මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය-01

ඒක දේවත්වය යනු ස්වභාවිකයි. එනම් ස්වභාවයෙන්ම ඒක දේවත්වය පිළිගැනීමේ මානසිකත්වය කෙනෙකු තුළ පැවතීමයි. අල්ලාහ් සියල්ල තමන්ට යාඥා කිරීම පිණිස නිර්මාණය කළ අතර, ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් හා අහාර ඔහු පිරිනැමුවේය.

අල්ලාහ් මෙසේ පවසයි:

—තවද ජින් හා මිනිසුන් මා හට යාඥා කිරීමට මිස නිර්මාණය නොකළෙමි. ඔවුන්ගෙන් (මාගේ මැවීම් වෙනුවෙන්) ආහාර අපේක‍ෂා නොකළෙමි. තවද ඔවුන් මට අහාර සැපයීමද අපේක‍ෂා නොකළෙමි. (ශාස්තෘවරයානනි පවසන්න) නියතයෙන්ම අල්ලාහ් ආහාර සපයන්නාය, බලවන්තයාය.˜ (අද්දාරියාත් 51: 56- 58).

ඉහත සඳහන් ශ=ද්ධවූ අල්කුර්ආන් පාඨයෙහි සඳහන් —ජින්˜ යනු ගින්නෙන් මවන ලද නිර්මාණයකි.

අල්ලාහ් මැවීම් සියල්ල තමන්ට යාඥා කිරීම සඳහා නිර්මාණය කළ අතර එයට අවශ්‍ය කරන ආහාර ඇතුළු සියළු අවශ්‍යතාවන් ඔහු විසින් සපයන ලදී.

යම් ආත්මයක් කිසිදු බලපෑමකට ලක් නොවී, හුදෙකලාවී ජීවත් වෙයි නම් ඒක දේවත්වය කරා නැඹුරු වී, අල්ලාහ් කෙරෙහි භක්තියාදරය හා ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොගෙන කි්‍රයා කරනු ඇත.

තව්හීද් ඒක දේවත්වය යනු ස්වභාවිකය. ෂිර්ක් සමානයන් ගැනීම අතර මැද ඇතිවූවකි. මෙයට සාධක වශයෙන් අල්ලාහ් මෙසේ පවසයි:

—(ශාස්තෘවරයාණනිæ) ඔබගේ රුව සම්පූර්ණයෙන් දහමට හරවමින් ස්ථීරව සිටින්න. අල්ලාහ් මානවයා (කුමන දහමේ) නිර්මාණය කළේද එම දහම වන (ඉස්ලාමය) තදින් අල්ලාගන්න. අල්ලාහ්ගේ නිර්මාණයන්හි කිසිදු වෙනසක් නැත. මෙය නිවැරදි ස්ථීර මග වේ. නමුත් මිනිසුන්ගෙන් බහුතරයක් මෙය නොදනිති˜ (අර් රූම්: 30: 30).

—උපතින් සෑම දරුවෙකුම දේව විශ්වාසයෙන් යුක්තව උපන්නේය, නමුත් ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව යුදෙව්වරු, කිතුවරු, ගින්නට නමස්කාර කරන්නන් බවට පත්කරන්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.
වාර්තාකරන්නේ: අබූහුෙරෙරා (රලි)
(මුලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
මානව ඉතිහාසයෙහි නොමග යෑමේ ආරම්භය:

ඒක දේවත්වයට විරුද්ධ වූ අල්ලාහ්ට හවුල් කරුවන් ගැනීමේ දුර් ක්‍රියාව මුලින්ම හිස එසවූයේ නබි නූහ් (අෙලෙ) තුමන්ගේ සමාජය තුළයි. මෙතුමන් අල්ලාහ් විසින් එවන ලද මුල්ම ශාස්තෘවරයානන් විය.

අල්ලාහ් මෙසේ පවසයි:

—ශාස්තෘවරයානනිæ නබි නූහ්ට හා ඔහුට පසු වූ ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරණය කළා සේ ඔබට ද දේව පණිවුඩ අනාවරණය කළෙමු˜ (නූහ්: 23).

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) තුමන් මෙසේ පවසයි: නබි ආදම් හා නබි නූහ් (අෙලෙ) අතර කාල පරතරය සියවස් දහයක් වේ. මෙම අවදිය තුළ ජීවත්වූ සියල්ලන් ඒක දේවත්වයට නැඹුරු වූ සැබෑ මුස්ලිම් වරුන් ලෙස සිටියෝය.

