| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 1,596 views

“ලයිලතුල් කද්ර්” ඉතා මහඟු රාත්‍රිය!

කතුවරයා/දේශකයා: on 11th June 2017

සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා!

රමලාන් මස අවසන් දවස් දහයට පවතින සුවිශේෂත්වය තුළින් මුළු රමලාන් සමයම බැබළෙයි. මෙයට සාධක වශයෙන් පහත සඳහන් කරුණු උපුටා දැක්විය හැක:

 රමළාන් මස අවසන් දවස් දහය තුළ උදාවන “ලයිලතුල් කද්ර්” (අති උතුම්වු රාත්‍රිය) නමින් පරිච්ඡේදයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්ව පැවතීම.

 අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි පවසන විට “අපි ලයිලතුල් කද්ර් (අති උතුම්වූ) රාත්‍රියෙහි එය (අල්කුර්ආනය) අනාවරණය කළෙමු” (ශු අලකුර්ආනය 97 : 1).

 “ලයිලතුල් කද්ර්  (ඉතා මහඟු) රාත්‍රිය තුළ කවුරුන් විශ්වාසයෙන් යුතුව අල්ලාහ්ගෙන් ප්‍රසාදයන් අපේක‍ෂා කරමින් යාඥා කරයි ද ඔහුගේ පෙර කළ පාපයන් කමා කරනු ලැබේ” යැයි නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා රලි තුමන්, මූලාශ්‍රය: බුහාරි).

 නබි (සල්) තුමන් රමලාන් මස අවසන් දවස් දහය පුරාවටම මස්ජිදයෙහි රැඳී සිටිමින් අඛණ්ඩව යාඥා කළ අතර, තම මිතුරන්වද ඒ වෙනුවෙන් දිරිමත් කළහ.

ලයිලතුල් කද්ර් (ඉතා මහඟු රාත්‍රිය):- අල්කුර්ආනය මුලින්ම පහළ වූයේ මෙවැනි රාත්‍රියකය.  ශුද්ධවූ කුර්ආනය මෙසේ පවසයි: “රමලාන් කුමනාකාරයේ මාසයක් නම්, මනුෂ්‍ය වර්ගයාට පරිසමාප්ත මඟ පෙන්වීම, නිවැරදි මාර්ගය දක්වන පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා සත්‍යය හා අසත්‍යය තෝරා ගැනීමේ මිනුම් දණ්ඩ ද සැපයෙන කුර්ආනය පිරිනමන ලද මාසය වේ”. (ශු අල්කුර්ආන් 2:185).

“සැබවින්ම අපි මෙය (අල්-කුර්ආනය) (ඉතා මහඟු රාත්‍රියක පහළ කළෙමු”. (ශු අල්කුර්ආන් 97:1).

“මෙම දිව්‍යම ග්‍රන්ථය මත සත්‍ය කොට අපි මෙය බාග්‍ය සම්පන්න රාත්‍රියක අනාවරණය කළෙමු”. (ශු අල්කුර්ආන් 44:1-3).

මුලින්ම අල්කුර්ආනය පහළවූ රැය “ලයිලතුල් කද්ර්” (ඉතා මහඟු රාත්‍රිය), “ලයිලතුම් මුබාරකා” (භාග්‍ය වන්ත රැය) යන නමින් අල්කුර්ආනය හඳුන්වයි. තවද එය රමලාන් මාසයෙහි අනාවරණය වූ බවත් පැහැදිළි වෙයි. එනමුත් එම රාත්‍රිය මුල් දවස් දහයේද, නැතහොත් මැද බාගයේද, අග බාගයේද යන්න පිළිබඳ මෙහි කිසිදු සටහනක් නොමැතිවූවද, අල්කුර්ආනයට අර්ථ විවරණය වූ නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමෙහි මේ පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් වේ. “ලයිලතුල් කද්ර්”  රාත්‍රිය රමලාන් අවසන් දවස් දහයෙහි ඔත්තේ ඉලක්කම් වලින් යුත් රාත්‍රියන්හි උදාවන බව පහත සඳහන් නබි වදන් තුලින් තහවුරු වෙයි:

