ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද? – 1

වාර්ගික(ජාති) භේදය ඉස්ලාම් අනුමත කරයිද?

ජනතාව විවිධ කොටස් වශයෙන් වෙන්කර භේද කරීම ඉස්ලාම් අනුමත කරයිද? යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර වාර්ගික භේදය යනු කුමක්දැයි හඳුනා ගැනීම වඩාත් සුදුසු යැයි සිතමි. එදා යුරෝපී ප්‍රජාව කොටස් තුනකට බෙදා වෙන්කර තිබුණි. එනම්, පූජකයින්, ප්‍රභූවරුන්(රදලයින්), සාමාන්‍ය වැසියන්.

පූජකයින්: (ක‍්‍රීස්තියානි) පූජකයින් තමන්ට සුවිශේෂීවූ නිල ඇඳුමකින් සැරසී ඇඳුමෙන් පවා ඔවුන් කැපී පෙනෙන පිරිසක් වූහ.

මේ පූජක පක්ෂයට එදා රජවරුන්ට නොදෙවෙනි බලතල හිමිවූ අතර ජූජ්‍ය පක්ෂය ඇතුලත් “උත්තරීතර මණ්ඩලය” රජවරුන්ට පවා විරෝධය පෑමට තරම් ශක්තිමත් විය. උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියා පාප් වහන්සේ යන නමින් හැඳින් විය. රාජ්‍ය පාලනය වනාහි තමන් විසින් ලබා දුන් සිගමනක් බව ප්‍රකාශ කළහ. පාලකයින්ගේ බලතන්හාව සංසිදුවා ගැනීමට තමන්ගෙන් වෙන්වී කටයුතු කරන බවට රාජ්‍ය පාලනය අවතක්සේරුවට ලක් කළහ.

ඔවුනට අසීමිත බලතල හිමිවූවා පමණක් නොව පූජ්‍ය පක්ෂය සඳහා බැතිමතුන්ගෙන් ලැබුන දාන මාන හා අය කළ බදු මගින් ලැබුන විශාල ධනස් කන්දයකට හිමිකරුවන්ද වූහ. මෙසේ සියලූ සැප සම්පතක්ම ලබමින් සමාජයේ ඉහළින් වැජඹුනහ.

ප්‍රභූවරු (රදලයින්):  උපතින්ම උත්තරීතර කුලයක් ලෙස මොවූහු සමාජයේ වැජඹුනහ. මේ උත්තරීතර බව පරම්පරාවෙන් හිමි කරගත්හ. මොවුන් කුමන පිළිකුල් සහගත වැඩක යෙදුනද ඔවුන්ගේ තත්ත්වයට කිසිදු හානියක් නොවීය, එදා වැඩවසම් ක්‍රමය තදින් පැවතුන යුගයක් නිසා තම ගොවි බිම්වල පදිංචි අයගෙන් හිතු මනාපයට බදු අයකරගත්හ. ඔවුන් සිතූ සේ නීති පනවා ගත්හ. ඉඩම් හිමියන් සතුටු වන අන්දමින් ක්‍රියා කිරීම පදිංචි කරුවන්ගේ පරම යුතුකම විය. රාජ සභාවේ ව්‍යවස්ථා දායකයන් ලෙස අසුන්ගෙන සිටි ඔවුන් තමන්ට වාසිදායක අන්දමින් නීතරීති හා ව්‍යවස්ථාවන් සකස් කළහ. මොවුන්ගේ සුවිශේෂ පැවැත්මට අත ගැසීමට කිසිවකු බලවත් නොවූයෙන් ඉහළම පංතියක් ලෙස සමාජයේ වැජඹුනහ.

