ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද?-05

මිනිසාගේ ආශාවන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළේද?

මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.

යුරෝපය තම ආගමික බැදීමට හසුවී සිටියදී අන්ධකාරයේ ගිලී පැවැතින. එ බැදීම්වලින් මිදී නිදහසේ සිතන්න හා ලියන්න පටන්ගත් කල දියුණුවේ මාර්ග සොයාගෙන නිෂ්පාදනයේ හා නව සොයා ගැනීම් තුලින් ආලෝකමත් ජීවිතයකට මඟ පාදාගත්හ. විද්‍යාව හා තාක්ෂණය අතින් විශාල හාස්කම් කරන්නට වූහ.

මේවා ආගම්වලට විරුද්ධ මත දරන සමාජයක් ගොඩ නැගීමට බටහිර වැසියන් ඇති කළ සරලවූ චින්තන විප්ලවයකි.

—අප නැවතත් ආගම් වෙත ගමන් කළ යුතු බවද නුඹලා කියනුයේ, දියුණුවේ මුදුනටම පය තබා සිටින අප, ආගම්වලින් මුදවාගත් ජනයාගේ ශක්තිය නැවත ආගම නමැති කොටුවේ ගාල් කළ යුතු බවද නුඹලාගේ අදහස? හොඳ හා නරක, කළ යුතු හා නොකළ යුතු ලෙස අනේක කොන්දේසි පනවමින් තරුණ ජීවිත අඳුරු කරවීමට අපව පොළොඹවන්නහුද?˜

මෙය බටහිර වැසියන් ආගම්වාදීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයි. ඔවුන්ගේ ආගම(වූ ක්‍රිස්තියානි ආගම) ගැන ඔවුන් කුමන මතය දැරුවත් එය අපට අදාල නොවේ. නමුත් එම චෝදනාව ඉස්ලාම් වෙතත් එල්ලකරන විට අකමැත්තෙන් හෝ ඔවුන්ට කරුණු පහදා දීම අනිවාර්යයෙන් කළයුතු ක්‍රියාවක් වී ඇත. මිනිසාගේ හැකියාවන් (කුසලතා) සියල්ල ආගමෙන් බැඳ හිරකර තබා ඇතැ˜යි කරනු ලබන චෝදනාව ඉස්ලාමයට ගැලපෙයිද?

මේ ප්‍රශ්නයට අදාල පිළිතුරු විවාදයට ගැනීමට පෙර මිනිසාගේ ශක්තිය යටපත් කිරීම නැත්නම් මැඩලීම යන්නෙහි තේරුම කුමක්දැයි විමසා බලමු. එ මන්ද මිනිසාගේ ශක්තීන් යටපත් කිරීම නැත්නම් මැඩ පැවැත්වීම යන්න බොහෝ විට වැරදි අවබෝධයකින් යුතුව භාවිතා කරනු ලැබේ.

අප තුල ඇති ආශාවන් යම් ක්‍රියාවන් සඳහා අපව පෙළඹවීමක් කළ විටකදී එම ක්‍රියාවෙන් තාවකාලිකව ඈත්වීම (නොකර සිටීම) එම ආශාව සම්පූර්ණයෙන් වළලා දැමීමක් හෝ මර්ධන කිරීමක් නොවන්නේය. ඒ ක්‍රියාවේ යෙදීම වරදක්(පාපයක්) පිළිකුල් සහගත ක්‍රියාවක් යනුවෙන් වැරදි හැඟීමක් ඇති කරවීම එම ආශාවන් වළලා දැමීමක් හෝ මැඩලීමක් හැටියට ගණන්ගත හැක. මිනිසා තුල ස්වභාවිකව ආශාවන් හා අවශ්‍යතාවයන් තිඛෙන අතර, වැදගත් වන්නේ ඒවා සපුරාලීමට සාධාරණවූත් නිවැරදිවූත් මඟක් උපයෝගී කර ගැනීමයි.

මෙම ස්වාභාවික ආශාවන් සපුරාලීම (තෘප්තිය ලැබීම) වරදක් පාපයක් හෝ ආශාවන් පසුපස යාම පිළිකුල් කළ යුතු වැඩක් ලෙස, අවවාද අනුශාසනා කරන්නේ නම් එය ඒවා වළලා දැමීමක් හෝ මැඩලීමක් යන්න හඟවන්නකි.

මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී. තමා කරන්නේ වරදක්, පාපයක් හා පිළිකුල් සහගත වැඩක් බව දැන දැනත් ඒ ක්‍රියාවේ යෙදෙයි. එක්වරක් නොව දසවරක් කරමින් එම ක්‍රියාව පාපයක්, වරදක් හා පිළිකුල් සහගත එකක් බවද තරයේම ප්‍රකාශ කරයි. මේ නිසා සදාකාලිකව තමා වරදකරුවෙක් යන හැඟීමක් ඔහුගේ සිතේ වද දෙමින් පවතී. මේ නිසා ඔහු කුමන වැඩක්වත් සම්පූර්ණ අවධානයෙන් යුතුව නොකරන අතර ඔහු කරන හැම වැඩකදීම තමාව මුළුමනින් (තම ශක්තිය) යෙදවීමට නොහැකි (අසරණ) තත්ත්වයකට පත්වෙයි.

ඔහුගේ සිතේ ඇතිකරගත් වැරදි සිතුවිල්ල නිසා ඔහු නිතරම තමා පව්කාරයෙක් යන හැඟීමෙන්, හීනමානයෙන් යුතුව කල්ගෙවන නිසා ඔහුගේ හැකියාවන් සියල්ල ක්‍රමයෙන් හීනවී යන්නේය. ආගම්වලින් සිදුවන භයානක ප්‍රතිඵල ලෙස බටහිර වැසියන් විසින් ඉහත සඳහන් කරුණු පෙන්නුම් කරනු ලබයි.

මිනිසාගේ ආශාවන් මැඩ පවත්වා, වළලා දැමීමට ඉහත පෙන්වන ලද කරුණු මා විසින් සොයාගත් ඒවා නොවේ. බටහිර වැසියන් විසින් සුප්‍රසිද්ධ දර්ශනාවාදියෙකු ලෙස උපහාර දක්වමින් වේදිකා ගත කළ මා මිත්‍ර ෆ්‍රොයිඩ් මහතා විසින් කළ විග්‍රහයකි. ඔයරුැ ජදබඑරසඉමඑසදබි එද එයැ ිැංම්ක එයැරු නමැති ග්‍රන්ථයේ 82 වෙනි පිටුවේ පහත සඳහන් පරිදි විස්තර කරයි.

මිනිසෙකු විසින් තම ආශාවන් තාවකාලිකව අත්හිටුවීමත්, එවායින් සම්පූර්ණයෙන් වැළකී සිටීමත් අතර විශාල වෙනසක් ඇත. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව මිනිසාගේ ආශාවන් වළලා දැමීම යනු තාවකාලිකව ඒවායින් මිඳීම නොව ඒවා පිළිකුල් සහිත හා පාප ක්‍රියාවන් ලෙස හඳුන්වාදීම බවයි.

ඉස්ලාමය මිනිසාගේ ආශාවන් මැඩපවත්වා වළලා දමන ලෙස කියනවාද, මේ තුළින් මිනිසාගේ දියුණුවට බාධා කරන්නේද? යන්න විමසා බලමු.

—මිනිසාගේ ආශාවන් හා ඔහුගේ සවාභාවික හැඟීම් ප්‍රසිද්ධියේ පිළිගත් එකම ආගම ඉස්ලාම් ආගම පමණිි. අල්-කුර්ආනය මෙසේ පවසා සිටියි.

—කාන්තාවන්, පිරිමි දරුවන්, රන්රිදීවලින් යුත් වස්තුව, සළකුණු යෙදූ වටිනා අශ්වයින්, සිව්පාවන් (එළුවන්, හරකුන්, ඔටුවන් වැනි සතුන්) හා ගොවිබිම් යනාදිය පිළිබඳව මිනිසා තුල අධික ආශාවන් (ආකර්ශනයක්) ඇත. මේ සියල්ල තාවකාලිකවූ මෙලොව සැපසම්පත්ය. අල්ලාහ් ළඟ (මීට වඩා) ලස්සන (සම්පත් ඇති) නවාතැන් ඇත.˜ (අල්-කුර්ආන් 3ඃ14)

මිනිසා තම ආශාවන් හා අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී තමා විසින් තමා විනාශ නොකරගත යුතුය. එමෙන්ම ඔහු ජීවත්වන සමාජයද විනාශ නොකළ යුතුය. මේ කොන්දේසිවලට එකඟව තම ආශාවන් සපුරා ගැනීම (තෘප්තිමත්වීම) වදරක් නොවේ.

