| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 770 views

මුස්ලිම් කාන්තාවක් වීමට හේතුවූ සිදුවීම්!

කතුවරයා/දේශකයා: on 11th October 2015

මා කුඩා කල පටන් හැදී වැඩුණු සමාජය තුල, මා හට වටහා ගැනීමට නොහැකි විවිධ දේවල් ඇසින් දුටුවෙමි. උදාරණයක් ලෙස ගත් කල, විවිධ මිනිසුන්ගේ ක්‍රියාවන් ලෙස එනම්, සමහර පිරිමි හෝ ගැහැණු අනුන්ගේ පුද්ගලික දේවල් හා නොයෙක් සිදුවීම්, තමාට අදාල නොවන බවත් දැන දැනම ඒ දේවල් පිළිබඳව විශාල උනන්දුවකින් සොයා බලා, ඒ පිළිබඳ වැඩිපුරත් එකතු කර අන් අයට පවසා, තමාටත් අන් යටත් විශාල හිරිහැරයක් කර ගන්නා අවස්ථාවේ, සමහරු කිසිම දෙයක් සිදු නොවූ ලෙස හා සමහරුන් ඒ පිළිබඳ නොදන්නා නමුත්, ඔවුන්ද ඒ සිදුවීමට සම්බන්ද කර විශාල ගැටුම් ඇති කර ගැනීම. මේ සිදුවීම් නිසා මගේ හිතට දැනෙන අසරණ කම කිව නොහැක. එනම්, වැරදි කර පුද්ගකයා නිදැල්ලේ සිට අසරණයා දුක් විදීමය. මාගේ ප්‍රශ්ණය නම් ඇයි මෙසේ වනුයේ.

තවත් උදාහරණයක් නම්, පස යටට පැළ වීමට දමන්නාවූ ඇට වර්ගයන්. මා කුඩා කල මාගේ මව විසින් ගෙවත්තේ පැළවීමට දමන්නා වූ ඇට වර්ග පිළිබධව, ඇය උනන්දු වනවාට වඩා, මාගේ උනන්දුවයි. එනම් එය පැලවූ වහාම මාගේ රාජකාරිය නම්, එය අම්මාට හා අන් අයට හොරා එය ගලවා බැලීමයි. ඒ මා සොයනුයේ එය පැල වන ආකාරයයි. වැඩිහිටියන්ගෙන් අසා දැන ගත්තත්, එහි මුල්ම පැළය පිළිබඳ, ඔවුන් දෙන්නාවූ පිළිතුර මගේ හිතට ප්‍රමාණවත් නොවන්නක්. ඔවුන් කියනුයේ සියල්ල ඉබේ ඇති වුවක් බවයි. ගසක් ලොකු වී අලංකාරමත් කොළ, මල්, ගෙඩි හට ගන්නා අවස්ථාව, කෙතරම් ප්‍රිය ජනකද? නමුත්, ඊට ටික කලකට පසු, ඒ ගසම, කොළ වේලි, හැලී ගස මළානික වන ආකාරය හා නැවත වරක් එම ගසම අපුරුවට දළු දා පරිසරයට ගෙන්නාවූ ප්‍රිය ජනක බව. මේවා කාගේ වැඩක්ද? ඉතිරිය ප්‍රශ්නයක් පමණි.