නිර්මාතෘවරයාට පමණක් හිමි ස්ථානය නිර්මාණයන්ට ලබාදීමත්, යහපත්, උÞර පුද්ගලයින් අසීමිත ලෙස ප්‍රශංසා කිරීමත් අල්ලාහ්ට ආදේශයන් ගැනීමට මුල් වූ හේතු කාරණාවන් විය.

අල්ලාහ් මෙසේ පවසයි:

—තවද ඔවුන් (තම සමාජය අමතා) ඔබේ (පූජනීය) දෙවිවරුන් අත්නොහරින්න. තවද වද්දු, සුවාඋ, යඌස්, යඌක්, නස්ර් (ආදි ප්‍රතිමාවන්) ඔබ අත්නොහරින්න යනු පැවසූහ˜. (නූහ් 71: 23).

මෙම අල්කුර්ආන් පාඨයට අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) මෙවැනි විවරණයක් ලබාදෙයි: —වද්දු, සුවාඋ, යඌසු, යඌකු, නස්ර් ආදී සියල්ල නබි නූහ් (අෙලෙ) තුමන්ගේ කාලයේ ජීවත් වූ උගත් පුද්ගලයින්ගේ නාමයන් වේ. එම උගත් පුරුෂයින් අපවත්වීමත් සමග ඔවුන්ගේ නමින් පිළිමයන් නෙළීමේ අදහස එවකට ජීවත්වූවන් තුළ ඇතිකළේ ෙෂෙතාන්ය.

එම ජනයා සිහිවටනයක් වශයෙනුයි ඔවුන්ගේ ප්‍රතිමාවන් ඇඹුවේ, එයට යාඥා කිරීම කිසිදු අදහසක් ඔවුන් තුළ නොවීය. නමුත් එම සිහිවටනයන් ඇඹූවන් මිය යෑමත් සමගම ඔවුන්ගෙන් පසු වූ පරම්පරාව නිසි ආගමික ඥානයක් නොමැති නිසා එම ප්‍රතිමාවන් වැඳ පුÞගන්නට විය.

ඒ අනූව හුදු සිහිවටනයක් වශයෙන් —වද්˜ යන ප්‍රතිමාව හල්ෆ් ගෝත්‍රයද, —සුවාඋ˜ නම් ප්‍රතිමාව හිදෙයිල් ගෝත්‍රයද, —යඌද්˜ බනු උතෙයිබ් ගෝත්‍රයද ඇඹූ අතර ඔවුන් එයට යාඥා නොකළහ. මෙසේ සිහිවටනයන් ඇතිකළවුන් මිය යෑමෙන් පසුව, ඔවුන්ගේ මතු පරම්පරාවට මේවා සිහිවටනයන් පමණයි යන ඥාණය හා අවබෝධය නොමැතිවීම නිසා ඔවුන් එයට යාඥා කරන්න පටන් ගත්හ.˜ (මූලාශ්‍රයන්: බුහාරි 4539, මුස්ලිම්).

එබැවිනුයි අල්ලාහ් සීමාව ඉක්මවා කෙනෙකු පි්‍රයි කිරීම හා ප්‍රශංසා කිරීම තහනම් කළ ඇත්තේ.

අල්ලාහ් මෙසේ පවසයි:

—පුස්තක ලද් අයවලූනිæ ඔබේ දහමෙහි ඔබ සීමාව ඉක්මවා නොයන්න˜ (අන්නිසා 4: 171).

පහත සඳහන් කරුණු දෙක සත්‍යත් සමග අසත්‍ය සංකලනය වීමට හේතු විය :

1- ශ්‍රද්ධාවන්තයින් ප්‍රිය කිරීම: යහපත් පුද්ගලයින් කෙරෙහි පැවතුනු භක්ති ආදරය නිසා, ඔවුන්ගේ රූපයන් නිරතුරුව බැලිය යුතුයි යන හේතුව මත ඔවුන්ගේ රූපයන් නෙලන්නට වූහ.

2- හොඳ හා නරක කුමක්ද? යනු දැනගැනීමෙහි ලා ආගමික මග පෙන්වීමකින් තොර ඔවුන් ස්වයංව තීරණගැනීම: උගතුන්ගේ හා ආගමික සත් පුරුෂයින්ගේ රූපයන් නෙලීමෙන් යහපත අපේක‍ෂා කළෝය: මෙම රූපයන්, ප්‍රතිමාවන් දැකීම තුළින් යුහුසුළුවෙන් යාඥා කටයුතු සඳහා යොමුවිය හැක යනුවෙන් වරදවා සිතූහ. එනමුත් ඉන් පසු ආ පරම්පරාවට තම මුතුන් මිත්තන්ගේ කි්‍රයා කලාපය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීම නිසා එම රූපවලට ප්‍රතිමාවලට යාඥා කරන්නට වූහ.