තම ආශාවන් සපුරා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි දෙකේම මත්වී සිටීමෙන් ඔහු ඉතා ඉක්මනින් තම ශක්තීන් සියල්ල නැතිකර ගන්නේය. තම අසීමිත ආශාවන් පසුපසව දුවන්නා ප්‍රයෝජනවත් කිසිම වැඩක් කළ නොහැකි සාරය හිඳී ගිය සක්කයක් බවට පත්වන්නේය. (වියලුන ප~රැල්ලක් බවට පත් වෙයි) ඔහුගේ සිතුම් පැතුම් හා කි්‍රයාවන් සියල්ල ඒ ආශාවන් වටා කැරකෙමින් පවතී. මෙවැනි පුද්ගලයින්ගෙන් සමන්විතවූ (ගොඩ නැගුණු) සමාජයකින් කිසිම ප්‍රයොජනයක් බලාපොරොත්තු විය නොහැක.

මොවුන් තම හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්තිකර ගනිති. තමන් සතු ශක්තීන් හා සම්පත් සියල්ලෙන් තම ලෞකික ආශාවන් පිරිමසා ගෙන විනෝදවීමට පමණක් සිතීම වැරදි සිතුවිල්ලකි. මිනිසාට තමා සතු ශක්තීන් හා හැකියාවන්ගෙන් කළ හැකි දෑ බොහොමය. දෙවියන් විසින් මිනිසා වෙත අසාමාන්‍ය ශක්තීන් හා හැකියාවන් ලබාදී ඇත්තේ ඒ සඳහාය. දෙවියන් විසින

ලබාදුන් මේ අසීමිත හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්ති කර ගැනීම දෙවියන්ට කරන අගෞරවයක් වන්නේය.

අප ළඟ ඇති සියලූුම ශක්තීන් හැකියාවන් හා සම්පත් සල්ලාල ජීවිතයක් සදහාම යෙදවීමේදී සමාජයට අපෙන් ඉටුවිය යුතු උදාර සේවාවන් බොහෝමයක් අපෙන් මඟ හැරී යන්නේය. එය සමාජ පරිහානියට මඟ පෑදීමකි. පවුල් ජීවිතයේ භුක්ති විදිය හැකි සතුට අහිමිවී යයි. එවිට අපේ විරුද්ධවාදීන්ට (අපව ආක්‍රමණය කිරීමට) අවස්ථාව උදාවන්නේය.

මේ කරුණු මනඃකල්පිතව ගොණුකර පෙන්වූ ඒවා නොවේ. එයට මේ සමාජයේ ඕනෑතරම් සාක්ෂි තිඛෙන්නේය. තම කාමාශාවන්ගේ තරම දකින්නට සිතාගෙන සල්ලාල ජීවිතයක් ගත කළ ප්‍රංශජාතිකයින් ජර්මනියේ ප්‍රහාරයෙන් මොහොතකින් විනාශයට පත්විය. මිනිසා තම ආශාවන්ට වහල්වී තමා විසින්ම තමාව විනාශ කර නොගැනීමටත් ඒ තුළින් සමාජයේ විනාශය සිදුවීම වළක්වා ගැනීමටත් ඉස්ලාමය වග බලාගනී.

නියත වශයෙන්ම කියතොත් ලෞකික ආශාවන්(සතුට) භුක්තිවිදීමට ඉස්ලාමය ප්‍රසිද්ධියේ ඇරයුම් කරයි. ශ=ද්ධවූ අල්-කුර්ආනය —කියන්නæ දෙවියන් තම ගැත්තන් සඳහා නිමවා ඇති අලංකාර පරිත්‍යාගයන් හා (වැදගත් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රදානය කර ඇති) පිරිසිදුවූත් පූජනීයවූත් දේවල්වලින් තහනම් කරන්නේ කවුද?˜ (අල්-කුර්ආන් 7:32) කියා ප්‍රශ්න කරයි. ඒවගේම තවත් වාක්‍යක —මෙලොව නුඹේ කොටස ප්‍රතික්ෂේක නොකරනු˜ යනුවෙන්ද —ඔබ සඳහා ලබාදී ඇති හොඳදේ අනුභව කරන්න, පානය කරන්න නාස්ති නොකරන්න.˜ යැයි ප්‍රකාශ කර මිනිසාට තමාගේ මොලොව අවශ්‍යතා ප්‍රතික්ෂේප නොකරන ලෙස දේශනා කරයි.

