රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද?

රමළාන් මස උපවාස ශීලය ඉටු කිරීමේ අවශ්‍යතාවය

ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය:

රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා
නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්ගෙන්  සාධක:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි: “විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක” (ශු අල්කුර්ආනය 2:183).

තවත් ස්ථානයක: “ඔබලා අතුරින් කව්රුන් එම (රමළාන්) මාසය ලබයිද ඔවුන් උපවාසය ඉටු කළ යුතුයි” (ශු අල්කුර්ආනය 2:185).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් හි මෙයට සාධක:

“ඉස්ලාම් කුළුණු පහක් මත ස්ථාපිත වී ඇත. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් සාක‍ෂි දැරීම. සලාතය ස්ථාපිත කිරීම. (සකාත්) ශුද්ධකාරක බද්ධ ගෙවීම. රමලාන් මස තුළ උපවායෙහි යෙදීම. හජ් කිරීමට ශක්තිය ඇති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

උපවාසයෙ හි හා රමලාන් සමයෙ හි ශ්‍රේෂ්ඨත්වය:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “මානවයාට නිවැරදි මග පෙන්වන අල්කුර්ආනය අනාවරණය කරනු ලැබූවේ රමලාන් මාසයේය” (ශු අල්කුර්ආන් 2: 185).

සව්ම් උපවාස ශීලයට ලැඛෙන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක වේ”. “ආදම්ගේ පුත්‍රයාගේ යහපත් ක‍්‍රියාවන් ප්‍රගුණ කෙරෙයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ කෙරේ. අල්ලාහ් පවසයි: උපවාසය හැර සැබවින්ම එය මට අයිති වේ. මමයි එයට ප්‍රසාධයන් ලබා දෙන්නේ” (මූලාශ්‍රය: මුස්ලිම්). උපාවසයට ලැඛෙන ප්‍රසාධයන් අසීමිතයි යන්නට මෙම ප්‍රකාශය සාධක වේ.

ට් නබි (සල්) තුමන් පවසයි: “ස්වර්ගයෙහි රයියාන් යනුවෙන් දොරටුවක් ඇත. මතු දිනයෙහි උපවාසයෙහි නිරතවූවන් එම දොරටුවෙන් පිවිසෙනු ඇත. ඔවුන් සමග වෙන කිසිවෙකු එම දොරටුවෙන් නොපිවිසෙයි. උපවාසයෙහි නිරතවූවන් කොහේදැයි එම දිනයෙහි අසනු ලැබේ? එවිට ඔවුන් නැගිට, ස්වර්ගයට පිවිසෙති. එයත් සමග එම දොරටුව වසනු ලැබේ. එයින් පසු කිසි කෙනෙකුට එම දොරටුවෙන් ඇතුල්විය නොහැක”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

“කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේක‍ෂා කරමින් විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් කමා කරනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

“උපවාසය හා අල්කුර්ආනය දාසයා වෙනුවෙන් අවසන් විනිශ්ච දිනයෙහි රෙකමාදාරු කරයි. උපවාසය පවසයි: හිමියනි! මා මොහුව ආහාර, වෙනත් ආශාවන් වලින් වළක්වා තැබුවෙමි. මොහු වෙනුවෙන් මා කෙරමාදාරු කරමි. අල්කුර්ආනය පවසයි: මා මොහුව රාත‍්‍රි කාලයෙහි නින්දෙන් අවදි කර තැබුවෙමි. එබැවින් ඔහු වෙනුවෙන් රෙකමාදාරු කරමි” (මූලාශ්‍රයන්: අහ්මද්, හාකිම්).

උමාමා අල්බාහිලී (රලි) විස්තර කරයි: “මා නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන ක‍්‍රියාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමි. එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් කරමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: නසායි).

ජාබිර් (රලි) විස්තර කරයි: “උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (අත්තබරානි ෆිල් කබීර්).

“කව්රුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරක ප්‍රමාණයක් අල්ලාහ් ඈත් කරන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි). මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

“උපවාසයෙන් පසුවෙන්නාට දෙ ආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති සතුටයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

“රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටුවන් විවර කරනු ලබයි, නිරයෙහි දොරටුවන් වසනු ලබයි, ෂෙයිතාන්නුන්ට විලංගු දමනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).

“රමලාන් මස සෑම දහවල් හා රාති‍්‍ර කාලයෙහි නිරයට නියම කරනු ලැබූවන් අල්ලාහ් නිදහස් කරන්නේය, තවද මුස්ලිමෙකු ප්‍රාර්ථනා කළේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

“පස් වේල සලාතයන්, එක් ජුම්ආවෙහි සිට අනිත් ජුම්ආව, එක් රමලානයේ සිට අනිත් රමලානය, මේ අතර තුර සිදුවූ මහත් පාපයන් හැර සුළු පාපයන්ට වන්දිය වේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්, අහ්මද්).

උපවාස සමය විශේෂිත අවස්ථාවක් හැටියටත්, උපරිම ඵල නෙලා ගන්නට ලැබී ඇති කදිම අවස්ථාවක් හැටියටත්, පින් කුසල්, භක්ති ආදරයෙන් සමන්විත සීමිත කාලයක් හැටියටත්, යාඥා කටයුතු වල නිරත වීමට ලැබී ඇති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සළකා නැවුම් උද්‍යයෝගයකින් ක‍්‍රියා කළ යුතුය .

උපවාසය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය:

පහත් හැඟීම්, වැරදි ආශාවලින් මනස පිවිතුරු කර, ශ්‍රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්්‍ය කර ඇත. එය මිනිස් සිරුර තුළ ෙෂෙතාන්ගේ ආධිපත්‍ය අවම කරයි. අසීමිත ලෞකීක ආශාවන්ගෙන්, වැරදි ආකල්පවලින් මුදවා, සදාතනික වූ මරණින් මතු ජීවිතය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර, දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමේ මානසිකත්වයක්ද ඇති කරයි. තවද ශ්‍රද්ධාවන්ත බවට මනා පුහුණුවක් මෙයින් ලැබේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “මෙයින් ඔබ ශ්‍රද්ධාවන්තයින් විය හැක” (ශු අල්කුර්ආන් 2:183).

උපවාසය පිළිබඳ සංක‍ෂිප්ත වූ අර්ථ විවරණය:

අරාබි භාෂාවෙන් “සව්ම්” යන පදයට: වළක්වාගැනීම.

ඉස්ලාමීය කෝනයෙන් උපවාසය යනු:- හිමිදිරි උදෑසන සිට ඉර බස්නාහිරෙන් බැස යන තෙක් උපවාසය නිෂ්ඵල වන කාර්්‍යයන්ගෙන් ඈත්වී අල්ලාහ් මෙනෙහි කිරීමයි.

රමළාන් උපවාසය අනිවාර්්‍ය වීම:

උපවාසය හිජ්රි දෙවැනි අවුරුද්දේ අනිවාර්්‍ය විය. හිජ්රි යනුවෙන් අදහස් කෙරෙන්නේ නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාවට ගිය ගමනයි. නබි (සල්) තුමන් තමන්ගේ ජීවිතය තුළ අවුරුදු නමයක් උපවාස යාඥාවෙහි නිරතවූහ.

උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි පහක් ඇත:

1- මුස්ලිමෙකු වීම:- කාෆිර් (මිත්‍යා දෘෂ්ටිකයෙකුට උපවාසය අනිවාර්්‍ය නොවේ). ඔවුන් උපවාසයෙහි නියැලූනද එය නොපිළිගැනේ. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ටවීමට ඇති මූලික ප්‍රතිපත්තීන් දෙක නොපිළිගෙන මොනම යාඥාවක් කළත් එයට වළංගුභාවයක් හිමි නොවේ.

2- වැඩිවියට පත්ව සිටීම:- මෙයින් පැහැදිළි වන්නේ වැඩිවියට නොපත් වූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ. එනමුත් පුරුදු පුහුණුව සඳහා ඔවුන් උපවාසයට දිරිගැන්වීම සතුටු දායක වේ.

3- මනා සිහිබුද්ධිය ඇති කෙනෙකු වීම:- මානසික රෝගීන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ යනු මෙයින් පැහැදිළි වෙයි. මන්ද මොවුන් බල කිරීමටද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක්ද නොමැති පිරිසකි.

4- උපවාසය ඉටු කිරීමට ශක්තිය ඇති අය:- වයෝවෘද්ධ වීමෙන්, නැතහොත් රෝගී තත්ත්වය නිසා දුබලත්වයට පත්වූ අය මෙයින් පිටත්වෙයි.

5- සිය ගමෙහි රැඳී සිටීම:- ගමන් බිමන් වල නිරත වී සිටින්නන්ටත් අනිවාර්්‍ය නොවේ. ඔවුන් වෙනත් කාල වල මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

මේහා බැඳුනු වෙනත් සමහර නීති රීතින්:

1- ප්‍රශ්නය :-

රමලාන් දහවල් කාලයෙහි වෙනත් ආගමිකයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත් විට නැතහොත් මානසික රොගියෙකු යහපත් තත්ත්වයට හැරුනු විට පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- ඔවුන්ට අනිවාර්්‍ය නොවී තිබුනු තත්ත්වයක මෙය අළුතින් ඇතිවූ තත්ත්වයකි. එදින උපවාසය නිශ්ඵල වන ක්‍රියාවන්ගෙන් මිදී, එම උපවාසය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය නොවේ. මන්ද ඔවුන් උපවාසය ඉටු කිරීම අනිවාර්්‍ය වූ තත්ත්වයක නොසිටියේය. ඉන් පසු ඔවුන් දිගටම උපවාසයන් ඉටු කළ යුතුයි.

