| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 138 views

මිනිසා සහ ආත්මයේ දිගු ගමන (The long journey of human life)

කතුවරයා/දේශකයා: on 5th August 2017

මුල්ම මිනිසා වන ආදම් තුමාගේ ශරීරය මැටියෙන් නිර්මාණය කොට එය තුලට ඔහුගේ ආත්මය ඇතුලත් කොට ඇත. ඉන්පසු ඔහුගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මවා ඇත. ආදම් තුමාගේ කොඳු ඇට පෙලින් අනෙකුත් සියළුම ආත්මයන් මවා තිබේ. ආත්මයන් මැවූ පසු අල්ලාහ් ඒවා අමතා ‘මා ඔබලාගේ අධිපතියා නොවේදැයි’ ප්‍රශ්න කළේය. එවිට සියළුම ආත්මයන් එකා මෙන් ‘එසේය, ඔබ අපගේ සමිඳුන් බවට අපි සාක්ෂි දරන්නේමුයි’ පැවසුහ. ආත්මයන් එදා දෙවියන්ට දෙන ලද ප්‍රතිඥාව ඉටු කරන්නේදැයි පරික්ෂා කොට බැලීම සඳහා මනු ලොවට යවා තිබේ. නබිතුමා පවසන අන්දමට සෑම මිනිසෙකුම මෙලොවට උපදින්නේ මුස්ලිම් වරයෙකු වශයෙනි. එහෙත් ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට කැමති ආගමකට මග පෙන්වන්නෝය.
මිනිස් ආත්මයේ ඇති විශේෂත්වය වන්නේ එයට ස්වයං තීරණ ගැනීමට හැකි වීමය. එබැවින් මිනිසාට කැමති තීරණයක් ගත හැකිය. එහෙත් මිනිසාට පින් හෝ පව් සටහන් වන්නේ වැඩිවියට පත් වූ පසුය. එනම් ස්වයං තීරණයක් ගත හැකි පරිනත වියට පත්වූ පසුය.

දෙවියන්ට අවශ්‍යය නම් සෑම මිනිසෙකුම නිවැරදි මාර්ගයේ යැවීමට හැකියාව ඇත. දේවදුතයින් ව මවා ඇත්තේ එලෙසින්ය. ඒ අනුව ඔවුන්ට ස්ව කැමැත්තෙන් තීරණ ගත නොහැකිය. ඔවුන් ට කළ හැක්කේ දෙවියන් පනවා ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පමණි. ඇතැම් දේවදුතයින් දෙවියන්ගේ පණිවිඩ කරුවන් ලෙස ක්‍රියා කරති. ඇතැම් අය වරුසාවට සහ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා කැප වී සිටිති. ඇතැම් දේවදුතයින් මිනිසාගේ ආත්මය ගෙනවිත් මව් කුසට ඇතුලත් කිරීම සඳහා පත්කර සිටිති. තවත් සමහරු මිනිසාගේ මරණය සිදු වන මොහොතේ දී ආත්මය රැගෙන යාමට නියම කොට ඇත. සොහොනේදී ප්‍රශ්න කිරීම සඳහා වෙනම දේවදුතයින් දෙදෙනෙකු නියම කොට ඇත. එහෙත් මිනිසාට තමන් කැමති දේ කිරීමට හැකි පරිදි මවා ඇත.

මිනිසාට ලැබී ඇති නිදහස ඔහුට පරීක්ෂාවක් වන්නේය. මෙම පරික්ෂාව මිනිසාගෙන් මිනිසාට වෙනස් වනු ඇත. ඇතැමුන් ලෙඩ දුක්වලින්ද, ඇතැමුන්ට නිරෝගී ජිවිතයක් ලබා දීමෙන්ද, ඇතැමුන්ට සැප සම්පත් ලබා දීමෙන්ද තවත් සමහරුන් නැති බැරි කමින්ද ඇතැමුන්ට ඇස්පෙනීම ලබා දීමෙන්ද තවත් සමහරුන් ව අන්දයින් බවට පත් කිරීමෙන්ද ඇතැමුන්ට අතපය ලබා දීමෙන්ද ඇතැමුන්ගේ අතපය උදුරා ගැනීමෙන්ද ආදී වශයෙන් පරික්ෂා කරනු ලැබේ. මෙම පරික්ෂාවන්ගෙන් පහසු එක කුමක්දැයි කිසිවෙකුට කිව නොහැකිය. එබැවින් අප කළ යුත්තේ අපට ලැබී ඇති පරික්ෂාවට මුහුණ දෙමින් ජීවිතය ජය ගැනීම ය. කෙසේ වෙතත් මිනිසාට යහ මාර්ගය පෙන්වා දීම සඳහා නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණ ඇත. මිනිසාට කළ යුතුව තිබෙන්නේ එම නබිවරුන් පෙන්වා දී ඇති නිවැරදි මාර්ගයේ ගමන් කිරීම පමණි.

