| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 203 views

ආගමික යුද්ධ සිදුවන්නේ ඇයි? (Why religious wars?)

කතුවරයා/දේශකයා: on 23rd April 2017

මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ යුද්ධ කිරීමට නොව දෙවියන් පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ ගමන්කොට ජිවිතයේ අභිමතාර්ථය ජය ගැනීමටය. එසේනම් ලෝකයේ ආගමික යුද්ධ සිදුවන්නේ කුමක් නිසාදැයි කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. සැබවින්ම ආගමික යුද්ධ අවශ්‍යවන්නේ නිවැරදි දහමට එරෙහි වන අය දහමට විරුද්ධව නැගී සිටින අවස්ථාවාදී ඒවාට පිළිතුරු දීම සඳහාය. එවැනි අවස්ථවලදී නිහඬ වීම කුහක කමක් වනු ඇත. එබැවින් දහමක යුද්ධ කිරීමට අවසරයක්ද තිබිය යුතුය. නැතහොත් සිදු වන්නේ මිනිසා දහම පසෙකලා නීතිය තම අතට ගැනීමයි. 

ඇතැම් ආගම්වලින් යුද්ධය ගැන කිසිවක් ප්‍රකාශ කොට නැත. එහෙත් එම ආගම් ලබ්ධිකයින් සතුරා ඉදිරියේ නිහඬව සිටින්නේද නැත. ඔවුන් එවැනි අවස්ථාවලදී දහම පසෙක තිබියදී සතුරාට පහර දී ඝාතනය කරනු අප දැක ඇත. මේ නිසා සිදු වන්නේ ආගමින් උගන්වා ඇති අවිහිංසාවෙන් බැහැර වීමටය. එහෙත් ඉස්ලාම් අංග සම්පුර්න දහමක් බැවින් අවශ්‍ය විටකදී යුද්ධ කිරීමට දහමින්ම අවසර දී ඇත.  එම අවසරය දහමේ වරදක් ලෙස දකින අය සතුරු ආක්‍රමණයක් හමුවේ කළ යුතු දේ ධර්මානුකුලව පැහැදිලි කළ යුතුය.

ඉස්ලාම් දහම යුද්ධයට අවසර දෙනු ලැබුවේ අල්-කුරානය පහළ වී වසර දහතුනක් ගත වූ පසුවය. මෙම අවසරයට පෙර මුස්ලිම්වරු සතුරාගේ තාඩන පීඩන ඉවසාගෙන සිටියහ. ඒ අනුව එම කාල වකවානුව තුල ජිහාද් ලෙස සැලකුවේ සතුරාගේ තාඩන පීඩන දෙවියන්ගේ නාමයෙන් ඉවසාගැනිමය.

අල්-කුරානය පහළ වූ මුල් අවදියේ නබිතුමාගේ අනුගාමිකයින් බොහෝ හිංසාවන්ට ගොදුරු විය. ඇතැම් අයව ඝාතනයටද ලක් කොට තිබේ. එහෙත් ඒවාට විරුද්ධව සටන් කලේ නැත. ඉස්ලාම් දහමේ ආරම්භක වසර දහතුනේදී මුස්ලිවරු මුහුණ දුන් කෘෘර වදහිංසා සියල්ලම කලේ සතුරන් විසිනි. මෙම වදහිංසා කොපමණදැයි කිවහොත් අවස්ථා දෙකකදී සහබවරු සිය නිජ බුම්ය හැරදමා අබිසිනියාවටත් තවත් අවස්ථාවකදී මදිනාවටත් රැකවරණය පතා ‘හිජ්රත්’ ගමන ගොස් ඇත. මෙවන් පසුබිමක යුද්ධය සඳහා අල්-කුරානය පහළ වී වසර දහතුනකට පසු මුල්වරට යුද්ධය සඳහා අවසරය ලබා දෙමින් කුර්ආන් වැකිය පහළ විය.

ඉස්ලාමීය යුද්ධයක් කළ හැක්කේ ඉස්ලාම් දහමට විරුද්ධව නැගී සිටින සතුරා සමග පමණි. එවැනි යුද්ධයක් කිරීමට රජයක් ඉදිරිපත් විය යුතුය. කිසිවෙකුට තම කැමැත්තට කණ්ඩායම් අටවාගෙන යුද්ධ කළ නොහැකිය. තවද ඉස්ලාමීය යුද්ධයකදී ප්‍රයෝජනවත් ගස්කොලන්, කාන්තාවන්, මහලු අය, යුද්ධයට සම්බන්ද නොවන අය ඝාතනය කිරීම තහනම්ය. මේ නිසා කිසිවෙකුට බෝම්බ අටවාගෙන ගොස් පොදු ජනතාව සිටින ස්ථානවලදී ඒවා පුපුරවා හැරිය නොහැකිය. ඒවා කුරනයට පටහැනි දඬුවම් ලැබිය යුතු වරදවල්ය.

ඉස්ලාම් දහමින් යුද කිරීමට පමණක් අවසරදිමෙන් නොනැවතී යුද සිරකරුවන්ට සැලකිය යුතු ආකාරයද පෙන්වා දී ඇත. ඒ අනුව ඔවුන් කඳවුරුවල සිරකොට තැබීමක් හෝ රහසිගත ලෙස වද බන්දනවලට පත් කිරීම හෝ සිදු කළ නොහැකිය. ඉස්ලාමීය යුධ සිරකරුවන්ට වන්දියක් ගෙවා නිදහස ලබා ගැනීමට ඉඩ සලසා ඇත. තවද යුද්ධයේදී අල්ලාගනු ලබන වහලියන්ට නිසි රැකවරණය ලැබෙන පිළිවෙලක් අල්-කුරණයෙන් පෙන්වා දී ඇත.