2- ප්‍රශ්නය:- රමලාන් දහවල් කාලයෙහි මගියෙකු තමන්ගේ ගමන අවසන් කර සිය ගම රටා බලා පැමිණියේ නම්, නැතහොත් ඔසප් වූ කාන්තාව නැතහොත් දරු ප්‍රසුත්‍රයෙන් පසු රුධිරය හටගන්නා කාන්තාවක් පවිත්‍ර වූයේ නම්, නැතහොත් උපවාසය ඉටු කිරීමට ශක්තිය නොමැති අයට ශක්තිය, වීරිය ලැබුනේ නම්. නැතහොත් රෝගී තත්වයෙන් මිදුනේ නම් පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- එදින උපවාසය නිෂ්ඵල වන කරුණු වලින් ඈත් නොවී. එම දිනය වෙනුවෙන් වෙනත් දිනයක උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය වේ. මෙයට සාධක වශයෙන්: “කව්රුන් රමලාන් මස දහවල් කාලයෙහි උපවාසයෙන් මිදෙයිද ඔහු දහවල් අවසානයේදිද උපවාසයෙන් මිදිය යුතුයි” යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු අබිෙෂෙබා).

3- ප්‍රශ්නය:- රමලාන් මස උදාවූ ආරංචිය කෙනෙකුට නොලැබී පසු දින දහවල් කාලයෙහි දැනගනි වී නම් එහි නීතිය කුමක්ද?

පිළිතුර:- නිදසුනකට: ඈත පළාතක සිටින කෙනෙකු නව සඳ බලා ඊට පසු දින නීතිපතිවරයා වෙත පැමිණ සඳ බැලූ බව සාක‍ෂි දැරුවේ නම් පහත සඳහන් සාධකය අනූව උපවාසය නිෂ්ඵල වන සියළු කාර්්‍යයන්ගෙන් වැළකි සිටිය යුතුයි. “නබි (සල්) තුමන් ආෂූරා උපවාසය අනිවාර්්‍යවූ විට දහවල් කාලයෙහි ආහාරවලින් වැළකි සිටින ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම නියෝග කළහ. එතුමන්ද වැළකී සිටියහ”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මෙම උපවාසය වෙනත් දිනයක ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මන්ද අනිවාර්්‍ය උපවාසය සඳහා ෆජ්ර් හිමිදිරියට පෙර චේතනාව ඇති කරගැනීම කොන්දේසියක් වේ. මෙම ක්‍රමයෙහි චේතනාව තහවුරු වී නොමැත.

උපවාසය ඉටු කිරීම සඳහා වූ (නියියත්) චේතනාව :

සෑම යාඥාවක් සඳහාම චේතනාව අවශ්‍යයි. ඒ අනූව අනිවාර්්‍ය උපවාසයන් ඉටු කිරීම සඳහා රාති්‍ර කාලයෙහි චේතනාව ඇති කරගැනීම අවශ්‍ය වේ. එය රමලාන් සමයේ උපවාසයද? නැතහොත් වැරදිවලට වන්දි වශයෙන් ඉටු කරන උපවාසයද? නැතහොත් භාර කළ උපවාසයද? යනු ඔහුගේ චේතනාව අනූවයි වෙනස් වන්නේ.

නබි (සල්) තුමන් පවසයි: “කව්රුන් ෆජ්ර් හිමිදිරියට පෙර උපවාසය සඳහා චේතනාව ඇති නොකරගත්තේද ඔහුට උපවාසයක් නොමැත”. (මූලාශ්‍රයන්: අහ්මද්. ඉබ්නු හුෙසෙමා, ඉබ්නු හිබ්බාන්).

දහවල් ආරම්භයේ, මැද බාගයේ. අවසානයේ වූවද මෙම නීතිය බල පැවැත්වේ. රාත්‍රියෙහි උපවාසය සඳහා චේතනාව ඇති කරගෙන හිමිදිරි උදෑසෙනට පසු ඇහැරුනේ නම් ඔහු ආහාරයන්ගෙන් වැළකි සිටිය යුතුය. ඔහුගේ උපවාසය පිළිගැනේ. වෛකල්පිත උපවාසයන් සඳහා හිමිදිරි උදෑසනින් පසු කිසිදු ආහාරයක් නොගෙන දහවල් කාලයහි චේතනාව ඇති කරගැනීමටද අනුමැතිය ඇත. මෙයට පහත සඳහන් පුවත සාධක වෙයි. ආයිෂා (රලි) තුමිය විස්තර කරයි:- “දවසක් නබි (සල්) තුමන් පැමිණ ආහාර කුමක් හෝ තිබේදැයි ප්‍රශ්න කළ විට, අපි නැහැයි කියා පිළිතුරු දුන්නෙමු. එසේ නම් මා උපවාසයෙන් පසුවෙමියි” යනු එතුමන්ගේ පිළිතුර විය. (මූලාශ්‍රයන්: මුස්ලිම්, තිර්මිදි, අබූදාවූද්, නසයි, ඉබ්නුමාජා).

චේතනාව සිතෙහි ඇති කිරීම වෙනුවට මුවින් ප්‍රකාශ කිරීම නොමග යන ක‍්‍රියාවකි. අපි ඉටු කරන සෑම යාඥාවක් සඳහාම මුහම්මද් නබි (සල්) තුමන්ගේ මග පෙන්වීම අවශ්‍යයි. “කව්රුන් අපි නියෝග නොකළ දෙයක් කරයිද එය ප්‍රතිෙක‍ෂ්ප කරනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්). මුස්ලිමුන් අතර බහුලව දකින්නට හැකි දෙයක් නම්, සහර් ආහාරයෙන් පසු උපවාසය සඳහා චේතනාව සිතෙහි ඇති කරගන්නවා වෙනුවට මුවින් ප්‍රකාශ කරති. “නවයිතු සව්ම් අදන් අන් අදායි ෆර්ල රමලානි හාදිහිස් සනති ලිල්ලාහි තආලා” මා වෙත අනිවාර්්‍යවූ මෙම වසරේ රමලාන් උපවාසය අල්ලාහ් වෙනුවෙන් ඉටු කිරීමට චේතානව තබමි යනු ප්‍රකාශ කිරීම පැහැදිළි නොමග යන ක‍්‍රියාවකි. අපි කුමන යාඥාවක් කිරීමටත් නබි (සල්) තුමන්ගේ මග පෙන්වීම අවශ්‍යයි. එතුමන් හෝ එතුමන්ගේ මිත්‍රවරුන් හෝ වෙනත් ආගමික විද්වතුන් හෝ චේතනාව මුවින් ප්‍රකාශ කළ බව හෝ කිසිදු සාධකයක් නොමැත.

රමළාන් මස උපවාසය උදාවූ බව නිශ්චිත කරගන්නේ කෙසේද? :

1- රමළාන් මාසය සඳහා නව සඳ බැලීම:-

කව්රුන් උපවාස මාසය සඳහා නව සඳ බලයිද ඔහුට උපවාස ශීලය ඉටු කිරීම අනිවාර්්‍ය වෙයි. නැතහොත් වැඩිවියට පත්වූ අවංක කෙනෙක් සඳ දැක සාක‍ෂි දැරූ විට එම සාක‍ෂිය අනූව උපවාස ශීලය රැකීම අනිවාර්්‍ය වෙයි.

2- ඊට පෙරවූ ෂඃබාන් මස දවස් තිහ නිම කිරීම :-

සඳ නොපෙනෙන ආකාරයේ වළාකුලූ නැත්නම් අඳුර පවතින විට ෂඃබාන් මස දවස් තිහ සම්පූර්ණ කළ යුතුය. “ඔබ රමලාන් (මස) සඳ බලා උපවාස ශීලය ඉටු කරන්න, ෂව්වාල් (මස) සඳ බලා උපවාසය අරින්න, ඔබ සඳ නොදුටු විට ෂඃබාන් මස දවස් තිහ නිම කරන්න” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මග හැරුනු උපවාසයන් පසුව ඉටු කිරීම:

තමන් මත ඇති අනිවාර්්‍ය භාවයෙන් ගැලවීම සඳහා මග හැරුනු උපවාසයන් ඉක්මනින් ඉටු කිරීම සතුටු දායක වෙයි. හදීස් සාධකයන් අනූව ලබන රමලානයට පෙර මාසය තෙක් එය ප්‍රමාද කිරීමටද හැක. ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: “තමන්ට රමලාන් මස මග හැරුනු උපවාසයන් ෂඃබාන් මස තෙක් ඉටු කිරීමට නොහැකි වන්නේය. එයට හේතුව නබි (සල්) තුමන්ට කරන පණිවුඩයන් වෙයි”.(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ෂංබාන් මස යනු රමළායට පෙර මාසයයි. ෂඃබාන් මස තෙක් මග හැරුනු උපවාසයන් විටින් විට ඉටු කිරීමට හැක. ෂඃබාන් මස උදාවූයේ නම් එය අඛණ්ඩව ඉටු කර නිමා කිරීම අනිවාර්්‍යය වෙයි.

