රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම.

2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

3- අධිශ්ඨානය: උදාවීමට නියමිත රමළාන් සමය තුළ මාගේ උපරිම ශක්තිය යොදා යහපත් ක්‍රියාවන් කරමින් අල්ලාහ්ගේ දයාවට සමීපවූ පුද්ගලයකු බවට පත්වෙමි යන දැඩි අධිශ්ඨානය ඇති කරගැනීම.

4-පශ්චාත්තාපය: තම ජීවිතය තුළ සිදුවූ සියළු පාපිෂ්ට, වැරදි ක්‍රියාවන් වෙනුවෙන් පිවිතුරු මනසකින්, පසුතැවිලිවී දැඩි අධිශ්ඨානයකින් යුතුව අල්ලාහ්ගෙන් සමාව අයදීම. කිසිදු පාපයකින් තොර පිවිතුරු සිතකින් රමළාන් සමය පිළිගැනීම.

5- මනා සැලැස්ම:  රමළාන් සමයේ දින තිහ ඉතා ඉක්මනින් ගෙවී යයි. එබැවින් එහි සෑම තප්පරයක්ම විශ්වාසවන්තයකුගේ ජීවිතයෙහි ඉතා වටිනාම කාලයයි. පුරා පැය 720 මනා සැලැස්මකින් යුතුව යහපත් ක්‍රියාවන්ට මුල් තැන දෙමින් වැය කළ යුතුය.  අනිවාර්්‍ය යාඥා, අතිරේක යාඥා, රාත්‍රි කාලයෙහි යාඥා, අවසන් රාත්‍රියෙහි ඉටු කරන යාඥා, සමාව අයදීම්, අවස්ථාවන්හි කිව යුතු ප්‍රාර්ථනා, අල්කුර්ආන් පාරායනය, අවම වශයෙන් එක් වරක් හෝ අල්කුර්ආනය පාරායනය කර නිම කිරීම, දාන මාන කටයුතු, යහපත් දේ කථා කිරීම යහපත ශ්‍රවණය කිරීම මෙවැනි විවධ වූ යාඥාවන්.

6- සතුට: රමළාන් සමය සතුටින් පිළිගැනීම. එය කෙසේ නම් විශ්වාසවන්තයකුට සතුට නොවිය හැක්කේ!, ස්වර්ගයේ සියළු දොරටු අල්ලාහ් විවෘත කරන, නිරයේ සියළු දොරටු වසා දමන, දුෂ්ට ෂෙයිතානුන්ට විලංගු දමන, සෑම රාත්‍රියක් පාසාම නිරයට අයත් අය නිදහස් කරනු ලබන, අල්ලාහ්ගේ සෞභාග්‍යය දොරටු විවෘත වන, ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය වූ, රාත්‍රියන් දාහකට වඩා උතුම්වූ රාත්‍රිය පවතින මෙවන් උතුම්වූ රමළාන් සමයෙහි උදාව කෙසේ නම් විශ්වාසවන්තයකුට සතුට නොවිය හැක්කේ?

7- රමළාන් සමය පිළිබඳ දැනුම: උපවාසයෙහි හා රමළාන් සමයෙහි වැදගත්කම, නීති රීතීන්  පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (ﷺ) තුමන්ගේ ප්‍රකාශවල සඳහන් වන්නේ කුමක්ද? එවැනි සාධක සහිත ලිපි, පොත් කියවීම, එවැන් මාතෘකා යටතේ සාධක සහිතව පවත්වනු ලැබූ දේශන ශ්‍රවණය කිරීම. පෙර ගිය උදාර පුරුෂයින් කෙසේ රමළාන් සමය ගත කළේද? යනු ඔවුන්ගේ ජීවිත කථා හදාරා දැනගැනීම.

8- පවුලේ උදවියට ද එම දැනුම ලබා දීම: අපිට පමණක් සීමා නොකර පවුලේ උදවියට ද මෙම මාතෘකා යටතේ ලිපි, පොත් කියවීමට සැලැස්සීම, එවැන් වැඩසටහන් වලට සහභාගි කරවීම, එවන් මාතෘකා යටතේ දේශණ වලට ශ්‍රවණය කිරීම සදහ පහසුකම් සපයා දීම.

9-  මග හැරුනු උපවාස: ගෙවී ගිය වසරේ මග හැරුනු උපවාසයෙන් ඉටු කිරීමට ඉක්මන් වීම. එසේ ඔහු ඉටු නොකළ විට ඔහු පාපිෂ්ටයෙකු වන්නේය.

10-ලෞකීක රාජකාරි හැකි තරම් අවම කිරීම: රමළාන් සමය යනු යාඥාවන් සදහාම පවතින කාලයයි යන කාරණාව මතක තබා ගැනීම, රමළාන් සමයට පෙර කළ හැකි ලෞකීක කටයුතු, රමළාන් සමයෙන් පසු කළ හැකි ලෞකීක කටයුතු ඒ ආකාරයටද සැලසුම් කර, රමළාන් සමය තුළ කළ යුතු ලෞකීක කටයුතු ද හැකි තරම් අවම කරමින් ආගමික වතාවත්වලට මුල් තැන දීම. විශේෂයෙන් රමළාන් අවසන් දවස් දහය නබි (ﷺ) තුමන් තමන්ව මුළුමනින්ම යාඥාවන්ට යොමු කළ උතුම්වූ දින කිහිපයයි.

BY: Abu Asma

www.yayuthumaga.com

One comment

Leave a Reply

Your email address will not be published.