ෂරියා නීතියට එරෙහිව ෂරියා නොවන නීතිය (Sharia Law Vs Non-Sharia Law)

ශරියාව යනු නීතියක් මෙන්ම අංග සම්පුර්ණ ජිවන සැලැස්මකි. මෙම ක්‍රමය ගොඩනගා ඇත්තේ අල්ලාහ්ගෙන් පහළ වු  අල්-කුරානය සහ මුහම්මද් තුමාගේ වදන් සහ ක්‍රියාවන් ඇසුරෙනි. එම නීතිය සකසා ඇති ප්‍රධාන මුලාශ්‍රවල කිසිම වෙනසක් මිනිසාට කල නොහැකිය. එය අංග සම්පුර්ණ දේව නීතියකි.
ඉස්ලාමිය ෆික් නීති සම්පාදනය කොට ඇත්තේ ඉහත සඳහන් මුලාශ්‍ර ඇසුරින් ලබාගත් අර්ථකතනයන් ඇසුරෙනි. ලෝකයේ ප්‍රධාන වශයෙන් හනෆි, මාලිකි, ශාෆි, හම්බලි යැයි ෆික් ගුරුකුලයන් හතරක් ඇත. ඒවා නම් කොට ඇත්තේ එම ගුරුකුලයන් ආරම්භ කල විද්වතුන්ගේ නම්වලින් ය. මෙම ෆික් නීති සම්පාදනය කොට ඇත්තේ මිනිසා වන  එබැවින් ඒවායේ  යම් යම් වෙනස්කම් සිදු විය හැකිය.

ෂරියා නීතිය කොටස් දෙකකට වෙන් කල හැකිය. ඒවා මිනිසා මිනිසාට කළ යුතු කාර්යයන් සහ මිනිසා දෙවියන්ට කලයුතු කාර්යයන් වශයෙනි. මේවායින්  දඬුවම් නියම කොට ඇත්තේ මිනිසා මිනිසාට කරන වැරදි සඳහා පමණි. ඒ අනුව මිනිසා දහම තුල දෙවියන්ට කරන වැරදි සඳහා දඬුවම් නියම කොට නැත. උදාහරණ වශයෙන් සලාතය, zසකාත් බද්ද, උපවාසය හෝ හජ් වන්දනය පෙන්වා දිය හැකිය. ඒවා ගැන ප්‍රශ්න කිරීම සහ දඬුවම් කිරීම දෙවියන් සතුය. එබැවින් ඒවායේ වැරදි සිදුකොට ඇත්නම් ඊට සුදුසු විපාක විනිශ්චය දිනයේදී ලැබෙනු ඇත.

ෂරියා දණ්ඩ නීතියෙන් ලබා දෙන දඬුවම් නිසා වැරදි කරන අයගේ සැලකිය යුතු අඩුවක් සිදු වන්නේය. එහෙත් ෂරියා නොවන නිතිය ක්‍රියාත්මක කිරීමෙන් එවැනි දෙයක් සිදු වන්නේ නැත. මෙවැනි උදාහරණ කිහිපයක් පහත විස්තර කොට ඇත.

මිනිස් ඝාතන සඳහා ලබා දෙන දඬුවම්වල ෂරියා නීතියේ සහ ෂරියා නොවන නීතිවල පැහැදිලි වෙනසක් ඇත. ෂරියා නොවන නීතිය මගින් ඒ සඳහා මරණීය දඬුවම නියම කරනු ලබේ. බොහෝ විට මෙම දඬුවම නියම කරනු ලබන්නේ නඩුකාරයා විසිනි. එහෙත් ෂරියා නිතිය අනුව වරදකරුට වන්දියක් ගෙවා නිදහස ලබා ගැනීමට හෝ සමාව ඉල්ලා සිටීමට අවස්ථාව ලැබේ. මෙය සිදු වන්නේ අගතියට පත් පාර්ශවය ගන්නා තීරණය මතය. එම අවස්ථාවන් දෙකම අසාර්ථකවන අවස්ථවේදී පමණක් චුදිතයාට මරණ දඬුවම නියම වන්නේය. මේ අනුව ෂරියා නීතියෙන් මිනිස් ඝාතකයෙකුට ජීවිතය බේරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේය. එහෙත් ෂරියා නොවන නීතියේ මෙතරම් ලිහිල් කිරීමක් දැකිය නොහැකිය.

