ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද? -04

ඉස්ලාම් ප්‍රතිගාමීද?

—ඉස්ලාමයේ සමහරක් දෑ ප්‍රායෝගික ජීවිතයට නොගැලපෙන ඒවාය. වර්තමාන ජීවිතයට (අවශ්‍යතාවන්ට) අවශ්‍ය නොවන ඒවාය.˜

—ඉස්ලාමයේ දකින්න ලැඛෙන චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයක් එදා ජන සාමාජයට ගැලපුන ඒවාය. වත්මන් සමාජයට ඒවා කිසිසේත් ගැලපෙන්නේ නැත. ඒවා දියුණුව කරා ගමන් කරන සමාජයකට බාධාවක් වන්නේය.˜

—අදත් පොළිය එපා කියනවාද? වර්තමානයේ දියුණුවන ලෝකයේ ආර්ථීක ක්‍රමයේ ප්‍රධාන අංගයක්වූ පොළිය නැති කළ හැකිද? මෙය තහනම් කිරීම පහසු කාර්‍යයක්ද? අද ආර්ථීකයට පොළිය අත්‍යවශ්‍යය.˜

—සකාත් (ශ=ද්ධකාරක බද්ධ) අයකිරීම අනිවාර්‍ය බව ඔබලා කියනවාද? එසේ නම් ඒවා අයකරන ලද ප්‍රදේශය තුලම ඛෙදා දිය යුතුද? සකාත් යනු පැරණි බදු ක්‍රමයකි. අද දේශපාලන ආර්ථීක ක්‍රමය යටතේ එය සාර්ථක වන්නේ නැත. සකාත් ක්‍රමය දුප්පතුන් සමච්චලයට ලක් කිරීමකි. දුප්පතුන් වනාහි පොහොසත් අයගෙන් අපෙන් යැපෙන කොටසක් යැයි දුප්පතුන් ඉදිරියේ ප්‍රායෝගිකව ප්‍රකාශ කිරීමකි.˜

—මත්පැන් හා මත්ද්‍රව්‍ය අහිතකර බව ඔබලාගේ තර්කයද? සූදුව අදටත් නොගැලපේද? ගැහැණු පිරිමි භේදයක් නොමැතිව ඇසුරුකිරීම හොඳ නැද්ද? ප්‍රේම (ආලය) කිරීම නරකද?˜

මේ සියල්ල වර්තමානයේ දියුණුව කරා යන ලෝකයට අත්‍යවශ්‍ය දේවල් හැටියට සැළකෙයි. සමහර බටහිර වැසියන් ඉස්ලාමය ගැන දොස් නගමින් ඔවුන්ගේ මහත් තත්ත්වය ගැන පුරසාරම් දොඩන්නේ මෙලෙසයි.
ආර්ථීක වර්ධනයට පොළිය අවශ්‍යමද?
ඉස්ලාම් පොළිය තහනම් කර ඇති බව සත්‍යයකි. අද ආර්ථීකයට පොළිය වෙන්කළ නොහැකි අත්‍යවශ්‍ය අංගයක් බව කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. වත්මන් ලෝකයේ ආර්ථීක ක්‍රම දෙකක් මගින් පොළිය අනුමත කර නැත. ඒ ඉස්ලාම් ආර්ථීක ක්‍රමය හා කොමියුනිස්ට් ආර්ථීක ක්‍රමයයි. ඉස්ලාමයට හා කොමියුනිස්ට් වාදය අතර විශාල පරතරයක් ඇතත් පොළිය සම්බන්ධයෙන් එකඟතාවක් දක්නට ඇත.

කොමියුනිස්ට් වාදය මගින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා කෙසේ හෝ බලතල හිමිකරගත්තේය. එහෙත් ඉස්ලාමය තවම ලෝකය තුළ එවැනි බලයක් හිමිකරගෙන නැත. දැනට පවතින වාතාවරණය එයට අවශ්‍ය පසුබිම සකසන බව පෙනේ.

ඉස්ලාම් මේ ලෝකයේ පාලනය යම් දවසක අත්පත්කරගන්නේ නම් පොළිය රහිත ආර්ථීක ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. පොළිය ආර්ථීකයෙන් වෙන්කළ නොහැකි ප්‍රධාන අංශයක් ලෙසින් දැකිය නොහැකිය. කොමියුනිස්ට් රුසියාව පොළිය නොමැතිව තම ආර්ථීකය ගොඩනංවා ඇත. මෙය අද ලෝකය තුල දකින්නට ඇති සත්‍යයකි.

ආර්ථීක වර්ධනයට පොළිය අනිවාර්‍ය නොවන බවට කිසිදු සැකයක් නොමැති අතර පොළිය නොමැතිව ආර්ථීකය ගොඩනැංවීම අපහසු යැයි බිය විය යුතුද නැත.

පොළිය සමහර විට ධනවාදී රටවලට අනිවාර්‍ය විය හැක හේතුව පොළිය නොමැතිව ඔවුන්ට පැවතිය නොහැකි වීමයි.

එහෙත් බටහිර ආර්ථීක විද්‍යාඥයින් හැමදෙනාම පොළිය අනුමත කර නැත. බටහිර ආර්ථීක විද්‍යාඥයින් බොහෝ දෙනෙක් —පොළිය ජනතාව අතරේ උස් පහත් භේදයක් ඇති කරයි. පොළිය ලබා ගන්නා පාර්ෂවය අනෙක් අය කෙරෙහි බලය යොදාගෙන වහල්භාවයට පත්කර ගනී. පොළිය කිහිපදෙනෙක් අතරේ පමණක් ධනය ඒකරාශී වීමේ මාධ්‍යයක් වන්නේය. zයනාදී මත දරන්නෝය.