මග හැරුනු උපවාසයන් ලබන රමලානය තෙක්
ප්‍රමාද කිරීම පිළිබඳ පවතින නීතිය:

කුමන කාරණයක් හෝ පැවතුනු විට :-

අසනීප තත්ත්වයේ පසුවන විට, අඛණ්ඩව ගමන් බිමන්හි යෙදී සිටින විට ඔහුට උපවාසය අනිවාර්්‍ය නොවේ. ඔහු එය පසුව ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

කිසිදු හේතුවක් හෝ නොමැති විට:-

ඔහු පාපිෂ්ටයකු වේ, ඔහු අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතු අතර එම මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

වැරදිවලට වන්දි වශයෙන්, නැතහොත් භාර කළ උපවාසය අනිවාර්්‍යවූ තත්ත්වයක
කෙනෙකු මියයයි නම් පවතින නීතිය කුමක්ද?

කව්රුන් වැරදිවලට වන්දිය වූ උපවාසය අනිවාර්්‍ය වූ තත්ත්වයක මියගියේද නිදසුනකට:- ලිහාර් වෙනුවෙන් වූ (බිරිඳ මවට සමාන කිරීමේ) පාපයට ප්‍රතිකර්මය, හජ් හි තමත්තුඃ කරන්නා සත්වයෙකු කැපි කිරීමට (දම් දීමට) නොහැකි අවස්ථාවක එයට ප්‍රතිකර්මය වශයෙන් ඉටු කළ යුතු උපවාසය. ඉටු කල යුතු උපවාසයන් ගණන බලා දිනකට එක් දුගියෙකුට බැගින් ආහාර සැපයිය යුතුයි.

කව්රුන් භාර කළ උපවාසය අනිවාර්්‍ය වු තත්ත්වයක මිය යන්නේද ඔහු වෙනුවෙන් ඔහුගේ භාරකරු එම උපවාසය ඉටු කළ යුතුය. “කාන්තාවක් නබි (සල්) තුමන් වෙත පැමිණ මාගේ මව භාර කළ උපවාසය අනිවාර්්‍ය වූ තත්ත්වයක එය ඉටු නොකර මියගියේය. ඇය වෙනුවෙන් මට එම උපවාසයන් ඉටු කළ හැකිද? යැයි විමසුවේය. එවිට නබි (සල්) තුමන් ඔබගේ මවට ණය තිබේ නම් එය ඔබ ඉටු කරනවා නොවේද! යැයි ඇසූ විට එසේ යැයි ඇය කීවාය. (එසේ නම්) ඔබගේ මව වෙනුවෙන් එම උපවාසය ඔබ ඉටු කරන්න” යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

ඉමාම් ඉබ්නුල් කයියූම් (රහ්) පවසයි:- “ස්වභාවයෙන්ම අනිවාර්්‍ය නොවුනු උපවාසයන් භාර කරමින් මියගිය තැනැත්තා වෙනුවෙන් උපවාසය ඉටු කරනු ලබයි. මන්ද අල්ලාහ් අනිවාර්්‍ය කළ උපවාසය ඉස්ලාමීය ස්ථම්භක වලින් එකකි. නමුත් භාර කළ උපවාසය ආගම අනිවාර්්‍ය කළ එකක් නොවෙයි. දාසයා තමන්ට එය අනිවාර්්‍ය කරගනි. මෙය ණයට සමාන මුහුනුවරක් ගනි. එබැවිනුයි නබි (සල්) තුමන් මෙය ණයට සමාන කළේ.

උපවාසයෙන් පසුවෙන්නා කිරීමට ගැලපෙන හා නො ගැලපෙන කරුණු”

උපවාසයෙහි නිරතවන්නා කිරීමට උචිත ක‍්‍රියාවන් :-

1- අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) පවසයි:- “උපවාසය ඉටුකරන්නා නිරතුරුව කුර්ආන් පාරායනය කිරීමද, දුආ, දික්ර් යාඥාවන්හි නිරතවීමද, දන් දීමද, පිළිකුල් දේ කතා කිරීමෙන් දිව ආරක‍ෂා කිරීමද සතුටු දායක වෙයි”.

“මානවයාට යහ මග පෙන්වන අල්-කුර්ආනය රමලාන් මාසයෙහි අනාවරණය වි” (ශු අල්කුර්ආන් 2:185).

රමලාන් මාසයෙහි අල්-කුර්ආනය පහළවීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කිරීමකි. නබි (සල්) තුමන් රමලාන් මස රාත්‍රි කාලයෙහි අල්කුර්ආනය ජිබ්රීල් (අෙලෙහි) ඉදිරියේ පාරායන කර පෙන්වීමට පුරුදු වී සිටියහ.

එතුමන්ගේ ජීවිතයේ අවසන් රමලාන් සමයේ දෙවතාවක් අල්කුර්ආනය පාරායනය කර පෙන්විය. (දේව දූත ජිබ්රීල් රමලාන් මස සෑම රාත්‍රියකම පාහේ නබි (සල්) තුමන්ට අල්-කුර්ආනය ඉගැන්වුවේය). මෙය ඉබ්නු අබ්බාස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අල්කුර්ආනයත් සමග මුස්ලිමෙකුගේ සම්බන්ධතාවය ඉතා සමීපව පැවතිය යුතුයි. අල්කුර්ආනය ඇස් වල තබා ඉඹ ගැනීමට හෝ, එහි පරිච්ඡේදයන්, වාක්‍යන් බිත්තිවල එල්ලීමට හෝ කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් පාරායනය කිරීමට හෝ අනාවරණය වූයේ නැත. එය අනාවරණය කරනු ලැබුවේ මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහායි. කෙතරම් දුරට කෙනෙකු අල්කුර්ආනයෙන් ඈත් වෙයිද එතරම් ඔහු යහ මාර්ගයෙන් ඉවත් වෙයි. එබැවින් අල්කුර්ආනය හොඳින් හදාරා එය අධ්‍යයනය කර, එහි ඉගැන්වීම් ජීවිතයට පරිවර්තනය කිරීම තුළින් පමණයි කෙනෙකුට දෙලොව ජය අත්පත් කරගත හැක්කේ.

අල්කුර්ආනය පාරායනය කිරීමට ඇති ප්‍රසාධයන්ද සුළු පටු නොවේ. වරක් නබි (සල්) තුමන් “කව්රුන් අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරයිද ඔහුට ප්‍රසාධයන් දහයක් හිමිවෙයි” යනුවෙන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) වාර්තා කරයි:- “නබි නායක (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. තවද ජිබ්රිල් (අෙලෙහි) හමුවන රමලාන් සමයෙහි නබි (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. ජිබ්රීල් (අෙලෙහි) රමලාන් සියළු රාත්‍රියන්හි නබි (සල්) තුමන් හමුවී අල්-කුර්ආනය පාරායනය කර පෙන්වයි. නබි (සල්) තුමන් ඉතා වේගයෙන් හමන සුළඟට වඩා දන් දෙන්නෙකු වශයෙන් සිටියහ”. (මූලාශ්‍රය: බුහාරි).

2- කව්රුන් උපවාසයෙහි නිරතවී සිටින්නාට බනිවීද ඔහු එම අවස්ථාවෙහි මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් පැවසීම සුන්නත් යහපත් ක‍්‍රියාවකි. “උපවාසය (පාප ක්‍රියා) වළක්වන පළිහකි, ඔබගෙන් කෙනෙකු උපවාසය ඉටු කරන්නේ නම් (වැරදි ක‍්‍රියා කිරීමෙන්) එය කිළිටු නොකළ යුතුය, ඔහුට යම් කෙනෙක් පරුෂ වචනවලින් බැන වදින විටද, ඔහුත් සමග සණ්ඩු සරුවල් වලට පැටලෙන විටද ඔහු මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

3- සහර් ආහාර අනුභව කිරීම:

උපවාසය සඳහා සහර් ආහාරය ගැනීම සුන්නත් යහපත් කි්‍රයාවක් වේ. “ඔබ සහර් කරන්න. මන්ද සහර් ආහාරයෙහි බරකත් නම් අභිවෘද්ධිය ඇත” යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්).

“අප සමාජයේ උපවාසයට හා පුස්තක ලද් අයගේ උපවාසය අතර වෙනස සහ්ර් කිරීම” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

“සහ්ර් ආහාරය යනු අභිවෘද්ධිය ඇති ආහාරයකි, එය අත් නොහරින්න, අවම වශයෙන් වතුර උගුරක් හෝ පානය කර එය කරන්න. නියතයෙන්ම අල්ලාහ් සහ්ර් කරන්නන්ට දයාව පුදන්නේය, ඔහුගේ දේව දූතවරුන්ද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) විස්තර කරයි: “අපි නබි (සල්) තුමන් සමග සහර් ආහාරය ගත්තෙමු, පසුව නබි (සල්) තුමන් සලාතය සඳහා නැගිට්ටේය. එවිට ඔහුගෙන් සලාතය හා සහර් අතර පැවතුනු වේලාව කොපමණද? යනුවෙන් ප්‍රශ්න කරන ලදි (අල්කුර්ආනයෙහි) වාක්‍යන් පහනහක් පාරායනය කරන වේලාවයි” යනුවෙන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: බුහාරි).

