| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 69 views

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

කතුවරයා/දේශකයා: on 1st November 2017

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි  බව  බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වන්නේය. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත.  එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට “හදවතේ ඇති මොලය” ලෙස නම් කොට තිබේ. මෙම කරුණු අනුව ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව පෙනී යන්නේය.

නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. “මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වේ. එය රෝගී වූ විට මුළු ශරීරයම රෝගී වේ; දැනගනු එය හදවතයි” ඇතැම් විට  නබිතුමා පවසා තිබිය යුත්තේ ඉහත දැක්වූ කරුණ විය හැකිය.

දෙවියන් මවා ඇති දේවල්  බොහොමයක්ම තේරුම්ගැනීමට අපහසු සංකීර්ණ නිර්මාණයන්ය. එබැවින් බොහෝ විට ඒවා ගැඹුරින් හැදෑරීමට විශේෂඥ දැනුම තිබිය යුතුය. මිනිස් මනස සහ ආත්මය ද එවැනි දේවල්ය. මිනිසාගේ සිතුවිලි කෙරෙහි මනසද විශාල බලපෑමක් ඇති කරන්නේය. මේ නිසා අල්-කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් කොට ඇත. කව්රුන් තමන්ගේ ආත්මය පිරිසිදු කරගන්නේද ඔහු ජය ගන්නේය. කව්රුන් හෝ තම ආත්මය අපවිත්‍ර කරගන්නේද ඔහු පාඩුවක්ම ලබන්නේය (කුරානය 91:9-10). කුරානයේ තවත් තැනක මරණයෙන් පසු පිරිසිදු සිතින් පැමිණෙන්නා හැර අන් අය ඵල නොලබන බව පවසා ඇත. මෙම කරුණු කෙරෙහි මිනිසාගේ අවධානය යොමු විය යුතුය.

මිනිසාගේ අධ්‍යාත්මික හදවත දැඩි වීම කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ඉස්ලාමීය විද්වතුන් මෙලෙස අදහස් ප්‍රකාශ කොට ඇත. ඒ අනුව අධිකලෙස කෑම අනුබව කිරීම, අධික නින්ද, ඕනෑවට වඩා වැඩියෙන් කථා කිරීම, පමණට වඩා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම ඒවා අතර වේ. රෝගියෙකුට කෑම අරුචිය ඇතිවන්නා සේම අධ්‍යාත්මික හදවත රෝගී වූ කෙනෙකුට දෙන උපදෙස්වලින් ඔහු ප්‍රයෝජන ලබන්නේ නැත. තවද ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙන ආකාරයට යම් කෙනෙක් ලෞකික දේවල්වලින් තමන් සුරක්‍ෂිතවන බව සිතමින් දෙවියන් අමතක කරන්නේ නම් ඔහුගේ අධ්‍යාත්මික හදවත මරණයට පත් වන්නේය. අනෙක් අතට අල්ලාහ් කෙරෙහි  විශ්වාසය තබා ඔහු ගැන මෙනෙහි කරන්නේ නම් අධ්‍යාත්මික හදවත ශක්තිමත් වන්නේය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

https://www.facebook.com/thetruepathofislamhttp://truepath1.blogspot.com/Twitter:-thetrue_path

Related Posts

  • මිනිසා සහ ඔහුගේ ආහාරය!October 18, 2011 මිනිසා සහ ඔහුගේ ආහාරය! (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට […]
  • අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)April 27, 2017 අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?) (0)
    මිනිස් සිතුවිලි හටගන්නේ මොලයේ බව විශ්වාසකළ යුගයක් තිබුනේය. එහෙත් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණ මගින්  නිගමනය කොට ඇත්තේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙන් පිටත බවයි. […]
  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්!September 17, 2009 ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්! (0)
    ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද? මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන […]
  • දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1February 7, 2009 දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1 (0)
    ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික […]
  • මඳකට ආපසු හැරී බලමු! (Republish)September 24, 2017 මඳකට ආපසු හැරී බලමු! (Republish) (0)
    මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය: 1- මුහර්රම් 2- සෆර් 3- රබීඋල් අව්වල් 4- රබීඋස් සානි 5- ජමාදුල් අව්වල් 6- ජමාදුස් […]

November 1, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , , ,  · Posted in: ගවේෂණය

Leave a Reply