කුරානයට අනුව පෘථිවියේ හැඩය කුමක්ද? (Shape of the world according to the Quran?)

 

කුරානය පහල වීමට පෙර පෘථිවිය පැතලි තැටියක් බව පිළිගෙන ඇත. කොලම්බස් පවා පෘථිවිය පැතලි තැටියක් යැයි සඳහන්කොට තිබේ. එසේ තිබියදී අල්-කුරානයට අනුව පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව ඍජුවම සහ වක්‍රාකාරව පවසා තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඇතැම් අය කුරානයේ ඇති 79 වැනි ප්රිජ්චේදයේ 30 වන වගන්තිය අනුව පෘථිවිය තැටියක් යැයි කීම ඔවුන්ගේ නොදනුමේ තරම කියා පෑමකි. අල්-කුරානයේ (79:30) වගන්තියේ සිංහල පරිවර්තනය මෙසේය.

“මෙයට පසුව ඔහු පොලව (دَحَاهَا) එලුවේය” (කුරානය 79:30).

එළුවේය යනු තැටියක් යන අර්ථය නොවේ. එසේ තිබියදී ඉහත දැක්වෙන වැකියේ ‘دَحَاهَا‘ (දහාහා) යන වචනයට අරාබි බස නොදන්නා අය අර්ථ දක්වා තිබෙන්නේ තැටියක් ලෙසය. දහාහා යන අරාබි වචනයට බොහෝ අර්ථයන් ඇත. ඇතැම් විද්වතුන් දහාහා (دَحَاهَا ) යන වචනයෙන් අදහස් කරන්නේ පැස්බරාගේ බිත්තරය යැයි පවසා ඇත. අරාබි ආකරාදියට අනුව ‘දහාහා’ යන වචනයට විශාල ප්‍රදේශය, පැතිරෙනවා, බිත්තරයේ හැඩය, වටකුරු කරනවා, සංතුලනය කරනවා යනුවෙන් අර්ථයන් රාශියක් ඇත. මේ අනුව ඉහත දැක්වෙන වැකියේ ඇති දහාහා යන්නෙන් අදහස් කරන්නේ බිත්තරයේ හැඩය ලෙස තේරුම් ගත හැකිය. බිත්තරයේ හැඩය යන්නෙන් අදහස් කරන්නනේ පෘථිවිය පාපන්දුවක් මෙන් ගෝලීය වස්තුවක් නොවන බවයි. ඉහත කරුණ සම්බන්දයෙන් මදීනා විශ්ව විද්‍යාලයේ සේවය කල මහාචාර්යවරයෙක් වන මුහම්මද් මෝහර් පවසා ඇත්තේ ද කුරානයේ සඳහන් ‘දහාහා’ යන වචනයේ නිවැරදි තේරුම බිත්තරයක හැඩය යන්නයි.


ඉහත සඳහන් කල කරුණුවලට අමතරව පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවට තවත් බොහෝ සාක්ෂි අල්-කුරානයේ ඇත. කුරානයේ සඳහන් වන අන්දමට පෘථිවියට නැගෙනහිරවල් සහ බටහිරවල් රාශියක් ඇත. පෘථිවිය පැතලි තැටියක් නම් එවැනි දෙයක් කිසිසේත්ම සිදු විය නොහැකිය. ඉන් පෙන්නුම් කරන්නේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් විය යුතු බවයි. පෘථිවිය ගෝලාකාර නොවන්නේ නම් පෘථිවියට නැගෙනහිරවල් සහ බටහිරවල් රාශියක් තිබිය නොහැකිය.

පෘථිවියට නැගෙනහිරවල් සහ බටහිරවල් රාශියක් තිබෙන බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් කියැවේ.

“නැගෙනහිරවල් සහ බටහිරවල් මත සත්තකින්ම අපි (කැමති ආකාරයකට ක්‍රියා කිරීමට තරම්) බලසම්පන්න වෙමු” (කුරානය 70:40).

තවද අල්-කුරානයට අනුව පෘථිවියට නිශ්චිත නැගෙනහිරවල් දෙකක් සහ බටහිරවල් දෙකක් තිබෙන බව සඳහන් වේ. එම වැකිය පහත දැක්වේ. 

“නැගෙනහිර දිශාවන් දෙකෙහිම අයිතිකරු ඔහුමය, බස්නාහිර දිශාවන් දෙකෙහිද අයිතිකරු ඔහුමය” (කුරානය 55:17). 

මෙවැනි දෙයක් සිදු විය හැක්කේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් නම් සහ එහි සිරස් අක්ෂය ආනතියකින් බ්‍රමණය වෙමින් සුර්යා වටා ගමන් කලේ නම් පමණි. එවිට පමණක් වසරක් තුලදී පෘථිවියට නිශ්චිත නැගෙනහිරවල් දෙකක් සහ බටහිරවල් දෙකක් ඇතිවිය හැකිය. මේ සෑම දෙයකින්ම පැහැදිලිවන්නේ කුරානයට අනුව පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවයි.

By Fasy Ajward 

B.Sc(Sp.Phy)Hons,Jpura,,Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research

Leave a Reply

Your email address will not be published.