ඉස්ලාම් දහමින් ත්‍රස්තවාදයක් උගන්වා නැතත් යුදෙව්වන් විසින් පලස්තීනය තුල ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් ඇත. ඔවුන් බෝම්බ හෙලන්නේ ප්‍රධාන වශයෙන් ඉස්පිරිතාල, පාසල්, මිනිසුන් ගැවසෙන ස්ථාන වලටය. ඔවුන් සිදුකරනු ලබන අසාධාරණ යුද්ධ නිසා අහිංසක ගැහැණු, ළමා ළපටින්, මහළු අය බුරුතු පිටින් මැරෙන අතර තවත් විශාල පිරිසක් තුවාල ලබති. මෙවැනි අමානුෂික අන්දමේ යුද්ධවලට ඉස්ලාම් දහමින් කිසිම ආකාරයකින් ඉඩ සලසා නැත. ඉස්ලාමීය රටවල් තුල ආරවුල් ඇති කර  තිබෙන්නේ බාහිර රටවල් බව දන්නෝ දනිති.

බොහෝ අය අල්-කුරානයේ ඇති (2:190-193) දක්වා ඇති වැකි වලට වැරදි අර්ථ කතන දෙනු ලබති  එබැවින් එම වැකි පෙළ මෙහි පහත සඳහන් කිරීම් ප්‍රයෝජනවත් වනු ඇත.

“අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබට විරුද්ධව සටන් කරන්නන් සමග සටන් කරනු, නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු; මන්දයත් අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන් දුටු තැන කපා දමනු, ඔබ (ඔබගේ රටින්) ඔවුන් විසින් පිටමන් කරන්නෝද ඔබද ඔවුන් එතැනින් පිටමන් කර දමනු; (ඔවුන් විසින් කරන) සමානයන් තැබීම ඝාතනයට වඩා නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) යම් කෙනෙකු (ආරක්‍ෂාව පතා) මජිදුල් හරාම් නමැති නැවතුම්පලෙහි සිටියහොත් එහිදී ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වුවහොත් ඔබද ඔවුන් කපා දමනු. ප්‍රතික්‍ෂේප කරන්නන්ට අයිති පල විපාක මෙයයි. (මෙයට) පසුව ද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඉවත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු)ඇත්තෙන්ම අල්ලාහ් ඉතාමත් පව් ක්‍ෂමා කරන්නෙකු හැටියටත් ඉතාමත් කරුනාවන්තයෙකු හැටියටත් සිටින්නේය. තවද (ඉස්ලාම් දහමට විරුද්ධව කරන) සමානයන් තබා නැමදීමෙන් වැලකි පුස්තකය අල්ලාහ්ට අයිති යැයි ස්ථිර කරනතෙක් ඔවුන් සමග යුද්ධ කරනු. නමුත් ඔවුන් වැලකුනහොත් ඔවුන්ගෙන් අපරාධකරුවන් හැර (අන් අයට වද හිංසා කර) සීමාව ඉක්මවා නොයනු” (කුරානය 2:190-193).

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam)October 18, 2017 සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam) (0)
    මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ට මෙන්ම ගස් කොටන්වලටත් හානි නොකරන ලෙස ඉස්ලාම් දහමින් උගන්වා ඇත. යුද්ධයකදී පවා ඊට සම්බන්ද නොවන කාත්තාවන්, ළමයින්, මහල්ලන්, සිව්පාවන් ඇතුළු ගස්කොලන් වලට හානි […]
  • අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක!May 1, 2012 අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක! (0)
    පරිවර්තනය: නිස්තාර් - ගම්පළ සර්ව බල සම්පන්න අල්ලාහ්, මුළු විශ්වයේම නිර්මාතෘවරයා හා පෝෂකයා වේ. මුළු මානව සංහතියම ඇදහිය යුත්තේ තම මැවුම්කරුවාටය. නමුත් අවාසනාවකට මෙන් එම යථාර්ථය බහුතරයක් […]
  • මරණින් මතු ජීවිතය!January 1, 2017 මරණින් මතු ජීවිතය! (0)
    සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට […]
  • කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-11November 8, 2007 කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-11 (0)
    සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 10- ඒ වක්තෘකරයා ඔබ ද? යොහන් බව්තීස්ම කවරෙක් ද යැයි දැනගැනීම පිණිස යුදෙව්වන් තම පූජකයන් ද ලෙවීවරුන් ද ඔහු වෙත යැවූ […]
  • ඔබට නියම සැනසීම අවශ්‍යද?May 17, 2011 ඔබට නියම සැනසීම අවශ්‍යද? (0)
    ඉහත ප්‍රශ්නයට අවිවාදයකින් තොර ඔබ සපයන පිළිතුර 'ඔව්'. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට පෙර ඔබ කවුදැයි මුලින්ම හඳුනාගත යුතුය. එවිටයි ඔබට නියම සැනසීම ළඟා කරගැනීමට හැකිවනු ඇත්තේ. ඔබව […]

April 23, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: ගවේෂණය

Leave a Reply