මෙයින් අපට වටහා ගත හැක්කේ ජනතාවගෙන් කොටසක් ක්‍රමක්‍රමයෙන් නැතිබැරි අය බවට පත්වී දුගීන් බවට පත්වන අතර පොළිය ලබා ගන්නන් ක්‍රමයෙන් බලවත්වී අනෙක් අයට තම වහලුන් බවට පත්කර ගැනීමේ සත්‍යයයි. මේ සියල්ලේ සත්‍යතාවය තහවුරු කිරීම සඳහා බටහිර ආර්ථීක සැලසුම් ක්‍රම තුළින් කරුණු කිහිපයක් මතුකර පෙන්වීම උචිතයැයි හැෙඟ්.

නිශ්පාදනය හා අලෙවි කිරීමේදී ඒක පුද්ගල අයිතිය :ඵදබදචදකහ- හා පොළිය යන දෙක තුලින් ජනතාවට මුහුණ පෑමට සිදුවන භයානක ප්‍රතිඵල ගැන සිතා ජනතාවගේ ආරක්ෂාව පතා ඒවා ඉස්ලාමය විසින් සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබුවේ ධනවාදය බිහිවීමට වසර 1000කට පෙරය.

ඉස්ලාමය සියල්ල දත් (සර්වඥ) දෙවියන් වහන්සේ විසින් පහළ කරන ලද ආගමකි. තමන් මැවූ මිනිසාට කුමකින් යහපතක් සැළසේද, අයහපතක් සැළසේද යන්න මැනවින් දන්නා උත්තරීතර අල්ලාහ් මතුවට සිදුවිය හැකි භයානක සිදුවීම් හා හානිවලින් ජනතාව මුදවා ගැනීම සඳහා පොළිය ආරම්භයේම තහනම් කළේය.

රටක ආර්ථීකය නංවාලීම හා පවත්වාගෙන යාම සඳහා තවත් රටකින උපකාර ලබා ගැනීමේදී පොළිය අකමැත්තෙන් හෝ පිළිගත යුතු වන්නේය. එහෙත් ඉස්ලාමීය ආර්ථීක ප්‍රතිපත්තිය වනාහි තවත් රටකට අතනොපා ස්වශක්තියෙන් ආර්ථීකය ගොඩනගා ගැනීමයි. ඉස්ලාමිය ආර්ථීක ක්‍රමය අසල්වැසි (විදේශ) රටවල් සමග මිත්‍රත්වයෙන් ගණුදෙනු කිරීම හා හොඳහිත පවත්වාගෙන යාමට මග පාදන අතර, පොළියට ගැනීමෙන් හෝ පොළියට දීමෙන් වහල් භාවයට පත්වීම හෝ වහල්භාවයට පත්කර ගැනීමක් සිදු නොවන්නේය.

දෙවියන්ගේ අණපනත් යටතේ සකස්වුන ඉස්ලාමීය ආර්ථීක ක්‍රමයේ පොළියට කිසිදු ඉඩක් නැත. පිරිසිදු ආර්ථීක රටාවක් එහි දැකිය හැක. මෙවන් ප්‍රතිපත්ති යටතේ ආර්ථීකය ශක්තිමත් වුණු කල ආදර්ශමත් ඉස්ලාමීය දේශයක් ලෝකයා දකිනු ඇත.

සකාත් බද්ද වනාහි ඔවුනොවුන් සිතූ පරිදි දෙන දන්දීමක් නොවේ. දේවනියෝගය අනුව අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්දකි. මෙය අයකරගැනීමේ සම්පූර්ණ බලය රජය සතුවෙයි.

සකාත් සම්බන්ධයෙන් නැගෙන තවත් චෝදනාවක් ගැන විමසා බලමු. සකාත් යම් ප්‍රදේශයකින් අයකරගෙන එම ප්‍රදේශය තුලම ඛෙදා දියයුතු බව ඔබලාගේ නිගමනයදැයි නැගූ ප්‍රශ්නයට මෙයින් පිළිතුරු ලැඛෙනු ඇත.

බටහිර රටවල කෙරෙන ඕනෑම සොයාගැනීමක් හෝ ඔවුන් දරණ මත වැදගත් කොට සළකන ලෝකයා ඉස්ලාමීය ප්‍රතිපත්ති විවේචනයට හා අවතක්සේරුවට ලක්කිරීම කණගාටුවට කරුණකි.

ඔවුන්ට එක් කරුණක් මතක් කළ යුතුව ඇත. ඇමරිකාවේ අද පවතින පාලන ක්‍රමය රට ඛෙදා වෙන්කරන පාලන ක්‍රමයකි. බොහෝදුරට ඉන්දායාවේ පාලන ක්‍රමයට සමාන ක්‍රමයක් ලෙස හැදින්විය හැක. ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම තනි තනිව මහ නගර සභා, නගර සභා හා ගම්සභා මට්ටමින් විවිද බදු අයකර ගැනීම හා පාලනය මධ්‍යම ආණ්ඩුව හා අනුබද්ධිතව සිදු කෙරෙයි. ප්‍රාදේශිය මට්ටමින් කෙරෙන බදුවලින් ලැඛෙන ආදායම ඒ ඒ ප්‍රාදේශවල අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග හා වෙනත් ජනතාවගේ අවශ්‍යතාවන්ට වියදම් කරනු ලබයි. මෙසේ වියදම් කර යම්මුදලක් ඉතිරිවෙන්නේ නම් එය මධ්‍යම ආණ්ඩුව වෙත භාර දෙනු ඇත. ග්‍රාමීය මට්ටමෙන් ලැඛෙන ආදායම් ඒ ගම්වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා පළාත් සභාව මගින් මධ්‍යම ආණ්ඩුවෙන් මැදිහත්වීමෙන් එම කටයුතු කරනු ලැබේ.

