ඉස්ලාම් ත්‍රස්තවාදී දහමක්ද? (Is Islam a terrorist religion?)

ඕනෑම ප්‍රවෘතියක් මාධ්‍යයට අවශ්‍ය පරිදි හැසිරවීමේ දක්ෂතාවය ඔවුන් සතුව ඇත. ඒ අනුව ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ වහාම එය පළකරන්නේ “මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විශ්වාස කෙරේ”යනුවෙනි. එහෙත් ඒවායේ පරීක්ෂණ අවසාන වන්නේ ඊට ඉඳුරාම වෙනස් අන්දමකටය. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් එම ප්‍රහාරය සැලසුම් කලේ යුදෙවන් බවට දැන් වාර්තා ලැබෙමින් පවතී.

ලෝකයේ ඇති ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයන් හරහා ඉස්ලාම් දහමට විරුද්ධව කුමන ප්‍රචාරයන් සිදු කළත් ඉස්ලාම් දහම මේ වන විට ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දහම බවට පත්වී හමාරය. ඇමරිකාවේ සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරය මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවක් යැයි පෙන්වා දීමෙන් සිදු වුයේ ඔවුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත් පසින්ම වෙනස් දෙයකි.  ඉස්ලාම් දහම ගැන කිසිවක් නොදැන සිටි බොහෝ අය එම සිද්ධියෙන් පසු ඉස්ලාම් යනු කුමදැයි දැනගැනීම සඳහා අල්-කුරානය කියවීමට යොමු වුයේ එම සිද්ධියෙන් පසුය. ඒ අනුව දහස් ගණනින් ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. ඉස්ලාම් දහම නැගී එම වැළැක්වීම සඳහා මාධ්‍ය තුලින් කුමක් කළත් ඉස්ලාම් දහමේ සත්‍යතාව මිනිසාගෙන් වසම් කල නොහැකිය.

අල්-කුරානය පහළ වීමෙන් පසු සතවර්ෂ ගණනාවක් යනතුරුම ලෝක සාමයට ඉස්ලාම් දහමින් කිසිම තර්ජනයක් තිබුනේ නැත. අදටත් එවැන්නක් නොමැත. තවද මිලියන ගණන් මිනිස් ජිවිත සහ දේපල විනාශ වූ ලෝක යුද්ධ දෙක සඳහාද ඉස්ලාම් දහමින් කිසිම දායකත්වයක් සැපයුවේ නැත. එසේ තිබියදී ඉස්ලාම් දහම ත්‍රස්තවාදයට උදව් කරන දහමක් ලෙස ප්‍රචාරය කරන්නේ කෙසේද?

අල්-කුරානයේ යුද්ධය පිලිබඳ වැකි සඳහන්ව තිබීම සැබෑය. ඉස්ලාම් අංග සම්පුර්ණ දහමක් වන බැවින් කුරානයේ එවැනි වදන් සඳහන් වී තිබීම අනිවාර්ය වේ. එසේ නොමැති වුයේ නම් සතුරන් ඉදිරිය දනින් වැටී සිටිය යුතු වන්නේය. නැතහොත් දහම පැත්තක තිබියදී සතුරාට විරුද්ධව සටන් කළ යුතු වන්නේය.

අද ලෝකයාටම හිසරදයක් වී තිබෙන ISIS සංවිදානය පවා ඉස්ලාම් දහමට හානි කිරීම සඳහා ඇමරිකාව සහ ඉස්රායලය විසින් අටවාගත් එකකි. ඔවුන් ඉස්ලාම් දහමේ නාමයෙන් සිදු කරනු ලබන්නේ අල්-කුරානයට සහ නබි වදන්වලට ඉඳුරාම වෙනස් දේවල් බව ඉස්ලාම් දහම ගැන දන්නෝ දනිති. එම සංවිදානයේ ප්‍රධාන අරමුණ ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීම සහ මුස්ලිම්වරුන්ගේ රටවල්වල තිබෙන තෙල් සම්පත් උදුරාගැනිමය. ඒවා ඔවුන්ට පහසුවෙන් ඉටුකළ හැක්කේ මුස්ලිම් රටවල් අස්ථාවර කිරීමෙන් බව හොඳින්ම දනිති.

ලංකාවේ තිස්වසරක් පුරාවට බිලියන ගණන් මුදල් වැය කරමින්ද දහස් ගණන් ජිවිත අහිමි කරමින්ද යුද්ධ කලේ ස්ථිර සාමයක් රටට උදා කර ගැනීම සඳහා බව කව්රුත් දන්නා කරුණකි. නබිත්වයේ ආරම්භ කාලයේදී මුස්ලිම්වරුන් යුද්ධ කළේද එම අරමුණින් බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ තිබියදී අල්-කුරානයේ යුද්ධය පිලිබඳව ඇති වැකි වැරදියට අර්ථකථනය කරමින් ඉස්ලාම් දහමට දොස් කීම වරදකි.

අද මියන්මාරයේ සහ සිරියාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව විශාල ජන සංහාරයක් සිදු වෙමින් පවතී. එහෙත් ලෝකයේ කිසිම සංවිදානයකින් ඒවා නැවැත්වීම සඳහා යහපත් ක්‍රියා මාර්ගයක් ගෙන නැත. කෙසේවෙතත් ඊට මැදිහත් වීමෙන් යම් ලාබ ප්‍රයෝජනයක් අත්විය හැකිව තිබුනේ නම් ලෝකයේ ඇති ප්‍රබල රටවල් සියල්ලම එකතුවී ඉරාකයට පහර දුන් අකාරයටම එම රටවල්වලටද පහර දෙනු නොඅනුමානය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.