මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය -02

කවුද මේ අම්ර් ඉබ්නු ආමිර්, ලූහෙයි අල්කුසායි?

අම්ර් ඉබ්නු ආමිර් —ලූහෙයි˜ අල්කුසායිගේ පැමිණීමට පෙර අරාබි සමාජය නබි ඉබ්රාහීම් (අෙලෙ) තුමන්ගේ මාර්ගයෙහි සිටියෝය. ෂාම්- (සිරියා) දේශයෙන් ප්‍රතිමාවන් පිළිමයන් අරාබි අර්ධද්වීපයට රැගෙනාවේ මෙම පාපතරයාය. විශේෂයෙන් හිජාස් යනුවෙන් හඳුන්වනු ලැබූ මක්කාව, මදීනාව ඒ අවට ඇති ප්‍රදේශයන්හි වෙසු ජනතාව ප්‍රතිමා වන්දනාව කෙරෙහි යොමු කළේ ද මොහුය.

මෙම පාපිෂ්ටයා පිළිබඳ නබි (සල්) තුමන් පවසන විට, —මට නිරය පෙන්වන ලදි, එහි තම බඩ වැල ඇදගෙන යන අම්ර් ඉබ්නු අල් කුසායි මා දුටුවෙමි. ඔටුවා ප්‍රතිමාවන්ට භාර කිරීමේ සංස්කෘතිය ඔහුයි මුලින්ම හඳුන්වා දුන්නේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්).

තම සිතුම් පැතුම් ඉටුවූ විට, නැතහොත් කෙනෙකු තම ගමන් බිමන් නිම කර යළි පැමිණී විට, නැතහොත් කෙනෙකුගේ රෝගී තත්ත්වය සුව වූ විට එක් ගැහැණු ඔටුවෙකු නිදැල්ලේ සැරි සැරීමට අත් හරින මිථ්‍යා විශ්වාසයක් අරාබිවරුන් අතර පැවැතිනි. මෙම සංස්කෘතිය හා ප්‍රතිමා වන්දනාව හඳුන්වා දෙනු ලැබුවේ මෙම පාපිෂ්ටයා විසින්ය.

මුහම්මද් නබි (සල්) තුමන් අවසන් ශාස්තෘවරයානන් වශයෙන්, මුළු විශ්වයටම මෛතී්‍රයක් ලෙසින් හා අල්ලාහ්ගේ දූතවරයකු ලෙස පැමිණෙන විට මෙම මිහිතලය මත අල්ලාහ්ට හැර වෙනත් දෙයට යාඥා කිරීමේ  අන්දකාරය වෙළාගෙන තිබිනි.

නබි (සල්) තුමන්ට ශාස්තෘ පදවිය ලැබීමත් සමග ජනයා ඒක දේවත්වය කරා, නබි ඉබ්රාහීම් (අෙලෙ) තුමන්ගේ ආගම කරා සමාජය කැඳවූ අතර, එය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මහත් කැපවීමකින් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කළහ. ප්‍රතිමාවන්, පිළිමයන් එම සමාජයෙන් තුරන් කිරීමෙහිලා ලොකු වැඩ කොටසක් ඉටු කළහ. 

සර්ව බලධාරී අල්ලාහ් මුහම්මද් නබි (සල්) තුමන් විසින් මෙම දහම සම්පූර්ණ කර ලෝක වාසි සියල්ලන් වෙනුවෙන් තම දයාවෙන් එය පරිසමාප්ත කළේය. ඒ අනූව සියවස් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ සියවස මාගේ සියවසයි යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රශංසා මුඛයෙන් පැවසීමට හේතුව, එම උÞර පුරුෂයින් සත්‍යය වෙනුවෙන් ඇප කැප වී එහි ස්ථීරව සිටීමයි.

නමුත් පසු කාලීනයන් අතර අඥානය කෙමින් කෙමින් හිස එසවීමට පටන් ගත් අතර වෙනත් ආගමික සංස්කෘතීන්, සිරිත් විරිත්, මිථ්‍යා විශ්වාසයන් පැතිරී යළි අන්දකාරය වෙළා ගත්තේය.