තවත් දවසක එනම් කුඩා කල මගේ සහෝදරයාගේ නිවසේ ඇති කරන්නාවූ කුකුළන්, පිළිබද මට ඇති වූ හැගීම. එනම් මා හුස්ම ගන්නා ආකාරය හා එම සතා හුස්ම ගන්නා ආකාරය. මා ඔක්සිජන් වායුව ගන්නා බවත්, ඒ සතා කෙසේද හුස්ම ගනුයේ යන ප්‍රශ්නයත්. දවසක් ගෙදර සියල්ල නොපෙනෙන කම් ඉද. දවස් දෙකක් හෝ තුනක් වන කුකුළු පැටවෙක් ගෙන ඌගේ නාසය තිබේදැයි බැලීම. නමුත් මා දුටුවේ හොටය හා ඇස් පමණි. මිනිසාට කටින් හා නාසයෙන් හුස්ම ගැනීමට පුළුවන. නමුත් කුකුල් පටවාගේ නාසය නොදුටු මට, ඒ ගැන ප්‍රශ්නයක් මතු වුනෙමි. ඒ නිසා මා උගේ හොටය, තත්පර 1 හෝ 2 අල්ලාගෙන සිට අත ඇරියෙමි. ඌ මැරී ඇති බව මා දුටුවේ ඉන් පසුවයි. හිතේ එති වූ බය නිසා, මේ ගැන කාගෙන්වත් ප්‍රශ්න නොකළ මා, මාගේ හිතේ ප්‍රශ්ණ මතු වූ වාර ගණන නිම කල නොහැක.

තවත් දවසක මුස්ලිම් කාන්තාවක් ශරීරයේ සියල්ල වසා, මා නගින්නාවූ බසයටම නැගීමට සිටියේය. ඇය දිහා මා සැරින් සැරේ හොරාට බැලුවෙමි. ඇයි ඇය එසේ අදින්නේ යන ප්‍රශ්ණය මා වරින් වර සිතුවෙමි.

මෙවැනි සිදුවීම් කෙතරම් මා ජිවිතේ අත් වින්දත්, එයට පිළිතුර දිය හැකි කිසිවෙක් ම දුටුවේ නැත. මෙසේ කාලය ගෙවී මා දවසක සවුදි අරබියාවට රැකියාවක් සඳහා පැමිණියෙමි. එහි පරිසරය මට විශාල බලපෑමක් විය. ඔවුන්ගේ ජිවන රටාව, ආගම සහ නොයෙකුත් දේවල් විවිධ විය. පිළිතුරු ලබා ගැනීමට කිසිවෙක් නැත. ප්‍රශ්ණ වැලක් ඉතිරි විය.

මේ සියල්ලට වඩා මා කුඩා කල සිට විවිධ පොත්, පත්තර, සගරා කියවීම මගේ විශේෂත්වයයි. එය මරණ දැන්වීමක් හෝ කම් නැත. මේ නිසා මා රැකියා කල ස්ථානයේ මාගේ භාෂාවෙන් ඉස්ලාම් සම්බන්ධ පොත් කීපයක් කියවීමට ලැබුණි. එහි “ සත්‍ය ආගම, ඉස්ලාම් හැදින්වීමක්, ආදරණිය අම්මා හා කාන්තා පිරිසිදු කම ” නම් පොත් කියවීමට ලැබුණි. හිත වෙනම පැත්තක් කරා ගමන් කරවීමට මේ පොත් මා ජිවිතේට බලපෑ අපූරුව. “ අල්ලාහ් විසින් පිළිගන්නා එකම දහම ඉස්ලාම් පමණි.” එනම් අන් සියළු ආගමිකයන් අපා ගත වන බවත්ය. සේරම පැත්තක දමා මා ඉස්ලාම් පොත් කියවීමට උනන්දු උනෙමි. තවත් හේතුවක් නම්, කාන්තා පිරිසිදු කම පොත මා සිත් ගත්තෙමි. එයට මා ගොඩක් වෙහෙස වී ඉස්ලාම් පිළිබද මා විසින්ම දැනුම සොයා මා විසින්ම ඉස්ලාම් සත්‍ය බව තහවුරු කර, එය පිළිගෙන අද මා මුස්ලිම් කාන්තාවක් වී සිටිමි.

