණිතම වාර්තාව.

එයින් පෙනීයන්නේ බුදු දහමට අනූව බැලූවත් විශ්වයේ විශාලත්වය අනන්ත බවයි. ඉතින් එතරම් කෙටි දුරක් වන කිලෝමීටර 327 ක් අහසට ගිය යූරි ගගාරීන් ගුවනේ රැඳී සිටියේ ඉතා කෙටි කාලයක් වන විනාඩි 108 ක් පමණි. දියුණු තාක‍ෂණ උපකරණ පවා නොමැති අවදියක විශ්ව ගවේෂණයේ යෙදුණු මොහුගේ ප්‍රකාශනය දෙස බැලීමේදී මොහු බුද්ධිමතෙක් යයි පවසනවාද? එසේත් නැත්නම් අඥානයෙක් යයි පවසනවාද? මේ මොහොතේ සුප්‍රකට දාර්ශණයකු වන ප්‍රැන්සිස් බැකම්ගේ ප්‍රකාශයක් සිහියට නැෙඟ්. එනම් ඔහු පවසයි. —විද්‍යාව සම්බන්ධයෙන් අවම දැනුමක් ඇති පුද්ගලයෙක් අදේවවාදයට තල්ලූවේ. නමුත් විද්‍යාව ගැඹුරින් අධ්‍යයනය කළ විද්‍යාඥයින් කිසිදු දිනක දේවවාදය ප්‍රතිෙක‍ෂ්ප නොකරයි.˜

—දෙවියන්, විනිශ්චය දිනය, ස්වර්ගය, අපාය යනුවෙන් තමාට වැටකඩුලූ යොදාගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක‍ෂියක් නැත. මේක නවීන ලෝකයක්, මෙහි විද්‍යාව ඉතා දියුණුයි. මෙහි දකින්නේ නැති, විඳින්නේ නැති, දැනෙන්නේ නැති කිසිවක් විශ්වාස කළ නොහැක. බොහෝ සියවස් ගණනක් ගෙවීගියත් තවම විද්‍යාව දෙවියන් සොයා ගැනීම හෝ ඒ පිළිබඳව සාක‍ෂියක් පවා සොයාගෙන නැත. මෙම විශ්වය යම් ශක්තියක් විසින් නිර්මාණය කළ එකක් නොවේ. එය ඉබේම එසේත් නැත්නම් ස්වයං නිර්මාණයකි. ස්වයංව නිර්මාණය වූ විශ්වය පාලනය සඳහා කිසිදු ශක්තියක් අවශ්‍ය නොවේ. එමනිසා දෙවියෙක් යන්න මිත්‍යාවක්. එසේ සිටියත් විශ්ව පාලනයට අවශ්‍ය නැත. දෙවියෙකු සිටිනවා යන්න විශ්වාස කිරීම පවා මිත්‍යාවකි.˜ මෙය ඇතැමුන් ඉදිරිපත් කරන තවත් මතයකි.

—මිනිසාගේ දියුණුවට පළමු හතුරා ආගම් සහ එම ආගම් අනූව පවතින දේව විශ්වාසයන් වේ. මෙම ලෝකය කුමක්දෝ දේව බලයක් පරිපාලනය කරමින් සිටින බව මිනිසා විශ්වාස කරයි. එම ශක්තිය මනුෂ්‍යාගේ කි්‍රයාවන් අනූව නිරයත්, ස්වර්ගයත් ලබාදෙන්නත් සමත් බව විශ්වාස කරයි. මෙවැනි විශ්වාසයන් පවතිනතාක් දුප්පත්කමත්, දුකත්, නොදැනුවත්කමත් මෙලොවින් තුරන් නොවේ. නැති දෙවියෙක් වෙනුවෙන් මනුෂ්‍යා තම වස්තුවත් දක්ෂතාවයත් විනාශ කරගනී.˜

මෙය තවත් පිරිසක් ඉදිරිපත් කරන මතයයි.

—දෙවියෙක් නැතැයි මා නොපවසමි. මන්ද එය මා නොදනිමි. නමුත් දෙවියෙක් සිටිනවා යයි මා විශ්වාස නොකරමි. මන්ද එයට අවශ්‍ය සාක්ෂි මා හමුවේ නැත.˜ මෙය ඇමරිකාවේ අදේවවාද පෙරළියක් ඇතිකළ ඉංගර්සාල් නැමැත්තාගේ අදහසකි. මේ ආකාරයට දේව විශ්වාසය අභියෝගයට ලක්කරමින් තමන් බුද්ධිමතුන් යයි හඳුන්වාදෙමින් විවිධ පුද්ගලයන් විවිධ මත විවිධ කාලවල දී ඉදිරිපත් කර ඇත.

