ණය බර ස්වර්ග ගමනට බාධාවෙක් වෙයි නම්-1

සකස් කිරීම: සෆ්රාස් නව්ෆර් (කැඳවුම්කරු අල් අහ්සා*

   විශ්ව නිර්මාතෘ අල්ලාහ් මානව සංහතියේ යහපත උදෙසා දායාද කළ ජීවන සැලැස්මයි ඉස්ලාම්. එය මිනිසාගේ සුගතිය උදෙසාවූ දහමකි. එය කිසිදු කාලයකට සීමා නොවන අවසාන දිනය තෙක් වලංගුවන දහමයි.
සහජිවනය දිවිහිමියෙන් රකින ඉස්ලාම් දහම අන් අයගේ යුතුකම් පැහැර හැරීම කිසිම අවස්ථාවක අනුමත නොකරයි. අන් අයට පිහිටවීම යනු ඉස්ලාම් උසස් කොට සළකන සත් කි‍්‍රයාවන් අතුරින් එකකි. කෙනෙකු සිය සහෝදරයාට මුදල්මය අවශ්‍යතාවක් පැණ නැගෙන විට ණයක්  දී පිහිටවීම ද ඉස්ලාම් දකින්නේ මහඟු සත් කි‍්‍රයාවක් වශයෙනි. එය සමාජය තුළ අන්‍යයෝන්‍ය සබැඳියාව, සහෝදරත්වය, සමගිය ඇති කිරීමට පවතින තද බල සාධකය වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය විවිධ අවස්ථාවන්හි අනාවරණය කරයි. නමුත් ඒ ණයම සමාජයේ යහපත් සබැඳියා කඩා බිද දමන ලක්‍ෂණයක් බවට පත් නොවිය යුතුයි. ඒ වෙනුවෙන් ඉස්ලාම් ලබා දෙන උපදෙස් මාලාව අපි කොයි කවුරුත් අගය කොට සැළකිය යුතුය.
ශුද්ධවූ අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:-
”(පීඩිතයින් වෙනුවෙන්* අලංකාර ණය අල්ලාහ්ට ලබා දෙන්නා කවුද? ඔහුට අල්ලාහ්  ඵය ප‍්‍රගුණ කර නැවත ඵය දෙගුණ කර ඔහුට ලබා දෙන්නේය, අල්ලාහ් (ධනය සමහරුන්ට* හකුලන්නේය, (තවත් සමහරුන්ට* ඔහු විවෘත කරන්නේය, ඵනමුත් ඔබලා නැවත ඔහු වෙතමයි පමුණුවනු ලබන්නේ.” (ශුද්ධවූ අල්කුර්ආනය 2: 245*.
වරක් මුහම්මද් නබි (සල්* තුමන් සඳහන් කරන විට ”දාසයා සිය සහෝදරයාට උපකාර කරමින් සිටින හැම මොහතේම අල්ලාහ් ඔහුට උපකාර කරමින් සිටී”  (විස්තරකරන්නේ:- අබූ හුෙරෙරා රලියල්ලාහු අන්හු තුමා, මූලාශ‍්‍රය:- මුස්ලිම්*.
සිය සහෝදරයා වෙනුවෙන් මොනම අයුරකින් හෝ කෙනෙකු පිහිට වන විට අල්ලාහ්ගේ පිහිට ඔහුට නොමදව ලැබෙන අතර ඒ වෙනුවෙන් අල්ලාහ් ප‍්‍රසාදයන් පිරිනමන්නේ ප‍්‍රගුණවයි. ණයක් අවශ්‍යවූ විට එම ණය ලබාදෙමින් කරන උපකාරය ද මෙයට අදාළ වේ. සිය සහෝදරයකු වෙනුවෙන් පිහිට වීම සඳහා ඉදිරිපත් වීම, පාඩුවක් වශයෙන් කිසිම අවස්ථාවක නොසැළකිය යුතුය.
