| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 86 views

වර්තමාන සමාජ රටාව සහ ළමා පරපුර ගැන ඉස්ලාමිය දැක්ම!

කතුවරයා/දේශකයා: on 13th November 2017

අද ජිවත්වන බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් දෙස බලා නෙත් කඳුලින් පුරවා ගැනීමට සිදුවී ඇත්තේ ඔවුන් විසින්ම පෙර කරගත් වැරදි නිසාය. අනෙක් අතට වැඩිහිටියන් බවට පත් වූ පසු තමන් කළ වරද තේරුම් ගැනීමෙන් දරුවන්ට දුක් වන්නට සිදුවන්නේ ඔවුන් ළමා කාලයේ දී දෙමව්පියන්ගේ අණට පිටු පෑ නිසාය. එහෙත් සුදුසු කලට කලයුතු දේ නොකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවාට සමානය. දෙමව්පියන් මෙන්ම දරුවන් විසින් නිවැරදි තීරණය ගත යුතු අවස්ථාවේ දී එසේ නොකිරීමෙන් සිදුවන වරද ආපස්සට හැරවීම අසීරු කරුණකි. අද දෙමව්පියන්ගේ අරමුණ සහ බලාපොරොත්තුව එදා ට වඩා වෙනස්ය. බොහෝ දෙනෙක්  අද්‍යාත්මික ගුණ වගාවට වඩා ලෞකික බලාපොරොත්තු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වති. දරුවන්ද අද හැදෙන්නේ පැරණි සමාජ රටාවට වඩා වෙනස්  පරිසරයකය. රුපවාහිනිය සහ අන්තර්ජාලය වැරදි ලෙස භාවිතා කිරීමෙන් සිදුවන හානිය කියා නිම කල නොහැකිය. ළමයින් ගේ අතට පත්වන වැඩි පහසුකම් ඇති ජංගම දුරකථන වලින් ළමයින්ට විය හැකි හානිය කෙරෙහි ඇතැම් දෙමව්පියන් සිතා බලන්නේ නැති තරම්ය.මෙයට එක් හේතුවක් වන්නේ සෑමවිටම සොයා බැලීමකින් තොරව වෙනත් අයගේ ක්‍රියා කාරකම් අනුකරණය කිරීමය. ඇතැම් විට උපන්දින තෑග්ග හෝ පන්තියේ දස්කම් පෙන්වීම නිසා ළමුන්ට දෙනු ලබන්නේ අතිනවීන ජංගම දුරකතයක් හෝ ලැප්ටොප් පරිගණකයකි. මෙයින් සිදුවන විපාක ගැන එය තෑගිකරන දෙමව්පියන්ට හෝ නෑදෑ හිතමිතුරන් සිතා බලන්නේ නැත. මෙහි ප්‍රතිපලය වන්නේ අනවශ්‍ය fb යහළුවන් ඇතිවීමයි. එසේම අද්‍යාපනය වෙනුවෙන් යොදවන කාලය අඩුවීමයි. ඇතැම්විට ඉහත දැක්වූ කරුණු නිසා අනවශ්‍ය පෙම් සබඳතා ඇතිවී සියදිවි හානි කරගැනීම දක්වා යා හැකිය. 

ළමයින්ට දෙමව්පියන් සෑම විටම ආදර්ශමත් විය යුත්තේ ඔවුන් ඉතා පහසුවෙන් වැඩිහිටියන් කරන දේවල් අනුකරණය කරන බැවිනි. දෙමව්පියන් සුදුසු නොවන රුපවාහිනි වැඩසටහන් නරඹමින් එය ළමයින්ට තහනම් කිරීමෙන් පලක් වන්නේ නැත. දෙමව්පියන් වැරදි ක්‍රියා වල යෙදෙමින් තම ළමයින් නිවැරදි මාර්ගයේ යාම බලා පොරොත්තු වීම ද වැරදිය. දෙමව්පියන් ළමයි ඉදිරියේ අඬදබර කරගනිමින් විනය ඇති දරු පිරිසක් බලාපොරොත්තු විය නොහැකිය. එබැවින් යහපත් සමාජයක් උදෙසා දෙමව්පියන්ගේ කාර්‍ය භාරය සුළු පටු නොවේ. 

දෙමව්පියන්ගේ වගකීම පහත කුර්ආන් වාක්‍යයෙන් මැනවින් පැහැදිලි වේ.

“විස්වාසවන්තයෙනි! මිනිසුන්ද ගල්ද ඉන්දන බවට පත්කළ හැකි නිරයේ ගින්නෙන් ඔබ, ඔබවද ඔබගේ පව්ලේ අයවද බේරා ගනු. එහි දැඩි හැකියාවන් ඇති ශක්තිසම්පන්න මලායිකාවරුන් පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට දෙන නියෝගවලට ඔවුන් වෙනසක් නොකරන්නෝය. ඔවුන් තමන්ට දෙනු ලබන නියෝග (අකුරටම) ඉටු කරන්නෝය” ( අල්-කුර්ආන් 66:6).

ළමයින් දෙමව්පියන්ට දෙලොවටම සම්පතක් වීමට නම් දෙමව්පියන් විශේෂයෙන්ම ඔවුන්ගේ අද්‍යාත්මික ගුණ වගාව කෙරෙහි සැලකිල්ල යොමු කල යුතුය. ඔවුන් ආශ්‍රය කරන අය ගැන සෙවිල්ලෙන් සිටිය යුතුය. 

