මරණින් මතු ජීවිතය!

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි.

නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සඳහා  විශේෂිත වු ප්‍රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්‍රයන්තය සඳහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබීමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සඳහා වු නැඹුරුව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගීම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සඳහා මිනිසා විසින් නීති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොඳින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය  යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි  සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳ ව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳි යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

“(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද  නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල් කුර්ආන් 25 වන  පරිච්ඡේදය -43/44 වාක්‍යයන්)

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැගිම්වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සඳහා විපාක  විඳින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳ ව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වයි.

අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳ ව  නීතිරිති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදුවේ. මෙම දඬුවම් දීම සදහා සියළුම දහම් අපායක් පිලිබදව සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත්වන්නේය.

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින් මතු ජිවිතය පිළිබඳ ව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල් ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්, එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිළිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකාට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිළි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිළි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දන්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අප උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.මෙම ප්‍රාතිහාර්ය ජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳ ව  අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මියගිය මිනිසාම  බව සහතික කරන පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකිය තුළ  ගැබ්වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ව ‍නොකියන අල් කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබඳ ව  සදහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි)අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සදහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (4:56)

ඉහත අල් කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම අල් කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර අල් කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමතියට පත්විය. අල් කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය.  ඉස්ලාමය වැළඳ ගනිමින් ඔහු ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිළිගැනිමට  මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ. අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාට පමණක් වු සුවිශේෂ වු විචාර බුද්ධිය උපයෝගි කරගෙන මිනිසාගේ මිහිතලය මත  ඇති ජීවිත අරමුණ පිලිබඳව කරුණු තර්කයට නුතන විද්‍යාවට බුද්ධියට හා විචාරයට පිළිගත හැකි අයුරින් ඔබට ඉදිරිපත් කිරිමය. මිනිසාගේ මෙලොව අරමුණු නිසියාකාරව ඉටු කිරීමෙන් මරණින් මතු ජිවිතය ජයලබා ගත හැකි මාර්ගය පිලිබඳව සාකච්ඡා කළෙමු.

අවසන් වශයෙන්  අල් කුර්ආනය පහළ කරන්නට පෙර තිබු සමාජ තත්ත්වය හා අල් කුර්ආනය පහළ කලායින් පසු ඇති වු  සමාජ වෙනස් විම් පිළිබඳ ව මුස්ලිම් නොවන සුප්‍රකට ඉතිහාසඥයින් ඉදිරිපත් රන අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද Decline and fall of the roman empire (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය අල් කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිළිබඳ ව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.

ඉහතින් උපුටා දැක්වු කොටස පිලිබඳව අමතර විග්‍රහයක් අවශ්‍ය යැයි නොසිතන්නෙමු. මෙය අල් කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජයේ සැබෑ ස්වභාවයයි.

තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlile) විසින් Hero Worship And The Heroic In  History නමින් පොතක් පළකල අතර අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එලි පෙහෙලි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවුදා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගි එඩේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.

අල්කුර්ආනය අනුව ජිවිතයේ සකස්කර ගැනිමෙන් මුළු මහත් ජන සමාජයමක්ම වෙනස් වු ආකාරය ඉහත විස්තරයන්ගෙන් පැහැදිලි වන්නේ යැයි සිතන්නෙමු. අප සැවොම යහ මිනිසුන් බවට පත්විමට මාර්ගය විවෘත ව ඇත. එමගින් මෙලොව හා මතු ලොව ජය අත්කර ගැනිමට මෙම පැහැදිළි හා නිවැරදි මග අනුගමනය කරමින් කටයුතු කරන්නට අදිටන් කරගනිමු.

තවත් මිනිසාට පමණක් සුවිශේෂි වු ලක්ෂණයක් සාකච්ඡා කරමින් ඔබව හමුවන්නට අපේක්ෂා කරමින් දැනට ඔබෙන් සමුගන්නෙමු. ඔබට සත්‍යයේ දොරටු  විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

සැකසුම: මොහම්මද්  මන්සුර් දහලන්

Leave a Reply

Your email address will not be published.