දෙවියන්ගේ අවසාන දේව දූතයාණන්වූ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ —මෙලොව සැපසම්පත්වලින් දැඩි වශයෙන් ප්‍රිය කරන්නේ කාන්තාවන්ට හා සුවඳ විලවුන්වලටය. මගේ ඇස්වලට සිසිල ගෙන දෙන්නේ සලාතයයි.˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

මෙහිදී මිනිසා තුල ඇති කාමුක හැඟීම සුවඳවිලවුන්වලට උපමා කර ඇත. ඒ සමගම එම හැඟීම් සීමාව ඉක්මවා ගොස් අනතුරුදායක වීම වැළැක්වීමට සලාතය මගින් වැටක් තනා ඇත. සලාතය වනාහි දෙවියන්ට සමීප විය හැකිවූද, දේවාශිර්වාදය ලබාගත හැකිවූද වැදගත් මාධ්‍යයකි.

එක් අවස්ථාවක දේවදූතයාණන් තම මිත්‍රවරුන් අමතා —මිනිසෙක් තම බිරිඳ සමග අඹුසැමියන් ලෙස (සංසර්ගයේ) හැසිරීමේදීත් අල්ලාහ්ගෙන් කුසල් හිමි කර ගනී˜ යනුවෙන් පැවසූහ. මෙය ඇසූ මිත්‍රවරු යමෙක් තම බිරිඳ සමග සංසර්ගයේ යෙදීමටත් (ආශාවන් සංසිදුවා ගැනීමටත්) පින් ලැඛෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට එතුමාණෝ —යමෙක් තම ආශාවන් වැරදි මාර්ගයකින් සංසිදුවා ගැනීම පාපයක් නොවන්නේද? යනුවෙන් පිළිතුරු දුන්හ. (මුස්ලිම්).

ඉහත දක්වා ඇති දේව වාක්‍ය හා දේව දූතයාණන්ගේ කියමන් දෙස බලන විට මිනිසාගේ ස්වභාවික ආශාවන් හා හැඟීම් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ගැන කථා කිරීමට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් නැති බව හොඳින් පැහැදිළීවන්නේය. එමනිසා තරුණයින් තමන්තුල ඇතිවන —කාමාශාව˜ පිළිකුල් ලෙස හෙලා නොදකින්න. ඒවා වළලා දැමිය යුතු හො මැඩලිය යුතු හැඟීම් ලෙසද නොහිතන්න. තම හැඟීම්(ආශාවන්) සංසිදුවා ගැනීමට (සදාචාරාත්මක) නිසි මඟක් තෝරා ගන්නා තෙක් ඉවසීමෙන් සිටින්න.

—ෆ්‍රොයිඩ්˜ මහතාගේ මතය අනුවත් ආශාවන් සංසිදුවාගැනීම තාවකාලිකව නැවැත්වීම ආශාවන් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ලෙස නොසැලකේ. කාමාශාවන් තාවකාලිකව ප්‍රමාදකිරීම නිසා නහර දුර්වලවීමක් හෝ මානසික ආරවුල් හෝ ඇතිවන්නේ නැත. ඒවා මර්ධනය හෝ වළලා දැමීම නිසා නහර දුර්වලාතාවලට හා මානසික රෝගවලට මුහුණු පෑමට සිදුවිය හැක.

විවාහ වනතෙක් ලිංගික ඇසුරෙන් වැළකී සිටින ලෙස කීම මෙලොව සැපසම්පත් අත්හැර දමන්නැයි කීමක්(නියෝගයක්) නොවන්නේය. තමාව පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට තම පෞර්ෂවය හා අභිමානය රැකගත නොහැක. මෙය සනාථකර පෙන්වීමට අවශ්‍ය අප්‍රමාණ සාධක ඉතිහාසය තුලින් දැකිය හැක.