සහර් කිරීම ප්‍රමාද කර. උපවාසයෙන් මිඳීම ඉක්මන් කිරීම සුන්නත් වෙයි. “මාගේ සමාජය සහර් (ආහාරය) ප්‍රමාද කර, උපවාසයෙන් මිඳීම ඉක්මන් කරන තෙක් යහපතෙහි සිටින්නෝය” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාහ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

උපවාසයෙහි නිරත වන බොහෝ පිරිස් අලස භාවය නිසා සහර් ආහාරය නොගෙන උපවාසයෙහි නියැලති. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ගේ උසස් ගුණාංග පිළිබඳ පවසන විට මෙසේ පවසයි: “ඔවුන් සහර් වේලාවේ (තමන්ගේ පාපයන්ට) සමාව අයදිති” (ශු අල්කුර්ආන් 51: 18). ඉහත සඳහන් ප්‍රකාශයන් එහි අවශ්‍යතාවය හා වැදගත් කම පිළිබඳ කථා කරයි. එබැවින් නබි (සල්) තුමන්ගේ මෙම උතුම් මග පෙන්වීම කි‍්‍රයාවට නැංවීමට අපි කොයි කව්රුත් යුහුසුළු විය යුතුයි.

4- උපවාසයෙන් මිදීම:

“ඉදිච්ච රට ඉඳි නැති විට සමාන්‍ය රට ඉඳි ගැනීම එය නැති විට ජලය පානය කිරීම, එයත් නැති විට කැමති ආහාර පානයක් ගනිමින් උපවාසයෙන් මිඳීම සුන්නත් වේ”. (මූලාශ්‍රයන්: අබූ දාවූද්, තිර්මිදි, හාකිම්).

“උපවාසයෙන් මිදීම ප්‍රමාද නොකර ඉක්මන් කරන තෙක් ජනතාව යහපතෙහි සිටින්නෝය” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

5- උපවාසය අතර වාරයේ දත් මැඳීම සුන්නත් වේ. ආමිර් ඉබ්නු රබීආ පවසයි: නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ මට ගණින්නට නොහැකි වාර ගනන් දත් මැන්දේය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි). උපාවසය අතර වාරයේ දත් මැඳීම වැරදි කි්‍රයාවක් යනුවෙන් බොහෝ අය සිතති. එයින් උපවාසයට හානියක් වෙයි යනුවෙන් සිතති. මෙම මතයන් වැරදියි යන්නට ඉහත සඳහන් පුවත කදිම සාධකයකි.

6- අන් අය උපවාසයෙන් මිදීම සඳහා උපකාර වීම. “කව්රුන් තවත් කෙනෙකුට උපවාසයෙන් මිදීමට උපකාරී වන්නේද, ඔහුට සමාන ප්‍රසාධයන් ඔහුටත් හිමිවෙයි. ඔහුගේ ප්‍රසාධයන්හි කිසිදු අඩුවක් නොසිදුවෙයි”. (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නුමාජා, ඉබ්නු හිබ්බාන්, අහ්මද්).

අපි වෙනත් කෙනෙකුගේ අමුත්තෙකු වශයෙන් උපවාසයෙන් මිදුනු විට පහත සඳහන් ප්‍රාර්ථනාව කළ යුතුයි:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

“අෆ්තර ඉන්දකුමුස් සාඉමූන වඅකල තආමුකුමුල් අබ්රාර වසල්ලත් අෙලෙකුමුල් මලාඉකහ් යනුවෙන් පැවසිය යුතුය. (උපවාස ශීලය ඇත්තාවුන් ඔබ වෙත උපවාසයෙන් මිදුනහ. සුචරිත ඇත්තාවුත් ඔබගේ ආහාරය අනුභව කළහ. දේවදූත යෝද ඔබහට ප්‍රාර්ථනා කරන්නෝය) (මූලාශ්‍රය: අබූදාවුද්).

අන් අයට උපවාසයෙන් මිදීමට උපකාරි වීම මහඟු කාර්්‍යයකි. එය සුළුවෙන් නොසැලකිය යුතුයි. උපවාසයෙන් පසුවෙන්නාට හිමිවන සමාන ප්‍රසාධයන් මොහුටත් හිමිවෙයි. දිළින්දාගේ කුසගින්න සැමටම දැනෙන මෙම මාසයේ අපි දිළින්දන්ට උපකාරි විය යුතුයි.

7- රමලාන් අවසන් දවස් දහය මස්ජිදයෙහි (ඉඃතිකාෆ්) රැඳී සිටීම සුන්නත් වෙයි.

8- උම්රා කර්තව්‍ය: රමලාන් සමයෙහි ඉටු කරන උම්රාව හජ් කර්තව්‍යට සමාන වෙයි. “මා සමග හජ් කිරීමට සමාන වෙයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

9- සියළු යාඥා කටයුතු උනන්දුවෙන් හා යුහුසුළුවෙන් නියමිත වේලාවන්හි කිරීම සුන්නත් වේ. විශේෂයෙන් රමලාන් අවසන් දවස් දහය, ආයිෂා (රලි) වාර්තා තුමිය කරයි: “නබි (සල්) රමලාන්හි අවසන් දවස් දහය උදාවූ විට තමන්ගේ පවුලේ අයද දිරි ගන්වමින්, තමන්ගේ යටි සළුවද තදින් බැඳ ගනි” (මූලාශ්‍රය: බුහාරි). මෙය යාඥාවන් සඳහාවූ සූදානමයි.

උපවාසයෙහි නිරත වන්නා කිරීමට නොගැලපෙන කරුණු:

1- උගුරට හා නාසයට වතුර ඇතුල් කර පිටත් කිරීම.

2- කිසිදු අවශ්‍යතාවකින් තොර ආහාර රස බැලීම.

3- උපවාසයෙහි නිරතවන්නා ඉඹ ගැනීම තෙආකාර වෙයි.

ට් හැඟීම් උද්දීපනය නොකරන, උදාහරණයට තමන්ගේ දරුවන් ඉඹ ගැනීම, නැතහොත් ගමනක් නිමා වී පැමිණෙන අවස්ථාවේ දරුවන් ඉඹ ගැනීම ආදීන් කිව හැක.

ට් අන් එක නම් හැඟීම් උද්දීපනය කරන ආකාරයට ඉඹ ගැනීම්. නමුත් ධාතු පිටවන තත්ත්වය තෙක් මෙය දිග් ගැසි උපවාසය නිෂ්ඵල වන තත්වයකට නොයයි. මෙය එක් මතයක් අනූව නුසුදුසු ක‍්‍රියාවක් ලෙස කීවත්, එහි පිළිගත් මතය නම් කිසිදු පිළිකුල් භාවයක් නොමැත. “නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ තම බිරිඳ වැළප ගත්තේය, ඉඹ ගත්තේය”. (මූලාශ්‍රය: බුහාරි).

ට් තෙවැනි ක්‍රමය නම්: මෙම ක‍්‍රියාවන්ගෙන් ධාතු පිටවී උපවාසය නිෂ්ඵල වෙයි යනු කෙනෙකු බියවූයේ නම්, ඔහු අනිවාර්්‍යයෙන් මෙවැනි ක‍්‍රියාවන්ගෙන් වැළකි සිටිය යුතුය.

උපවාසයෙන් පසුවෙන්නා අනිවාර්්‍යයෙන්
වැළකී සිටිය යුතු කරුණු :

උපවාසයෙහි නිරතවන්නා බොරු කථා කිරීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන භාවිතා කිරීමෙන්, වැරදි දේ කිරීමෙන් සියළු අවස්ථාවන්හි ඈත් වී සිටිය යුතු අතර විශේෂයෙන් උපවාස කාලයේ වැළකි සිටිය යුතුය. “බොරු කථා කිරීමෙන්, වැරදි නූගත් වැඩ කිරීමෙන් කව්රුන් නො මිදුනේද, ඔහු ආහාර පාන වලින් වළක්වා තැබීමට අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත”. (මූලාශ්‍රය: බුහාරි).

උපවාසය ඉටු නොකර සිටීමට අනුමැතිය ඇති පිරිස :

1- රෝගීන්: ඔවුන් උපවාසය ඉටු කිරීමෙන් හානියක් සිදුවෙයි කියා බියවූවේ නම්, නැතහොත් රෝගය සුව කරගැනීම සඳහා ප්‍රතිකාර ගැනීමේ අවශ්‍ය තත්ත්වයක පසුවූයේ නම් ඔවුන්ට උපවාසය ඉටු නොකර සිටීමට අනුමැතිය ඇත. සුව වීමෙන් පසු මග හැරුනු උපවාසයෙන් ඉටු කළ යුතුයි.

