මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!

මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා අනාවරණයවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරැන්ට පමණක් හෝ අරාබිවරැන්ට පමණක් හෝ අනාවරණය වූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරැණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරැවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රැකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.

ජගත් සහෝදරත්වය උදෙසා ශුද්ධවූ අල්කුර්ආනය ඇති කළ විප්ලවය:

“ජනයිනි, අපි නුඹලා පිරිමියකුගෙන්ද ගැහැනියකගෙන්ද මැව්වේමු. නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස අප නුඹලා ජාතින් හා ගෝත්‍රයන් කළෙමු. නියතවශයෙන් අල්ලාහ් හමුවේ, නුඹලා අතුරින් ඉතා ගෞරවනීය වන්නේ නුඹලා අතුරින් ඉතාමත්ම බියබැතිමත්වූ අයයි. නියතවශයෙන්ම අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥය”. (ශු අල්කුර්ආනය 49: 13).

ජනයිනි! ඔබලා යාඥා කළ යුත්තේ නිර්මාණයන්ට නොව නිර්මාතෘවරයාටයි:

“මිනිසුනි, නුඹලාද නුඹලාට පෙර සිටියවුන්ද මවා වදාළ නුඹලාගේ රබ්(පරමාධිපති වෙත අවනත වනු. මෙලෙසිනි, නුඹලාට ආරක්ෂාව ලබාගත හැක්කේ. නුඹලාට මහපොළොව යහනාවක් හා අහස වියනක් කර, තවද අහසින් වැසි වස්වා එමගින් නුඹලාගේ පෝෂණය සඳහා පල වර්ග හට ගැන්වුයේද ඔහුමය. එබැවින් (මේ සියල්ල) නුඹලා පැහැදිලිව දැන සිටියදීත් අල්ලාහ්ට කිසිසේත් ආදේශයන් නොතබනු”. (ශු අල්කුර්ආනය 2: 21, 22).

“ජනයිනි, උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. නියතවශයෙන් අල්ලාහ් හැර, නුඹලා අයැදින අයට මැස්සකුවත් නිර්මාණය කරන්නට නොහැක්කේමය, ඔවුන් සියලු දෙනා එයට එක්වුවද. තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද උගෙන් එය මුදවා ගන්නටද ඔවූහු නොහැක්කෝය. නමදින්නාද, නමදිනු ලබන්නාද දුර්වලය”. (ශු අල්කුර්ආනය 22: 49 ).

අල්ලාහ් හැර වෙනත් මැවුම් කරුවෙකු ඔබලාට සිටීද?:

“ජනයිනි, අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති අනුග්‍රහයන් සිහිපත් කරනු. නුඹලාට අහස්වලින් සහ මහපොළොවෙන් අවශ්‍ය දෑ සපයන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවෙක් සිටීද? ඔහු හැර වෙනත් දෙවියකු නැත. එනිසා නුඹලා කෙසේ රවටවනු ලබන්නේද? (ශු අල්කුර්ආනය 35: 3).

ඔබ සියල්ලන්ව එක් ආත්මයකින් මැවූ සකල ලොව හිමියන්ගේ අසීමිත බලය වටහාගන්න:

“මිනිසුනි! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද (ලොවපුරා පැතිර වූ රබ්(පරමාධිපතිට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ උරුමය (කඩ කිරීම ගැනද බිය වනු. නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරික්‍ෂාකාරීව සිටින්නෙහිය”. (ශු අල්කුර්ආනය 4: 1).

සත්‍ය සමග පැමිණි අල්ලාහ්ගේ දූතවරයාගේ මග ඔස්සේ ගමන් කරන්න:

“මිනිසුනි! දූතවරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් (ඔහු විශ්වාස කරනු. එය නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කළහොත් අහස්වල හා මහපොළොවෙහි ඇති සියලු දෙයක්ම අල්ලාහ්ට හිමිය. අල්ලාහ් සර්වඥය සර්වප්‍රාඥය”. (ශු අල්කුර්ආනය 4 : 170).

