ඌරු මස් අනුභවය තහනම් ඇයි?

ප‍්‍රශ්නය: මම වැඩකරන්නේ රෙස්ටූරන් එකක. මම ත්‍රුබජය ක‍්‍රමයට උයන්නට ඉගෙනගන්නවා. ඌරු මස් එහෙම හදන්න ඉස්ලාම් තුළ අනුමැතිය තිබෙනවාද?

සහෝදරයෙකු පැරිසයේ සිට ….

පිළිතුර:  එයට කොහෙත්ම අවසරයක් ඉස්ලාම් තුළ නොමැත. අප වෙබ් අඩවිය තුළ ”ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්තේ ඇයි?” යන මාතෘකාව යටතේ පළවී ඇති ලිපිය ද කියවන්න.
ඉස්ලාම් දහම යමක් තහනම් කරන විට එයට වක‍්‍ර ආකාරයකින් අනුබල දීම හෝ අනුමත නොකරයි. ඌරු මස් සම්බන්ධයෙන් ද මෙම නීතිය අදාළය.
”ඔබලා එකිනෙකා අතර යහපත හා බියබැතිකම වෙනුවෙන් උපකාරිවන්න, පාපය හා එදිරිවාදිකම් වෙනුවෙන් එකිනෙකා අතර උපකාරි නොවන්න. තවද අල්ලාහ්ට බියවන්න සැබවින්ම ඔහුගේ දඬුවම ඉතා දරුණුය” (ශුද්ධවූ අල්කුර්ආනය 5: 2*.
ඉස්ලාම් දහම යමක් තහනම් කළ විට එයට මොනයම් අයුරකින් හෝ උදව් කිරීම ද මහත් පාපයකි. පාපය වෙනුවෙන් කෙනෙකු තවත් කෙනෙකුට පිහිට වීම ඉහත ශුද්ධූ අල්කුර්ආන් පාඨය තුළින් තහනම් කෙරේ.
”යුදෙව්වරුන්ට අල්ලාහ්ගේ ශාපය ඇතිවේවා!. මන්ද! ඔවුන්ට මේද තහනම් කෙරිනි, නමුත් ඔවුන් එය විකුණා එයින් ලැබුනු ලාභය අනුභව කළහ. අල්ලාහ් යමක් අනුභවය සඳහා තහනම් කළ විට එයින් ලාභ ලැබීමද ඔහු තහනම් කරන්නේය.” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි*, මූලාශ‍්‍රය: අහ්මද්*.
”පොළියට දෙන්නා, පොළියට ගන්නා එයට සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් වන්නා, එය සටහන් කරන්නා යන සියල්ලන්ට නබි (සල්* තුමන් ශාප කළහ” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රය: අබූදාවුද්*.
”මත්පැන් තහනමට ලක්වූ විට නබි (සල්* තුමන් වෙත පැමිණ පිරිසක් එය විකුණා අපි ලාභ ලබන්නද? යනුවෙන් විමසූ විට (එම භාජණ සියල්ල* කඩා බිඳ දමන ලෙස නියෝග කළහ” (විස්තර කරන්නේ: බක්ර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි*, මූලාශ‍්‍රය: මුසන්නෆ් ඉබ්නු අබී ෂෙයිබා*.
”මත් පැන් පානය කරන්නා, එය වක්කරන්නා, එය විකුණන්නා, මිළදී ගන්නා, පෙරන්නා, ඔසවාගෙන යන්නා යන සියල්ලන් අල්ලාහ්ගේ ශාපයට ලක්විය” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි*, මූලාශ‍්‍රය: අබූදාවුද්*.
ඉහත ප‍්‍රකාශවලින් ගම්‍යමාන වන කරුණ නම් ඉස්ලාම් යමක් තහනම් කරන විට එම වරද කිරීම, එම වරදට මොනයම් අයුරකින් හෝ සම්බන්ධවීම ද පාපයකි.
අනුභවය සඳහා තහනම්ව පවතින ඌරු මස් උයන්නට ද කිසිදු අවසරයක් නැත. එය සපුරා තහනම්ය.
ඔබ ඉතා අසීරුවෙන් සොයාගත් රැුකියාවක්වූවද ඉස්ලාම් අනුමත නොකළ මාර්ගයේ යමක් එහි වේ නම් එය ඔබේ ජීවිතයෙන් බැහැර කළ යුතුය.
පහත ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් හොඳින් කියවන්න!
”කවුරුන් අල්ලාහ්ට බියව කටයුතු කරයිද ඔහුට අල්ලාහ් (ගැලවුම්* මගක් ඇතිකරන්නේය. අනපේක්‍ෂිත අයුරින් අල්ලාහ් ඔහුට ආහාර සපයන්නේය, කවුරුන් අල්ලාහ් වෙත තිරසාර විශ්වාසයක් තබා සියල්ල භාර කරයිද ඔහුට අල්ලාහ් ප‍්‍රමාණවත්ය.” (ශුද්ධවූ අල්කුර්ආනය 65: 2,3*.
”තවද අල්ලාහ් ආහාර පිරිනොමන  කිසිම ජීවියක්  මෙම පොළොවේ නොමැත, තවද ඔවුන් ජීවත්වන ස්ථානය, ඔවුන් නැසී අවසන් වන ස්ථානය ද ඔහු දන්නේය. මෙම සියල්ල (ලව්හුල් මහ්ෆුල් නම්* සුපැහැදිළි පොතෙහි (සටහන්ව* පවතී.” (ශුද්ධවූ අල්කුර්ආනය 11: 6*.
”(මහ පොළොවේ* කොතෙකුත් සතුන් තම ආහාරය ඔසවාගෙන ගමන් කරන්නේ නැත, එයට හා ඔබලාට ආහාර පිරිනමන්නේ අල්ලාහ්ය. තවද ඔහු (සියල්ල* ශ‍්‍රවණය කරන්නෙය් සියල්ල දන්නේය” (ශුද්ධවූ අල්කුර්ආනය 29: 60*.
අපි අල්ලාහ් කෙරෙහි අචල විශ්වාසයක් තබමින් ඔහු අනුමත කළ මාර්ගයේ අපගේ ජීවනෝපාය පවත්වාගත යුතුය. අපි අල්ලාහ් වෙනුවෙන් යමක් කැප කරන විට ඔහු ඒ වෙනුවට අපට විවිධ මාර්ගයන් විවෘත කරන්නේය.
අල්ලාහ් ඉතා ඥානාන්විතය!

 

Leave a Reply

Your email address will not be published.