කාන්තා නිදහස වෙනුවෙන් හඬ නැගු ඇය

කිතු දහම ප‍්‍රචාරය කරන, කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටි, ගුවන් විදුලි ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය දැන් ඉස්ලාම් දහම ප‍්‍රචාරය කරන උගත් කාන්තාවකි. ඇය ඇමෙරිකාවෙහි ”ඔහියෝ” නගරයෙහි පිහිටා ඇති මුස්ලිම් කාන්තාවන් සඳහා ඇති ජාතික සංවිධානයෙහි අධ්‍යක්‍ෂිකාව ”ආමිනා අස්ලමි”ය. ”හිජාබ් පිටු පස සිට මුස්ලිම් කාන්තාවක් කථා කරයි” යන මෑයෙන් ඇමෙරිකාවෙහි ඇති ”ඩෙන්නෙස්සි විශ්ව විද්‍යාලයෙහි” ඇය කළ කථාවෙහි ඉතා වැදගත් කොටස් කිහිපයක් මෙහි සඳහන් වේ.

අවුරුදු කිහිපයකට පෙර සරසවියක අළුත් විෂයක් සඳහා එක් වීමට ගොස් සිටියෙමි. පංති කාමරයේදී, සමහර අරාබි තරුණියන් තම පාරම්පරික හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම දුටු විට මා තුළ පිළිකුලක් ඇති විය. මෙම පිළිකුල් සහගත ජාතියක් සමග මා පංති කාමරය අසුන්ගන්නේ නැත යනු තීරණය කර, පංති කාමරයෙන් පිටත්වී නිවසට පැමිණියෙමි.

නමුත්, මාගේ ස්වාමි පුරුෂයා ඔබ අනිවාර්ේ‍යන් පංතිවලට සහභාගි විය යුතුයි යනු තරයේ ඉල්ලා සිටී නිසා, මා තුළ යම් තීරණයකට එළඹ යළි පංතිවලට සහභාගිවුනෙමි. මාගේ පංතියෙහි සිටින එම අඥාන මුස්ලිම් තරුණියන්ගේ ආගම් වෙනස් කිරීමයි මා ගත් තීරණයවූයේ. මා සමග එකම පංතියෙහි වූ එම මුස්ලිම් තරුණියන්ව කිතු දහමට හැර විය යුතුයි යන අරමුණෙන් අල්කුර්ආනය කියවන්න පටන් ගත්තෙමි. මුහම්මද් එක් බොරුකාරයෙක්, ඉස්ලාම් පිළිගනු ලැබූ දහමක් නොවෙයි යනු ඔප්පු කිරීම මා තුළ වූ එකම අධිෂ්ඨානය විය.

නමුත් අල්කුර්ආනය කියවන්න කියවන්න ඉස්ලාම් පිළිබඳ දැනගත යුතුයි යන ආශාව මා තුළ වර්ධනය විය. විශේෂයෙන් පිරිමීන් හා කාන්තාවන් පිළිබඳ ඉස්ලාම් පවසන්නේ කුමක්ද? යනු දැනගැනීමට මා තුළ ප‍්‍රිය භාවයක් පැවතුනි.

මුස්ලිම් කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් විසින් වද හිංසාවන්ට ලක්වෙමින් සිටී යනුවෙන් මා සිතු වාර ගණන අනන්තය. සාමානේ‍යන් මුස්ලිම් කාන්තාවන් පිළිබඳ මෙසේ පවසනු ලැබීම මා විශ්වාස කළෙමි. නමුත්, මේ සියල්ල ශුද්ධවූ අල්කුර්ආනයට මුළුමනින්ම විරුද්ධවූ කි‍්‍රයාවන් යනු එය කියවීමෙන් පසු අවබෝධ කරගත්තෙමි.

ඉතා පුළුල්ව ඉස්ලාම් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු පිරිමීන්ට හා කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාභාවිකත්වයට ආවේනිකව සමාන අයිතීන් ලබා දී ඇති බව මා වටහාගත්තෙමි. පිරිමීන්ට මෙන් කාන්තාවන්ටද අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය ඉස්ලාම් ලබා දී ඇති බවද මා දැනගත්තෙමි. අවුරුදු 1400 පෙරම කාන්තාවන් දේපළවලට උරුමකම් කීමේ අයිතිය ඉස්ලාම් විසින් ලබා දී ඇති බව දැනගත් විට මා මවිතයට පත්වුනෙමි. යම් මුස්ලිම් කාන්තාවක් විවාහවීමත් සමග ස්වාමි පුරුෂයාට අයිති හුදු භාණ්ඩකයක් නොවෙයි. මේ නිසයි විවාහයට පසුවද කාන්තාවකට තම ස්වාමි පුරුෂයාගේ නමත් සමග තම නම කීමට අනුමැතිය නැත්තේ. තම විවාහයෙන් පසුවත් තම අනන්‍යතාවය රැුකගැනීමට මුස්ලිම් කාන්තාව අයිතිය ලබා ඇත්තේ.