වත්මන් ලෝකයේ සමහරුන් තුළ පවතින පුහු ආඩම්භරයේ එක් විපාකයක් නම්: අන් අය සතු සියල්ලක්ම තමන් සතුවද පැවතිය යුතුයි. නමුත් එය තමන්ට අවශ්‍යද නැද්ද යන විමසීමක් ඔහු තුළ නැත. ලද දෙයින් සතුටුවීම යන ආකල්පය අද සමාජයෙන් ගිලිහීගොස්ය. මෙවැනි දිවියකට හුරුවීම නිසා වත්මන් මිනිසා මුහුණ දීමට සිදුව ඇති පීඩනයන් දෙආකාරය: ඵනම් තමාට ගෙවීමට නොහැකි ණය බරක් ඉසිලීම, තමාට කිසිවෙකුගේ පිහිටක් නැත යනු පවසමින් පොලීකාරයාට තමාව බ¥ දීමය.
සරල දිවි පෙවතක් ප‍්‍රිය කරන ඉස්ලාමීය ස්ථාවරය නම්:
නිසි අයුරින් යළි පියවීම අරමුණකින් තොර කෙනෙකු ණය ලබාගන්නේ නම් සර්ව බල සම්පන්න අල්ලාහ් ද ඔහුට එය අපහසු කරන්නේය.
ඉස්ලාම් දහම පොලිය සම්පූර්ණයෙන් තහනම් කරන්නේය.
නමුත් කෙනෙකු තම අවශ්‍යතාව සඳහා ණයක් ලබාගැනීමට ඉස්ලාම් දහම කිසිදු තහනමක් නොපනවන අතර, අපහසුතාවයට පත් පුද්ගලයකුට  උදව් කිරීම ඉස්ලාම් දකින්නේ උතුම් කාර්්‍යයක් ලෙසය. ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨය, නබි බදන් තුළින් මොනවට ගම්‍යමාන වන්නේ ද එම කාරණයයි. නමුත් ණය ගන්නා හා එය ලබා දෙන්නා පිළිපැදිය යුතු උසස් විනයන් ඉස්ලාම් උගන්වයි.
ණය ලබාගන්නා:
තම අතවශ්‍යය හේතූන් උදෙසා පමණක් ණය ලබාගැනීම:
තමන්ට ලැබෙන සියල්ල අල්ලාහ්ගේ පෙර නියමය අනූවයි ලැබෙන්නේ යන විශ්වාසය කෙනෙකු තුළ දැඩිව පැවතිය යුතු අතර, තමන්ට ලැබෙන දෙයින් සෑහිමට පත්වී අල්ලාහ්ට තුති පුද කළ යුතුය. කෙනෙකු සැම විටම අල්ලාහ්ගෙන් පිහිට පැතිය යුතු අතර, නොවැළැක්විය හැකි අවස්ථාවන්හි හැර අන් අයගේ පිහිට පැතීමෙන් වැළකී සිටිය යුතුය. තමන්ට ලැබුනු දෙයින් සෑහිමට පත්නොවන පුද්ගලයා යි සැම විටම අන් අය ඉදිරියේ අතපාමින්, අඛන්ඩව තම අඩු ලූහුඬුකම් පවසමින්, ඔවුන්ට කරදර කරමින් තම ගරුත්වය කෙළෙස ගන්නේ. සැබවින්ම අල්ලාහ් මෙවැන්නන් පිළිකුල් කරයි. පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨය මෙසේ අනාවරණය කරයි:
”ඔවුන් ජනයාට කරදර කරමින් තම අවශ්‍යතාවයන් ඉල්ලන්නේ නැත” (ශුද්ධවූ අල්කුර්ආනය 2: 271*.
ඵසේම ලද දෙයින් සෑහීමට පත්වන්නා කවුද ඔහුයි නියම ධනපතියා, ඵ් බව උතුමි නබ් (සල්* තුමානෝ සඳහන් කරන විට:-
(දේපල මිල මුදල් වැඩි වැඩියෙන් තිබීම නොව පොහොසත්කම ලද දෙයින් සතුටුවීමය පොහොසත්කම**.
දැනුම් දැන්නා:- අබූ හුෙරෙරා රලියල්ලාහු අන්හු තුමා, මූලාශ‍්‍රය:- බුහාරි.
පුද්ගලයෙකු හැකි අයුරින් තම ආත්ම ගරුත්වය ආරක්‍ෂා කරමින් ජීවත් විය යුතුය. සැම විමට තම හිමියන් සමග තද බැඳීමක් පවත්වා ගත යුතු අතර අල්ලාහ් තම සියළු අවශ්‍යතාවන් නියතයෙන්ම ඉටු කර දේවී යන තිරසාර විශ්වාසයද ඔහු තුළ පැවතිය යුතුය. විශ්වාසවනතයකු සැම විටම තමන්ට ඉහළින් වැජඹෙන පුද්ගලයා වෙත අවධානය නොකර තමන්ට වඩා පහළින් ජීවත්වන පුද්ගලයා වෙත අවධානය යොමු කර අල්ලාහ්ට කෘතඥ විය යුතුයි. අල්ලාහ් තමන් වෙත පිරිනමා ඇති දෙයින් සෑහිමට පත්විය යුතුයි.