නමුත් මානවයාගේ පැවැත්ම ඇරඹු කල සිටම මිනිසා දේව විශ්වාසයේ පැවත ආ බව අතීතය දෙස බැලීමේදී පැහැදිලිවම වටහා ගත හැක. දේව විශ්වාසය නොමැති වකවානුවක් අතීතයේ දක්නට නොලැබේ. ඈත අතිතයේ සිටම ගස්, ගල්, හිරු, ගින්දර… වැනි විවිධ දෑ සඳහා වෙන වෙනම දෙවිවරුන් ද පසුව විවිධ හැඩරුවින් විවිධ දෙවිවරුන්ද ඊටත් පසුව බහුදේව හා ඒක දේව වාද නමින් දෙවියන් පිළිබඳව විවිධ වාදයන් ද සමාජය හමුවේ පැවතුනි. මේ අනූව මනුෂ්‍යයා සෑම කලකම අනුමත කළ දෙයකි දේව විශ්වාසය. එවැනි විශ්වාසයක් පිළිගැනීමට වඩා ප්‍රතිෙක‍ෂ්ප කිරීමටයි පදනමක් සාක‍ෂියක් අවශ්‍ය වන්නේæ

—ඕනෑම කාලයක් ලෝක මතයට විරුද්ධව තවත් මතයන් ඉදිරිපත්වීම ලෝක ස්වභාවයකි. මෙහිදී දේව විශ්වාසයට විරුද්ධව ඇති වූ මතයයි අදේව වාදය. ආරම්භයේ අනවබෝධයෙන් පාරම්පරික ආගම් පිළිපැදීමේ අවසාන ප්‍රතිඵලය වූයේ මිනිසා එම පාරම්පරික ආගම් තුළ අසරණ වී අදේව වාදයට තල්ලූවීමයි. එසේ දේව විශ්වාසයෙන් බැහැර වූ මනුෂ්‍යයා තම මතය සාධාරණියකරණය කිරීම සඳහාත්, වර්තමානයේ අදේව වාදය ජනයා තුළ පැතිරවීම සඳහාත් උපයෝගි කරගත්තේ විද්‍යාවයි. එසේ නම් දෙවියන්ව විද්‍යාව ප්‍රතිෙක‍ෂ්ප කරයිද? බුද්ධිමත්ව අන්තවාදී නොවී මේ පිළිබඳව විමසා බැලිය යුතුයි. එසේ බලන විට සත්‍යය දකින්නන් එය අවබෝධ කරගන්නත් හැකිවනු ඇත.

විද්‍යාවේ ස්ථාවරය….

—යසන්රි˜ යන ලතින් වචනයෙන් —සයන්ස්˜ යන වචනය බිහිවිය. එහි අරුත —බුද්ධිය˜ යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව මේ විශ්වය කෙසේ කි්‍රයා කරන්නේද යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිළිබඳව කරන ගවේෂණයන් ලබාගන්නා දැනුමයි.

විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඛෙදිය හැක. එනම්,

1- ඔප්පු කරන ලද විද්‍යාව
2- උපකල්පන විද්‍යාව

විද්‍යා උපකරණ උපයෝගි කරගෙන පරික‍ෂණ මගින් ඔප්පුකරගත් දෑ පළමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍යය වීමටද හැක, අසත්‍යය වීමටද හැක. උදාහරණයක්: —මෙම පෘථීවිය ගෝලාකාරයි.˜ යන්න ඔප්පු කල දෙයකි. එය පළමු වර්ගයට අයත් වේ. —මෙම විශ්වය බිහිවූයේ කෙසේද? එහි වයස කීයද?˜ යන්න පැවසීම ඔප්පු කළ දෙයක් නොවේ. මෙම විශ්වය බිහිවීම පිළිබඳව පැවසීමේදී, ආරම්භයේ නෙබියුලා :භැඉමක්- යයි පවසන ආකාරයේ පැවති වස්තුව පිපිරීම නිසා තරු බිහි වූ බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහි වූ බවත්, එම ග්‍රහයේ උප ග්‍රහයන් වන චන්ද්‍රයන් බිහි වූ බවත්, පවසනි ලදී. පසුව මෙය සම්පූර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සූර්යයාගෙන් ඇති නොවූ බවත් පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ —විශ්වය සදාකල් පැවතුණු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය.˜ මෙය නොසැලෙන අවස්ථාවාදය :ීඑැ්ාහ ීඒඑැ ඔයැදරහ- නමින් හැඳින්විය. පසුව එය ප්‍රතිෙක‍ෂ්ප කොට මහා පිපිරුම් වාදය :ඊසට ඊ්බට ඔයැදරහ- ඉදිරිපත් කරන ලදි. මේ වනතුරු මේ වාදයන් ඔප්පු කොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවැනි වර්ගයට අයත් වේ.