මෙයට විවිධ හේතු කාරණා වේ: එහි මූලික වශයෙන්, නොමග ගිය කැඳවුම් කරුවන්ගේ වැරදි මඟ පෙන්වීම් හා ශ්‍රද්ධාවන්තයින්, දේව භක්තිකයින් කෙරෙහි ගරුත්වය දැක්විය යුතුයි යන මුලාවෙන් ඔවුන්ගේ සොහොන් කොත් මත ගොඩනැගිලි තනා භක්ති පූර්වක ඔවුන් බැහැ දැක ඔවුන්ගේ ආදරය ලබා ගත යුතුයි. තවද ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. තවද එම සොහොන් කොත්හි මිහිදන්ව සිටින්නන්ගෙන් ප්‍රාර්ථනා කිරීම, උදව් පැතීම, ඔවුන්ට සත්වයන් කැප කිරීම, භාරයන් ඔප්පු කිරීම අල්ලාහ් හැර ප්‍රතිමාවන්ට පිළිමයන්ට වන්දනා මාන කළාක් මෙන් මෙම සොහොන් කොත් වලටත් වන්දනා මාන කළහ.

අල්ලාහ් වෙනුවෙන් පමණක් ඉටු කළ යුතු යාඥාවන් මළවුන්ට ඉටු කිරීම මගින් ඔවුන්ගේ ප්‍රසාදය හිමිවන බවත්, එම ශ්‍රද්ධාවන්තයින් කෙරෙහි ආදරය දැක්වීමක් බවත්, ඔවුන්ගේ උදව් පැතීමක් බවත් පවසති. ඔවුන්ගේ මතය අනූව මෙය යාඥාවන් නොවෙයි.

නමුත් අතීතයේ නොමග ගියවුන් විසින් ද ඉදිරිපත් කරනු ලැබුවේ මෙවැනි බොළඳ තර්කයකි. වත්මන් යුගයේ මෙම වරද කරන්නන් විසින් ද එම තර්කයම ඉදිරිපත් කරනු ලැබීම හාස්‍ය ජනකය.  ප්‍රතිමාවන් වැඳ පුදාගත් ඔවුන්ගේ තර්කය ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ සඳහන් කරයි:
—ඔවුන් (ප්‍රතිමාවන්) අල්ලාහ් කෙරෙහි අපව සමීපව කරවයි යන්නට මිස අපි ඔවුන්ට යාඥා නොකළෙමු (යනුවෙන් ඔවුන් පැවසූහ)˜. (අස්සුමර් 39: 3).

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ මෙම මහත් පාපය මිනිස් ජීවිතයේ එÞ පටන් අද දක්වා පැවත ආ අතර, බහුතරයක් මැවුම් කරුවා අල්ලාහ් යනුවෙන් විශ්වාස කළ ද යාඥාවන්හි ඔහුට ආදේශයන් ඇති කරති. අල්ලාහ් එය මෙසේ පවසයි:
—තවද ඔවුන්ගෙන් බහුතරයක් සමානයන් තබන්නන් ලෙස හැර අල්ලාහ් විශ්වාස නොකරති˜ (යූසුෆ් 12: 106).
නබි (සල්) තුමන් ඒක දේවත්වයෙහි සුවිශේෂත්වය ආරක‍ෂා කිරීමත්,
අල්ලාහ්ට සමානයන් ගැනීම කරා යොමු කරන සියළු දොරටු වැසීමත්:
සෘජුව අල්ලාහ්ට හවුල් කරුවන් ඇති නොකළත්, ඒ කරා යොමු කරන සියළු දොරටු පවා නබි (සල්) තුමන් වැසූහ, තවද ඒ පිළිබඳ දැඩි ලෙස අවවාද කිරීමටත් අමතක නොකළේය.

එයට නිදසුන් කිහිපයක්:

1- සීමාව ඉක්මවා යෑම:

යාඥා කටයුතු විය හැක, තවත් කෙනෙකු ප්‍රශංසාවට ලක් කිරීම විය හැක නැතහොත් අපහාසයට ලක් කිරීම විය හැක මේ සියල්ලෙහි සීමාව ඉක්මවා යෑම.