ඉතා විශාල භූමි ප්‍රදේශයකින් යුත් දේශයක් කුඩා රාජ්‍ය වශයෙන් වෙන්කර පාලනය කිරීම වඩාත් ජනප්‍රිය පාලනක්‍රමයකි. එයට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමක් ඇත. මධ්‍යම ආණ්ඩුවේ බර සැහැල්ලු කිරීමක්ද වන්නේය. විශාල භූමි ප්‍රදේශයක් පුරා විසිරී ජීවත්වන ජනතාවගේ ඕනෑ එපාකම් සියල්ල රට මධ්‍යයේ සිට සොයා බැලීමද අපහසුය. මහ නගර සභා, නගර සභා සුළු නගර සභා හා ග්‍රාමීය මට්ටමින් පවතින පාලනයකින් සිදු කෙරෙන අයුරින් නිසිලෙස සොයා බලා පිළියම් යෙදීම අපහසුය.

අපේ බුද්ධිමත් සමාජය විසින් ඉහත සඳහන් පාලන ක්‍රමය ගැන අගය කරති. එහෙත් දැනට ශතවර්ෂ 14 කට පෙරම ඇරඹුන ඉස්ලාමීය රාජ්‍යතුල මේ ක්‍රමය පැවතුන බව කුමක් හෝ හේතුවක් නිසා අමතක කළහ. එදා ඉස්ලාමීය පාලන සමයේ ගමක් ගමක් පාසා (සකාත්) බදු අයකර ඒ ගම්මානවල ජීවත්වන ජනතාවගේ සුභ සාධනය සඳහාම වියදම් කරන ලදී.

අය කළ බදු ඒ කටයුතු සඳහා ප්‍රමානවත් නොවේ නම් මධ්‍යම රජයේ භාණ්ඩාගාරයෙන් ඒ අඩුපාඩු සම්පූර්ණ කර ගැනමට උදව්කරන ලදී. මෙසේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කළ පසු යම් මුදලක් ඉතුරුවූයේ නම් ඒවා ආපසු මහාභාණ්ඩාගාරයට යවන ලදී.

සකාත් බදු අයකර ඛෙදා දීමේදී මුදලින් හෝ භාණ්ඩ වශයෙන් පමණක් ඛෙදා දිය යුතු යැයි අනිවාර්‍ය නැත. අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සඳහාද සකාත් වියදම් කළ හැක. තවද හරිහම්බ කිරීමට අපහසු අයටත්, මහළු අයටත්, ළමයින්ටත් උදව් කිරීම සඳහාද එම අරමුදල (සකාත්) යොදා ගත හැක.

දැන් ඉස්ලාමීය පාලන ක්‍රමයක් ඇතිවූවොත් මධ්‍යම අණ්ඩුව යටතේ පලාත් සභා, නගරසභා සුළු නගර සභා, ගම්සභා යනුවෙන් කුඩා ප්‍රමාණයේ පාලන ක්‍රමයක් ඇතිකර ගත හැකිය.

විදේශිකයින්ගේ පාලන ක්‍රමය ගැන ආඩම්බරයෙන් කථාකරන අපේ බුද්ධිමතුන්, ඒ පාලන ක්‍රමයම ශත වර්ෂ 14කට පෙර ඉස්ලාමය විසින් ක්‍රියාත්මක කර ඇති බව අමතක කර එය විවේචනය කිරීමටත් දෝශාරෝපණය කිරීමටත් ඉදිරිපත් වෙයි.
සූදුව, මත්ද්‍රව්‍ය හා මත්පැන්
සූදුව, මත්ද්‍රව්‍ය (හා මත්පැන්) ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇසුරුකිරීම යනාදිය ඉස්ලාමය තරයේම ප්‍රතික්ෂේප කරයි. මෙයට ඉස්ලාමීය විරුද්ධවාදීන් නගන චෝදනා හා මඩගැසීම් නිසා ඉස්ලාමය කිසිසේත් නොසැළෙයි. මත්පැන් පානය කිරීම දින චර්‍යාවක් ලෙස පුරුදුවී සිටින ප්‍රංශයේ මහජන කාන්තා නියෝජිතවරියක් මත්ද්‍රව්‍ය තහනම් කළයුතු බවට බලකරමින් එරට පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර තිබීම අගයකළ යුතු සිදුවීමකි.

තනි පුද්ගලයකු හෝ ජන සමාජයක් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම විනාශයේ දොරටුව කරා පිය නැගීමකි.