සාමාන්‍ය(සිවිල්) ජනතාව: සාමාන්‍ය ජනතාවට කිසිම අයිතිවාසිකමක් නොවීය. පාලකයන්ගෙන් හෝ වෙනත් සමාජයකින් සහනයක් නොලද මොවුන් හට උරුම වූයේ දිළිදුකම හා වහල්භාවයයි නින්දා, අපහස හා වඳහිංසා යන ඒවා අමතර වශයෙන් ලැබුණු තිළිණයන්ය. තමන්ගෙන් පසු පරම්පරාවට දායාද කර දුන්නේද මේ උරුමයන්ය.

පසුකාලයක පූර්සූවාත්කල් නමැති අළුත් පැලන්තියක් ඇතිවීමට හේතුවූයේ ආර්ථීක ක්‍රමයේ සිදුවුනු වෙනස්කම් සමහරක්ය. මොවුන්ද ප්‍රභූවරුන්ගේ තැන ගැනීමට ප්‍රයන්ත දැරූ ඉහළ පෙළේ ජන කොටසක් වූහ. සිවිල් ජනතාවට නායකත්වය දැරූ මෙම පංතියට අයත්වූවන්ගේ පුරෝගාමිත්වය නිසා “ප්‍රංශ විප්ලවය” ඇති විය. මෙම ප්‍රංශ විප්ලවය නිසා බාහිර ඔපයක් වශයෙන් හෝ පංති භේදය නැති කරලීමට මඟ පෑදුනේය. මේ නිසා සහෝදරත්වය, සහජීවනය හා නිදහස යන්න ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැණින.

එදා ප්‍රභූවරුන් වශයෙන් සිටි අය අද ධනපති පංතියයි. වත්මන් ධනපති පංතිය විසින් එදා ප්‍රභූවරුන්ට අයත් තැන අත්පත් කර ගන්නා ලදී. මේ වෙනස කෙළින්ම සිදු නොවීය. මෙය එවකට පැවති ආර්ථීක වෙනස්කම් කිහිපයක අතුරු ඵලයකි. නමුත් “එදා වාර්ගික” භේදය ඇතිවීමට තුඩුදුන් මූලික ප්‍රතිපත්ති කිසිවක් වෙනස්වී නැත. එදා ප්‍රභූවරුන් අතේ තිබුණ බලතල සියල්ල අද ධනපති පංතියේ අතට පත්වී ඇත. වෙනසකට සිදුවූයේ කබලෙන් ලිපට වැටීමක් පමණය.

ඇත්ත වශයෙන් ධනය, බලය හා පාලනය තමන්ට කැමති පැත්තකට හැරවීමේ හැකියාව අද ධනපති පංතිය සතුය. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන මතුපිටින් කතා කළද පාර්ලිමේන්තුව තුල හා රජයේ සෙසු අංශවලද තමන්ගේ පහත් සිතුම්පැතුම් හා අභිලාශයන් අයුතු මාර්ගවලින් ඉටුකර ගැනීමට ධනපතියන් සමත් වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාව හැටියට අප හඳුන්වන “මහා බි‍්‍රතාන්‍ය” ධනවතුන්ගේ සභාව :්‍යදමිැ දෙ ඛදරාි- නමින් තම පාර්ලිමේන්තුවේ උත්තර සභාව නම්කර තිබීම අප මතක තබා ගත යුතු කරුණකි.