දුක ඉවසා ගැනීමටත්, ප්‍රීතිය තාවකාලකව කල් දැමීමටත් තම ජනතාව දැනුවත් නොකරන, ඕනෑම රටකට ජාත්‍යන්තර මට්ටමේ ආරවුලක් උද්ගතවුවහොත් ඉන් ජය ගැනීම අපහසු වන්නේය. ඉස්ලාම් ආගමේ අනිවාර්‍යය වගකීමක් වන උපවාස ශීලයේ එක් අරමුණක් වන්නේ ජනතාවට මෙම පුහුණුව ලබාදීමයි.

බඩගින්න, පිපාසය නොසංසිදුවා මිනිසා විසින් භුක්ති විඳිය යුතු ආශාවන්ගෙන් ඔහු ඈත්කර තබන උපවාසය අවශ්‍යමද? පැහැදිළි අරමුණක් හෝ යතාර්ථයක් හෝ නොමැති මෙම උපවාසය ආගමකින් නියම කළ පමණින්ම පිළිගත යුතුද? මෙසේ උපවාසය පිළිබඳව ඇනුම්පද කීම සමහරු සාමාන්‍ය පුරුද්දක් කරගෙන සිටිති.

මේ අයට අප විශේෂයෙන් කිවයුත්තක් ඇත. තමා තුල ඇති ආශාවන් පාලනය කළ නොහැකි මිනිසාත් මනුෂ්‍යයෙක්ද? තම ආශාවන් පැය කීපයකටවත් පාලනය කර ගත නොහැකි මිනිසෙකුට මේ ලෝකයේ වැදගත් යමක් කළ හැකිද? තත්ත්වය මෙසේ පවතී නම් අද ලෝකය පුරා හිස ඔසවා ඇති අපරාධ රැල්ල ඉදිරියේ විරුද්ධව සටන්කිරීමට අපට කෙසේ හැකි වෙයිද?

මේ ලෝකයේ යම් ප්‍රයෝජනවත් වැඩක් කිරීමට අවශ්‍ය නම් සුළු වශයෙන් වත් පරිත්‍යාගශීලී විය යුතුය. පරිත්‍යාගයට ප්‍රථම පැයකීපයක් ඉවසා සිටීමේ මානසිකත්වයක් හෝ අවශ්‍ය වන්නේය. එහෙයින් ආශාවන් පාලනය කිරීම පිළිබඳව පුහුණුවක් සෑම පුද්ගලයකුට අනිවාර්යයෙන් තිබිය යුතුය.

නැගෙනහිර මුස්ලිම් රාජ්‍යවල කොමියුනිස්ට් වාදය ප්‍රචාරය කරන අය ඉස්ලාමය අනිවාර්‍යය කර ඇති උපවාසය මෙන්ම ඒ හා සමාන ස්වපාලනය (ආත්ම දමනය)ට සම්බන්ධ කරුණු හෙලා දකිති. එහෙත් එම කොමියුනිස්ට් වාදීන් ස්ටර්ලින් විසින් පමුණුවන ලද සියලුම වධහිංසා ඉවසාගත්හ. ඔවුන් තම ආශාවන් හා අවශ්‍යතා පාලනය කර ගැනීමට පුහුණුවක් ලබා නොසිටියා නම් පැසිස්ට් වාදීන්ගේ ඒ වධහිංසා ඉවසා දරා සිටිය නොහැක.

සම්පූර්ණයෙන් කොමියුනිස්ට් පාලනයක් පවතින රටක ඔවුන් පනවන නියෝගයන් පිළිගෙන තමන්ගේ සියලුම ආශාවන් පාලනය කර ගැනීමට, එහි තුල සිටින ජනතාව (විශේෂයෙන් කොමියුනිස්ට්වාදීන්) සූදානම්ය. එහෙත් එවැනි රාජ්‍යයක් නිර්මාණය කිරීමට මුල් වූ මිනිසාව මැවූ දෙවියන් විසින් එම පාලනයම නියම කළ විට අයියෝæ කියමින් විලාප නැංවීම මහත් සිත්තැවුලට හා පුදුමයට කරුණක් වන්නේය.

ආගම තමාගේ අනුගාමිකයින්ගේ ජීවිතයේ රසාශ්වාදය නැති කරන අතර —පාපය˜ නමැති බිය ආගම් විශ්වාස කරන්නවුන්ගේ සිත් තුලට ඇතුල් වෙයි. මෙවැනි චෝදනාවක්ද ආගම් වෙත එල්ල කෙරෙයි. එම චෝදනාව ඉස්ලාමයට නොගැලපෙන්නේය. හේතුව ඉස්ලාමය පාපයට වඩා පව්සමාව ගැන බහුලව දේශනා කරයි.