මෙයින් තහවුරු වන කරුණ නම් :

කවුරුන් අල්ලාහ් හා ඔහුගේ ශාස්තෘවරයාගේ මග පෙන්වීමෙන් තොරවූ කරුණකින් තම ආගමික ලැදියාව තහවුරු කරන්න සිතයි ද, එයින් ඇතිවන සෙතට වඩා හානිය අති භයානකය.

ඔවුන් යම් නිගමනයකට එළඹ යහපත කරන්න සිතයි, නමුත් එය යහපත නොවේ. යහපත වන්නේ අල්ලාහ් හා ඔහුගේ ශාස්තෘවරයානන් විසින් සම්මත කළ දේ පමණි.

—කවුරුන් ආගමෙහි නොමැති දෙයක් අළුතින් ඇති කරයිද එය ප්‍රතිෙක‍ෂ්ප කරනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

නිදර්ශනයට, නබි (සල්) තුමන්ව ප්‍රශංසා කරන මුලාවෙන් —මව්ලිද්˜ ගායනාව, එම ගීතයන්හි එතුමන්ව අසීමිත ලෙස ප්‍රශංසා කර, තම අපේක‍ෂාවන් ඉටුවෙයි, ලෙඩ රෝග සුවවෙයි යනුවෙන් වැරදි නිගමනයකට එළඹ මොවුන් කරන මෙම කි්‍රයාව අති මහත් පාපය වන ෂිර්ක් වේ.

ඔවුන්ගේ මෙම සියළු අපේක‍ෂාවන්ට කිසිදු යහපතක් අත්නොවන අතර පාපයන් පමණක් ඔවුන්ට ලැබීම නිසැකය. මන්ද, නබි (සල්) තුමන් ප්‍රශංසා කරන මුලාවෙන් එහි සීමාව ඉක්මවා ගොස් ෂිර්ක් නම් මහත් පාපය කර නබි (සල්) තුමන් කුමන පාපය වැළැක්වීම සඳහා එවනු ලැබුවේ ද එම පාපය එතුමන්ගේ නමින් ම වේදිකා ගත කිරීම ඔවුන්ගේ යහපත විනාශ වීමටත්, ඔවුන් නිරයට ඇතුල්වීමටත් හේතු වේ.

එබැවින් මෙම අති භයානකවූ පාපයට මං විවර කරන සියළු දොරටු පිළිබඳව අපේ හිමියන් වන අල්ලාහ් හා ඔහුගේ ශාස්තෘවරයානන් අපට පැහැදිළි කළහ.

නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: —මර්යම් (අෙලෙ) තුමියගේ පුත්‍රයා වන ඊසා (අෙලෙ) කිතුවරුන් සීමාව ඉක්මවා ප්‍රශංසා කළා සේ මාව ප්‍රශංසා නොකරන්න. නියතයෙන්ම මා අල්ලාහ්ගේ Þසයා වේ. මා අල්ලාහ්ගේ Þසයා හා ශාස්තෘවරයා බව පමණක් පවසන්න˜ (මූලාශ්‍රයන්: බුහාරි, අහ්මද්, තිර්මිදි, දාරමි).

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) මෙසේ විස්තර කරයි: නබි (සල්) තුමන්, තම හජ් කර්තව්‍යයෙහි කුඩා ගල් කැට අහුලා දෙන ලෙස පැවසූ විට මාද කුඩා ගල් කැට අහුලා දුනිමි. නබි (සල්) තුමන් එය ගෙන මෙවැනි කුඩා ගලූයි ගැසිය යුත්තේ, (ලොකු ගල් ගසා) ආගමෙහි සීමාව ඉක්මවා යෑම මා ඔබට අවවාද කරමි, මෙසේ (සීමාව ඉක්මවා) කටයුතු කිරීම නිසා ඔබට පෙර සමාජයන් විනාශයට පත්වූහ˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: නසායි, ඉබ්නුමාජා).

මතු සම්බන්ධයි……

සකස් කිරීම: අබූ අස්මා. 

Leave a Reply

Your email address will not be published.