වාර්ගික භේද පවතින රටවල මත්පැන් භාවිතය අධිකව පවතින බව පෙනී යයි. එවැනි සමාජයක් තුල කොටසක් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන අතර තවත් කොටසක් ජීවිතය ගැන කළකිරී අසහනයෙන් මිරිකී ජීවත් වෙති. ඔවුන්ගේ මානසික අසහනය නැතිකර ගැනීම සඳහා බහුලව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිති. දුප්පත්කමින් හා සාගින්නෙන් ඇතිවන අසහනයට පිළියමක් වශයෙන් ඔවුන් මෙසේ බීමත්ව කල් ගෙවති.

ඒකාධිපති පාලනයට ගොදුරුවූ ජනයා අතරත්, වහල්ජීවිතයක් ගත කරන ජනයා අතරත්, චින්තන නිදහස නොමැති ජනයා අතරත් මත්පැන් හා මත්ද්‍රව්‍ය බහුලව දකින්නට ලැබේ. යම් කිසි හේතුවක් නිසා දුකට පත් අය අතරත්, අස්ථාවර දිවියක් ගෙවන ජන කොටස් අතරත් මේ මත්ද්‍රව්‍ය භාවිතය දක්නට ඇත.

මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට ඇබ්බැහිවීම කෙරෙහි බලපාන සමහර කරුණු කීපයක් ගැන ඉහත සඳහන් කළෙමු. මේ හේතූන් මුල්කරගෙන මෙම විනාශකාරී පුරුද්දට ඇබ්බැහිවීම සාධාරණීකරනය කිරීමක් නොවේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නම් ඒවාට ඇබ්බැහි වන සාධක සමාජයෙන් තුරන් කිරීම අවැසි වන්නේය. අධි සුඛෝපබෝගි ජීවන රටාව, දිළිඳුකම, සමාජයේ මිනිසුන් අතර උස්පහත් භේදය එයින් සමහරක් වන අතර ඒවා පාලනය කිරීම අපට කළ හැකි එමෙන්ම කළ යුතු ක්‍රියාවකි.

ඉස්ලාමය කළේ එයයි. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගූණ වගාව මුලින්ම වර්ධනයකර යහපත් වටපිටාවකට අවශ්‍ය සාරධර්මවලින් පෝෂණය කිරීම මුලින්ම සිදු කෙරිණි. ඉන්පසු නරක(අහිතකර) දේවල් ප්‍රතික්ෂේපකරන යහපත් ජනසමාජයක් බවට ඔවූහු පත්වූහ. ඉන් අනතුරුව ඉස්ලාමය මත්පැන් තහනම් කළේය. ඉස්ලාමය විවේචනය කරන බටහිර ජාතීන් මෙය අධ්‍යයන කරයිනම් ඉස්ලාම් යනු සාර්ථක ජීවිතයකට මඟපාදන්නක් බව පිළිගනු ඇත.

සූදුව ගැන අප අළුතින් යමක් කිවයුතු නැත. සිතින් මියගියවුන් පමණක් එය අනුමත කරනවාට කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ ගැන තවදුරටත් අපේ විවාදය දීර්ඝ නොකර ඊලඟ ප්‍රශ්නය ගැන බලමු.
කාන්තා පිරිමි ඇසුර
ගැහැණු පිරිමි දෙපාර්ශවයම භේදයෙන් තොරව ඇසුරු කළ හැකිද? යන්නයි ඊළග ප්‍රශ්නය.

ගැහැණු පිරිමි දෙපාර්ශවයම සෑම අවස්ථාවකම ළඟින් ඇසුරු කිරීම (ගැවසීම) ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. මෙය සාධකයක් කරගෙන ඉස්ලාම් ප්‍රතිගාමි දහමක් ලෙස ඇතැම් අය පවසති.

ප්‍රංශයේ පොදු ස්ථානවල කිසිදු බාධාවක් නොමැතිව අල්ලාප සල්ලාපයේ යෙදෙන ගැහැණු, පිරිමි, පොදු තැන්වල අසීලාචාරව හැසිරෙන පෙම්වතුන් සමාන්‍ය දර්ශන වී ඇත. ඉස්ලාමයට නිග්‍රහ කරන අය මෙවන් පිරිහුණු දෑ අඟය කරති.

තව වැඩිදෙනෙක් ඇමරිකාවේ පවතින සිරිත් විරිත් හා ගති පැවතුම් ගැන ඉතා ඉහලින් කථා කරති. ඇමරිකාවේ ජනතාව විවෘත හදවතක් ඇතිව ජීවත්වන පිරිසක් ලෙස දකිති. ඇමරිකාවේ ලිංගික ඇසුර යනු ස්වාභාවික ශරීර අවශ්‍යතාවක් ලෙස සලකා ඕනෑම තැනක සිතූ සේ ජීවත් වන්නට ඉඩදී ඇත.

හැම තරුණයෙකුට පෙම්වතියක් සිටියි. එමෙන්ම හැම තරුණියකටම පෙම්වතෙක් සිටියි. කිසිදු බාධාවකින් තොරව එකිනෙකා ඇසුරු කරන ඔවුනට කායික ඇසුර යනු සාමාන්‍ය දෙයකි. මෙවැනි නිදහස් ස්ත්‍රී පුරුෂ ඇසුරක් සහිත විනෝදගමන් බිමන් වලින් පසුව, ඔවුන්ගේ දෛනික වැඩ කටයුතුවල සම්පූර්ණයෙන් යෙදීමටත්, නිෂ්පාදනයේදී සම්පූර්ණ අවධානය යොමු කළ හැකි අතර ඒ මගින් රටේ දියුණුව ඉහළ තත්ත්වයට ගෙන යා හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

ඉහත අප සඳහන් කළේ ඇමරිකාවේ දක්නට ලැඛෙන ජන ජීවිතය අගයකරමින් ප්‍රසංශා කරමින් සිටින අයගේ තර්කයයි.