විශ්ව හිමියන්ගෙන් පැමිණී අවසාන දූතවරයා:

“ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ගේ රසූල්(වක්තෘ)වරයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු”. (ශු අල්කුර්ආනය 7 : 158).

මිනිසුනි! අල්ලාහ් විසින් ඔබලා වෙත අනාවරණයවූ ඒකායන ආලෝකමත් මඟ:

“මිනිසුනි! සත්‍යය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම පැමිණ ඇත. තවද (නුඹලාට මාර්ගය පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයද අපි නුඹලාට පහළ කළෙමු. අල්ලාහ් විශ්වාසය කර ඔහු ග්‍රහණය කරගත්තා වු අය ඔහු(අල්ලාහ්ගෙන් වූ දයාළු භාවයෙහිද වරප්‍රසාදයෙහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත ඍජු මාර්ගයද දක්වනු ඇත”. (ශු අල්කුර්ආනය 2 :174, 175).

ජනයිනි! අල්ලාහ්ගෙන් ඔබ වෙත පැමිණි යහපත් උපෙදස:

“ජනියිනි! නුඹලාගේ හිමියන්ගෙන් සැබවින්ම නුඹලා වෙත යහපත් උපදෙසක් පැමිණ ඇත, නුඹලාගේ සිත් වල ඇති රෝගවලට එය ප්‍රතිකාරය ‍වේ. තවද එය විශ්වාසවන්තයින්ට යහ මග පෙන්වීමක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් පවති”. (ශු අල්කුර්ආනය 10 : 57).

ඔබ සියල්ල මරණයට පත්කරන්නේ අල්ලාහ්ය:

“ජනියිනි! ඔබලා මාගේ දහමෙහි සැකයෙන් නම්, අල්ලාහ් හැර ඔබලා යඥා කරන දේ මා යාඥා නොකරමි. එනමුත් ඔබලාව මරණයට පත්කරන අල්ලාහ්ට මා යාඥා කරමි. මා විශ්වාසවන්තියන් අතුරින් කෙනෙකු බව සිටීමට නියෝග කරනු ලැබුවෙමි යනුවෙන් ශාස්තෘවරයානනි ඔබ පවසනු”. (ශු අල්කුර්ආනය 10 : 104).

මිනිසාගේ කි‍්‍රයා කලාපයන් වෙනුවෙන් ප‍්‍රතිඵල හිමිවන තීරනාත්මක දිනය:

“ජනයිනි නුඹලාගේ රබ්(පරමාධිපති)ට බියබැතිමත් වනු. නියතවශයෙන් අවසාන දිනයේ කම්පාව ඉමහත් (බිහිසුණු) දෙයකි. නුඹලා එය දකින දිනයේ (බිළිඳුන්ට) කිරි පොවන සෑම ස්ත්‍රියක්ම ඇය කිරි පොවන්නා අමතක කරන්නීය. තවද සෑම ගැබිණියක්ම ඇගේ ගැබ බර (ඇය නොදැනුවත්ම) ප්‍රසූත කරන්නීය. තවද නුඹ ජනයා මත්වූවන්සේ දකින්නෙහිය. ඔවූහු මත්වූවෝ නොවෙති, නමුත් (ඔවුන් මත්වූවන් සේ හැඟී යන තරමට) අල්ලාහ්ගේ දඬුවම ඉතා දරුණුය”. (ශු අල්කුර්ආනය 22: 1, 2).

මරණිනු පසු යළි නැගිට්ටුවීම පිළිබඳ ඔබ සැකයෙන් ද? මෙයට හොඳින් සවන්දේනන:

“ජනයිනි (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම් නියතවශයෙන් අපි (මුලින්) පසින්ද පසුව ශුක්‍රාණු බිඳකින්ද ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශුක්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව  නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි”. (ශු අල්කුර්ආනය 22: 5).