මහ බි්‍රතාන්‍යයේ බූදල පිළිබඳව තවම පැරණි නීතරීති ක්‍රියාත්මක වෙයි. බි්‍රතානයේ පවතින නීති අනුව ධනවතෙක් මිය ගිය පසු ඔහුගේ සම්පූර්ණ දේපල හා වස්තුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට හිමිවෙයි. මේ ක්‍රමය නිසා තම වස්තුව පවුලේ සාමාජිකයින් අතර සමව ඛෙදී යාම වෙනුවට කිහිප දෙනකුගේ අතට පත්වෙයි. මෙසේ යම් කෙනකුට දේපල අයිතිය හිමිවූ පසු ඔහු එම පවුලේ සියලූ වරප්‍රසාද හා බලතල ලබමින් ගෞරවනීයත්වයට පත්වෙයි. එදා ප්‍රභූ පංතියේ ක්‍රියාවලියද මේ අයුරින්ම සිදු විය. ධනය (වස්තුව) කවුරුන් අතේද, බලයත් ඔහු අතේය යන වැරදි මතයක් එදා සමාජය තුල විය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නීතිය සැලකිය යුතු කිහිපදෙනෙක් අතට පත්වීම නිසා ඔවුනට අවශ්‍ය පරිදි නීතරීති සම්පාදනය විය. තම අභිලාශයන් මුදුන් පත්කර ගත හැකි අයුරින් හා සාමාන්‍ය ජනතාව තලා පෙලා සූරා කෑමට හැකි අන්දමින් නීති හා ව්‍යවස්ථාවන් සම්පාදනය විය.

ඉස්ලාමය හා පංතිභේදය.

ඉහත සඳහන් කළ තොරතුරු අනුව බලන කල ඉස්ලාමයේ සුළු වශයෙන් හෝ පංතිභේදයක් එදා තිබුණේ නැති අතර අදත් නැතිබව තරයේ්ම කිව හැක. පහත සඳහන් තොරතුරු තුළින් එය තහවුරු කරගත හැකිය. වස්තුව සීමා සහිත පිරිසක් අතේ පමණක් රඳවා ගැනීමේ කිසිම නීතියක් ඉස්ලාමයේ නැත. ඒ ගැන —ශ=ද්ධ කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි. —…..තවද ඔබලා අතරේ සිටින ධනවතුන් අතරේ පමණක් වස්තුව රැදී නොතිඛෙන අයුරින්….. (මෙසේ ඛෙදා ගන්නා ලෙස නියෝග කරමු.)˜ අල්-කුර්ආන් 59:7 යනුවෙන් පහැදිලි ලෙස නියෝග කරයි.

ඉස්ලාම් ධර්මයේ වස්තුව පොදුවේ සැමට ඛෙදී යන අයුරින් නීති සකස් කර ඇත. පරම්පරාගත දේපල හා වස්තුව සමසේ ඛෙදා ගත යුතුය. පරම්පරාවෙන් හිමිවන වස්තුව එක් අයකුට පමණක් හිමිවන්නේ නැත. මියගිය ධනවතාට දරුවන් හා ඥාතීන් නොමැති නම්, පවුලේ ඥාතීන් නොවන අයට හා දුප්පතුන් අතරේ ඒවා ඛෙදී යන අයුරින් ඉස්ලාමයේ නීති සකස්වී ඇත.

ශ=ද්ධ අල්-කුර්ආනයේ මෙසේ කියයි. —දේපල ඛෙදා ගැනීමේදී (දේපල උරුමකරුවන් නොවන) පිටස්තර ඥාතීන්ද, අනාථයින් හා දුප්පතුන්ද පැමිණෙන්නේ නම් ඔවුන්ටද එම වස්තුවෙන් ඛෙදා දෙන්න. ඔවුන්ට ප්‍රිය වචනවලින් කථා කරන්න.˜ (අල්-කුර්ආන් 4:8) යනුවෙන් නියෝග කරයි.

එක් අයකු අතේ පමණක් ධනය නොරුදී පොදුවේ එක් එක් පුද්ගලයින් අතර ඛෙදී යනවා පමණක් නොව, ධනවතෙක් මිය ගිය විට ඇතැම් අවස්ථාවල ඔහුගේ ධනය දුප්පතුන් අතරත් ඛෙඳී ගොස් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමද ඉස්ලාමය තුලින් සිදු වෙයි. විශේෂිත කිහිපදෙනෙක් අතරේ පමණක් නොරැඳී අතින් අතට මාරුවී යාමද මෙමගින් සිදුවේ. මේ හේතුවෙන් ධනපති පංතිය යනුවෙන් උපතින්ම ධනය සඳහා උරුමකම් කියන පිරිසක් වශයෙන් වැජඹෙන සමාජයක් ඉස්ලාමය තුල දැකිය නොහැක.