2- මගීන්: ඔවුන් සලාතය කෙටියෙන් ඉටු කරයි. උපවාසය ඉටු නොකර සිටීමටද ඔවුන්ට අනුමැතිය ඇත. ඔවුන් මග හැරුනු උපවාසයන් වෙනත් දිනවල ඉටු කිරීම අනිවාර්්‍යය. අල්ලාහ් පවසයි, “ඔබගෙන් යමෙකු රෝගිවූ විට නැතහොත් ගමනක යෙදී සිටී විට ඔහු එම දින ගණන් (බලා) වෙනත් දිනවල (මග හැරුනු එම) උපවාසයන් ඉටු කළ යුතුයි”. (ශු අල්කුර්ආන් 2:148).

“ගමන් බිමන් වල උපවාසයෙහි නිරතවීමක් නොමැත” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

3- ඔසප් වීම, දරු ප්‍රසූත්‍රයත් සමග හටගන්නා රුධිරය: ඒ දෙදෙනාම උපවාසය නොකර වෙනත් දිනවල එම උපවාසයන් ඉටු කළ යුතුයි. නියමිත එම කාලයෙහි උපවාසයන් ඉටු කිරීම සම්පූර්ණයෙන් තහනම්ය. ආයිෂා (රලි) තුමිය පවසයි: “ඔසප් කාල සමයෙහි මග හැරුනු උපවාසයන් අපි පසුව ඉටු කිරීමට අණ කරනු ලැබුවෙමු, නමුත් මග හැරුනු සලාතයන් පසුව ඉටු කිරීමට අණ කරනු නො ලැබුවෙමු”. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

4- ගැබිණි කාන්තාව හා කිරි පොවන මව්වරුන්:- මේ දෙදෙනාම තමන්ගේ ජීවිතයට හානියක් සිදුවේ යැයි බියවූයේ නම්, නැතහොත් තමන්ට හා තමන්ගේ දරුවාට යම් හානියක් සිදුවේ යැයි බියවූයේ නම් උපවාසය ඉටු නොකර, රෝගීන් මෙන් පසුව එය ඉටු කළ හැක.

5- වයෝවෘද්ධ භාවය හේතු කොටගෙන උපවාස ශීලය ඉටු කිරීම අපොහොසත් යැයි සිතන්නන්, නැතහොත් රෝගි තත්ත්වය සුව නොවේ යැයි අපේක‍ෂා භංගත්වයෙන් පසුවෙන්නන්: මේ දෙදෙනාම ගමෙහි ආහාරයට ගන්නා ප්‍රමාණයෙන් (සාඃ බාගයක්) එනම් 1.30 කි. ග්‍රෑම් දින ගණන් බලා එක් දුගියෙකුට සැපයිය යුතු අතර ඔවුන් මග හැරුනු උපවාසය ඉටු කිරීම අවශ්‍ය නොවේ.

6- දියෙහි ගිලීම, ගින්දරට මැදිවීම, සටන් කිරීම මේ ආදි අවස්ථාවන්වලදි තමන් හෝ අන් අය ආරක‍ෂා කිරීමට උපවාසය අත් හැරිය හැක.

කිසිදු හේතුවකින් තොර උපවාසය ඉටු නොකර සිටීම
පිළිබඳ පවතින නීතිය:-

නිසි හේතුවක් නොමැතිව රමලාන් උපවාසය මගහැරිය නොහැක. එසේ කිරීම මහත් පාපයකි. හිතු මතේට ඔහු උපවාසය මග හැරියේ නම් ඔහු පාපිෂ්ටයකි. එය වෙනුවෙන් ඔහු අල්ලාහ්ගෙන් සමාව පැතිය යුතු අතර එය පසුව ඉටු කළ යුතුයි.

“නබි (සල්) තුමන් නින්දෙන් පසුවන විට තමන් වෙත දෙදෙනෙකු පැමිණ මාගේ උර ඉසින් අල්ලාගෙන කර්කෂ කන්දකට කැඳවා ගෙන යමින් එහි නගින්නට අණ කළහ. එවිට මා එහි නගින්නට නො හැකියි කී විට ඔබට නගින්න අපි සහය වෙමුයි ඒ දෙදෙනා පැවසූහ. පසුව මා කන්දෙහි අඩක ප්‍රමාණ දුරක් නැග්ගෙමි. එවිට බයානක ශබ්දයක් අසා මෙම ශබ්දය කුමක්දැයි ඇසුවෙමි. එයට ඒ දෙදෙනා මෙයයි නිරයෙහි වැසියෝ කෑ කෝ ගසන ශබ්දය යැයි කීවෝය. යළිත් මා ඉදිරියට කැඳවාගෙන ගියහ. එවිට මා තවත් පිරිසක් දැක්කෙමි ඔවුන්ගේ විසිඹුලන් බැඳ තබා, ඔවුන්ගේ කම්මුල් ඉරදමා, ඔවුන්ගේ කම්මුල් වලින් ලේ වැගිරෙමින් තිබිණි. මොවුන් කව්රුන්දැයි ඇසුවෙමි. මොවුන් තමයි උපවාසයෙන් මිදෙන මොහොතට පෙර මිදුනු අය යැයි ඒ දෙදෙනා පිළිතුරු දුන්හ”. (වාර්තා කරන්නේ: අබූ උමාමා අල් බාහිලි (රලි). (මූලාශ්‍රය: අන් නසායි ෆිල් කුබ්රා).

උපවාස ශීලය නිෂ්ඵල වන කරුණු:

උපවාසය නිෂ්ඵල වන කරුණු රාශියක් ඇත. එම කරුණු වලින් වැළකී සිටිමටත්, අවදානමින් සිටීමටත් එම කරුණු පිළිබඳ සෑම මුස්ලිමෙකුම දැන සිටීම අවශ්‍ය වේ. එම කරුණු :-

1- දැනුවත්ව ආහාර පාන ගැනීම, ඒ හා සමාන කි්‍රයාවන්. උදාහරණයට:- උපවාසයෙහි නිරතවන්නා පෝෂණය සඳහා සේෙලෙන් එන්නත ශරීරයට ඇතුල් කිරීම. ලේ ඇතුල් කිරීම. පෝෂණය සඳහා නොව රොගී හේතුන් මත ඛෙහෙත් වර්ග විදීම උපවාසය නිෂ්ඵල නොකරයි. එනමුත් උපවාසය ඉටු කරමින් සිටින තත්ත්වයක මෙවැනි කරුණු වලින් වැළකි සිටීම වඩා උචිත වේ. අල්ලාහ් පවසයි: “ඔබලා රැයතෙක් උපවාසය සම්පූර්ණ කරන්න” (ශු අල්කුර්ආනය 2: 187).

උපවාසයෙහි නිරතවන්නා ඉහත කී කරුණු අමතකවීමෙන් කළ විට උපවාසය නිෂ්ඵල නොවෙයි. “අමතකවීමෙන් කෙනෙකු ආහාර පාන ගත් විට ඔහු උපවාසය අත් නොහැර සම්පූර්ණ කළ යුතුයි. නියතයෙන්ම අල්ලාහ්යි ඔහුට ආහාර පාන ලබා දුන්නේ” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි, නසයි).

2- මුවින්, නැතහොත් නාසයෙන් යම් දෙයක් කුස තුළට ඇතුල් වීම: උපවාසයෙහි නිරතවන්නා නොසිතු අන්දමට මැස්සෙක් නැතහොත් දූවිලි මෙන් යම් දෙයක් ඇතුල්වූවොත් එයින් උපවාසයට කිසිදු හානියක් නොසිදුවෙයි. කටට ආ සෙම වැනි දේ යළි ගිලීම තහනම් වේ. කටට නොපැමිණ කුසට යෑම වරදක් නොවෙයි. තවද මුෙඛන් පිටවන ලේ වැනි දේ ගිලීම තහනම්ය.

3- ඕනෑ කමින් වමනය පිටත් කිරීම. ඔහුට නොදැනුවත්ව එය පිටවූයේ නම් හානියක් නොවේ.
“කව්රුන් වමනය ගනීද ඔහු උපවාසය යළි ඉටු කිරීම අවශ්‍ය නොවේ. කව්රුන් දැනුවත්ව ඕනෑ කමින් වමනය ගනීද ඔහු උපවාසය යළි ඉටු කළ යුතුයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අබූදාවූද්, තිර්මිදි, අහ්මද්).

4- සංසර්ගයෙහි යෙදීම. ඉඹ ගැනීම, ස්පර්ෂ කිරීම ආදී කි්‍රයාවන් තුළින් ධාතු පිටවීම, නැතහොත් ඕනෑ කමින් ධාතු පිට කිරීම. නමුත් මදි පිටවීම පිළිබඳ විවිධ මතයන් පවති. එම මතයන් තුළින් පිළිගත් මතය වන්නේ මදි පිටවීමෙන් උපවාසය නිෂ්ඵල නොවෙයි. මදි යනු හැඟීම් උද්දීපනය වන විට පිටවන යම් රුධිරයකි.

5- ලේ පිටත් කිරීම නැතහොත් නළලෙන් ලේ විද ගැනීම නැතහොත් කොන්දේසි පිට ලේ විද පිට කිරීම. නැතහොත් සිරුරේ බර අඩු කිරීම සඳහා දැනුවත්ව ලේ විද පිට කිරීම මේ ආදි ක්‍රමයන් තුළින් ලේ පිට කිරීම. නමුත් වෛද්‍ය පර්්‍යයේෂණය සඳහා, දත් ගැලවීම සඳහා, ලේ විද පිට කිරීමේ අරමුණකින් තොර සුළුවෙන් ලේ පිටවූ විට එය උපවාසයට හානියක් නොකරයි.