ස්ථීර වශයෙන් හා හැකි ඉක්මනින්
ණය පියවීමට අධිටන් කරගැනීම:
නමුත් සැලකිය හැකි හේතුවක් මත කෙනෙක් තම සහෝදරයාගෙන් ණයක් ලබා ගැනීමට ඉස්ලාම් දහම කිසිදු තහනමක් නොපනවන අතර, ණය ලබා දෙමින් තම සහෝදරයාට උදවු කරන පුද්ගලයාට මහ`ගු ආනිසංස අල්ලාහ් අභියස ඇත, ඵමෙන්ම කෙනෙක් ණයක් ලබා ගන්නා විට ස්ථීර වශයෙන් හා හැකි ඉක්මනට ඵම ණය ගෙවීමට අධිෂ්ඨාන කරගත යුතුය. එවිට පහසුවෙන් එම ණය යලි පියවීමට අල්ලාහ්ගේ පිහිට ලැබෙනවාට කිසිදු සැකයක් නැත.”මෙම ණය හැකිනම් පමණයි මා ගෙවන්නේ” යනුවෙන් කෙනෙකු යටි හිතේ තබාගෙන එයට පරස් පරව ප‍්‍රකාශ කිරීම ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරයි.
ඵම ප‍්‍රකාශය බොරුවක් පමණි. බොරු කීම ඉස්ලාම් ධර්මය තහනම් කරයි, ඵම ක‍්‍රියාව නබි තුමාගේ මඟපෙන්වීමට ද පටහැනි වෙයි,
කෙනෙකු අල්ලාහ්ට නිසියාකාරව බියව කි‍්‍රයා කරන විට, නියතයෙන්ම ඔහු සියළු පීඩනයන්ගෙන් මිදීමට සර්ව බල සම්පන්න අල්ලාහ් මඟ පෙන්වන බව ශුද්ධ වූ අල් කුර්ආනයෙහි සඳහන් වෙයි,
”කව්රුන් අල්ලාහ්ට බිය බැතිව කටයුතු කරයි ද ඔහුට (අල්ලාහ් පිඩන වලින් මිදීමට* විවිධ ගැලවුම් මාර්ග සලසා දෙන්නේය” (ශුද්ධවූ අල්කුර්ආනය 65: 2*.
අපගේ මරණය කෙදින උදාවෙයි ද යනු අපි කිසිවෙකු නොදනිමු. මරණින මතු ජීවිතයේ අපි සදාතනික ජයග‍්‍රහණය ළඟා කරගැනීමට නම් හැම විටම ඵයට සූදානමින් සිටිය යුතුය. ඵසේ නම් අපි ණය බරින් තොර මරණයට පත්වීම ද අනිවාර්්‍යය. මන්ද එසේ නොවන විට එහි භයානක ප‍්‍රතිඵල පිළිබඳ පහත ප‍්‍රකාශය තුළින් පිළිඹිබු වෙයි.
”ශුද්ධවූ සටනෙහි සහභාගිවී දිවි පි¥ ”ෂහීද්” ගේ සියළු පාපයන් සමාකෙරේ ඔහු නොපියවූ ණය හැර” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ:  අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් (රලි* තුමා, මූලාශ‍්‍රය:  මුස්ලිම්*.
ශුද්ධවූ සටනට සහභාගිවී තම ජීවිතය පරිත්‍යාගය කළ (ෂහීද්* ගේ ණය බර පාපයක් සේ එසේම පවතී නම් සාමාන්‍ය ලෙස ණය බරින් මිය යන පුද්ගලයාගේ තත්ත්වය කුමක් වෙයිද!! සෞභාග්‍යයමත් ස්වර්ගයට ප‍්‍රවිශ්ට වීමට ණය බර බාධාවක් වෙයි නම් එය සුළු කොට තැකිය හැකි පාපයක් නොවේ.
මතු සම්බන්ධයි…….

Leave a Reply

Your email address will not be published.