අතීතයේ සියළු සිදුවීම් හා ප්‍රශ්ණ රාශියට, අද මා මා විසින්ම පිළිතුරු සොයා ගෙන සිටිමි. මා කිසි විටක කිසිම කෙනෙකු ලග ඉස්ලාම් ඉගනගෙන නොමැත. නොදන්නා කරුණු කිපදෙනෙකුගෙන් ඇසුවත්, ඔවුන්ගේ පිළිතුරු මා සිත් ගත්තේ නැත. ඒ ඔවුන්ට ඉස්ලාම්හි මනා අවබෝධයක් නැති කමය. මා දැන් ඉස්ලාම් වැළදගෙන අවුරුදු 10 ගෙවී අවසන්ය. අවුරුදු 7 පෙර මා හට ඉස්ලාම් ප්‍රශ්න විසදා ගැනීමට කවුරුත් නැති වුවත්, මීට අවුරුදු 3 පෙර මා හට ඇති ගැටළු විසදා ගැනීමට ජිවිතේ සමහර හොද පුද්ගලයන්ව මට මුණ ගැසුණි. දැන් මා ඉස්ලාම් පිළිබද මනා අවබෝධයක් ඇති කෙනෙකි.

මෙයට උදාහරණයක් ලෙස, නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාගේ, අපූරු ආදර්ශමත් කියමනක් නම්, “ සෑම දරුවෙක්ම ස්වභාවික වශයෙන් අල්ලාහ්ට අවනත වූ තත්වයකින් උපත ලබයි. එනමුත් පසු කලෙක ඔහුගේ දෙමාපියන් විසින් ඔහු කිතුනුවකු හෝ යුදෙව්වෙකු හෝ මුජිසිවරයෙකු ( ගින්නට නමස්කාර කරන ) බවට පත් කරන්නේය. { බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථ }.

මිනිසාට මොලයක් හා හදවතක් ඇත්තේ කුමකටද යනු, අද මා මානව අවබෝධ කරගෙන සිටිමි. මේ සියල්ලෙහි අයිතිය අල්ලාහ් සතු වේ. ඔහුයි මට පාර පෙන්වූ කෙනා. සියළු ප්‍රශංසා අල්ලාහ් සතුයි !!!

Related Posts

  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • වනිතාවFebruary 4, 2009 වනිතාව (0)
    ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් පිළිබඳ කථා කිරීමට මත්තෙන් වෙනත් ශිෂ්ටාචාරයන්, සංස්කෘතින්, ආගම් කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක්‍ෂා කර ඇත්තේද යනු දැන ගැනීම වඩා උවිතය. අඥාන කාලය යනුවෙන් […]
  • ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-9April 29, 2010 ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-9 (0)
    9 - විවාහ ජීවිතය මානව වර්ගයාගෙන් උතුම්ම මිනිස් සමාජය මුස්ලිම් සමාජය බව දෙවියන් විසින් වර්ණනා කළ අප සමාජයේ කාන්තාවන් විවිදාකාර ලෙසින් වධ හිංසාවට ලක්වෙති. මේ තත්ත්වය තුල ඔවුන්ගේ විවාහ […]
  • ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් – වීඩියෝ/ඕඩියෝNovember 12, 2010 ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් – වීඩියෝ/ඕඩියෝ (0)
    කාන්තා අයිතීන් ඉස්ලාම් උල්ලංඝනය කරන බව පදනම් විරහිතව කෙරෙන චෝදනාවන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. දිනය: 11-12-2010 ස්ථානය: FRCS - කොළඹ   ඕඩියෝ : (Download) {MP3 format […]
  • ශුද්ධවූ අල්කුර්ආනය පිළිබඳ දැනුමෙන් බිඳක්October 30, 2007 ශුද්ධවූ අල්කුර්ආනය පිළිබඳ දැනුමෙන් බිඳක් (0)
    නංගියේ මල්ලියේ ශුද්ධවූ අල්කුර්ආනය යනු මුළු මහත් විශ්වයම මවා පාලනය කරමින් සිටින්නාවූ අල්ලාහ් විසින් අපට දෙනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය අවසන් ශාස්තෘවරයා වශයෙන් මෙලොවට පැමිණුනු මුහම්මද් (සල්) […]
  • දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද?August 16, 2017 දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද? (0)
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින […]



coded by nessus

October 11, 2015 · සෙzයිනබ් හේවා හකුරු · 5 Comments
Tags: , ,  · Posted in: කාන්තා පිටුව, විවිධ