සත්‍යය දැක ගැනීමට නොහැකිව මොවුන් කොතරම් දුරට අන්ධවී සිටින්නේද යන්න පුදුම සහගතයි. ප්‍රසිද්ධ ස්ථානවල ගැහැණු පිරිමි දෙපාර්ශවයට නිදහසේ සැරිසරන්න ඉඩදී රටේ සංවර්ධනය ඇති කරන්නට සැළසුම් කළ ප්‍රංශය ජර්මනියෙන් එල්ලවූ එක් පහරකින් (එයට මුහුණ දිය නොහැකිව) බිඳ වැටුන බව මේ අයට අමතක වීද?

එදා ප්‍රංශය ජර්මනිය ඉදිරියේ දණ ගැසීමට හේතුවූයේ ප්‍රංශ හමුදාවට යුද පුහුණුවක් නොමැති අඩුපාඩුව පමණක් නොවේ. ඔවුන් අතර මව්රට පිළිබඳව අභිමානයෙක් හෝ හැඟීමක් නොවීමය. අල්ලස් හා දූෂණයේ ගිළී සිටියහ. හිතුනු විටක බීමතින් නිදා ගත්හ. ඔවුන්ගේ පාලනයක් නොමැති කාමුක හැසිරීම් නිසා ශක්තිය හීනවී සිටියහ.

එදා ප්‍රංශයේ එකම පරමාර්ථය වූයේ තමන්ගේ සල්ලාල ජීවිතය හා ඒවා පවත්වාගෙන ගිය නිකේතන කඩා නොවැටී ආරක්ෂා කර ගැනීමය. ඉස්ලාමය ගැන විවේචනය කරන පිරිස අපත් එවන් අරුතක් නැති ජීවිතයක් ගත කල යුතු යැයි සිතන්නේද?

ඇමරිකාව ගැන ලබාගත් සංඛ්‍යාලේඛන විස්තර කළහොත් සත්‍යය දැනගත හැකිය. එහි උසස් විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගෙන් සියයට 38ක්ම ගැබ්ගෙන සිටින බවට ඇති පළමුවන වාර්තාව කියවීමෙන්ම ඒ රටේ සදාචාරය හඳුනාගත හැක. විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට වඩා දේවස්ථානවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ තත්ත්වය ඉතා නරකය. හේතුව විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් උපත්පාලන ක්‍රම භාවිතය හොදින් දැන සිටීමය.

මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන කායික, මානසික තෘප්තිය සඳහා නිසි පිළිවෙත ඉස්ලාමය පෙන්වා දෙයි. මෙම අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවූවොත් දෛනික වැඩකටයුතු අතපසුවී රටේ නිෂ්පදනය, ආර්ථීකය අඩාල වනු ඇති බව ඉස්ලාමය දනියි.

එහෙත් සාධාරණවූත්, ස්වාභාවිකවූත් මෙම අවශ්‍යතාව ඉටුකර ගැනීමට ක්‍රමවත්වූද සදාචාරාත්මකවූද ක්‍රමවේදයක් අවශ්‍යය. තිරිසනුන් මෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම ප්‍රසිද්ධියේ හැසිරීම මෙයට පිළියමක් වන්නේ නැත. එයින් සිදුවන්නේ ප්‍රශ්නය තවක් උග්‍ර අතට හැරීම පමණය.

ඇමරිකාවේ දියුණුවට ඒ රටේ පවතින සදාචාරයෙන් තොර පැවැත්ම පාදක වී යැයි යමෙක් කියයිනම් ඔවුන්ට එකක් කිව යුතුය. දැනට ඇමරිකාවේ කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලිය මිනිසුන් විසින්ම කරන්න අවශ්‍ය නැත. එහි නුදුරු අනාගතයේදී පරිඝණක මිනිසුන් (රොබෝවරුන්) ලවා සියලු නිර්මාණ හා නිෂ්පාදන කටයුතු කරවා ගත හැක.

ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය කෙසේද යන්න වටහා ගන්නට ඔවුන් නීග්‍රෝ ජාතිකයින්ව වහලුන්වශයෙන් තබාගෙන ඔවුන්ට කායිකව හා මානසිකව දෙන වධහිංසා ගැන දැනගැනීම ප්‍රමාණවත්ය. නීග්‍රෝ ජාතිකයින්ට ඔවුන් ලබාදෙන වධහිංසා ඉතිහාසයේ කවදාවත් නොමැකෙන ලෙස සටහන් වී ඇත. යටත් විජිතවාදය යන නමින් සෙසු රටවල් ආක්‍රමණය කර බලය පවත්වගෙනයාමේ ක්‍රියාවලියට අද දක්වා ඇමරිකාවේ උදව් උපකාර ලැඛෙමින් පවතී.

තම ආශාවන්ට වහල්වී අනෙක් අය තම වහලුන් වශයෙන් සැළකීම ශීෂ්ඨාචාරයක් නිමාවකට පෙරනිමිතිය. මෙවැනි රටක සාරධර්ම ගුණධර්ම හා සංස්කෘතික වශයෙන් සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැක.

