ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-7

7. නැමදුම් කෙරෙහි කාන්තාවන් සතු අයිතිය.

ඉස්ලාමය කාන්තාවට මෙලොව ලෞකික ජීවිතය හා සම්බන්ධ අයිතිවාසිකම් පමණක් නොව පරලොව සැපත සඳහා වන අධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන්ද සියලූ අයිතිවාසිකම් ලබා දී ඇත.

උදාහණරයක් වශයෙන් පිරිමින් තම පස්වේල සලාතය සදහා මස්ජිද් (පල්ලිය* වෙත යායුතු බවත් එසේ නොයන අය කෙරෙහි නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා කෝපවූ බවත් අප දන්නා කරුණකි. මෙසේ පිරිමින් මස්ජිදයට

යන අවස්ථාවේ කාන්තාවන්ගේ යහපත සලකා ඔවුන් තම නිවස හා දරුපැටවුන් නඩත්තු කරන්නන්වූ නිසා ඔවුන්ට තම නිවෙස්තුලම සලාතයේ යෙදීමට ඉස්ලාමය අනුමැතිය ලබාදී ඇත.

කාන්තාවක් තම ගෙමිදුලේ ඉටු කරන සලාතයට වඩා තම කාමරයේ ඉටු කරන සලාතය අගනේය. තම කාමරයේ ඉටුකරන සලාතයට වඩා ඇතුල් කාමරයක ඉටුකරන සලාතය ඉතා අගනේයැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් ප‍්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් තුමා දන්වයි (මූලාශ‍්‍රය: අබූදාවුද්*.

මෙසේ කාන්තාවන් නිවෙස්වලදීම සලාතයේ යෙදීම අගය කළ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා කාන්තාවන් මස්ජිදයට(දේවස්ථානයට* ඒමද අනුමත කළහ.

ආයිෂා (රලියල්ලාහු අන්හා* තුමිය මෙසේ දන්වා සිටියි. වරක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ඉෂා සලාතය ප‍්‍රමාද කළේය. කොතරම් ප‍්‍රමාද කළාද යත් (කාන්තාවන් හා ළමයින් සලාතය බලා පොරොත්තුවෙන්* හිදගෙන සිටි අතර උමර්(රළියල්ලාහු අන්හු*ට දැනුම්දී ඔවුන් සියලූ දෙනාම කැඳවා සලාතය ඉටුකරනතෙක් සිටියහ. සලාතය අවසන්වූ පසු මේ අවස්ථාවේ ඔබලා හැර වෙන කිසිවෙක් ඉෂා සලාතය බලාපොරෙත්තුවෙන් මෙහි නැතැයි පැවසූහ.

මේ හදීසය අනුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා කාන්තාවන් සලාතය සදහා මස්ජිදයට ඒම අනුමත කර සලාතයද මෙහයවූහ. තමාගෙන් පසු තම අනුගාමිකයින් කාන්තාවන් මස්ජිදයට ඒම ප‍්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම සදහා නීතියක්ද පැනවූහ.

ඉබ්නු උමර්(රලියල්ලාහු අන්හු* තුමා මෙසේ දන්වයි. ”ඔබේ බිරිද මස්ජිදයට යාමටද අවසර පතන්නී නම් ඔබ එය ප‍්‍රතික්ෂේප නොකරනු.” (බුහාරි මුස්ලිම්*

මෙසේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා අණකර තිබියදී එය අවතක්සේරුවට පත් කිරීමක් සේ අද කාන්තාවන්ට මස්ජද්වලින් ඈත් කර තැබීමක් පෙනෙන්නට ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණෝ පැවසූ කිසිම දෙයක් අල්ලාහ්ගේ අනුමැතිය ලබාගෙන මිස සිය කැමැත්තෙන් ප‍්‍රකාශ නොකළ බව අපි දනිමු. එසේ මස්ජිදයට කාන්තාවන් පැමිණීම නොවැළක්විය යුතු බවට දෙවියන් නියෝග කළා යැයි සිතිය නොහැකිද?