නීති සකස් කරීම සුවිශේෂිත කණ්ඩායමක් විසින් තම අභිමතය පරිදි කළ නොහැක. ඉස්ලාමයේ සමාජ සංවිධානයක් තුල සෑම ප්‍රජාවක්ම පොදුවේ දෙවියන්ගේ අණපනත් වලට බැදී සිටීයි. ඒහෙයින් දේව නීතියට සැවොම හිස නැමිය යුතුය. එහි පක්ෂපාති බවක් හෝ අසාධාරණයක් දැකිය නොහැක.

මෙයින් හෙළිවන සත්‍ය නම් ඉස්ලාම් දහම තුල, සමාජයක පංති හා කුල භේදයට කිසිසේත් ඉඩක් නොමැති බවය. නීති සකස් කරීමේ අයිතිය මිනිසුන් පවරාගත් විට එක් පිරිසකට වාසි, අවාසි වන අන්දමින් ඒවා සම්පාදනයවීම වැළැක්විය නොහැක. එහෙත් එසේ මිනිසුන්ට නීති සම්පාදන නිදහස ලබා නොදුන් සමාජයක, පංති කුල භේදයක් දැකිය නොහැක.

ඇතැම් අන්‍ය ආගමිකයන් වරඳවා තේරුම්ගත් වාක්‍ය දෙකක් ඇත. දැන් ශ=ද්ධ කුර්ආනයේ සඳහන් වැකි දෙකක් ගැන බලමු. මේවා ඉතා අවධාරණයෙන් යුතුව නොකියවන්නේ නම් සමහර විට වැරදි වැටහීමක් ඇති විය හැක.

—…නුඹලාගෙන් සමහරෙකු තවත් සමහරෙකුට වඩා තත්ත්වයෙන් උසස් කොට ඇත……˜ (අල්-කුර්ආන් 6:165)

—…ඔවුන්ගෙන් සමහරෙකුගේ තත්ත්වයට වඩා තවත් සමහරෙකුගේ තත්ත්වය අපි උසස් කළෙමු……˜ (අල්-කුර්ආන් 43:32)

මේ වාක්‍ය දෙක පමණක් සැළකිල්ලට ගෙන —ඉස්ලාම්˜ දහම පංතිභේදය අනුමත කරන්නේ යැයි අපට කිව නොහැක.

මෙයින් අර්ථවත් වනුයේ අද අප ජීවත්වන සමාජය තුල දකින්නට ලැඛෙන ප්‍රායෝගික පැත්තය. ඉස්ලාමීය පාලනයක් හෝ ඉස්ලාමීය නොවන පාලනයක් තුල සමාජයේ වත් පිළිවෙත් හා ක්‍රියාකලාප නිසා විෂමතාවක් ඇති වන බවත්, සමාජය කොටස්වලට වෙන්වෙන බවත් මෙයින් හැඟවෙයි.

උදාහරණයක් ලෙස රුසියාව ගතහොත් එහි කම්කරුවන් සියලූ දෙනාටම සමාන වැටුපක් ලබා දෙනවාද? ජීවත්වන සමාජය තුල සමහරෙක් සමහරෙකුට වඩා ඉහළ මට්ටමක නොවේද? හමුදාවට සෙබලූන් බලහත්කාරයෙන් බඳවා ගත්තත් වැටුපෙන් හා නිල තලවලින් උස්පහත් භේදයක් දකින්නට ඇත. ජනයා අතරේ කෙනෙක් කෙනෙකුට වඩා උස් පහත් මට්ටමකින් ජීවත්වන්න සිදුවීම නොවැළැක්විය හැකි බව මෙහිදී පෙන්වාදී ඇත. මේ විෂමතාවය සමාජවාදය, කොමියුනිස්ට්වාදය හෝ ඉස්ලාමය නිසා සිදුවන බව මෙයින් නොකියවෙයි. මෙය සාධාරණ හෝ අසාධාරණ සිදුවීමක් ලෙස නොදකින අතර සියලූම දේ දෙවියන්ගේ මනාපය පරිදි සිදුවන බව සත්‍යයකි.