සුරා මතින් යුත් සල්ලාල ජිවිතය අද බොහෝ දෙනෙක් ප්‍රිය කරති. විවිද ආහාර පාන කෙරෙහි සිත ඇදීයාම සමාන්‍ය දෙයකි. එහෙත් සුරාවෙන් මත්වීමත් ආහාරපාන රස විඳීමත් පමණක් ජීවිතයේ අරමුණද? කම්සැප පිරුණ සල්ලාල ජීවිතය මානව වර්ගයාට ඉතා ප්‍රියජනක දෙයක් බව එදා සිට අද දක්වා කවුරු හෝ ප්‍රතික්ෂේප නොකළ කරුණකි. මෙවන් ජීවින රටාවක් ගැන ලෝකයාට හදුන්වාදුන්නේ බටහිර ජාතීන්යැයි කාවිසින්වත් වරදවා තේරුම් නොගත යුතුය.

ග්‍රීක ජාතිකයින්, රෝමජාතිකයින් හා ඉරාන ජාතිකයින්ද මෙම ක්‍රියාවලියේ ඔවුන්ට ඉහළින් යාමට කිසිම ජගතෙක් නොමැති බව කලින්ම ඔප්පු කර පෙන්වා ඇත. කාමාශාවේ කෙළවර දකින්න උත්සාහ කරමින් සිටිය මොවුන්ට අවසානයේ තම රටත් පාවාදීමේ ඉරනමට මුහුණ දීමට හේතුවූයේ ඔවුන්ගේ කාමයෙන් මුලාවූ ජීවිතය බව බටහිර ජාතීන්ට කියාදීමේ වගකීමක් ඔවුන් සතුව ඇත.

ලෞකික වශයෙන් බලන විට බටහිර ජාතීන් අප්‍රමාණ සැපසම්පත්වලින් යුතුව සුඛෝපබෝගී ජීවිතයක් ගත කරති. විද්‍යාව හා තාක්ෂණය, නිෂ්පාදනය හා ආර්ථීක වර්ධනය පිළිබඳව මනා දක්ෂතාවයක් ඔවුන්ට තිබේ. එහෙත් ඔවුන් තුල පවතින අධික කාමුක බව හා ඒ සඳහා ලබාදී ඇති නිදහස නිසා ඔවූහු දිනෙන් දින පරිහානිය කරා ගමන් කරති.

පසුගිය ශත වර්ෂ දෙකක් තිස්සේ ඊජිප්තු වැසියන් වන අපට හිතකර පරිසරයක් නොතිබුණි. මේ තත්ත්වය යටතේ ශිෂ්ඨාචාරය හා සංවර්ධනයේ නාමයෙන් අපට එල්ල කරනු ලබන අගතිගාමීන් යන දෝෂාරෝපනයෙන් මිදීම සඳහා මනුෂ්‍යත්වයෙන් ගිලිහී තිරිසන් ගතිපැවැතුම්වලට අබ්බැහිවීමෙන් (ඊජිප්තුවැසියන්වන අපට) ඇතිවන ප්‍රයෝජනය කුමක්ද?

මුස්ලිම්වරුන් අමතා ඉස්ලාමය අත්හරින මෙන් අනුශාසනා කරන සියලුම ප්‍රගතිශීලීන් අධිරාජ්‍යවාදීන්ගේ අනුගාමිකයින්ය. අධිරාජ්‍යවාදීන් විසින් දිගුකලීනව උපක්‍රමශීලී වැඩසටහන් දියත්කරමින් සිටි. ඔවුන්ගේ යටත් විජිතවල සිටින ජනතාවට ස්වකීය නිදහස කෙරෙහි සිතන්නට ඉඩ නොතබා ඔවුන්ගේ මනස සතුටු කිරීමට අවශ්‍ය සියලුම දොරටු විවෘතකර දී ඇත. මත්ද්‍රව්‍ය, මත්පැන් හා ලිංගික අපාචාරවල ඇබ්බැහිවී මිනිස්කම හා සදාචාරය මුළුමනිනම් ගිලිහී ගිය, වල්මත්වූ ජන කොට්ඨාශයක් බවට ඔවුන්ව පත්කර, ඔවුන්ගේ (ජනතාව නොමඟ යැවීමේ) ඉලක්කය කරා ලඟා වූහ. බටහිර කාන්තාවන් දෙස මඳක් අවධානයෙන් යුතුව බලන්න. ඔවුන් කන්‍යාවන්ව සිට කාන්තාවන් බවට පත්වෙන්නේ කෙසේද? අද ඔවුන් සමාජයේ වැදගත් ස්ථානයක් ලබා ඇතැයි සමහරු ලිඛ්තව හා වාචිකව ප්‍රකාශ කරනු අප අසා ඇත. (ඒ් ගැන අවධානයෙන් සිටින්නෙමු.)

කාන්තාවක් සිය නිවෙස් නඩත්තු කරමින්, දරුවන් බලාකියා ගනිමින් පමණක් සිටි යුගය නිමාවී, තරඟකාරී සමාජයේ පිරිමින් හා එක්ව කටයුතු කරන්නට අද කාන්තාවෝ පෙළඹී සිටිති. එයින් ඔවුනට බොහෝ අත්දැකීම් ලැඛෙන බව පවසති. මෙසේ ලබාගත් අත්දැකීම් නිසා කාන්තාවක් සතු හැකියාවන් හා කුසලතාවල යම් වර්ධනයක් දකින්නට ඇත්ද? නිවස හා තම දරුවන් නඩත්තු කිරීමේ වගකීමෙන් ඈත්වී සිටීම හේතු කොට ගෙන ඔවුන් තුල (පෞද්ගලිකව යම්) යම් සංවර්ධනයක් ඇතිවී තිබේද? කාන්තාවන් තුල වර්තමානයේ ඇතිවූ මෙම වෙනස්කම් නිසා මිනිස් ජීවිතයේ යම් වෙනසක් ඇතිවුනාද මෙවැනි ප්‍රශ්න අප විසින් අසනවිට ඔවුන් නිරුක්තර වූහ.

