අල්ලාහ්ගේ සෙවනැල්ලට සුදුසුකම් ලබන්නේ කවුද?

සකස් කිරීම: ඉබ්නු අබ්දුර් රහ්මාන් බදුල්ල

මේ ලෝකයේ මිනිසා මවනු ලැබූ දා පටන් ඉතා යහපත් ධාර්මික ජිවිතයක් ගත කරන්නෝ මෙන්ම, ඉතා පාපි අධර්මිෂ්ඨ ජිවිතයක් ගත කරන්නෝ ද වෙති. මෙම ලෝකය පැවැත්වෙන තුරු මෙම තත්ත්වය පවති. ඇතැම් අවස්ථාවල දී ඉතා යහපත් ගුණාංගයෙන් පිරි සත්පුරුෂයින් අසත්පුරුෂයින්ගේ වද වේදනාවන් වලින් පීඩා විඳිති. අධර්මිෂ්ඨයින් මේ ලෝකයේ සුර සැප විඳිති. ඔවුන්ගේ අකටයුතුකම් වලට දඬුවම් නොවිඳ මෙලොවින් සමු ගනිති.

යහපත් පුද්ගලයින්ට තිළිණයක් මෙන්ම අයහපත් අයට නිසි දඬුවම් ලැබිය යුතුය යන්න සාධාරණ නීතියකි. මෙම සරළ නීතිය අනිවාර්යෙන්ම ක‍්‍රියාත්මක වනු ඇත. මෙම විනිශ්චය ලබා ගැනීම සඳහා මෙම මිහිතලය මත ජිවිතය ලත් සියළුම මිනිසුන් නැවත ජිවිතයක් ලබති. ඒ මෙලොවදී බිහිවු මෙන්ම මත ජිවිතය ලත් සියළුම මිනිසුන් නැවත එක දිනක දී එක විට නැවත ජිවිතයක් ලබති. ඒ මෙලොවදී බිහිවු මෙන්ම මව් කුසයෙහි සිට ඉපිද, බිළිඳු ජිවිතය, ළමා ජිවිතය, වැඩිහිටි ජිවිතය මෙන් ක‍්‍රමාණුකූල වර්ධනක් නොවේ. එය නැවත ඉපදීමක් නොව, නිදා සිටින මිනිසා යළි නැගිටින මෙන් නැගීටිමකි, බිහි වීමකි. එම දිනය ඉතා භයානක දිනයකි. කිසිම කෙනෙකුගේ උදව්වක් ලබා ගත හැකි දිනයක් නොවේ. සියළුම දෙනා තමාගේ ඉරණම කුමක්වේදෝ යන බියෙන් තැනි ගන්නා දිනයකි. මිනිසා තම ඉරණම යහපත් කර ගැනීමට තම මව, පියා, තම දරුවන්, තම සොයුරු සොයුරියන් මෙන්ම සියල්ලන්වම පාවා දී හෝ යහපත් අවසානයක් ළඟා කර ගැනීමට තැත්කරනා දිනයකි. එම දිනයේ අධිපති වු පරම ස්වාමියා වු අල්ලාහ්ට අවනත වු නබි වරු ද තමන්ගේ ඉරණම ගැනම ක‍්‍රියා කරති. උසස් වු අල්ලාහ්ට සමීපව සිටි මලාඉකාවරු මෙන්ම ‘‘අර්රූහ්’’ නැමැති ජබ්රීල් තුමා ද පේලි ගැසී සිටින දිනයකි. එම විනිශ්චය දිනයේ විනිශ්චය ලැබෙන තෙක් මිනිසුන් බලා සිටිති. සුර්යයා ඉතා සමීපව පිහටුවා තිබේ. එමනිසා සුර්යයා, ඉතා සමීපව පිහටුවා තිබේ. එම නිසා මිනිසා සෙවණක් සොයා සෑම තැනම දුවන්නට පටන් ගනී. එනමුත් එම දිනයේ ගස්, කඳු, ගල්, පර්වත කිසි දෙයක් දැකිය නොහැක. අහස ද ඉතා විවෘත මාර්ගයක්මෙන් පෙනේ. විනිශ්චය දිනයේ අධිපති, මරණයක් නොමැති, සදා කල් පවතින්නා වු අල්ලාහ් උන්වහන්සේගේ ‘‘අර්ෂය’’ පමණක් දැකිය හැකිය හැක. එම අර්ෂයට පමණක් සෙවණැල්ලක් ඇත. එම සෙවනැල්ල ලබා ගැනිම සඳහා වු සුදුසුකම් හතකි. එම සුදුසුකම් හතම වුව ද  ඕනෑම කෙනෙකුට මෙම ලෞකික ජිවිතයේ දී ලබා ගත හැක. එම සුදුසුකම් වලින් එකක් වුව ද එම සෙවණැල්ල ලබා ගැනිමට සෑහේ. එසේ නම් එම සුදුසුකම් මොනවා ද?