6- ඔසප්වීම, දරු ප්‍රසූතය සඳහා රුධිරය පිටවීම. එය ඉර බැස යෑමට මදකට පෙර සිදුවූවත් උපවාසය නිෂ්ඵල වේ.

7- සංසර්ගයෙහි යෙදීම. එයින් ධාතු පිටවූවත් නොවූවත් උපවාසය නිෂ්ඵල වෙයි .

උපවාස ශීලය නිෂ්ඵල වීමේ කොන්දේසි:

ඉහත සඳහන් ක‍්‍රියාවන් මතු සඳහන් කොන්දේසි වලට අනූව සිදුවූ විටයි උපවාසය නිෂ්ඵල වන්නේ.

1- මනා සිහි බුද්ධියක් ඇති කෙනෙකු වීම.

2- සිහි සුන්වීමකින් තොර මනා සිහියකින් සිටීම.

3- බල කිරීමකට ඇතුල් නොව තෝරා ගැනීමේ නිදහස ඇති කෙනෙකු සේ සිටීම.

ඉහත සඳහන් උපවාසය නිශ්ඵල වන කරුණු තුළින් එකක් හෝ කෙනෙකු අමතක වීමෙන්, නැතහොත් නොදැනුවත්ව, නැතහොත් බල කිරීමෙන් (අකැමැත්තෙන්) කළේ නම් කුර්ආන්, හදිස් සාධක අනූව එම උපවාසය නිෂ්ඵල නොවෙයි.

අල්ලාහ් මෙසේ පවසයි: “අපගේ ස්වාමිනි! අපිට අමතක වූවේ නම්, අපි වැරදි කළේ නම් අපිව වරදකරු නොකරන්න” (ශු අල්කුර්ආන් 2: 286).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි:- “මාගේ සමාජයේ වැරදීන් අමකතවීමෙන්, බල කිරීමෙන් සිදුවන වන විට එය අල්ලාහ් මා වෙනුවෙන් කමා කළේය”. (මූලාශ්‍රය: ඉබ්නු මාජා, තබ්රානි, ෙඛෙහකි, හාකිම්).

නබි (සල්) තුමන් පවසයි: “අමතකවීමෙන් කෙනෙකු ආහාර පාන ගත් විට ඔහු උපවාසය අත් නොහැර සම්පූර්ණ කළ යුතුයි. නියතයෙන්ම අල්ලාහ්යි ඔහුට ආහාර පාන ලබා දුන්නේ” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි, නසායි).

කව්රුන් තමන්ගේ උපවාසය දැනුවත්ව, මනා සිහියකින්, තෝරාගැනීමේ තත්ත්වයක් තුළ මගහරීවීද ඔහු අල්ලාහ්ගෙන් සමාව අයදීමද, එදින උපවාසය පසුව ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මෙයට වන්දියක් නොමැත. නමුත් උපවාසයෙහි නිරත වී සිටින විට තම බිරිඳත් සමග සංසර්ගයෙහි යෙදෙන්නාට දැඩි වන්දියක් තිබේ. ඔහු වහලෙක් නිදහස් කළ යුතුයි, එයට නොහැකි විට මාස දෙකක් අඛණ්ඩව උපවාස ශීළය ඉටු කළ යුතුයි, එයටත් නොහැකි විට දුගීන් 60 දෙනෙකුට (සාඃ අඩක) 1.30 කි. ග්‍රෑම් ආහාර සැපයිය යුතුයි. ඉහත කී ආකාරයට වන්දියේ අනුපිළිවල අවදානයට ගෙන තමන්ට හැකි දේ ඉටු කළ යුතුයි.

හිරු බැස යෑම නැතහොත් හිරු උදාවීම පිළිබඳ සැක මතු වීම:

උපවාසයෙහි නිරතවන්නාට ඉර බැස යෑම පිළිබඳ සැක මතුවූයේ නම් ඔහු උපවාසයෙන් මිදීමට නොහැක. මන්ද දහවල් කාලය තවත් පවතින හෙයිනි. ඉර බැසීමට පෙර ඔහු උපවාසයෙන් මිදුනු බව තහවුරුවූයේ නම් ඔහුගේ උපවාසය නිෂ්ඵල වන අතර එය පසුව ඉටු කිරීමද අනිවාර්්‍ය වේ.

තවද ෆජ්ර් උදාවූයේද? නැද්ද? යන්න පිළිබඳ ඔහුට සැක පහළවූයේ නම් ආහාර පාන ගැනීමට ඔහුට අනුමැතිය ඇත. මන්ද රාත්‍රි කාලය තවත් පවතින හෙයිනි.

මෙයට සාධක වශයෙන් අල්ලාහ් මෙසේ පවසයි:- “උදෑසන වේලාව යන සුදු නූල (රාත්‍රිය යන) කළු නූලෙන් පැහැදිළව පෙනෙන තෙක් ආහාර පාන අනුභව කරන්න”. (ශු අල්කුර්ආන් 2: 187).

වෛකල්පිත උපවාසයන්:-

කෙනෙකු මතු සඳහන් උපවාසයන් ඉටු කරන විට ඔහුට යහපත හිමිවන අතර, ඔහු එය නොකළ විට ඔහු වරදකරු නොවේ.

1- “උපවාසයෙහි ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය නබි දාවූද් (අෙලෙහි) ගේ උපවාසයයි. එතුමන් දවසක් හැර දවසක් උපවාසය ඉටු කළේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්).

2- “රමලාන් (මස ඉටු කරන උපවාසයට) පසු ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මාසයෙහි උපවාසයයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

3- මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කිරීම: “ආයිෂා (රලි) තුමිය විස්තර කරයි: නබි (සල්) තුමන් ආෂුරා දින උපවාසය ඉටු කිරීමට නියෝග කළේය, රමලාන් මස උපවාසය අනිවාර්්‍ය වීමත් සමග කැමති අයට (එම දින) උපවාසය ඉටු කරන්න කැමති අය උපවාසය ඉටු නොකර සිටින්”න යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි). ආෂුරා යනු මුහර්රම් මස දහ වැනි දිනයි.

“ආෂුරා (මුහර්රම් මස දහ වැනි) දින උපවාසය ඉටු කිරීම ගෙවී ගිය වසරෙහි සියළු පාපයන්ට වන්දිය වේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

“මම ඉදිරි වසරේදී ජීවතුන් අතර සිටියේ නම්, (මුහර්රම් මස) නම වැනි දිනද උපවාසය ඉටු කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

ඒ අනූව කෙනෙකුට මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කල හැක. නම වැනි දින ඉටු කිරීමට නොහැකිවූ කෙනෙකුට දහය හා එකළොහා ආදි දිනයන්හි ඉටු කිරීමටත් නබි වදන්හි සාධක පවති.

4- ෂව්වාල් මසෙහි දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ. “කව්රුන් රමලාන් මස උපවාස ශීලය ඉටු කර අනතුරුව ෂව්වාල් මසෙහි උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකුට සමාන වෙයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

මෙහිදී අවදානය යොමු කළ යුතු කරුණ නම්, නෝන්බි අවුරුද්ද (ඊදුල් ෆිත්ර්) සැමරීමත් සමග අඛණ්ඩව දින හයක් එම උපවාසයන් ඉටු කළ යුතුයි නැතහොත් එය ඉටු කළ නොහැක යනුවෙන් බොහෝ අය වැරදි මතයක සිටිති. එසේ නොව ෂව්වාල් මස නිමවීමට පෙර කැමති දිනයක එය කෙනෙකුට ඉටු කළ හැක. ෂව්වාල් මස උපවාසයන් යනු හැඳින්වීම තුළින්ම එය ෂව්වාල් මස ඇතුලත ඉටු කළ යුතු උපවාසයන් යනුවෙන් තහවුරුවෙයි.

5- දුල් හජ් මස මුල් දින නමයෙහි උපවාසන් ඉටු කිරීම ප්‍රීති දායක කි්‍රයාවක් වෙයි. විශේෂයෙන් දුල්හජ් මස නම වැනි දින, එනම් අරෆා දින උපවාසය ඉටු කිරීම පිළිබඳ නබි (සල්) තුමන් පවසන විට, “එම උපවාසය ගෙවී ගිය හා උදාවන අවුරුද්දේ පාපයන්ට වන්දිය වේ”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි. නසායි. ඉබ්නු මාජා). අරෆා දින උපවාසය හජ් කර්තව්‍ය ඉටු කරන්නන්ට නොව ගමෙහි රැඳී සිටින්නන් ඉටු කළ යුතු උපවාසයෙකි.

6- සෑම මසකම ආරම්භයෙහි නැතහොත් මැද, නැතහොත් අවසානයේ උපවාසයන් තුනක් ඉටු කිරීම සුන්නත් වෛකල්පිත කි්‍රයාවක් වෙයි. ආයිෂා (රලි) තුමිය විස්තර කරයි:- “මසක කුමන දිනයන්හි උපවාසය ඉටු කළ යුතුයි යනු පිළිබඳ නබි (සල්) තුමන් අවදානය යොමු නොකළහ”. (මූලාශ්‍රය: මුස්ලිම්).