බටහිර සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැසිරීම සාමාන්‍ය දෙයක් වී ඇත. අනියම් ඇසුර ඔවුන් වරදක් ලෙසින් දකින්නේ නැත. ඔවුන්ගේ පවුල් ජීවිත අඩපණය. හොඳ මවක්, හොඳ බිරිඳක් වීමට බොහෝ කාන්තාවන් අපොහොසත් වී ඇත. එම සමාජවලින් සාරධර්ම සමුගෙන ගොස්ය.

මෙම සත්‍යය තහවුරු කිරීම සඳහා සංඛ්‍යා ලේඛන බොහෝමයක් ඉදිරිපත් කළහැක. ඇමරිකාවේ දික්කසාද නඩු දිනෙන් දින ඉහළ යන බව අප කවුරුත් දන්නා සත්‍යයකි. අද එහි සිදුවන විවාහවලින් සියයට 40ක්ම බිඳී යයි. ඇමරිකාවට වඩා යුරෝපා රටවල දික්කසාද වීමේ ප්‍රතිශතය තරමක අඩුවූවත් එහි පිරිමියෙකුට ඇසුරු කළ හැකි කාන්තා සංඛ්‍යාව වැඩිය. (එක ගැහැණියක්) පිරිමින් වැඩි දෙනෙක් සමග ඇසුරු කිරීමද සුලභ සිදුවීමකි. ස්වාමියකුගේ බිරිදක් කියනවාට වඩා කාන්තාවන් විනෝද භාණ්ඩ ලෙස භාවිතා කිරීම අගය කරති.

බටහිර රටවල කාන්තාවන් තම හැඟීම්වලට පමණක් ඉඩ නොදී, තමන්ට නිසිතැන, තම වගකීම් යුතුකම් ගැන අවබෝධ කර ගත්තේ නම්, සත්‍යවශයෙන්ම ඔවුන් ගෞරවනීය බිරින්ඳන් හැටියට ජීවත්වී සමාජයේ උසස් තැනක් හිමිකර ගන්නෝය. උත්තරීතර මව්වරුන්වී මානව වර්ගයාගේ වැදගත්කම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නෝය. පවුලේ වගකීමෙන් ඈත්වීමෙන් ඔවුන් වළකින අතර ඇමරිකාවේ මෙතරම් දුරට දික්කසාද වීමද සිදු නොවන්නේය. තවද යුරෝපයේ ගැහැණුන්ට අද මුහුණපාන්න සිදුවී ඇති කණගාටුදායක තත්ත්වයද උදා නොවන්නේය.

කාන්තාවන් කර්මාන්තශාලාවල හා කාර්යාලවල සේවයට යොදවා මුදල් ඉපයීමට සැලසීමෙන් ඔවූහු මවකගෙන් ඉටුවිය යුතු යුතුකම් සම්පූර්ණ අවධානයෙන් යුතුව ඉටු කිරීමට අසමත්වෙති. පවුල් ජීවිතයේ වැදගත්කම සුරැකෙන අයුරින් තම යුතුකම් ඉටුකිරීමට අවශය අත්දැකීම් ඔවුන්ට ලබාගත නොහැක. එයට අවශ්‍ය විවේකය හා අවස්ථාව ඔවුන්ට නොලැබී යන්නේය. මෙහි ප්‍රථීඵලයක් ලෙස පවුල් ජීවිත අඩපණවී සමාජයේ සමබරතාවය බිෙඳන අතර මනුෂ්‍යත්වය කෙමෙන් මිනිසාගෙන් සමුගෙන අමනුෂ්‍ය ගතිගුණ ඔහුව වැළඳ ගන්නේය.

සමස්තයක් වශයෙන් ගත්විට ලෝකයේ කාන්තාවක සුළු පිරිසකට හෝ ඔවුන්ගෙන් විසඳුමක් ලැබුනේද? කිවයුතු කිසිවක් නොමැත.

කාන්තාවන් සතු වැදගත්ම වගකීමක් වන්නේය. එනම් ඔවුන් විසින් ගුණයහපත් දරුවන් ඇති දැඩිකර උතුම් පුරවැසියන් බවට පත්කිරීමේ උත්තරීතර මෙහෙවරයි.