තවද ෂරියා නොවන නිතිය අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කොට මහජන මුදලින් නඩත්තු කරනු ලබන්නේය. එසේ කිරීමෙන් ඔවුන්ට මරණය දක්වාම මානසිකව පිඩා විඳීමට සිදු වන්නේය. එය චුදිතයාට කරනු ලබන බලවත් වරදකි. තවද එම වරද කරුවන්ව ජීවිතාන්තය දක්වා සිරගත කොට මහජන මුදලින් නඩත්තු කිරීම මහජනතාවට කරන අසාධාරණයක් විය හැකිය. එසේම එම ක්‍රමය නිසා අලුතින් සිරගත වන අය පැරණි සිරකරුවන්ගෙන් භයානක වැරදි කිරීමට ඉගෙන ගත හැකිය. ඉන් සිදු වන්නේ වරදකරුවන්ගේ අඩුවක් සිදුවීමට වඩා භයානක සොරුන්ගේ වැඩි වීමකි.

සොරකම සඳහාද ෂරියා නීතියෙන් නිසි දඬුවම් නියම කොට ඇත. එහෙත් ෂරියා නොවන නිතිය තුල සොරකමට නියම කොට ඇත්තේ ඉතා ලිහිල් දඬුවම් ය. ඒ අනුව බැංකු මංකොල්ලයකට හෝ මහා පරිමාන වෙනත් වරදකට නියම කරනු ලබන්නේ දඩයක් හෝ සිර දඬුවමක් නැතහොත් ඒ දෙකමය. මෙවැනි දඬුවම් නිසා සොරුන්ගේ අඩුවක් සිදු වන්නේ නැත. එහෙත් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන තැන්වල සොරුන්ගේ විශාල අඩුවක් සිදු වන බව සංඛ්‍යාලේකන විශ්ලේෂණය කිරීමෙන් දැකිය හැකිය.

කාමය වරදවා හැසිරීම සඳහා ද ෂරියා නීතිය තුල දැඩි දඬුවම් නියම කොට ඇත. එබැවින් එම නිතිය ක්‍රියාත්මක වන තැන්හි එම වරදේ විශාල අඩුවක් දැකිය හැකිය. එහෙත් ෂරියා නීති නොමැති තැන්වල කාමය වරදවා හැසිරීම ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේය. ෂරියා නීතිය තුල දැඩි දඬුවම් නියම කොට ඇතත් එම දඬුවම අහිංසක කාන්තාන් කෙරෙහි ක්‍රියාත්මක කිරීමෙන් වැළැක්වීමට උපරිම නීති සම්පාදනය කොට ඇත. එහෙත් ස්වෙජ්ජාවෙන් පැමිණ වරද පිළිගත් කාන්තාවක් සඳහා මෙම දඬුවම නබිතුමා ක්‍රියාත්මක කොට ඇත. එය පහත දැක්වේ.

නබිතුමාගේ කාලයේදී කාන්තාවක් ස්වෙච්ඦාවෙන්ම පැමිණ ඇය කල වරදට දඬුවම නියම කරන මෙන් නබිතුමාගෙන් ඉල්ලා සිට ඇත. එම වරද ගැන විමසා බැලු නබිතුමා ඇයට දඬුවම් නොකොට හරවා යවා ඇත. එහෙත් ඇය නැවත වරක් පැමිණ ඇයට හිමි දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ඇත. දෙවන වරටත් නබිතුමා ඇයව හරවා යවා ඇත. මෙලෙස ඇය සිව් වතාවක්ම පැමිණි පසු නබිතුමා ඇයට පවසා ඇත්තේ ඇය පිළිසිඳගෙන සිටින දරුවා ප්‍රසුත කල පසු පැමිණෙන ලෙසය. ඇයද දරුවා ප්‍රසුත කල පසු නැවතත් පැමිණ ඇයට හිමි දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිට ඇත. එවිට දරුවට කිරි දීම නතර කිරීමන් පසු පැමිණෙන ලෙස නියම කොට ඇත. මේ අනුව ඇයට දඬුවම ක්‍රියාත්මක කරනු ලැබුවේ එම දරුවා ඝන ආහාර ගැනීමට පුරුදු වු පසුවය.

නබිතුමාගේ කාලයේදී මෙවැනි දඬුවම් ක්‍රියාත්මක කොට ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. එහෙත් ෂරියා නොවන නිතිය යටතේ කාමය වරදවා හැසිරීම ඉතා ඉහල අගයක් ගන්නේය. මේ අනුව බලන කල ෂරියා නිතිය නිසා මිනිසුන් තුල ස්වයං විනයක් ඇති කළ හැකි බව පැහැදිලිය.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.