නූතන යුගයේ විශ්වයේ සම්භවය පිළිබඳව මහා පිපිරුම් වාදය :ඊසට ඊ්බට ඔයැදරහ- නමින් වූ වාදය ඉදිරිපත් කරයි. මෙහි පවසන්නේ මීට අවුරුදු මිලියන 14000 කට පෙර විශ්වය ඇරඹෙන මොහොතේ, විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වූ එම වස්තුව පිපිරියෑමෙන් මෙම විශ්වය හා සියලූ ග්‍රහවස්තුන් ඇතිවූ බවත්ය. එම වස්තුව යම් සංකෝචන හේතුවක් නිසා පුපුරා දූවිලි වලාවක් බවට පත් වූ බවත් පසුව එකින් එක අතර ඇති වූ ආකර්ශණය නිසා එය සංකෝචනය වීමෙන් මෙම අදට පවතින විශ්වය බිහිවූ බවත්ය. මෙම මහා පිපිරුම් න්‍යාය හෙට දවසේ අසත්‍ය වීමටද හැක. එසේත් නැත්නම් එහි සංශෝධන ඇතිවීමට ද හැක. මෙය තමා උපකල්පන විද්‍යාවේ ස්ථාවරය.

ඒ අනූව විද්‍යාඥයින් විද්‍යාව නමින් ඉතා වේගයෙන් මතයන්, උපකල්පනයන් ඉදිරිපත් කරයි. කාලයත් සමඟ ඒවා සත්‍යයැයි පැවසුවාට වඩා වේගයෙන් ප්‍රතිෙක‍ෂ්ප කරනු ලබයි. විද්‍යාඥයින්ගේ මත ඉදිරිපත් වෙන වේගයත් එය ප්‍රතිෙක‍ෂ්ප වන වේගයත් දකින විට විද්‍යාඥයන් වන මොවුන්ගේ උපක්ලපන පිළිගන්නවාද? නැද්ද? යන ගැටළුවක් මතුවේ. උපකල්පන විද්‍යාවේ ඇති දුර්වලතාවය පෙන්වාදීම සඳහා කෙටි උදාහරණයක් ගෙන දක්වනු කැමැත්තෙමි.

• විශ්වයේ බිහිවීම පිළිබඳව විද්‍යාවේ විවිධ මත 4 ක් ඉදිරිපත් කොට ඇත. ඒ අනූව හරියෑමේ සම්භාවිතාවය 1/4 කි.
• පෘථීවියේ හැඩය පිළිබඳව විද්‍යාවේ විවිධ මත 30 ක් ඉදිරිපත් කොට ඇත. ඒ අනූව හරියෑමේ සම්භාවිතාවය 1/30කි.
• චන්ද්‍රයාගෙන් නිකුත් වන දීප්තිය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් කොට ඇත. ඒ අනූව හරියෑමේ සම්භාවිතාව 1/2 කි.
• ජීවීන්ගේ සම්භවයට හේතුකාරක වූ ද්‍රව්‍ය පිළිබඳව විද්‍යාව විවිධ මත 10000 ක් පමණ ඉදිරිපත් කොට ඇත. ඒ අනූව සම්භාවිතාවය 1/10000 කි.

මේ ආකාරයට බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකිවූවත් ලිපිය දීර්ඝවීම අවම කිරීම සඳහාත්, සාමාන්‍ය ප්‍රමාණයට වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් යැයි හැෙඟන නිසාත්, ඉහත සඳහන් කරුණු 4 හි පමණක් හරියෑමේ පොදු සම්භාවිතාවය බලමු. එනම් 1/4« 1/30« 1/2« 1/10000 1/2400000 කි. ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.00004% කි. ඒ අනූව මනුෂ්‍යයාගේ උපකල්පනයන් ගෙන් ඉහත 4 පමණක් සැලකීමේදී හරියෑමේ ප්‍රතිශතය 0.00004% වේ. ඒ අනූව වැරදීමේ සම්භාවිතාවය 99.99996% ක් වේ. එසේ නම් යම් කාර්යයක් සඳහා උපක්ලපනය පදනම් කරගැනීම කෙතරම් දුරට සාධාරණද?