“නබි (සල්) තුමන් රමලාන් මස මැද බාගයේ මස්ජිදයෙහි ඉඃතිකාෆ් (රැඳී) සිටියේය. විසි වැනි රාත්‍රිය නිම වී විසි එක් වැනි රාත්‍රිය උදාවීමත් සමග සිය නිවස කරා පැමිණියේය.  කුමන රාත්‍රියෙහි සිය නිවසට පැමිණුනේද එම රාත්‍රියෙහි ජනතාවට අවවාද අනුශාසනා කළහ. අල්ලාහ් නියෝග කළ ආඥාවන් රැස්ව සිටී ජනතාවට සිහිපත් කළහ. මම ගෙවීගිය දවස් දහය ඉඃතිකාෆ් සිටියෙමි. අනතුරුව අවසන් දවස් දහයේද ඉඃතිකාෆ් සිටින්නට මම කැමැත්තෙන් පසුවන්නෙමි. එබැවින් මා සමග ඉඃතිකාෆ් හි නිරතවූ අය එසේම රැඳී සිටින්න. මෙම ලයිලතුල් කද්ර් රාත්‍රිය මට පෙන්වනු ලැබ. පසුව එය වසං කරනු ලැබීය. කව්රුන් එය ලැඛෙන්නට අපේක‍ෂා කරන්නේද ඔවුන් එය අවසන් දවසන් දහයේ සොයාගන්න”. යැයි පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

තවත් වාර්තාවකට අනූව “රමලාන් මස අවසන් දවස් දහයේ ඔත්තේ ඉලක්කම් වලින් යුත් රාත්‍රියන්හි ලයිලතුල් කද්ර් රැය සොයන්න”. යැයි පවසූහ (මූලාශ්‍රය: බුහාරි). ඉහත සඳහන් මෙම නබි වදන් වලින් තහවුරු වන කරුණු නම්:

1- නබි (සල්) තුමන්ටම ලයිලතුල් කද්ර් රාත්‍රිය රමලානයේ කුමන බාගයේ උදාවෙයි යනු පිළිබඳ දන්වන්නට නොහැකිව සිටීයහ. එබැවිනුයි මැද බාගයේ හෝ ඉඃතිකාෆ් සිට එම භාග්‍යයවන්ත රාත්‍රිය සොයන්නට එතුමන් උත්සුක වූයේ.

2- ලයිලතුල් කද්ර් රාත්‍රිය රමලානයෙහි අවසන් දවස් දහයෙහි ඔත්තේ ඉලක්කම් වලින් යුත් රාත්‍රියන්හි පැමිණෙන බව නබි (සල්) තුමන් 21 වැනි රාත්‍රිෙයහි දුටු හීනයක් තහවුරු කරයි.

3- ලයිලතුල් කද්ර් රාත්‍රියෙහි ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණයවූ බව පවසන දේව වාක්‍යයන් තව තවත් සත්‍ය කිරීමක් වශයෙන් නබි (සල්) තුමන් දුටු හීනය පත්වී ඇත. නබි වරුන් දකින හීනයන් (වහී) දේව පණිවුඩ වශයෙන් පිළිගනු ලබයි යන්න නබි තුමන්ගේ වදන් වලින් තහවුරු වෙයි.

4- ලයිලතුල් කද්ර් රාත්‍රිය ලබා ගන්නට මස්ජිදයෙහි ඉඃතිකාෆ් රැඳී සිටීම නබි තුමන්ගේ උසස්වූ මඟ පෙන්වීමකි:

27 වැනි රාත්‍රියෙහි පමණක් ලයිලතුල් කද්ර් උදාවෙයිද?
බහුතරයක් 27 වැනි රාත්‍රියෙහි පමණක් ලයිලතුල් කද්ර් උදාවන බව සිතමින් එම රාත්‍රියෙහි ආගම අනුමත කළ, අනුමත නොකළ බොහෝ කාර්්‍යයන්හි නිරතවෙමින් සිටින තත්ත්වයක් දැකගත හැක. මෙසේ සිදුවන්නට හේතුව කුමක්ද?