මස්ජිදය හා කාන්තාව අතර කිසිම සම්බන්ධයක් නැති තත්ත්වයක් උදාවීම නිසා ඉස්ලාමයේ කාන්තාවන්ට තම පූජනීය ස්ථානයට යාමට එම ආගමෙන් තහනමක් ඇතැයි අන්‍ය ආගමිකයින් නො සිතන්නේද? අධ්‍යාපනය ලබා ගැනීමට ගම රට බැලීම සදහා ගමන් බිමන් යාමට, බඩුබාහිරාදිය මිලදී ගැනීමට එහා මෙහා යාමට අවසර දෙන මොවුන් දේවස්ථානයට ගොස් තම දෙවියන් ඇදහීමට පමණක් ඉඩ නොදෙන්නේ මන්ද? දෙවියන් හෝ දේව ¥තයානන් යම් නියෝගයක් කළොත් එයට විරුද්ධ වීමට අප කිසිවෙකුට හැකියාවක් නොමැත. කාන්තාවන් මස්ජිදයට පැමිණෙන විට සමහර කරුණු ගැන සැළකිලිමත්වීමට උපදෙස් දුන් අතර මස්ජිදයට නොපැමිණෙන ලෙස තහනමක් පැනවූයේ නැත.

”ඔබලාගේ කාන්තාවන් මස්ජිදයට එනවිට සුවඳවිලවුන් ගෑමෙන් වැළකෙත්වා” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් ප‍්‍රකාශ කළහ. (වාර්තාකරු: සෙයිනබ් (රළියල්ලාහු අන්හා* තුමිය, මූලාශ‍්‍රයඃ මුස්ලිම්*

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාගේ කාලයේ කාන්තාවන් මස්ජිදයට ගොස් නැමදුම්වල යෙදී ඇති බවට පහත සදහන් රුවන් වැකිද සාක්ෂි දරන්නේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් සලාතය අවසන් කර ආචාර(සලාම්* කීවිට, කාන්තාවන් නැගිට යන්නෝය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා හා මිතුරන් මඳ වේලාවක් එම ස්ථානයේම රැුඳී සිට විසිරයන්නෝ යැයි උම්මු සලමා (රළියල්ලාහු අන්හා* තුමිය දන්වන්නීය. (මූලාශ‍්‍රය: බුහාරි* – මෙම රුවන් වැකිය වාර්තා කළ අයගෙන් කෙනකුවූ ජුහ්රි තුමා මෙසේ ප‍්‍රකාය කරයි.- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා හා මිතුරන් එම ස්ථානයේම මඳක් රැුඳී සිටියේ කාන්තා පිරිමි දෙපාර්ශවටම එකට පිටවී යාමට සිදුවන නිසාය.

රමලාන් මාසයේ අවසන් දින දහයේ මස්ජිදයේ රැුඳී සිටින කාලයේදී එතුමා හමුවීමට පැමිණි එතුමන්ගේ බිරිඳවූ සෆියියා (රළියල්ලාහු අන්හා* තුමිය මස්ජිදය තුලට ගොස් කථා කරමින් සිටියාය. කතාව අවසන්වී ඇය නැගිට යනවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාද පල්ලියේ දොරකඩ දක්වා පැමිණියහ. එම අවස්ථාවේ අන්සාර්වරුන්ට අයත් දෙදෙනෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ළගින් ආචාර කරමින් ගියහ. වහාම එතුමා මේ මගේ භාර්යාව සෆියියා යැයි පැවසූවේය. මෙය ඇසූ ඔවූහු සුබ්හානල්ලාහ් (අල්ලාහ් පාරිශුද්ධ වන්තය* අල්ලාහ්ගේ ¥තයාණෙනි, ඔබ තුමන් ගැන අපි සැක කරන්නෙමුද?යි විමසූහ.

එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ෂෙයිතාන් මිනිසුන්ගේ ලේ නහර තුළින් ගමන් කරන්නෙකි. ඔහු ඔබලාගේ හිතේ වැරදි සිතුවිල්ලක් ඇති කරයි දෝයි බියවන්නෙමියි කීවේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා පමණක් නොව පසුව පැමිණි කලීෆා (නියෝජක* වරුන්ද කාන්තාවන් මස්ජිදයට ඒම අනුමත කර ඇති බව පහත දැක්වෙන පුවත් (තොරතුරු* මගින් දැනගත හැක.