ඉස්ලාමය සමාජය තුල කුල භේදයක් නොමැති බවත්, නීති සම්පාදනයේ පාරම්පරික උරුමකරුවා මිනිසා නොවන බවත්, මෙතෙක් කළ විස්තරවලින් තේරුම් ගෙන ඇතැයි සිතමි.

ඉතාමත් අවධාරණයෙන් යුතුව සලකා බැලිය යුතු තවත් කරුණක් ඇත. දේපල හා වස්තු අතින්ද නිලතල අතින්ද ඇති විෂමතාවයට වඩා නීති සම්පාදනය කරීමේ අයිතිය හා බලය ඔවුන් අතට පත් කරීමෙන් ඇතිවන ප්‍රතිඵලය අති භයානකය. මෙම කරුණු දෙක අතර ඇති වෙනස පැහැදිලිව වටහා ගත යුතුය. නැතිබැරි හා ඇති හැකි භේදය සමාජයට එතරම් හානිකර වන්නේ නැත. නීතිය ඉදිරියේ සියලූ දෙනාම සමාන බවත්, ජීවත්වන සමාජ මට්ටම අනුව නීතිය හා සාධාරණය වෙනස් නොවන බවත් ප්‍රතිපත්ති හා සිද්ධාන්තයක් තුල සැවොම එක සමාන බවත් පිළිගැනීම ඉස්ලාමීය සමාජයකට අනිවාර්‍ය වන්නේය.

ඉඩම්කඩම් හා දේපල හිමියන්ට අධිකරණ (නීති පැනවීමේ) අයිතිය හෝ වෙනත් විශේෂ වරප්‍රසාද හිමි නොවන හෙයින් අනෙක් අය තලා පෙලීම, අයුතු බලපෑම් කරීම හෝ වහල් සේවා ලබා ගැනීම ගැන සිතා බැලීමට පවා ඉඩක් නොමැත.

ඉස්ලාමීය සමාජයක පාලකයින් තෝරාගනුයේ ජනතාව බැවින් මෙහි ධනපති පංතියේ බලපෑමක් නොමැත. එමෙන්ම පාලනය ධනපතියන්ගෙන් ලබාගත් සිඟමනක් නොවන නිසා එහි වාර්ගික විෂමතාවකට ඉඩක් නැත. දෙවියන් වහන්සේ විසින් පහළ කළාවූ නීති රීති මත රැඳුණු පාලනතන්ත්‍රය සකස්කරන පාලකයෝ, දෙවියන්ට (බියවූ) අවනත පිරිසක් වශයෙන් සාධාරණ හා අභිමානවත් පාලනයක් ගෙන යති.

සමාජයේ සැමදෙනා අතරේ දේපල හා වස්තුව නිසි ලෙස ඛෙදී යන සැළැස්මක් වෙන කිසිම සමාජයක් තුල නොමැත. පංතිභේදය සම්පූර්ණයෙන් ඉවත් කරීමට උත්සහ කරන කොමියුනිස්ට්වාදය පවා, සියලුම කොටස් අභිබවා එක් ජන කොටසකට පමණක් බලතල ලබාදී ඇත. ඒ කම්කරු පංතියයි.

ඉස්ලාමීය සම්පූර්ණයෙන් පංතිභේදය මුලිනුපුටා දැමීමේ මූලධර්මයන් මත ගොඩනැගුණ ප්‍රතිපත්ති මාලාවක් නිසා එයින් භේදය නැතිකරීම හැර ඇති කරීමක් කිසිසේත් සිදු නොවෙයි.

මතු සම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published.