අ) මේ පිළිබඳ නිසි දැනුමක් නොමැතිකම.

ආ) සමහර අයගේ කිසිදු හරයක් නොමැති දේශණ.

ඉ) ගතානුගතික සිරිත් විරිත්, මුතුන් මිත්තන්ගෙන් පැවත එන සම්ප්‍රදායන්.

ඊ) වරදවා වටහාගත් පහත සඳහන් නබි වදන:

සමහර සහාබා මිත්‍රයින්ගේ හීනයේ රමලාන් මස අන්තිම දිනයන් හතෙහි එක් දිනක්  ලයිලතුල් කද්ර් රාත්‍රිය පෙන්වනු ලැබීය. යැයි නබි (සල්) තුමන්ට පැවසූ විට අවසාන රාත්‍රියන් හතෙහි එකකට සමානව ඔබගේ හීනයන් ගැලපී තිබීම මා දකිමි. එම නිසා එය සොයන්න. අවසන් රාත්‍රියන් හතින් එකක එය සොයා ගන්න යැයි පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි). මෙම නබි වදනෙහි  27 වැනි රාත්‍රීයේ ලයිලතුල් කද්ර් උදාවෙයි යන්නට කිසිදු සාධකයක් නොමැත. මිත්‍රවරුන්ගේ හීනයන් පිළිබඳ පැහැදිළි කළ නබි (සල්) තුමන් අවසන් රාත්‍රියන්ගෙන් එක් රාත්‍රියක එය උදාවෙයි යනු පැවසුවේ එම වසරේ එසේ උදාවීමට ඉඩ කඩ තිබුනු බැවින් මිස 27 වැනි රාත්‍රියෙහි පමණක් එය සොයන්න කියා හෝ, නැතහොත් වසරක් පාසා එම දිනයේ උදාවෙයි කියා හෝ පැවසුවේ නැත. 27 වැනි රැයෙහි පමණක් එය උදාවෙයි කියා නියමයක් තිබේ නම් නබි (සල්) තුමන් 21 රාත්‍රියෙහි එක් වසරකද, එතුමන්ගේ මිත්‍රයින් ඔත්තේ ඉලක්කම් වලින් ඇති විවිධ රාත්‍රියන්හිද දැක ඇත. තවද ඔත්තේ ඉලක්කම් වලින් ඇති රාත්‍රියන්හි එය සොයන්නට උත්සුක වන ලෙසත් පවසා ඇත. එම නිසා 27 වැනි රාත්‍රියේ පමණක් ලයිලතුල් කද්ර් උදාවෙයි යැයි තර්ක කිරීම බොහෝ නබි වදන් වලට පටහැනිය.

ලයිලතුල් කද්ර් රාත්‍රියේ විශේෂත්වය හා ප්‍රාර්ථනාව:

“ඇත්තෙන්ම අපි කුර්ආනය කීර්තිමත් රාත්‍රියක අනාවරණය කළෙමු. කීර්තිමත් රාත්‍රිය කුමක් යැයි ඔබට දන්නේද? එය මාස දහසකට වඩා උතුම්ය.” (ශු අල්කුර්ආන් 97: 1-3).

“කව්රුන් ලයිලතුල් කද්ර් රාත්‍රියෙහි විශ්වාසයෙන් යුතුව, පිං කුසල් අපේක‍ෂා කරමින් යාඥා කටයුතු වල නිරත වෙයිද ඔහුගේ පෙර කළ පාපයන් සමා කරනු ලබයි”. යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

බාග්‍යය සම්පන්න ලයිලතුල් කද්ර් රාත්‍රිය මාස දහසකට වඩා ශ්‍රේෂ්ඨ බව කීමෙන්ම එහි විශේෂත්වය මනාවට පැහැදිළි වෙයි.