ඉස්ලාමයේ මතය අනුව පාපය යනු මිනිසාගේ උත්පත්තියේ සිට ඔහු සමග වැඩෙන දෙයක් නොවේ. මුල්ම මිනිසාවූ ආදම්(අලෙයිහිස් සලාම්)තුමා කළ වැරැද්ද මුළු මහත් මානව වර්ගයාම වෙලාගත්තා නොවේ. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වැරුද්දක් කළද එය පවක් බව දැනගත් වහාම පව් සමාව ඉල්ලා දෙවියන්ගෙන් ආයාචනා කළහ. අසීමිත දයාන්විතවූද අපරිමිත කරුණාවන්තවූද දෙවියන් වහන්සේ විසින් එතුමාට සමාව දෙන ලදී.

—පසුව ආදම් (අලෙයිහිස් සලාම්) තම දෙවියන්ගෙන් වචන කීපයක් ඉගෙන ගත්තේය (ඔහු එම වචනවලින්ම ප්‍රාර්ථනා කරමින් කල් යැවීය) ඒ නිසා ඔහු(අල්ලාහ්) ඔහුට සමාව දුන්නේය…..˜ (අල්-කුර්ආන් 2:27).

ආදම් තුමාගේ පව් සමාව සිදුවූයේ කිසියම් සම්ප්‍රදායක් අනුව නොව අසීමිත දයාන්විතවූ අල්ලාහ්ගේ කාරුණිකත්වය මතය. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා තම වැරැද්ද ගැන පසුතැවිලිවී වැරැද්දෙන් මිදී, දෙවියන් ඉදිරියේ කන්නලව් කළ විට සමාව ලැබුනු අතර ඒ අයුරින්ම ආදම්තුමාගේ දරුපරම්පරාවවූ සමස්ථලෝක ප්‍රජාවද, තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී නැවත තමන් වැරදි නොකරන බවට පොරොන්දු වී සර්වබලධාරී හා මහා කාරුණිකවූ දෙවියන් ඉදිරියේ පව් සමාව අයැද සිටින්නේ නම් සත්‍යවශයෙන්ම සමාව ලබන්නෝමය.

මිනිසාගේ ස්වභාවය, ශක්තිය හා දුර්වලතා දෙවියන් වහන්සේ හොදින් දන්නේය. එහෙයින් ඔහුට ඉසිලිය නොහැකි කිසිම බරක් ඔහු මත පැටවීම දෙවියන් විසින් නොකරන්නේය.

—අල්ලාහ් කිසිම ජීවියෙකුගෙන් ඔහුගේ හැකියාවට වැඩි යමක් බලා පොරොත්තු නොවෙයි.˜ (අල්-කුර්ආන් 2:286).

මිනිසුන් කා අතිනුත් වැරදි සිදුවිය හැක. මිනිසා වැරද්දට යොමුවීමේ ස්වභාවයෙන් යුක්තය. වැරදිකරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ ගැන පසුතැවිල්ලෙන් තම වැරදිවලින් මිදී යහපත් අතට හැරෙන අයයි. යන්න දේවදූතයාණන්ගේ රුවන් වැකියකි.

මහා කාරුණිකවූ අල්ලාහ් තම කරුණාවේ මහිමය හා සමාව ලබාදීමේ උත්තරීතර ගූණය පිළිබඳව අල්-කුර්ආනයේ ඛෙහෝ තැන්වල සඳහන් කරයි. ඉන් සමහරක් මෙසේය.

—නුඹේ පරමාධිපතිගේ සමාවටත් අහස් හා පොළොව තරම් විශාලවූ ස්වර්ගයටත් යුහුසුළුවන්න. එය බියබැතිමත් අය වෙනුවෙන් සූදානම් කර ලැබ ඇත.

ඔවුන් වස්තුව ඇති අවස්ථාවේත් නැති අවස්ථාවේත් දන් දෙති. කෝපය පාලනය කර ගනිති. මිනිසුන් අතින් සිදුවන වැරදිවලට සමාව දෙති. අල්ලාහ් (මෙවැනි) සුදනන්ව පි්‍රය කරයි.