සෑම දූතවරයකුම අවසාන දියන පිළිබඳ අවවාද කළහ:

“ජනයිනි, (එම නපුරු දිනය පැමිණීමට පෙර ඒ ගැන) නියතවශයෙන් මා නුඹලාට පැහැදිලි අනතුරු අඟවන්නකු පමණකි(යි නබි මුහම්මද්!) කියනු. (ශු අල්කුර්ආනය 22: 49).

කිසිවෙකු කිසිවෙකු වෙනුවෙන් ඉදිරිපත්වීමට නොහැකි තීරනාත්මක දිනයකි:

“ජනයිනි! ඔබලාගේ හිමියන්ට බියවනු තවද අවසාන දිනයට බියවී කටයුතු කරනු. (එදින) පියා තම පුතාට පිළිතුරැ නොදෙයි. (එසේම) පුතා ද සිය පියා වෙනුවෙන් කිසිවක් කළ නොහැක. සැබවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍ය වේ. එබවැන් මෙලොව ජීවිතය ඔබලාව මුලා නොකළ යුතුයි. තවද මහා රැවටිලිකාරයා (ෂෙයිතාන්) අල්ලාහ් සම්භන්ධයෙන් නුඹලා නොරවටවත්වා”. (ශු අල්කුර්ආනය 31: 33 ).

සත්‍ය මඟ ඔස්සේ ගමන් කරන්නන් තමන්ටම යහපත කරගනී:

“ජනයිනි! සැබවින්ම ඔබලාගේ හිමියන්ගෙන් ඔබලා වෙත සත්‍ය ධර්ම ග‍්‍රන්ථය පැමිණියේය. එබැවින් කවුරැන් (මෙය පිළිපදිමින්) සෘජු මග ගමන් කරයිද ඔහු තම යහපත වෙනුවෙන්ම එම යහපත් මාර්ගයෙහි ගමන් කරයි. කවුරැන් (එය ප‍්‍රතික්ෂේප කර) නොමග ගියේද ඔහු තමන්ටම හානිය ගෙන දෙන මාර්ගයෙහි ගමන් කරයි. මා (ඔබලා බල කර) ඔබලාගේ කාර්්‍යයන් පාලනය කිරීමට මා වෙත බලයක් නැත යනුවෙන් ශාස්තෘවරයානනි පවසන්න”. (ශු අල්කුර්ආනය 10: 108).

ඔහු ඔබ වෙත අනුමත කළ පිවිතුරු දේ පමණක් අනුභව කරන්න:

“මනුෂ්‍යයිනි, මහපොළොවෙහි ඇති දේවල්වලින් හලාල් වූ(අනුමත කළ දේ)ත් පිරිසිදු වූත් දෙයම අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියගැට අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට හතුරාය”. (ශු අල්කුර්ආනය 2 : 168, 169) .

මෙලොව ජීවිතය ඔබ මුලා නොකරත්වා:

 “ජනයිනි, අල්ලාහ්ගේ පොරොන්දුව නියතවශයෙන්ම සත්‍යය. ලෞකික ජීවිතය නුඹලා මුලා නොකරත්වා. තවද මහා රැවටිලිකාරයා අල්ලාහ් සම්භන්ධයෙන් නුඹලා නොරවටවත්වා. ෂෙයිතාන් නියතවශයෙන් නුඹලාගේ සතුරාය. එනිසා නුඹලා ඔහු සතුරකු ලෙස සැලකිය යුතුයි. තවද නියතවශයෙන්ම තම පාක්ෂිකයන්ට දැල්වෙන ගින්නෙහි සහකාරයින් වීමටයි ඔහු ඇරයුම් කරන්නේ”. (ශු අල්කුර්ආනය 35: 5,6 ).

අල්ලාහ්ගේ වරප‍්‍රසාදයන් අසීමිතයි:

“ජනයිනි, නුඹලාය අල්ලාහ්වෙත යැපෙන්නෝ. තවද අල්ලාහ් ස්වයංපෝෂිතය. ස්වයන් ප්‍රසංශනීයය”. (ශු අල්කුර්ආනය 35: 15).

Leave a Reply

Your email address will not be published.