සෑම මිනිසෙකුටම මේ ලෝකයේ නියමිත කාලයක් ජිවත් වීමට වරම් ලබා දී ඇත. එම කාලය තුලදී මිනිසා කුමක් කලත් ක්ෂණිකව දඬුවම් කරනු ලබන්නේ නැත. උදාහරණයක් ලෙස හිට්ලර් මිලියන හයක් පමණ මිනිසුන් ඝාතනය කොට ඇත. එහෙත් ඔහුට මෙලොවදී දඬුවම් කරන්නේ නැත. ඇයිද යත් මිනිසාගෙන් සිදුවන වැරදි නිවැරදි කර ගැනීම සඳහා අවස්තාව ලබා දී තිබෙන නිසාය. ඒ අනුව ඕනෑම කෙනෙකුට ඔහු මැරෙන මොහොත දක්වාම තමන් කළ වරද නිවැරදි කර ගැනීමට අවස්තාව ලැබෙන්නේය. එහෙත් මරණය පෙනී පෙනී කරන පසුතැවිලි වලින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

මිනිසාගේ මරණය ලඟා වූ පසු දේවදුතයින් දෙදෙනෙකු පැමිණ මිනිසාගේ ශරීරයෙන් ආත්මය රැගෙන යනු ඇත. පින් කළ ආත්මයක් ඉතා පහසුවෙන් ශරීරයෙන් පිටතට පැමිණෙන අතර පව් කළ ආත්මයක් ශරීරයන් පිටතට පැමිණීම ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට පැමිණ සිටින දේව දුතයින් ඉතා වැරෙන් ආත්මය උදුරාගෙන දෙවියන් වෙත ගෙන යන බව නබිතුමා පැවසීය. ඉන් පසු සෑම අත්මයක්ම නැවතත් සොහොන වෙත ගෙන එනු ලබන්නේය. සොහොනේදී සිදුවන දේවල් මෙලොවට සම්බන්ද නොවන බැවින් ඒවා අපට දැක ගත නොහැකිය.

සොහොනේදී දේවදුතයින් දෙදෙනෙකු පැමිණ මරණයට පත්වූ සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්න කිරීමට නියමිතය. එම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දීමෙන් විනිශ්චය දිනය දක්වා සොහොන් ජීවිතය සතුටින් ගත කළ හැකි වන්නේය. සොහොනේදී අසන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීමට නොහැකි වීමෙන් විනිශ්චය දිනය දක්වා දඬුවම් විඳීමට සිදු වනු ඇත. සොහොනේ රැඳී සිටින කාලය කොපමණ වේදැයි කිසිවෙකුට කිව නොහැකිය.

දෙවියන් නියම කළ දිනයකදී විනිශ්චය සිදු කිරීම සඳහා සොහොන්වල සිටින සෑම කෙනෙකුම නැවතත් නැගිටවනු ලබන්නේය. ඉන් පසු සෑම ජිවියෙකුටම විනිශ්චය සිදුකිරීමට නියමිතය. මේ සඳහා සෑම ජීවියෙකුම විනිශ්චය සිදුකරන ස්ථානය කරා රැගෙන යනු ඇත. එම විනිශ්චය දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වන එක් දිනයකි.

විනිශ්චය දිනයේ අධිපති අල්ලාහ්ය. එම දිනයේදී කෙනෙකුට කෙනෙකු උදව් කළ නොහැකිය. එම දිනයේදී සෑම කෙනෙක්ම තමන්ට අත්විය හැකි ඉරණම ගැන සිතා භීතියෙන් පසු වනු ඇත. නබිවරුන් පවා එම දිනයේදී බියට පත් වනු ඇත. එම දිනයේදී අල්ලාහ් වෙනුවට වෙනත් දේවල් සඳහා වැඳුම් පිදුම් කළ අයව ඉවත් කරන්නේය. ඒ අනුව දෙවියන් වෙනුවට වෙනත් දේවල් සඳහා වැඳුම් පිදුම් කළ අය ඔවුන් මෙලොවදී වැනුම් පිදුම් කළ දේවල් පසු පස ගොස් නිරයට වැටෙනු ඇත. ඉන් පසු දෙවියන්ව විශ්වාස කළ අයගෙන් පමණක් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙරෙන්නේය.

මෙම මහා විනිශ්චයෙන් පසු සෑම කෙනෙකුම ස්වර්ගයට හෝ නිරයට නියම කරනු ලැබේ. එහෙත් එම විනිශ්චයෙන් සිදු කරනු ලබන්නේ දෙවියන්ට සහ මිනිසා අතර ඇති ගනු දෙනු පමණි. එබැවින් මෙලොවදී මිනිසා මිනිසාට කළ වැරදි සමතයකට පත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නේය. එසේ කිරීමෙන් පසුව පමණක් ස්වර්ගයට ඇතුල් වීමට හැකි වනු ඇත. ඒ අනුව මනු ලොවේදී කෙනෙකුට කෙනෙක් කළ වැරදි සඳහා තමන් කළ පින් වලින් වන්දි ගෙවීමට සිදු වන්නේය. බොහෝ අයට එම දිනයේදී තමන් කළ පින් වලින් වද්න්දී ගෙවා අනුන්ගේ පව් බාර ගැනීමටත් සිදු වනු ඇත. ඒ අනුව ඇතැමුන් මේලොවේදී කොතරම් පින් දහම් කලත් අනුන්ට කළ වැරදි නිසා අපා ගත වීමට සිදු වන්නේය.