අය්යාමුල් බීල් යනුවෙන් හඳුන්වන මසක 13,14,15 යන දිනයන්හි උපවාසයන් ඉටු කිරීම ඉතා ශ්‍රේෂ්ඨ වේ. නබි (සල්) තුමන් මෙසේ පැවසීය: “ඔබ මසක දවස් තුනක් උපවාසයන් ඉටු කරන්නේ නම් එය 13,14,15 යන දිනයන්හි ඉටුකරන්න” (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි, නසායි).

7- සඳුදා. බ්‍රහස්පතින්දා ආදි දිනයන්හි උපවාසයන් ඉටු කිරීම සුන්නත් වේ. “සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් මම උපවාසයෙහි නිරත වී සිටින තත්ත්වයක මාගේ යහපත් ක‍්‍රියාවන් අල්ලාහ් අභියසට ඉදිරිපත් කරනු ලැබීම මා ප්‍රිය කරමි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අහ්මද්. නසායි. අබුදාවූද, තිර්මිදි).

නොකළ යුතු උපවාසයන්:

1- රජබ් මස පමණක් උපවාසයන් ඉටු කිරීම පිළිකුල් ක‍්‍රියාවකි. මන්ද එම මසෙහි උපවාසයන් කිරීම අඥාන සමයෙහි සිරිතකි. උමර් (රලි) රජබ් මාසයෙහි උපවාසය ඉටු කරන්නන් දකින විට ඔවුන් ආහාර ගන්නා තෙක් ඔවුන්ට ගැසුවේය. තවද එතුමන් මෙසේ පැවසූහ: “ඔබලා ආහාර අනුභව කරන්න. මන්ද මෙම මස අඥාන සමාජය විසින් ගරු කළ මාසයකි”. (මූලාශ්‍රය: අබූෙෂෙබා).

2- සිකුරාදා දින පමණක් උපවාසය ඉටු කිරීම පිළිකුල් වේ. “ඔබ සිකුරාදා දිනට පෙර දින හෝ පසු දින උපවාසය ඉටු නොකර සිකුරාදා දින පමණක් උපවාසය ඉටු නොකරන්න” යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

3- ෂඃබාන් මස පහළොස් වැනි දින පමණක් උපවාසය ඉටු කිරීම තුළින් එම දින විශේෂ කිරීම පිළිකුල් වේ. එම දිනයෙහි පමණක් විශේෂයෙන් උපවාසයන් ඉටු කිරීමට කිසිදු සාධකයක් නොමැත.

4- සෙනසූරාදා පමණක් උපවාසය ඉටු කිරීම පිළිබඳ පවතින නීතිය.

සෙනසූරාදා උපවාසය ඉටු කිරීමට අනුමැතිය ඇත. නමුත් එම දින පමණක් උපවාසය ඉටු කිරීම අනුමත නොවේ. සෙනසූරාදා උපවාසයත් සමග ඉරිදා හෝ සිකුරාදා උපවාසය ඉටු කරයි නම් කිසිදු වරදක් නැත.

5- ඉරිදා පමණක් උපවාසය ඉටු කිරීම.

සිකුරාදා, සෙනසූරාදා, ඉරිදා දිනයන්හි පමණක් උපවාසයන් ඉටු කිරීම පිළිකුල් වේ. එම දිනයන් සමග පවතින දිනවලද උපවාසය ඉටු කරන්නේ නම් කිසිදු වරදක් නැත.

සපුරා තහනම් උපවාසයන්:

1- උත්සව දෙක පවතින දිනයන්හි උපවාසයන් ඉටු කිරීම තහනම් වේ. “නබි (සල්) තුමන් උත්සව දෙක පවතින දිනයන්හි උපවාසයන් ඉටු කිරීම තහනම් කළහ. එය රමලාන් හා හජ් උත්සවයන් වේ”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

2- සැක සහිත දිනයන්හි උපවාසය ඉටු කිරීම තහනම් වේ. “කව්රුන් සැක සහිත දිනවල උපවාසයන් ඉටු කරයිද ඔහු කාසිම්ගේ පියාට එනම් නබි (සල්) තුමන්ට පිටු පෑවේය”. යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අබූදාවූද්, තිර්මිදි). සැක සහිත දිනයන් යනුවෙන් අදහස් කෙරෙන්නේ, රමලාන් මසට පෙර මාසය වන ෂඃබාන් මස 29 වැනි දිනයි. තවද රමලාන් මසට පෙර දිනයන් දෙකෙහිම උපවාසයන් ඉටු කිරීමට තහනම් කළ නබි (සල්) තුමන්ගේ වෙනත් ප්‍රකාශයන්ද තිබේ.

3- හජ් කර්තව්‍යයෙහි කැප කිරීමට සත්වයා නොලැබුනු “මුතමත්තිඃ” නැතහොත් “කාරින්” හැර තෂ්රීක් දිනවල උපවාසයන් ඉටු කිරීම හරාම් වේ. “කාහට (කුර්බානි) සත්වයා නොලැබුනේද ඔහු හැර වෙන කාහටවත් තෂ්රීක් දිනයන්හි උපවාසයන් ඉටු කිරීම අනමුත නොවේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. වාර්තා කරන්නේ: ඉබ්නු උමර් (රලි) (මූලාශ්‍රය: බුහාරි).

තෂ්රීක් දිනයන් යනු: දුල් හජ් මස 11, 12, 13 ආදි දිනයන් වේ.

4- බරාඅත් දින, මිඃරාජ් දින යැයි කියා උපවාසයන් ඉටු කරති. මෙයට නබි වදන්හි කිසිදු සාධකයක් නොමැත. ඉස්ලාම් අංග සම්පූර්ණ දහමක් යනුවෙන් විශ්වාස කරන මුස්ලිමෙකු කොහෙත්ම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමෙන් තොර කි්‍රයාවක් කිරීමට නොඑළඹෙයි. ආගමික නාමයෙන් බිහි කරන ලද නූතන කි්‍රයාවන්ගෙන් කෙනෙකු සැම විටම අවධනාමෙන් සිටිය යුතුයි.

අවදානය යොමු කළ යුතු නීතියක්:

1- කෙනෙකු ස්නානය අනිවාර්්‍ය වූ තත්ත්වයක හිමිදිරියේ නැගිට්ටේ නම් නැතහොත් ඔසප් වූ කාන්තාවක් හෝ දරු ප්‍රසුතයෙන් ලේ හටගත් කාන්තාවක් හිමිදිරි උදෑසනට පෙර පවිත්‍රවූයේ නම් ඔවුන් සහර් ආහාරය ගෙන උපවාසයෙහි නිරත වෙයි. තවද ඔවුන් හිමිදිරි උදෑසනින් පසුවූවත් දිය නෑ හැක. නමුත් උදෑසන සලාතය සඳහා ඔවුන් දිය නා පිරිසිදුවීම අනිවාර්්‍ය වේ.

රාත්‍රි කාලයෙහි සලාතය:

දැහැමි පුද්ගලයින්ගේ ගුණාංගයකි:

යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින් පිළිබඳ අල්ලාහ් පවසන විට —ඔවුන් රාති්‍ර කාලයෙහි තම හිමියන් වෙනුවෙන් සිටින ඉරියව්වෙහි හා සිරස නමා (සුජූද් කර) යාඥාවන් කරති. (තවද ඔවුන්) අප හිමියනිæ නිරයෙහි ද~ුවමෙන් අප ආරක‍ෂා කරන්න, සැබවින්ම එහි ද~ුවම ඉතා බයානකය˜ (යනුවෙන් ප්‍රාර්ථනා කරති). (ශ= අල්කුර්ආන් 25: 64- 65).

එම සලාතයෙහි සුවිශේෂත්වය:

“කව්රුන් යහපත අපේක‍ෂා කරමින්, විශ්වාසයෙන් යුතුව රමලාන් රාති්‍ර කාලයන්හි යාඥා කරයිද ඔහුගේ පෙර පාපයන් කමා කරනු ලබයි”. යනුවෙන් නබි (සල්) කුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අබූ හුරෙයිරා (රලි) විස්තර කරයි: “අනිවාර්්‍ය සලාතයෙන් පසු ඉතා වැදගත් සලාතය වන්නේ රාත්‍රි කාලයෙහි ඉටු කරන සලාතයයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රලි) විස්තර කරයි: නබි (සල්) තුමන් මදීනාවට පැමිණී විට ජනතාව එතුමන් වටා රොක්වූහ. ජනතාව ප්‍රීතියෙන් නබි (සල්) තුමන් පැමිණිය, නබි (සල්) තුමන් පැමිණිය යනුවෙන් පවසමින් සිටියෝය. මා එතුමන්ව බැහැ දැකීම සඳහා පැමිණියෙමි. එතුමන්ගේ රුව මා ප්‍රථම වතාවට දුටු විට එම රුව බොරු කාරයෙකුගේ රුව නොවෙයි යනුවෙන් මට අවබෝධ විය. එම අවස්ථාවෙහි එතුමන්ගේ මුවින් පිටවූ ප්‍රථම වචනයන් නම්, ජනතාවනිæ ඔබලා අතර සලාමය (සාමය) ව්‍යාප්ත කරන්න, දිළින්දන්ට ආහාර ලබා දෙන්න, මිනිසුන් රාත්‍රි කාලයෙහි සුව නින්දෙන් පසුවන විට නැගිට යාඥා කරන්න ඔබල සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත” යනු වේ. (මූලාශ්‍රය: තිර්මිදි).