ලයිලතුල් කද්ර්හි උසුරිය යුතු ප්‍රාර්ථනාව:

ආයිෂා (රලි) තුමිය නබි (සල්) තුමන්ගෙන් ශාස්තෘවරයානනි! “ලයිලතුල් කද්ර් රාත්‍රිය (මෙයයි කියා) මා දැනගත් විට කෙසේ ප්‍රාර්ථනා කළ යුතුද “අල්ලාහුම්ම ඉන්නක අෆුව්වුන් තුහිබ්බුල් අෆ්ව වඃෆු අන්නි” යා අල්ලාහ්! (හිමියනි!) සැබවින්ම ඔබ සමාව ලබා දෙන්නේය. තවද ඔබ සමාව ප්‍රිය කරන්නේය, එම නිසා මාගේ පාපයන් සමා කරනු මැන. යනුවෙන් ප්‍රාර්ථනා කරන්න”  (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නු මාජා).

මස්ජිදයෙහි ඉඃතිකාෆ් රැඳී සිටීම:

අල්ලාහ්ගේ මස්ජිද් අතුරින් එක් මස්ජිදයක ඉ:තිකාෆ් යාඥාව ඉටු කිරීම.  මක්කාවෙහි පිහිටා ඇති මස්ජිදුල් හරාම්. මදීනාවෙහි පිහිටා ඇති අල් මස්ජිදුන් නබවී, ජෙරුසලම්හි පිහිටා ඇති බයිතුල් මුකද්දස් වැනි ඉතා සුවිශේෂි වූ මස්ජිද්වල රැදී සිට ඉ:තිකාෆ් යාඥවා ඉටු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොහැකි විට වෙනත් කුමන මස්ජිදයක හෝ එම යාඥාව ඉටු කළ හැක. මෙය සඳහා සමහර අය නියියත් චේතනාව තමන්ගේ මුවින් ප්‍රකාශ කිරීමට පුරුදුවී සිටී නමුත් එය නබි (සල්) තුමන්ගේ මඟ පෙන්වීමට පටහැනි වෙයි. සියළු යාච්ඥාවන් සඳහා සිතින් චේතනාව ඇතිකරගත යුතු අතර ඉඃතිකාෆ් සඳහාද එසේය. මෙම යාඥාව සඳහා සියළු කාලවල අනුමැතිය පැවතුන ද, රමලාන් අවසන් දවස් දහයෙහි විශේෂිතව කළ යුතු යාඥාවක් වේ. “නබි (සල්) තුමන් අවසන් දවස් දහයෙහි ඉඃතිකාෆ් සිටියේය” (මූලාශ්‍රය: බුහාරි). මෙයට තවත් සධාක ඉහත සදහන් කළෙමු.

කාන්තාවන්ට ඉඃතිකාෆ්:

කාන්තාවන්ද ඉ:තිකාෆ් යාඥාව ඔවුන්ටම කියා මස්ජිදයෙහි වෙන්කළ ස්ථානවල ඉටු කළ හැක. “නබි (සල්) තුමන් අපවත් වන තෙක් රමලාන් අවසන් දවස් දහයෙහි ඉඃතිකාෆ් සිටීයහ. එතුමන්ගෙන් පසු එතුමන්ගේ භාර්යාවන් ඉඃතිකාෆ් සිටියහ”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

වෙනත් වාර්තාවන්හි නබි (සල්) තුමන්ගේ කාලයෙහිද එතුමන්ගේ භාර්යාවන් ඉඃතිකාෆ් හි නිරත වූ බව සඳහන් වෙයි. කාන්තාවන් මස්ජිදයෙහි සලාතය කිරීමටම නොදැනුවත්කම නිසා අවසර නොදෙන අපේ සමාජය, ඔවුන් ඉඃතිකාෆ් සිටීමට එරෙහිව සටන් දියත් කළද පුදුමයට පත්විය යුත නැත.

උනන්දු වීම හා යුහුසුළු වීම:

රමලාන් අවසන් දවස් දහයෙහි උදාවත් සමග නබි (සල්) තුමන් එයට පෙන්වූ උනන්දුව හා යුහුසුළුව එහි ශ්‍රේෂ්ඨත්වය මනාවට පෙන්නුම් කරයි. “රමලාන් අවසන් දවස් දහය උදාවත් සමග එතුමන් තම වේට්ටිය තදින් බැඳගනී, එම රාත්‍රියන් යාඥාවන්ගෙන් වර්ණවත් කරයි. යාඥා කටයුතු කිරීම සඳහා තමන්ගේ භාර්යාවන්ද නින්දෙන් අවදි කරවයි”. (මූලාශ්‍රය: බුහාරි).