ඔවූහු යම් ලැජ්ජා සහගත ක්‍රියාවක් කළ විටත්, කුමක් හෝ පාපයක් කිරීමෙන් තමන් විසින් තමන්ටම හානියක් කරගත් අවස්ථාවලදීත්, වහාම අල්ලාහ් ගැන සිතමින් තම පව්සමා කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද (කන්නලව් කර) සිටිති (අල්ලාහ්ද ඔවුන් හට සමාවදෙන්නේය) අල්ලාහ් හැර වෙන කවරෙකු ඔවුන්ගේ පව් කමා කරයිද? ඔවූහු කළ ක්‍රියාව වරදක් බව අවබෝධ කරගත්තේ නම් නැවත එම ක්‍රියාවෙහි නිරත නොවන්නෝය. වහාම එම ක්‍රියාවෙන් මිදෙන්නෝය. මෙවන් අයට ලැඛෙන ප්‍රතිඵලය නම් දෙවියන්ගේ සමාව හිමිවීමත්, සදාකාලිකව ජලධාරාවන් ගලා බසින ස්වර්ගය හිමිවීමත් වන්නේය. ඔවූහු සදාකාලකිව එහි රැෙඳන්නෝය. යහපත් ක්‍රියා කරන අයට් ප්‍රතිඵලයද යහපත් වන්නේය.˜ (3:133-136).

මේ දේව වාක්‍ය වරක් අවධානයෙන් යුතුව බැලුවොත් දෙවියන් වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි තේරුම් ගත හැක. ඔහු පව් සමාකිරීම පමණක් නොව මිනිසුන්ව උත්තරීතර තත්ත්වයට පත් කරවන්නේය. මෙතරම් කාරුණිකවූ දෙවියන් ගැන හදවතට එකඟව අවබෝධ කරගත් පසු, එම හදවතේ ඔහු ගැන සැකයක් පහළ වෙයිද? මිනිසා කළ වැරැද්ද ගැන පසුතැවිලිවී එම වැරැද්ද නැවත නොකරන චේතනාවෙන් යුතුව පව් සමාව අයැද සිටීනම් ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් විසින් සමාව ලබා දෙන්නේය.

සත්‍යය මෙසේ තිබියදී එක් වරදක් මිනිසාව පරම්පරා ගණනාවක් තිස්සේ වෙලාගෙන තිඛෙන්නේ කෙසේද? පාපය යනු පරම්පරාවෙන් හිමිවන්නක් නොවන බව සනාථ කිරීම සඳහා වෙනත් හේතු සාධක පෙන්වීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ රුවන්වැකිවලින් එකක් මතුකර පෙන්වීම සුදුසු යැයි හැෙඟ්.

—මාගේ ප්‍රාණය කවුරුන් අතේ තිඛෙන්නේද එම දෙවියන් මත දිවුරා කියමි. නුඹලා පාපය නොහදුනන (කිසිම පවක් නොකරන) පිරිසක්වූයේ නම් නුඹලා තුරන්කර පව්කරන වෙනත් පිරිසක් මෙහි එවන්නේය. ඒ අයට පව් සමාවද ලබා දෙන්නේය.˜

පව් කළ මිනිසා පව් සමාවේ යෙදීම දෙවියන්ට ප්‍රියමනාප ක්‍රියාවක් ලෙස සලකන බව මෙයින් පැහැදිළිව සනාථ වන්නේය.

—නුඹ (මෙසේ) අල්ලාහ් ගැන විශ්වාසකර ඔහුට ස්තූති කරමින් සිටින්නේ නම් නුඹලාට ද~ුවම් කිරීමෙන් ඇතිවෙන ලාභය කුමක්ද? අල්ලාහ් කළගුණ හොඳින් හදුනයි සියල්ල මැනවින් දනියි˜ (4:147).

ඔව්æ දෙවියන් වහන්සේ ඔහුගේ අපරිමිත කරුණාවත්, පව් සමාවත් අපමණව ලබාදීමට සූදානම්ව සිටියදී, ජනතාවට දුක්දීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?

අල්හම්දුලිල්ලාහ්. (සියලූ ප්‍රශංසා අල්ලාහ් සතුය.) 

Leave a Reply

Your email address will not be published.