සමූහව ඉටු කිරීමේ පවතින සුවිශේෂත්වය:

“කව්රුන් රාත්‍රි කාලයෙහි අවසන් මොහොත වන තෙක් ඉමාම් සමග සලාතයට සහභාගි වී ඉටු කරයිද ඔහු රැය පුරා යාඥා කළ ප්‍රසාධයන් ලබාගන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

නබි (සල්) තුමන් සමූහව ඉටු කළේය :

නබි (සල්) තුමන් රමලාන් මස සමහර රාත්‍රියන්හි මස්ජිදයේ සලාතය කරන විට මිත්‍රයින්ද එතුමන් සමග සලාතයට සහභාගිවූහ. පසුව මෙම සලාතය අනිවාර්්‍ය කරනු ලැබෙයි දෝ යන බියෙන් නබි (සල්) තුමන් සලාතයට නොපැමිණ නිවසෙහි සිටින්නට විය. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

රක්අත් සංඛ්‍යාව කොපමණද?

“ආයිෂා (රලි) තුමියගෙන් නබි (සල්) තුමන්ගේ රමලාන් මස රාති්‍ර කාලයේ සලාතය පිළිබඳ ප්‍රශ්න කරන ලදි. එයට ඇය රමලාන් කාලයේ වේවා රමලාන් නොවන කාලයේ වේවා එතුමන්ගේ රාති්‍ර සලාතය රක්අත් එකළොහට අධික නොවීය” යනුවෙන් පැවසුවාය. (මූලාශ්‍රය: බුහාරි).

වෙනත් පුවතක ආයිෂා (රලි) මෙසේ විස්තර කරයි: “නබි (සල්) තුමන් රාත්‍රි කාලයෙහි රක්අත් දහ තුනක් ඉටු කරයි, ඒ අතුරින් විත්ර් හා ෆජ්ර් සලාතයෙහි පෙර සුන්නතයද වේ” (මූලාශ්‍රය: බුහාරි).

මෙය නබි (සල්) තුමන්ගේ රාත්‍රි කාල සලාතයෙහි රක්අත් සංඛ්‍යාව පිළිබඳ පැහැදිළි කරයි. තවද රමලාන් කාලයෙහි පමණක් නොව සෑම කාලවලම මෙය ඉටු කළ හැක යන්නට ඉහත සඳහන් පුවත සාධක වේ. එබැවින් මෙය අපි අපේ අවදානයට ගෙන නබි (සල්) තුමන්ගේ මග ඔස්සේ පියමැනිය යුතුයි.

කෙනෙකුගේ රාත්‍රි කාල සලාතයෙහි විත්ර්
අවසන් සලාතය විය යුතුයි:

ඉෂා සලාතයෙන් පසු පටන් සුබහ් සලාතය සඳහා කැඳවීම කරන තෙක් විත්ර් සලාතය සඳහාවූ වේලාවයි. කෙනෙකුට මේ අතර වාරයේ කැමති වේලාවක විත්ර් සලාතය කළ හැක. නමුත් රාති‍්‍ර කාලයෙහි සලාතයන් අතුරින් එය අවසන් සලාතය විය යුතුයි.

ආයිෂා (රලි) විස්තර කරයි: “නබි (සල්) තුමන් රාත්‍රි කාලයෙහි සලාතය ඉටු කරයි, එතුමන් අවසන් වශයෙන් ඉටු කරන්නේ විත්ර් සලාතයයි”. (මූලාශ්‍රය: මුස්ලිම්).

අබූ සඊදුල් කුද්රි (රලි) විස්තර කරයි: “නබි (සල්) තුමන්ගෙන් විත්ර් සලාතය පිළිබඳ විමසන ලදි, එයට එතුමන් සුබහ් (සලාතයට) පෙර විත්ර් සලාතය ඉටු කරන්න යනුවෙන් පිළිතුරු දුන්හ”. (මූලාශ්‍රය: මුස්ලිම්).

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය:

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය :

උපවාසයෙහි නිරතවූවාගෙන් සිදුවූ වැරදීන්, අර්ථ විරහිත කතාවන් ආදීන් ගෙන් පවිත්‍ර කරන අතර ඔහුගේ උපවාසයෙහි ඇති වූ අඩු ලූහු~ුකම් වලට ප්‍රති කර්මයක් වශයෙන්ද, දුප්පත්, අසරණයින් අත නොපා ඔවුන්ට උත්සව දින ආහාරය සඳහාද අල්ලාහ් මෙම ෆිත්රා දන් දීම අනිවාර්්‍ය කළ ඇත. මෙම දවස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඉතා ප්‍රීති දායක, සතුටු දායක දවසකි. අල්ලාහ් උපවාසය නිම කර දීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවම ඔහුට කෘතඥාවය පළ කිරීම අනිවාර්්‍ය වෙයි.

මෙහි පවතින නීතිය හා මෙය දීමට අනිවාර්්‍ය පිරිස් :

මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ යන බේදයකින් තොර සෑම මුස්ලිමෙකුටම සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. උත්සව දිනයේ අවශ්‍යතාවන් යන්නට වැඩි පුර ආහාර ඇති අය එක් “සාවූ” කි. ග්‍රෑම්. 2.60 ප්‍රමාණයක් දීම අනිවාර්්‍ය වේ.

“මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ ආදි භේදයකින් තොර සියල්ලන්ට ධාන්‍ය පිටි වර්ග වලින්, සාඋ ප්‍රමාණයක් ලබා දීම නබි (සල්) තුමන් අනිවාර්්‍ය කළහ”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

එක් මුස්ලිමෙකු තමන් වෙනුවෙන්ද, තමන් විය හියදම් කරන තමන්ගේ බිරිඳ, දූ දරුවන් ඥාතීන් වෙනුවෙන්ද සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. කුසෙහි සිටින දරුවා වෙනුවෙන්ද සකාතුල් ෆිත්ර් දන් දීම සතුටු දායක වෙයි. මෙසේ උස්මාන් (රලි) ක‍්‍රියා කළහ.

මෙය අනිවාර්්‍ය වන වේලාව:

රමලාන් මස අවසන් දින ඉර බැසීමේ සිට මෙය අනිවාර්්‍ය වෙයි. මෙය දීමට වඩා උචිත වේලාව: උත්සව සලාතයට පෙර මෙය පිරිනැමීමයි. තවද මෙය උත්සව දිනකට පෙර හෝ දින දෙකකට පෙර හෝ දිය හැක. මෙය උත්සව සලාතයෙන් පසු දීමට නොහැක.

දිය යුතු ප්‍රමාණය :

ධාන්‍ය වර්ග, වියලි ආහාර වර්ග, නැතහොත් පිටි වර්ග, වියලි මිදි වර්ග. කිරි කැට වර්ග නැතහොත් රට ඉඳි වර්ග, නැතහොත් ගමෙහි වැඩි වශයෙන් භාවිතා වන ආහාර වර්ගයන් දීමට හැක.

“අපි නබි (සල්) තුමන්ගේ කාලයෙහි ආහාර වර්ගයන්ගෙන් එක් “සාඋ” ප්‍රමාණයක් දන් දෙමු. එම දිනවල අපේ ආහාරයන් හැටියට පිටි වර්ග වියලි ආහාර වර්ග, වියලි මිදි වර්ග. කිරි කැට වර්ග, රට ඉඳි වර්ග, භාවිතා විය”. (වාර්තා කරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි), සාධක: බුහාරි).

කිලෝ ග්‍රෑම් බරවලට අනූව සාඋ ප්‍රමාණය සකාතය විවිධ වර්ගයන්වලට අනූව වෙනස් වෙයි. පිරිසිදු පිටි ධාන්‍ය වර්ගවලින් 2.40 කිලෝ ග්‍රෑම් ප්‍රමාණය ආගමික විද්වතුන් ගේ තීරණයයි.

සාවූ එකක් යනු මුද්දු හතරක ප්‍රමාණයයි. මුද්දු එකක් යනු දෙ අත් එකතු කර ගන්නා ප්‍රමාණයයි. එබැවින් සිව් වතාවක් දෙ අත් එකතු කර ගන්නා ප්‍රමාණය සාවූ වෙයි. මෙම නූතන යුගයේ මිනුම අනුව කිලෝ දෙක හමාර හෝ තුන අතර වෙයි.

නියමිත ධාන්‍යය වර්ගයන් වෙනුවට මුදල්
ලබා දීම පිළිබඳ පවතින නීතිය:

සකාතුල් ෆිත්ර් දානය වෙනුවට එහි වටීනාකම ලබා දීම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට පටහැනි වේ. එසේ දුන්න ද එය නොපිළිගැනේ. මන්ද සකාතුල් ෆිත්ර් වෙනුවට එහි වටිනාකම නබි (සල්) තුමන් හෝ අනුගාමික මිත්‍රයින් හෝ දුන් බවට කිසිදු සාධකයක් නොමැත.

සකස් කිරීම: අබූ අස්මා

Leave a Reply

Your email address will not be published.