අල්ලාහ්ගේ ‘‘අර්ෂයේ’’ සෙවණැල්ල හැර කිසිම සෙවණැල්ලක් නොමැති (විනිශ්චය) දිනයෙදී සත් වර්ගයට අයත් පුද්ගලයින්ට, අල්ලාහ් තම සෙවණ ලබා දෙන්නේය. එනම්,

1- ඉතාමත් නීති හා යුක්ති සහගත නායකයෙක්
2- අල්ලාහ් මෙනෙහි කිරිම නොහොත් ’දික්ර් හි තම යෞවනය කැප කළ තැනැත්තා
3- තමන්ගේ සිත මස්ජිදය හා (අමුණා) සම්බන්ධ කර ඇති තැනැත්තා
4- ඉතා සුරූපි දැකුම්කළු කාන්තාවන් තමන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට ආරාධනා ලැබ ආශා ඇති එහෙත් අල්ලාහ්ට බියෙන් ‘‘මම අල්ලාහ්ට බිය වෙමි’’ යැයි පවසා එම පවෙන් ඉවත් වන තැනැත්තා
5- තම වම් අතට නොදැනි දකුණතින් සදකා (දන්* දෙන තැනැත්තා
6- අල්ලාගේ තෘප්තිය ලබා ගැනීම වෙනුවෙන්ම එක්වී, අල්ලාහ් වෙනුවෙන්ම වෙන් වි යන දෙදෙනා
7-  අල්ලාගේ (දණ්ඩනයන්ට බියෙන් හා අල්ලාහ්ගේ තිළිණයන් ලබා ගැනිම සඳහා හුදකලාව හඬමින් ප‍්‍රාර්ථනා වල යෙදමින්* කන්නලව් කරන තැනැත්තා

මෙම හදීසය බැලූ බැල්මට ඉහත සඳහන් කරුණු හත පුරුෂයින්ට පමණක් සිමා වු ලෙස හැෙඟ්. එය එසේ නැත. ඒ කරුණු සියල්ලම ස්ත‍්‍රීන්ට ද අදාළය. සවිස්තරාත්මකව එම කරුණු හත :-

01. නබිතුමා යුක්ති ගරුක නායකයෙකු යැයි කී විට, එය නායකත්වයේ සිටින උසස් නිලයන් පමණක් නොවේ. එම නායකත්වය යනු රටේ නායකත්වයේ, ගමේ නායකත්වයේ, මස්ජිදයේ ඉමාමි, පංති කාමරයක ගුරුවරයෙකු, පවුලක ගෘහ මුලිකයා වැනි  ඕනෑම අපක්ෂපාති තිරණයක් දිය යුතු ස්ථානයක සිටින නායකයෙකු යැයි, මෙම හදීසය විග‍්‍රහ කරන ඉමාමිවරු පැහැදිලි කර ඇත. එම නිසා  ඕනෑම පුද්ගලයෙකු තමන් සිටින තත්වයේ දී ඉතා යුක්තිගරුකව හා අපක්ෂපාතිව ක‍්‍රියා කිරීමෙන් මෙම සුදුසුකම ලබා ගත හැක.

02. අල්ලාහ්තආලා (දීත්ර්) මෙනෙහි කිරිම හා සම්බන්ධ දේවල් ඉගෙන ගැනීම, අල්කුර්ආනාය පාරායනය කිරිම, එය වටහා ගැනීම. ඉස්ලාම් ධර්මය ස්ථාපිත කිරිම, ප‍්‍රචාරය කිරිම,  අන් අයට අවබෝධ කර දීම වැනි ක‍්‍රියාවන් සඳහා තම යෞවනය කැප කරන්නා වු යෞවනයන් මෙන්ම යෞවනියන ද මෙමඟින් අර්ෂ්හි සෙවණ ලැබීමට සුදුසුකම් ලබති.

03. අද අප සමාජයේ සමහර පෙදෙස් වල නිසි කලට වේලාවට මස්ජිදයේ සලායනය ඉටු කිරිම යනු වයෝවෘද්ධ අයට පමණක් සිමා වී තිබේ. කෙනෙකු යෞවනයෙදීත් සලාතය මස්ජිදය සාමුහිකව ඉටුකරන ජමාඅත් සලාතයේදී ඉටු කිරිමෙනුත්, ඉදිරියට එන සලාතය ජමාආතය සමඟ ඉටු කිරීමට ආශාවෙන් සිටීමෙන් මෙම සුදුසුකම ලබා ගන්නේය. ස්ත‍්‍රින් ද, සෑම සලාතයක්ම, තම නිවසේ දී සිටීමෙන් මෙම සුදුසුකම ලබා ගන්නේය. ස්ත‍්‍රින් ද සෑම සලාතයේම තම නිවසේ දී ‘‘අව්වල් වක්ත්’’ නම් අදාන් වේලාවක් සමඟ ඉටුකිරිමෙන් හා තම දරුවන් නිසි වේලාවට මස්ජිදය කරා යැවීමෙන් මෙම සුදුසුකම් ලබති.