මෙය මිනිස් ජිවිතයෙහි සිදුවන දෙයකි. පුස්තක ලද් මීට පෙර සමාජයන් ද මෙම වරද කළහ. අල්ලාහ් අල්කුර්ආනයෙහි එය මෙසේ සඳහන් කරයි: —පුස්තක ලද් ජනයිනිæ ඔබගේ දහමෙහි ඔබ සීමාව ඉක්මවා නොයන්න˜ (අන්නිසා 4: 171).

කිතුවරුන් මර්යම් (අෙලෙ) තුමියගේ පුත් ඊසා (අෙලෙ) (යේසූස් වහන්සේ) සීමාව ඉක්මවා ප්‍රශංසා කරන්නට විය. ඔවුන් ඊසා (අෙලෙ) (යේසූස් වහන්සේ) අල්ලාහ්ගේ කුමාරයා යනුවෙන් පවසා ත්‍රිත්වය විශ්වාස කර සීමාව ඉක්මවා කි්‍රයා කළහ.

නමුත් යුදෙව්වරුන් අපහාස කිරීමේ සීමාව ඉක්මවා ගියහ. ඊසා (අෙලෙ) (යේසූස් වහන්සේ) ගේ මව වන මර්යම් (අෙලෙ) තුමිය දූෂිත කාන්තාවක් හැටියටත් ඊසා (අෙලෙ) දුරාචාරයෙන් උපත ලද දරුවෙකු ලෙසත් පැවසූහ. මේ දෙපාර්ශ්වයේ කි්‍රයාවම සීමාව ඉක්මවා යෑමකි.

සීමාව ඉක්මවා ප්‍රශංසා කිරීමේ දී හා සීමාව ඉක්මවා අපහාස කිරීමේදී ඇතිවන විපාක එමටය: තවත් කෙනෙකුව අයුක්ති සහගතව අපහාස කිරීමට කොහෙත්ම අනුමැතියක් ඉස්ලාම් තුළ නැත. එහි සීමාව ඉක්මවා යෑම යනු එම පාපය තවත් ප්‍රගුණවීමකි.

උදාහරණයට:

1- කෙනෙකුව සීමාව ඉක්මවා ප්‍රශංසා කරන විට ඔහුගේ තත්ත්වයට වඩා ඔහු ඉහළට එසවීමකි. සීමාව ඉක්මවා අපහාස කරන  විට එය ද අයුක්තියකි. මේ දෙකම මහත් අසාධාරණයන් වේ.

2- කෙනෙකුව සීමා රහිතව ප්‍රශංසා කිරීම, ඔහු පුදනු ලබන තත්ත්වය (දේවත්වය) කරා තල්ලූ කිරීමකි.

3- සීමාව ඉක්මවා කෙනෙකු පි්‍රය කර, ඔහු ප්‍රශංසා කිරීම කෙමින් කෙමින් අල්ලාහ් ප්‍රශංසා කිරීමෙන් ඈත් කර එම තැනැත්තා කෙරෙහි නැඹුරුවීමේ භයානක තත්ත්වයක් උÞවනු ඇත. මන්ද, ඔහුගේ සිත අසත්‍යට නැඹුරුවී ව්‍යාජ දේ සමග එය සංකලනය වනු ඇත.

4- සීමා රහිතව කෙනෙකු ප්‍රශංසා කරන විට ඔහු ජීවතුන් අතර සිටින්නෙකු නම් ඔහු තුළ මමත්වය, උඩඟ= කම ඇතිවීමටත්, එය ඔහු වෙනත් අපරාධයන් කරා යොමු කිරීමටත් හේතුවෙයි. තවත් කෙනෙකුව අපහාස කරන විට ඔහු එයින් කුපිත වෙයි.