විද්‍යාත්මක ඔප්පු කළ දෙයත්, විද්‍යාත්මක උපකල්පනයත් පොදුවේ විද්‍යාව යනුවෙන් පවසනු ලැබේ. මෙහි උපකල්පන විද්‍යාව ඔප්පු එකක් නොවේ. මෙය ලොව සියලූ විද්‍යාඥයන් පිළිගනී. එවැනි විද්‍යාත්මක උපකල්පනයන් යම් මතයක් සඳහා සාක‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීම බුද්ධිමත් කි්‍රයාවක් නොවේ. එසේ නම් මාතෘකාව දෙසට දැන් අවධානය යොමු කරමු.

දෙවියෙකු සිටීද?

මෙම ප්‍රශන්යට ආකාර තුනකින් පිළිතුරු දිය හැක.
1- දෙවියෙකු සිටිනවාද නැද්ද යන්න ස්ථාවරව කිව නොහැක.
2- දෙවියෙක් නැත.
3- දෙවියෙක් ඇත.
මෙහි පළමුවැන්නෙන් දෙවියන් කෙරෙහි තිඛෙන විශ්වාසයේ දුර්වලකම ගෙනහැර දක්වයි. එනම් දෙවියෙක් සිටිනවා යන්න හෝ දෙවියෙක් නැත යන්න ඔප්පු කිරීමට තරම් සාක‍ෂි නැති අවස්ථාවයි.

දෙවැන්න දෙවියෙක් නැත යන්නත්, විශ්වය ස්වයංව ක්‍රියා කරනවා යන්නත් ඔප්පු කිරීමට හැකි සාක‍ෂි ඇති තිබිය යුතු අවස්ථාවකි.

මෙම අවස්ථා දෙක අතර පැහැදිළි වෙනස්කම් ඇත. —දෙවියෙක් සිටීද යන්න වටහා ගත නොහැක˜ යන මතය ගෙන —දෙවියෙක් නැත˜ යන තර්කය ඉදිරිපත් කළ නොහැක. මන්ද ඊට සාක‍ෂි නැතිව තිබීමයි. දෙවැන්න —දෙවියෙක් නැත˜ යන්න සාක‍ෂි ඇතුව ඔප්පු කළ යුතු නම් ඊට පිළිගත හැකි සාධක තිබිය යුතුයි.

උදාහරණයක් ලෙස බ්‍රහස්පති ග්‍රහය මත ජීවීන් සිටීද?
මෙම ප්‍රශ්නයට —ඇත˜ යනුවෙන් හෝ —නැත˜ යනුවෙන් අද විද්‍යාඥයින්හට ස්ථීරව කිව නොහැක. මන්ද ඒ සඳහා අවශ්‍ය සාක‍ෂි සාධක තවම සොයාගෙන නැත. එමනිසා පහත නිගමනයන්ට පැමිණිය යුතුයි.

1- බ්‍රහස්පති මත ජීවීන් සිටීද යන්න ස්ථීරව කිව නොහැක.
2- බ්‍රහස්පති මත ජීවීන් සිටි.

මෙම නිගමන දෙකෙන් එකක් වීමට හැක. මෙහි පළමුවැන්න පිළිගන්නේ නම් දෙවැන්නට ද දෙවැන්න පිළිගන්නේ නම් පළමුවැන්න ද ප්‍රතිෙක‍ෂ්ප කිරීමට සිදුවේ. එසේම පළමු නිගමනයේ සිටින කෙනෙකුට අනිකුත් ග්‍රහයන්වල ජීවීන් සිටී යන වාදය ප්‍රතිෙක‍ෂ්ප කිරීමටද නොහැක. කළ යුත්තේ එම වාදය පිළිගෙන සත්‍යයෙන්ම එහි ජීවීන් සිටීද? යන්න සෙවීමට අවශ්‍ය පර්යේෂණ ආරම්භ කිරීමයි. මෙයයි ඕනෑම අවස්ථාවක විද්‍යාවේ ස්ථාවරය.

මතු සම්බන්ධයි…….

මුහම්මද් රිෆාන්, ගාල්ල

Leave a Reply

Your email address will not be published.