“නබි (සල්) තුමන් රමලාන් අවසන් දවස් දහයෙහි (යාඥා කටයුතු කිරීමට) ගන්නා වෙහෙස මෙන් වෙනත් මාසයන්හි නොගන්නේය” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රය: තිර්මිදි). මෙය තුළින් නබි (සල්) තුමන් රමලාන් අවසන් දවස් දහයට දුන් මූලිකත්වය මනාවට ඔප්පු වෙයි.

දන් දීම:

මෙය සියළු කාලවල අපේක‍ෂා කළ යාඥාවක් වූවද, රමලාන් සමයෙහි අධිකව කළ යුතු විශේෂ යාඥාවකි. දුප්පත් අසරණයින්ගේ කුසගින්න සැමට සමසේ දැනෙන මාසයකි. උපවාසය තුළින් අපට ලැඛෙන පුහුණුව දුප්පත් අසරණයින්ට පිහිටවීමේ මානසිකත්වයක් උදාකළ යුතුයි. “නබි (සල්) තුමන් මිනිසුන් අතරින් හොඳ දේ දන් දෙමින් සිටියහ. රමලාන් මස තවත් අධිකව දන් දෙමින් සිටියහ”. (මූලාශ්‍රය: බුහාරි). වෙනත් වාර්තාවක “නොනැවති හමන සුළඟට වඩා වේගයෙන් නබි (සල්) තුමන් දන් දීමට පුරුදුවී සිටියහ”. (මූලාශ්‍රය: බුහාරි).

අල්-කුර්ආනය අධිකව පාරායනය කිරීම:

“දේව දූත ජිබ්රීල් (අඅලෙයිහි) රමලාන් මස සියළු රාත්‍රිවල නබි (සල්) තුමන් හමුවෙයි. එම අවස්ථාවේදි නබි (සල්) තුමන් කුර්ආනය පාරායනය කර පෙන්වයි.” (මූලාශ්‍රය: බුහාරි).

සියළු කාලවල ශුද්ධවූ කුර්ආනය පාරායනය කර, එහි ගැබ්වී ඇති අදහස් අධ්‍යයන කර, ඒ අනූව ජීවිතය සකසා ගැනීම අනිවාර්්‍යය බව අපි කොයි කවුරුත් දනිමු. එනමුත් රමලාන් කාලවල අල්-කුර්ආනයට විශේෂ පිළිගැනීමක් නබි (සල්) තුමන් දැක්වුයේය.

භාග්‍ය සම්පන්න එම රාත්‍රිය වසංව පැවතීමේ පරමාර්ථය :-

ලයිලතුල් කද්ර් රැය වසංව පැවතීමද මුස්ලිම්වරු වැඩි වශයෙන් යාඥා කටයුතු වල නිරතවී එය තුළින් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීම සඳහාය. තවද එම රැය සුළු පටු නොවේ. මාස දාහකට වඩා ශ්‍රේෂ්ඨ වේ. කෙනෙකු තම ජීවිත කාලය පුරා යාඥා කටයුතු වල නිරතවූවත් එයටත් වඩා මෙය වැඩි කාලයකි. මෙය අල්ලාහ් දාසයා කෙරෙහි දක්වන අසීමිත කරුණාව මොනවට පිළිබිඹු කිරීමකි.

කෝලාහල නොකර ජීවත් වීම:

මෙය ලයිලතුල් කද්ර් රැය වසංවීමට හේතු විය. නබි (සල්) තුමන් එය දැන්වීම පිණිස පැමිණී විට දෙදෙනෙකු සණ්ඩු සරුවල් කරමින් සිටියෝය. එබැවින් එය වසංවූ බව නබි (සල්) තුමන් පැවසූහ. එසේ නම් අප අතර පවතින කොපමණ එදිරිවාදිකම් නිසා අල්ලාහ්ගේ භාග්‍යන්හි දොරටුවන් වැසෙමින් පවතීද අපි නොදනිමු. එකමුතුකම, එක්සත්කම, සහෝදරත්වය, සහජීවනය, යනු ඉස්ලාම් මුල් කොට තකන වැදගත් කරුණු වේ. එබැවින් අප අතර පවතින් එදිරිවාදිකම් මතභේදයන් දුරුකර එකම සමාජයක් සේ නැගී සිටිය යුතුයි.