04. සෑම විටම අල්ලාහ් තමන් කෙරේ අවධානයෙන් සිටින බව හැගීමෙන් සිටිනා, එහෙත් තම ආශාවන්, නිසා සිතට වහල් වී පාප කර්ම වල නියැලෙන තරමට සමීප වෙත්ම, අල්ලාහ් ගැන භය හට ගෙන හෝ අල්ලාහ් භය වෙනු යැයි ඇසිමෙන් අල්ලාහ්ට බියෙන් එකී පාපකර්ම වලින් මිදී, අල්ලාහ්ගේ පිහිටි පැතීම වැනි යහ ගුණාංග ප‍්‍රගුණ කිරීම මඟින් මෙම සුදුසුකම ලබා ගත හැක.

05. දානයක් ලබා ගන්නා තැනැත්තා මෙම දානය (පරිත්‍යාගය* ලැබෙන්නේ කාගෙන් දැයි නොදැනෙන තරමට රහසිගතව දන් දෙන්නා මෙම ගණයට අයත් වෙති.

06. සමාජ උන්නතිය සඳහා, අල්ලාහ්ගේ දීනය (ධර්මය) ස්ථාපිත කිරිම සඳහා මිනිසා තනිව පමණක් නොව සාමුහිකව ද ක‍්‍රියා කළ යුතුය. මෙහිදී අප චේතනාවෙන් අල්ලාහ් වෙනුවෙන්ම යන පිවිතුරු චේතනාව සමඟ එක්වීම, වෙන්වීම මඟින් මෙම සුදුසුකම ලබා ගත හැක.

07. සෑම කෙනෙකුගේ පැතුම විය යුත්තේ මරණින් මතු ජිවිතයේ දී උසස් වු අල්ලාහ්ගේ තෘප්තිය හා ස්වර්ගය ලබා ගැනීමය. මෙම තිළිණය ලබා ගැනීමට අපි ද කරන කියන ක‍්‍රියාවන් යහපත් විය යුතුය. ඒවා අල්ලාහ් විසින් පිළිගත යුතුය. එමෙන්ම අපි දැනුවත් හා නොදැනුවත්ව කෙනෙකු පාප ක‍්‍රියා, අකුසල් වෙනුවෙන් අල්ලාහගේ අණ්ඩනයෙන් මිදීමට හා උන්වහන්සේගේ සමාව ලබා යහපත් ක‍්‍රියාවන් උන්වහන්සේ විසින් පිළිගැනිම සඳහා හඬා වැලපී කන්නලව් කිරිම, මෙ නිසි ලෙස කිරිමට නම් අන් අයගේ දෘෂ්ඨියෙන් ඉවත් වී තනිව හඬා වැලපී අල්ලාහ්ගේ කන්නලව් කිරිම මඟින් මෙම සුදුසුකම ලබා ගත හැක.

කියාමත් දිනය සත්‍ය දිනයකි. යම් දිනක මෙම ලෝකය විනාශ වී යනු ඇත. ඉන්පසු සෑම කෙනෙකුම නැවත බිහිවනු ඇත. එම  දිනයේ දී විනිශ්චය සඳහා දිර්ඝ කාලයක් කිසිම සෙවණක් නොමැති එහෙත් අල්ලාහ්ගේ ‘‘අර්ෂය’’ සෙවණ ඇති එම දිනය, මෙලොවේ අපි ගත කරන පැය 24 දිනය මෙන් දින 360000 දිර්ග දිනයකි. එම දිනයේ දී අල්ලාහ්ගේ අර්ෂයේ සෙවණත්, පිපාසය සංසිඳුවා ගැනීම මුහම්මද් නබිතුමාගේ සුරතින් එතුමාගේ අල්කව්සර් නම් ජලාශයේ දිය පොදක්, අපේ කාර්ය පටිපාටිය සඳහන් ලේඛනය අප දකුණතෙහි රැුදී ‘‘අස්හාබුල් යමින්’’ නම් දකුණු පැත්තේ පාර්ශවයන් හා එක්වීමට අල්ලාහ්තආලා අපට මඟ පෙන්වත්වා.

Leave a Reply

Your email address will not be published.