තම පංතියෙහි මුස්ලිම් ශිෂ්‍යාවන්ව කිතු දහමට හැරවීමේ එකම වෛරයෙන් පුරා අවුරුදු දෙකක් ඉස්ලාම් දහම අධ්‍යයනය කළෙමි. නමුත් මෙම කාලය තුළ මා බොහෝ වෙනස් කම් වලට ලක්වුනෙමි. මාගේ කි‍්‍රයා කලාපයන්හි ඇතිවන වෙනස පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයාද අවදානය යොමු කිරීමට අමතක නොකළේය. මත් පැන් පානය කිරීම සඳහා සුරා සැල්, රාත‍්‍රි සමාජ ශාලාවල් කරා යෑම මා නතර කළෙමි. ඒ වෙනුවට නිවසෙහි සිට අල්කුර්ආනය කියවීමෙන් මා ආත්ම තෘප්තියක් ලබාගත්තෙමි. මාගේ කි‍්‍රයා කලාපයන් පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයා තුළ සැක සංකා පහළවීම නිසා මා දික්කසාද කළේය. මාගේ දරුවන් තිදෙනා සමග මා තනිව ජීවත්වෙන්නට පටන් ගත්තෙමි. එක් මුස්ලිම් විද්වතෙකු වෙත ගොස් මාගේ සැකයන් අසා නිරාකරනය ගත්තෙමි. පසුව 1977 හි ඉස්ලාම් දහම වැළඳ ගත්තෙමි.

නමුත් සමහර නීති රීතින් පිළිබඳ මා තුළ දෙගිඩියාවක් පැවතුනි. හිජාබ් නම් ගෞරවනීය ඇඳුම අඳින ලෙස ඉස්ලාම් මුස්ලිම් කාන්තාවන්ට නියෝග කරයි. කාන්තාවන් තම හිස ආවරණය කිරීමෙන් ඔවුන් සියල්ලන් ඉදිරියේ කැපී පෙනීමයි හිජාබ්හි සුවිශේෂත්වය වන්නේ.

කාන්තාව තම කය ආවර්ණය කළ යුතුයි යනු මා පිළිගත්තෙමි. නමුත් මාගේ හිසත් ආවර්ණය කළ යුතුද? යන දෙගිඩියාවක් මා තුළ තිබිනි. නමුත්, ශුද්ධවූ අල්කුර්ආනය මගින්, අප මුස්ලිම්වරුන් වශයෙන් සංකේතවත් කරගැනීම සඳහා කය ආවර්ණය කරන ලෙස නියෝග කෙරෙයි. මා මුස්ලිමෙක්මි – අපේ හිමියන් අපට ලබා දී ඇති අයිතීන් අපි හොඳින් දනිමු. හිජාබ් යනු බාධාවක් නොවෙයි, එය අයිතියක්, වරප‍්‍රසාදයක් යනු මා අවබෝධ කරගත්තෙමි. එය පැළඳ ගැනීම සඳහා කොයි වගේ කැප කිරීමක් කිරීමටත්, මාගේ දිවිය පුදන්නටත් මා සූදානම් විය යුතුයි යන හැඟීම මා තුළ ඇතිවීමත් සමගම මා එය පළඳින්නට පටන් ගත්තෙමි.

කාන්තා නිදහස වෙනුවෙන් හඬ නැගීමද මා අත්හැරියෙමි. එය මට අධ්‍යාත්මකව සැනසීමක් නොදුන්නේය. මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඉස්ලාම් මට සියළු අයිතීන් ලබා දී ඇති බව මා දැනගත්තෙමි.

ඉස්ලාම් කාන්තාවන්ට වෘත්තීන්, රැුකියාවන්හි නිරතවීම තහනම් කර නැත. නමුත් ඉතා උතුම් වෘත්තිය කාන්තාවක් මවක් වශයෙන් සිටීමයි. එම උතුම් මෙහෙවර තුළිනුයි මතු පරම්පරාවෙහි නැවුම් චින්තනයන් බිහි කළ හැක්කේ.

ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු හිජාබ් ඇඳ මා රැුකියාවට යෑම නිසා ගුවන් විදුලි ප‍්‍රවෘත්ති නිවේදිකා පදවිය මාගේන් උදුරා ගන්නා ලදි. තවද දික්කසාදයත් සමග අධිකරණ තීරණයක් මත මාගේන උදුරා ගන්නා ලද මාගේ දරුවන් තිදෙනා යළි මාත් සමග එක්වී ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. මාගේ දෙමාපියන් හා පෙර ස්වාමි පුරුෂයාද ඉස්ලාම් දහම වැළඳ ගත්හ. මාගේ පවුලේ ඥාතීන්ද මෙම සත්‍ය කරා නැඹුරුවෙමින් සිටිති.

මා කිසිවක් දැක බියනොවෙමි. මා කුමන ස්ථානයක වූවත් එඩිතරව සත්‍ය පවසමි. මාගේ වචනයන්, කි‍්‍රයා කලාපයන් සියල්ලට අල්ලාහ් ඉදිරියෙහි මා පිළිතුරු දිය යුතුයි යන බිය පමණයි මා තුළ රජකරන්නේ.

ඉස්ලාම් දහම සෙසු අය සමග බෙදා ගැනීමයි මා විඳින ලොකුම වින්දනය.

ආමිනා අස්ලමිගේ මෙම කථාව ණබදංඩසකකැ – භැඅි – ීැබඑසබ්කල ඔැබබැිිැැ යන පුවත් පතෙහි පළවූවකි.
ආචාර්්‍යය : ජවාහිරුල්ලාහ්.
අනුවර්තනය: අබූ අස්මා.

Leave a Reply

Your email address will not be published.