5 Responses

  1. thilina - October 20, 2015

    I really like to Learn about holly al kuran and Allah’s God could you please help me to learn it

  2. THILINA - September 5, 2016

    Dear Bothers
    i love to holly Allah. i want to reach god through al qua-ran
    how can do it i do my maximum effort to do that .please sent pdf copy of Al qu-ran to my Email

  3. රහීඩ් මොහ්මඩ් - December 13, 2016

    මම හොඳ මුස්ලිම්වරයෙක් නමුත් හැම දේව වාදී දහමක ම ඇත්තේ කිසිවෙක් කිව් දෙයක් පිලිගන්න කියා පැවසීමක් පමණයි, එය ඉතා පහළ මට්ටමක දෙයක් ඇදහීමක් පමණක් පුරුදු කල අයට තමා තුලම ඇති වැදගත්ම දේ පේන්නෙ නැහැ.

    මිනිසා ඇත්තටම පාලනය වෙන්නෙ කුමකින් ද? තමන්ගේම සිතින් නේ ද . අපේ හොඳ නරක සහ අපි ජීවත් වන විදිය තීරණය වෙන්නෙ කුමක් අනුවද අපි සිතන විදිය සිත අනුවයි.

    දෙවියන් පවා අමතක කර අප හසුරවන මේ සිත පිලිබඳව සර්ව සම්පූර්ණව කියාදෙන දහමක් මා සොයාගියේ ඒ නිසයි.දේවා වදී චින්තනය ඔබ හුරුවී ඇති නිසා මෙය ඔබට සංකීර්ණබවක් දනවනු ඇත එයයි ඔබ හැම ගිලී සිටින මිත්‍යාව.
    අවදිව් වන්න !

    දෙවියන් සිටී නමුත් සියල්ල මැවූ දෙවියන් ඔබ පරීක්ෂා කරනවා නම් ඔබ ඒ පරීක්ෂණයෙන් සමත් විය යුතුය දෙවියන් ඔබ සමත් කරන්කුනේ නැත ! මක් නිසාද යත් මිනිස් සිත සකස් කිරීම යහමඟට ගැනීමේ හැකියාව මැවුම් කැරුටද නොමැති නිසාද? ඔබට ඊලඟ මොහොතේ එන සිතුවිල්ල දන්නේ ඔබ පමනයි ඔබේ ක්‍රියාවන් ඔබ කරන්නේ ඔබේ සිතින් සිතුවිලි මගින් මෙහෙයවායි. ඔබේ ක්‍රියාවන් ලෝකය වෙනස් කරයි.

  4. Sampath Katuwana - February 11, 2017

    I would like to comment on Brother Raheed Mihmad‘s words posted on 13.12.16, as a person who investigated about the mind through Buddhism.
    The Man has been controlled not only by Mind. For ex, the heart cannot be operated by mind. If the heart was not operated by an unforeseen power, what is the mind can be done? We came to this world with a decision of our mind? Being a male or female is decided by us? No, after born only we know even that we have a mind. So the things can be done by Human mind is so limited.

    God has given to human a special brain in which the man is being examined. So the God has given a very limited and narrow mind to Human just to pass this examination, means to select the good and bad. Whatever doing with good mind is good and the thing doing in bad mind is bad.

    This world has been given to us by God to go through. So use the mind and go through. Other than that nothing the mind can be done.

  5. THILINA - April 25, 2017

    Dear brothers.
    I went to Mabola Jumma Masjid .i beacme Islamic i got a name Abdullah and i participated Salath prayer few days after that i was little bit week ,but i want be strength and success again with Holly Allah.your letters from this web are valued for me please be kind enough to encourage me
    my contact is 0771410895

Leave a Reply