උමර් (රළියල්ලාහු අන්හු* තුමාගේ භාර්යාව (වූ ආතිකා* සුබහ්, ඉෂා සලාත දෙකටම සාමූහික සලාතය සඳහා දිනපතා පැමිණියාය. මෙයදුටු සහබාවරු මෙසේ ඔබ තුමිය පැමිණීම උමර් (රළියල්ලාහු අන්හු* තුමා ප‍්‍රිය නොකරයි නේද? එතුමා මේ ගැන ලැජ්ජාවෙනු ඇතැයි කීහ. මෙය ඇසූ එතුමිය උමර් රළියල්ලාහු අන්හු* තුමා තවම මට එවැනි තහනමක් කළේ නැහැ. මා මස්ජිදයට ඒම තහනම් නොකරන්න හේතුව කුමක්දැයි ප‍්‍රශ්න කළාය. එවිට උමර් තුමාගේ පුතනුවන් වූ අබ්දුල්ලාහ් මෙසේ කීවේය. අල්ලාහ්ගේ ගැත්තන්වූ කාන්තාවන් (දේව ගැති කාන්තාවන්* අල්ලාහ්ගේ නිවසට ඒම වළක්වන්න එපා යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් කළ ප‍්‍රකාශය, එසේ තහනම් නොකිරීමට හේතුවී යැයි පිළිතුරු දුන්හ. (වාර්තාකරුඃ ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු* මූලාශ‍්‍රයඃ බුහාරි*

උමර් (රළියල්ලාහු අන්හු* තුමාගේ පුත් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු* තුමා ඉහත රුවන් වැකිය කියා දුන් පසු ළග සිටි එතුමාගේ පුත් බිලාල් (රළියල්ලාහු අන්හු* තුමා (උමර් තුමාගේ මුණුපුරු* මම කාන්තාවන් මස්ජිදයට ඒම තහනම් කරමියි කීය. ඒ ඇසූ අබ්දුල්ලා (රළියල්ලාහු අන්හු* තුමා නුඹ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාගේ කීමට විරුද්ධව කථා කළාද? යි අසමින් මින්පසු නුඹ සමග මම කිසි දවසක කථා නොකරමියි කියා පුතා සමග කථා කිරීම අත්හැරියා යැයි මුස්ලිම්, අහ්මද්, ග‍්‍රන්ථවල සදහන්වී ඇත.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් කාන්තාවන් මස්ජිදයට පැමිනීම අනුමත කළ බවත් එය සහබා(අනුගාමිකයින්*ද අකුරටම ක‍්‍රියාත්මක කළ බවත් දැන දැනම, එයට විරුද්ධ අදහසක් ප‍්‍රකාශ කිරීමට කිසිම දේව ගැතියකුට කොහෙත්ම අයිතියක් නොමැති බවත් පහත සදහන් පාඨයෙන් දැන ගත හැක.

”අල්ලාහ් සහ ඔහුගේ ¥තයා විසින් යම් දෙයක් පිළිබඳව අණකරනු ලැබුවොත් එයට වෙනස් අදහසක් ඇතිකර ගැනීමට විශ්වාසවන්ත ගැහැණියකට හො

පිරිමියකුට කිසිම අයිතියක් නැත. අල්ලාහ්ට හා ඔහුගේ ¥තායට කවුරුන් හෝ විරුද්ධ වූයේ නම් ඔවුන් ප‍්‍රසිද්ධියේ පරිහාණියට පත්වූවන්ය.” (අල්-කුර්ආන් 33ඃ36*.

මෙම පාඨය අනුව කාන්තාවන් විසින් මස්ජිදයට යාමට අවසර ඉල්ලූවොත්, එම අවසරය ලබාදී, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැුකීමෙන් අල්ලාහ්ගේ ආශිර්වාදය ලබා ගැනීමට විශ්වාසවන්තයින් ඉදිරිපත් විය යුතුය.

සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10

Leave a Reply

Your email address will not be published.