සීමාව ඉක්මවීමේ විවිධ ස්වරූපයන් :

ප්‍රතිපත්තිමය වශයෙන් සීමාව ඉක්මවා යෑම :

—අහ්ලූල් කලාම්˜ යනුවෙන් හඳුන්වනු ලබන තර්කනවාදීන් අල්ලාහ්ගේ නාමයන්හි ඔහුගේ ගුණාංගයන්හි අල්ලාහ් ඔහුගේ නිර්මාණයන්ට සමාන කිරීම. නැතහොත් ඔහුගේ ගුණාංගයන් ඉවත් කිරීම, නැතහොත් එය විකෘති කිරීම උÞහරණයක් වශයෙන් කිව හැක.

නමුත් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කළ සහාබාවරුන්, තවද එම උගතුන්ගේ අනුගාමිකයින් අල්කුර්ආනයේ හා සුන්නාවේ අල්ලාහ්ගේ නාමයන් හා ගුණාංගයන් කෙසේ සඳහන්ව ඇත්තේද එය කිසිදු වෙනස් කිරීමකින් තොර එසේම පිළිගනිති. අල්ලාහ් සියළු දුර්වලතාවන්ගෙන් සුවිශ=ද්ධ බව තරයේ විශ්වාස කරති.

යාඥාවන් හි සීමාව ඉක්මවා කටයුතු කිරීම:

යාඥාවන්හි දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නන්:

උÞහරණයට: —කවාරිජ්, මුඃතසිලා˜ වැනි අතීතයේ නොමග ගිය පිරිස් යාඥාවන්හි දැඩි පිළිවෙතක් අනුගමනය කළහ. යාඥාවන් අතුරින් යමක් හෝ මග හැරුනු විට නැතහොත් මහත් පාපයක් කළ විට එය ප්‍රතිෙක‍ෂ්පත්වය (කුෆ්ර්) කරා තල්ලූ කර, දහමින් ද ඔහු පිටත් කරයි යන වැරදි මතයක සිටියහ.

මෙයට හාත් පසින්ම වෙනස් මතයක් —මුර්ජියාවරුන්˜ දැරූහ. එය නම්: යාඥාවන්හි අලස භාවයෙන් හා නොසැළකිලිමත්ව කටයුතු කිරීම විශ්වාසයේ කිසිදු අඩුවක් ඇති නොකරයි.
ඔවුන් තවද මෙසේ පවසති: මහත් පාපයන් කිරීම දේව විශ්වාසයෙහි කිසිදු හානියක් ඇති නොකරයි. අල්ලාහ් සිටින බව විශ්වාස කිරීම  පමණක් විශ්වාසයට ප්‍රමාණවත් වේ. ඔහු කොයිවගේ මහත් පාපයන් කළත් නිරයට නොපිවිසෙයි, ඔහු සÞතනිකව ස්වර්ගයෙහි වෙසෙයි. මෙයට උදාහරණ වශයෙන්, ඔවුන්ගේ දෘෂ්ටියෙහි ඉබ්ලීස් (ෙෂෙතාන්) ද විශ්වාසවන්තයෙකු වේ. මන්ද ඔහු අල්ලාහ් පිළිගෙන ඇත. ඔවුන් මෙසේ සීමාව ඉක්මවා යෑමෙන් පැහැදිළි දුර්මාර්ගයකට ප්‍රවිශ්ට වූහ.

නමුත් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරන්නන් වශයෙන් සළකනු ලබන —අහ්ලූස්සුන්නත් වල් ජමාඅත්˜ නම් අල්කුර්ආනය හා අල්හදීසය අනුගමනය කරන සමාජය, නිසැකයෙන්ම දේව විශ්වාසය අල්ලාහ් හා ඔහුගේ ශාස්තෘවරයාට අවනතවී ජීවත්වීම තුළින් වර්ධනය වන බවත්, පාපයන් කිරීමෙන් එහි අඩුවක් ඇතිවන බවත් විශ්වාස කරන අතර, මහත් පාපයන් කරන්නන් විශ්වාසයෙන් හා ඉස්ලාමයෙන් පිටත් නොවෙති. නමුත් ඔවුන්ගේ පාපයට අනූව විශ්වාසය අඩුවන බව හා ද~ුවම් ලැඛෙන බව විශ්වාස කරති.

මතු සම්බන්ධයි……

සකස් කිරීම: අබූ අස්මා. 

Leave a Reply

Your email address will not be published.