දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ කාර්‍යභාරය (Duties of parents towards children)

දරුවන්ව ලොකු ලොක්කන් කිරීම පමණක් දෙමව්පියන්ගේ යුතුකම සහ වගකීම වන්නේ නැත. එම සිහිනය සැබෑ වීමට හෝ සැබෑ නොවීමට පිළිවන. එබැවින් තම දරුවන් සමාජයේ වැදගත් පුරවැසියන් වීම දැකීම සෑම දෙමව්පියන්ගේ ම අපේක්ෂාව විය යුතුය.

නුතන සමාජය තුල ඇති ප්‍රධාන අඩුවක් වන්නේ ළමයින්ට ශාරීරික ක්‍රියාකාරකම් සඳහා කාලයක් නොමැති වීමය. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ළමයින්ගේ දවසින් වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය වෙනුවෙන්ද අමතර පන්ති වෙනුවෙන්ද වැය වීමය. එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ සමාජ දැනුම සහ සමාජ ආශ්‍රය ඉතා පහළ මට්ටමකට වැටී ඇත. මෙම කරුණ ජාතින් අතර තිබිය යුතු සමගියටද විශාල බාදාවක් වන්නේය. එබැවින් මෙම කරුණ ගැන සැමගේම අවදානය යොමු විය යුතුව තිබේ.

නවීන සමාජය පෙර පැවති සමාජයට වඩා හැම අතින්ම වෙනස්ය. එබැවින් ළමුන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වැඩිපුර අවදානයක් යොමු කළ යුතුව ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ නවීන ලෝකයේ ළමුන් ඉලක්ක කරගෙන බොහෝ ජාවාරම් සිදු වීමය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ නොයෙකුත් ආකාරයේ මත්පෙති සහ මත්කුඩු වෙළඳාම ය. මේ නිසා ළමයින්ට සොයා බැලීමකින් තොරව මුදල් දීම කෙරෙහි විශේෂ අවදානය යොමු විය යුතුය.

ඉහත කරුණුවලට අමතරව නවීන සමාජයේ ළමුන් නොමග යාමට බලපාන ප්‍රධාන මෙවලම් වන්නේ ස්මාට්ෆෝන් සහ පරිගණක වේ. මේවා ලබා දීමේදී දෙමව්පියන් ඉතාමත්ම ප්‍රවේසම් විය යුතුය. නිතර ඒවා පරික්ෂා කොට බැලිය යුතුය. එය කළ නොහැකි නම් ඒවා ලබා දීමෙන් සිදු වන්නේ ළමයින්ගේ අනාගතය විනාශ කිරීමකි. ළමා වයසේ ලිංගික සම්බන්ද්යකම් ඇතිවීමට මේවා දැඩිලෙස බලපාන්නේය. එබැවින් මේවා ගැන දෙමව්පියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු වන්නේය.

නිසි රැකවරණයක් නොමැතිව විශේෂයෙන්ම ගැහැණු දරුවන් නොදන්නා අයත් සමග පාසලට හෝ අමතර පන්තිවලට යැවීමෙන් වැලකි සිටිය යුතුය. මෙම කරුණ ගැන අවදානය යොමු නොකිරීම නිසා බොහෝ විපත් සිදුවී ඇත.

ලෞකික අධාපනයෙන් පමණක් යහපත් මිනිසෙකු බිහි කළ නොහැකිය. ඒ සඳහා වැඩියෙන්ම බලපාන්නේ කෙනෙකුගේ දහමය. එබැවින් සෑම දරුවෙකුටම නිවැරදි දහම් දැනුමක් ලබා දීම කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතුය. එසේම අනුන්ගේ දහම විවේචනය කිරීම සහ ඒවායේ වැරදි සෙවීමෙන් වැලකි සිටීමට පුරුදු කළ යුතුය.

ළමුන්ගේ විවේක වෙලාවේදී පොත් පත් කියෙවිමට යොමු කිරීමෙන් බොහෝ ප්‍රයෝජන අත්කර ගත හැකිය. මේ නිසා දෙමව්පියන්ගේ අවදානය ඒ කෙරෙහි යොමු විය යුතුව තිබේ. මින් අත්වන වාසියක් වන්නේ ළමයින් පොත් පත් කියවීමට හුරු වීමය. එවිට අන්තර්ජාලයේ සැරිසැරීමට යන කාලය අඩු කල හැකිවනු ඇත.

කිසිම දහමකින් වැරදි කිරීමට උගන්වන්නේ නැත. සෑම දහමකම පොදු සාදකය වන්නේ යහපත් ගුණ ධර්ම කියා දීම ය. එසේම කිසිම දහමකින් තවත් ආගමක් කෙරෙහි වෛර කිරීමට හෝ පහත්කොට සැලකීමට උගන්වන්නේ නැත. මේවා ගැන දරුවන්ට නිසි දැනුමක් නොමැති වීම නිසා ළමා කාලයේදී ම ඔවුන් අතර වෛරය සහ ක්‍රෝදය වර්දනය වියට හේතුවක් විය හැකිය. එබැවින් මෙම කරුණ කෙරෙහි දෙමව්පියන්ගේ අවදානය යොමු කළ යුතුය.

ඉතත කරුණු කෙරෙහි නිසි අවදානය යොමු කරන්නේ නම් සෑම ජාතියකම දරුවන් අතර සමගිය ඇති කළ හැකිය. දැනට වසර හතලිකකට පනහකට පෙර මෙවැනි තත්වයක් ලංකවේ දක්නට තිබුනේය. නැවතත් එවැනි තත්වයක් ඇති කිරීමට අප ක්‍රියා කළ යුතුය.

අපට අවශ්‍යවන්නේ ආගම මුල්කරගෙන බෙදී වෙන්වී සිටින සමාජයක් නොවේ. ඒ වෙනුවට අපට අවශ්‍යවන්නේ විවිධ භාෂාවන් කථා කරන විවිධ ආගම් අදහන බහු වාර්ගික බහු ආගමික ඒකීය රටකි. ලංකාවේ සිටින සියළුම පුරවැසියන් ශ්‍රී ලාංකිකයෙක් බව ආඩම්බරයෙන් කිව යුතු තත්වයක් ඇතිකල යුතුය. රජයද සැම කෙනෙක්ම ලාංකික පුරවැසියෙක් ලෙස සලකා කටයුතු කල යුතුය. එසේ කලේ නම් බොහෝ ප්‍රශ්න පහසුවෙන්ම විසඳෙනු ඇත.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.