පාර්ලිමේන්තුවලදී සීනු හ~ පරදවන අයුරින් මියුරු හඩින් කථාකර ජනප්‍රිය විය හැකිය. වේදිකාවල හා මංසන්ධිවල තම චතුර කථීකත්වයෙන් දහස සංඛ්‍යාත ජනතාවගේ ආකර්ශනයට (සිත් ඇදගැනීමට) ලක්විය හැකිය. එහෙත් ඔවුන් මාතෘත්වයට හිමි වගකීමෙන් ඈත්වීම නිසා සිදුවී ඇති අලාභය කියා නිමකළ නොහැක. දරුවන්ට යහපත් ගුණධර්ම පුරුදු පුහුණුකර ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්කිරීමට මං සැළසීම, මිනිසාගේ හැඟීම් පෙලගස්වා යහපත් මාර්ගය කරා යාමට මඟපෙන්වීම, මිනිසාගේ අධ්‍යාත්මික දියුණුව වර්ධන කිරීම, ආදරය නමැති දර්ශනය ප්‍රයෝගිකව හා අත්දැකීම් තුළින් ඔවුන්ගේ ජීවිතවලට ලබාදීම යනාදී උතුම් මෙහෙවරවල් ඉටුකළ හැක්කේ මව්වරුන්ගේ සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි යොමු කිරීමෙන් පමණය.

කාන්තාව කෙරෙහි දැඩිව කටයුතු කිරීම (තහංචිපැනවීම) සාධාරණ නැති බව සත්‍යයකි. ජීවිතයේ සතුට අත් විඳීමේ නිදහස ඔවුන්ට අහිමි නොකළ යුතුය. ඔවුන්ද ප්‍රාණයක් හා ආත්මයක් ඇති උතුම් මැවීමක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් හිතුවක්කාර අන්දමින් (අත්තනෝමතිකව) ජීවත්වීම අනුමත කළ නොහැක. මෙය ගැහැණුන්ට පමණක් නොව පිරිමින්ටද පොදු න්‍යායකි. අපි අපේ ජීවිතය කොයි ආකාරයෙන් සැලසුම් කරගෙන සිටිමුද? එය අපේ මතු පරපුරට කෙලින්ම බලපාන්නේය. ලැජAජා බියෙන් තොර ජීවිතයක් අපේ මතු පරපුරට දායාදය කරමු නම් එය ඔවුන්ගේ ජීවිත විනාශය කරා යොමු කිරීමකි. ඒ නිසාම අපේ ජීවිතය අපේ අත්තනෝමතික පැවැත්ම අනුමත නොකරයි. මෙවන් අශිෂ්ට ජීවිතයකින් ලද හැකි ඵලක් වේද? අනාගත පරපුරේ පිරිහීමට අප මඟ සැළසූවොත් ඔවුන් අපට ශාප නොකරාවිද?

ඉස්ලාම් වර්තමාන සමාජය ගැන පමණක් නොව අනාගත පරපුර ගැනද සිතා අද වගේම හෙටත් යහපත් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිදි ක්‍රියා කරයි. හේතුව මානව වර්ගයා ආරම්භයේ සිට ලෝක විනාශය දක්වා යහපත් ජීවිතයක් ගත කිරීම එහි අරමුණ වන නිසාය.

එම අරමුණ හේතුකොටගෙන ඉස්ලාම් ධර්මය දුර්වල යැයි කිව නොහැකිය. මිනිසාට අවශ්‍ය සැපසම්පත් හා ඒවා භුක්තිවිඳීම කිසියම් අයුරකින් හෝ තහනම් කරයිනම් එයට දොස් පැවරීම සාධාරණය. එහෙත් ඉස්ලාමය මිනිසාගේ සාධාරණවූ ආශාවන් හා අවශ්‍යතාවයන් නිසි අයුරින් සපුරා ගැනීම කිසිසේත් තහනම් නොකරයි.

ජීවිතයේ සෑම අංශයකින්ම දියුණුවීමට මිනිසාට මග පෙන්වනුයේ ඉස්ලාමය පමණි. මිනිසා තුල ඇති ස්වාභාවික ආශාවන් ශ=ද්ධ කුර්ආනය ප්‍රතික්ෂේප නොකරයි. මේ හැඟීම් මිනිසා තුල මුළුමනින්ම මතු නොවෙන ඒවා බවද නොකියයි. ඒවා පිළිකුල් සහගත හෝ පාපකර්ම ලෙස හෝ පවසා මිනිසා ඉන් බැහැර නොකරයි. එහෙත් මිනිසා ආශාවන්ට වහල්වී මිනිස්කම නැතිකර ගැනීම ඉස්ලාම් අනුමත නොකරයි. මිනිසා තිරිසනුන් බවට පත්වීම ඉස්ලාමය පිළි නොගනී.

මිනිසාගේ ආශාවන් ඉටු කර ගැනීම (පිරිමසා ගැනීම) පාපයක් ලෙස හදුන්වන දර්ශණයටත් ඉස්ලාමයටත් විශාල පරතරයක් ඇත. මිනිසාගේ උත්තරීතරභාවය ඉස්මතු කරවීම සඳහා ඔහුගේ ස්වභාවික ආශාවන් සියල්ල මැඩ පැවත්වා විලංගු දැමීමෙහි කිසිම සාධාරණත්වයක් නොමැත.

මිනිසාගේ අධ්‍යාත්මික ගුණවගාවත් සමග ඔහු සෑම අතින්ම උසස් ගති ගුණවලින් පෝෂණය කිරීම ඉස්ලාමයේ ඉලක්කය වන්නේය. මිනිසාගේ ස්වාභාවික හැඟීම් හා අවශ්‍යතා (ආශාවන්) තම අධ්‍යාත්මය පළුඳු නොවන අයුරින් සපුරා ගැනීම ඉස්ලාම් ගරු කරයි. ඒවා මැඩගැනීමට හෝ යටපත් කර ගැනීමට නොකියයි.

Leave a Reply

Your email address will not be published.