දේව දූතවරුන්ගේ පැමිණීම:

ලයිලතුල් කද්ර් රාත්‍රියෙහි මලායිකා (දේවදූත) වරු, ඒ වගේම ශ්‍රේෂ්ඨ දේව දූත ජිබ්රීල් ද මෙම මිහිතලයට බසිනු ඇත. අල්ලාහ්ගේ අණට අබමල් රේණුවක තරම් හෝ අකීකරු නොවන දේව දූත වරුන් එම රාති්‍රයෙහි නින්දෙන් ඈත් වී යාඥාකරන්නන් වෙනුවෙන් සමාව අයදින්නෝය, ඔවුන්ගේ යහපත උදෙසා ප්‍රාර්ථනා කරන්නෝය. වසරකට වරක් පැමිණෙන බාග්‍යන් වලින් පිරිපුන් උතුම්වූ ලයිලතුල් කද්ර් රාති්‍රය යාඥා කටයුතු වලින් වර්ණවත් කිරීමට අල්ලාහ්ගෙන් අයදිමු.

ඉඃතිකාෆ් මස්ජිදයෙහි රැඳී සිටීම:

ඉඃතිකාෆ් යනු:- මස්ජිදයෙහි රැඳී සිට අල්ලාහ් වෙනුවෙන් යාඥා කටයුතු කිරීම වේ.

එය අනිවාර්්‍ය වීමේ අරමුණ:

දේව ලබ්දිකයෙක් අල්ලාහ්ට යාඥා කටයුතු කිරීම, යාඥා කටයුතු මගින් ඔහුට සමීප වීම, ඔහු කෙරෙහි තබා ඇති භක්ති ආදරයට සාධක වශයෙන් ඔහු වැළකී සිටින්නට නියෝග කළ කරුණු වලින් වැළකි සිටීම, ඔහුගේ තෘප්තිය අපේක‍ෂා කිරීමද, සදාතනික නවාතැන වූ ස්වර්ගයට එහි සෞබාග්‍යමත් ජීවිතයට ප්‍රිය කිරීම. අල්ලාහ් මෙසේ පවසයි:- “(විශ්වාසවන්තයිනි!) ඉබ්රාහිම් සිටි ස්ථානය සලාතය දේව නැමදුම කරන ස්ථානය බවට පත්කරගන්න. යැයි (අණ කළෙමු). (එම නිවස) වටේ සක්මන් කරන්නන්ටද, එහි නවාතැන් ගන්නන්ටද, රුකුඋ, සුජූද් කරන්නන්ටද මාගේ නිවස ඔබ දෙදෙනාම පවිත්‍ර කර තබන්න! යැයි අපි ඉබ්රාහිම්ගෙන් හා ඉස්මාඊල්ගෙන් පොරොන්දු ගත්තෙමු”. (ශු අල්කුර්ආන් 2:125).

එහි නීතිය : ඉඃතිකාෆ් නවාතැන් ගැනීම සුන්නත් සතුටු දායක ක්‍රියාවක් වේ. නබි (සල්) තුමන් රමලාන් මස අවසන් දවස් දහය සිද්ධස්ථානයෙහි නවාතැන් ගැනීමට පුරුදු වී සිටියහ. එතුමන්ගේ භාර්යාවන්ද එතුමන් සමග හෝ පසු හෝ නවාතැන් ගැනීමේ නිරත විය. තවද භාර වීමකින් තොර ඉඃතිකාෆ් නවාතැන් ගැනීම අනිවාර්්‍ය නොවෙයි. “කව්රුන් අල්ලාහ්ට අවනත වන කරුණක භාරයක් කරයිද ඔහු එය ඉෂ්ඨ කළ යුතුයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රය: බුහාරි).