මෙලොව දී අත්විඳින මරණයෙන් පසු නැවත කිසිදාක මරණයක් සිදු වන්නේ නැත. ඒ අනුව ස්වර්ගවාසින් නිමක් නැති ස්වර්ග ජිවිතයක්ද නිරය වාසින් නිමක් නොමැති අපා ජිවිතයක්ද ගත කිරීමට නියමිතය. එහෙත් මෙලොවදී දෙවියන්ව විශ්වාස කොට තිබුනේ නම් යම් දිනක අපායෙන් නිදහස ලබා ස්වර්ගයට ඇතුල් කරනු ඇත. ස්වර්ගයේ සතුට කිසිවෙකුට සිතා බැලීමට නොහැකි තරම් වේ. ස්වර්ගවාසින් එහි ඇති කවුච්චිවල හාන්සිවී සතුරු සාමිචියේ යෙදෙනු ඇත. ඔවුන්ට මුද්‍රා තැබූ මිහිරි පානයන් බෙදා දෙනු ඇත. සෑම ස්වර්ග වැසියෙකුටම අලංකාර කන්‍යාවන් විවාහ කර දෙනු ලබන්නේය. තවද ස්වර්ග වාසීන්ට අල්ලාහ්ව දැකීමට ලැබෙන්නේය. එය ඔවුන් ලබන උසස්ම සතුට වනු ඇත.

නරකාදිය වේදනාව පමණක් ගෙන දෙන්නේය. එහි ඉන්දන වශයෙන් ඇත්තේ නිරා වැසියන් සහ ගල්ය. නිරයේ කිසිම සිසිලක් නොමැත. ආහාරයට ලැබෙන්නේ සක්කුම් නමැති කටු සහිත ගෙඩි වර්ගයකි. ඉන් කුසගින්න සංසිඳෙන්නේ නැත. එහි කිසිම පෝෂණ ගුණයක්ද නැත. නිරා වැසියන්ට ලැබෙන්නේ ලෝදිය මෙන් රත්වූ පානයන් ය. ඒවා පානය කිරීමෙන් තොල් උදරය දක්වා පිලිස්සී යනු ඇත. නිරයේදී පිලිස්සී යන සම වෙනුවට අලුතින් සමක් ලබා දී නැවත නැවත ඔවුන්ගේ දඬුවම අළුත් කරනු ඇත. එම දඬුවම සදාකල් පවතින්නේය. මේවා විශ්වාස නොකර සිට මරණයට පත්වූ කෙනෙකුට මෙවැනි දෙයක් අත්විඳීමට ලැබුනේ නම් කුමක් කරන්නේද? ඒ ගැන සිතා බැලිය යුත්තේ මරණයට පත් වීමට කලින් බව දැන්ම තේරුම් ගත යුතුය.

By Fasy Ajward,
B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • ඔබගේද වගකීමයිJanuary 4, 2010 ඔබගේද වගකීමයි (0)
    ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම […]
  • ඉස්ලාම් (Islam)March 15, 2017 ඉස්ලාම් (Islam) (0)
    ඉස්ලාම් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. එය ආදම් තුමා පටන් කොටස් වශයෙන් පහළ වූ අතර මුහම්මද් නබි තුමා හට පහළ වූ අල්-කුරානය මගින් එය සම්පුර්ණ විය. අල්-කුරානය පහල […]
  • බුදු දහම, මිනිස් සිත සහ ඉස්ලාමය – ඕඩියෝ/වීඩියෝMay 5, 2009 බුදු දහම, මිනිස් සිත සහ ඉස්ලාමය – ඕඩියෝ/වීඩියෝ (0)
    ආගමික දෘෂ්ටි කෝනයෙන් මිනිසා යන මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 04-09-2009 ස්ථානය: හිරා තොරතුරු මධ්‍යස්ථානය - කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 27.56 […]
  • චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝDecember 8, 2011 චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝ (0)
    සෑම කි‍්‍රයාවකම මුල චේතනාවයි. චේතනාව පිවිතුරු නොවන ක‍්‍රියාවට කිසිදු පිළිගැනීමක් අල්ලාහ් ඉදිරියේ නැත. එබැවින් මෙම දේශණය ඔබේ ජීවිතයට ඉතා වැදගත් වනු ඇත. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ […]
  • පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03April 18, 2017 පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03 (0)
    "عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ "කෙනෙකුගේ දිවේ […]
  • දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”February 28, 2017 දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය” (0)
    කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා […]

August 5, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්

Leave a Reply