ඉඃතිකාෆ් ඉටු කිරීමට කොන්දේසි හයක් ඇත:

1- නියියත් (ඉඃතිකාෆ් නවාතැන් ගන්නා බව චේතනාව ඇති කර ගැනීම).

2- මුස්ලිමෙකු වීම.

3- මනා සිහි බුද්ධියෙක් ඇති කෙනෙකු වීම.

4- හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තිය ඇත්තෙකු වීම.

5- ස්නානය අනිවාර්්‍ය වන කරුණු වලින් ඈත් වී සිටීම. අල්ලාහ් පවසයි: “ස්නානය අනිවාර්්‍ය වී සිටින තත්වයක් තුළ ස්නානය කරන තෙක් (සිද්ධස්ථානයට නොපිවිසෙන්න). සිද්ධස්ථානය තුළින් මාර්ගයක් වශයෙන් භාවිතා කරන අවස්ථාවන් හැර”. (ශු අල්කුර්ආන් 4:43).

6- ඉඃතිකාෆ් නවාතැන් ගන්නා සිද්ධස්ථානයෙහි රැඳී සිටීම. මේ පිළිබඳ අල්ලාහ් පවසයි: “ඔබ සිද්ධස්ථානයෙහි තනිව (රැඳී සිටින විට) ඔබගේ භාර්යාවන් සමග එක් නොවන්න”. (ශු අල්කුර්ආන් 2:187).

ඉඃතිකාෆ් සිටින්නා කිරීමට යහපත් කරුණු:

ඉඃතිකාෆ් නවාතැන් ගන්නා යාඥා කටයුතු වල නිරතවීම, අනවශ්‍ය දේ කථා කිරීමෙන්, අනවශ්‍ය දේ කිරීමෙන් වැළකී සිටීම.

ඉඃතිකාෆ් සිටින්නාට උචිත කරුණු:

අවශ්‍ය අවස්ථාවක ඉඃතිකාෆෙන් පිටවීමට අනුමැතිය ඇත. උදාහරණයට: පවිත්‍ර කිරීම සඳහා, ආහාර පාන ගෙන ඒමට කව්රුත් නොමැති අවස්ථාවක එය රැගෙන ඒම සඳහා, මළ මුත්‍රා පහ කිරීම සඳහා, ජුම්ආ සලාතය සඳහා වෙනත් මස්ජිදයකට යෑමට ද හැක. ඔහුගේ බිරිඳත් සමග කථා කිරීමටද, තවද ඔහු හමුවීමට පැමිණෙන්නන් සමග අධිකව නොව කථා කිරීමටද හැක.

සකස් කිරීම:
අබූ අස්මා

Related Posts

  • මුහර්රම් මස තවත් නව වසරක උදාවයි! (Republish)September 24, 2017 මුහර්රම් මස තවත් නව වසරක උදාවයි! (Republish) (0)
    "මුහර්රම් මස" චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි: ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: "නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, […]
  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද?August 16, 2017 දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද? (0)
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින […]
  • මඳකට ආපසු හැරී බලමු! (Republish)September 24, 2017 මඳකට ආපසු හැරී බලමු! (Republish) (0)
    මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය: 1- මුහර්රම් 2- සෆර් 3- රබීඋල් අව්වල් 4- රබීඋස් සානි 5- ජමාදුල් අව්වල් 6- ජමාදුස් […]
  • අබ්දුල්ලාහ් මනුලාල්ගෙන් සටහනක්October 22, 2009 අබ්දුල්ලාහ් මනුලාල්ගෙන් සටහනක් (0)
    දැහැමි ජීවිතයකට ඉස්ලාම් මග පාදයි පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි කරුණාබර වැඩිහිටියනිæ සහෝදර සහෝදරියනිæ මිනිසෙකු වශයෙන් උපත ලැබීමට වාසනාව ලද ඔබ අපි හැම දෙනාම ප්‍රධාන වශයෙන් සැළකිය යුතු කාරණා […]
  • අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප්‍රාර්ථනා!March 9, 2017 අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප්‍රාර්ථනා! (0)
    කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ […]

June 11, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, සාරධර්ම

Leave a Reply