සමහර ළමයි තේරෙන වයසට පත්වූ පසුත් දෙමව්පියන් ට නොමනා අන්දමින් බැන වදිනු මා දැක ඇත. එසේ කිරීමෙන් ඔවුන්ට සිදුවන විපාක ඉතාමත් දරුණුය. ඒ අතර ම දෙමව්පියන්ගේ සිත් රිදවීම බලවත් වරදක් වන්නේය. අල්-කුරානයේ මෙසේ සඳහන් වන්නේය. 

“දෙමව්පියන්ට උදව් උපකාර කරන මෙන් අපි මිනිසුන්ට හොඳ ඔවදන් දුන්නෙමු. එහෙත් දෙවියන් හට වෙනත් දෙයක් සමාන කරන මෙන් (ඔවුන්) ඔබට බල කලේනම් ඔබ ඒ දෙදෙනාටම අවනත නොවනු! මා වෙතම ඔබ ආපසු පැමිණිය යුතුය. ඔබ කරමින් සිටි දේ පිලිබඳ ව එම අවස්ථාවේදී මා ඔබට දැනුම් දෙන්නෙමි” (අල්-කුර්ආන් 29:8).

දෙමව්පියන් විසින් අල්ලාහ්ගේ නියෝග කඩ කිරීමට අණ කලොත් මිස දෙමව්පියන් හට පිටු පෑ නොහැකිය. දෙමව්පියන් විෂයයෙහි අල්-කුරානයේ මෙසේ සඳහන් වන්නේය. 

“(නබියේ!) ඔබගේ දෙවියන් ඔහු හැර (වෙන කිසිවෙකු) ඇදහිය නොයුතු යැයි (අණ කර ඇති අතර) දෙමව්පියන්ට ස්තුතිවන්තවන ලෙසටද අණ කරන්නේය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම මහළු වියට පත් වූ පසු ඔවුන්ව (වෙන්කර) පලවා නොහරිනු. ඔවුන්ට (නින්දා කොට) ‘චී’ යනුවෙන් (අවමන්) නොකරනු. ඔවුන්ට ගෞරවාන්විතව අමතනු” (අල්-කුර්ආන් 17:23).

මෙහි දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ අල්ලාහ්ට වෙන කිසිවකු සමාන කිරීමත් දෙමව්පියන් හට අකීකරු වීමත්  එකම වැකියේ සඳහන් කර තිබීමයි.

සවභාවයෙන්ම දෙමව්පියන්ගේ සිත් තුල තම දරුවන් කෙරෙහි ආදරය මුල් බැස තිබේ. එහෙත් දෙමව්පියන්ගේ රැකවරණය අවශ්‍ය නොවූ පසු දරුවන් දෙමව්පියන් කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. මේ හේතුවෙන් අල් කුරානයේ  දෙමව්පියන් දරුවන්ට කලයුතු දේට වඩා දෙමව්පියන් හට දරුවන් කලයුතු දේ කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇත. 


By Fasy Ajward.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • මෙලොව ජීවිතයේ සත්‍යය – ඕඩියෝ/වීඩියෝJuly 20, 2009 මෙලොව ජීවිතයේ සත්‍යය – ඕඩියෝ/වීඩියෝ (0)
    තාවකාලීකවු මෙලොව පැවැත්ම සදාතනිකවූ මතු දිවිය උදෙසාවූ අවස්ථාවකි. මේ යථාර්ථය අවබෝධ නොකර මරණ මංචකයේ පසුතැවිලීවීමෙන් ඵළක් නැත.. දිනය: 15-07-2009 ස්ථානය: OB CREATION කොළඹ ඕඩියෝ : […]
  • මිනිස් ජීවිතයේ යථාර්ථය – ඕඩියෝ/වීඩියෝMay 24, 2009 මිනිස් ජීවිතයේ යථාර්ථය – ඕඩියෝ/වීඩියෝ (0)
    මිනිසා සිය ජීවිතයෙහි සැබෑ අරමුණ අවබෝධ කිරීමට කරන ආරාධනාවයි මේ. දිනය: 25-05-2009 ස්ථානය: අල්අහ්සා -සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 15.22 […]
  • පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-06April 25, 2017 පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-06 (0)
    "عَنْ عَبْدِاللهِ بْنِ مَسْعُوْدٍ رضي الله عنه قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "سِبَابُ الْمُسْلِمِ فُسُوْقٌ وَقِتَالُهُ كُفْرٌ "මුස්ලිමෙකුට බැණ වැදීම පාපයකි, […]
  • ඉස්ලාමීය නිවහන!May 28, 2015 ඉස්ලාමීය නිවහන! (0)
    සුහද හමුව දිනය: 01-05-2015 සිකුරාදා ස්ථානය: අල්ෆහ්මා නිවාඩු නිකේතනය, රියාද්, සවුදි […]
  • බයිබලය තුළින් පෙන්වන මුහම්මද්September 17, 2008 බයිබලය තුළින් පෙන්වන මුහම්මද් (0)
    කතෘ:ආචාර්ය ජමාල් බදවි අනුවාදය: අබ්දුර් රහ්මාන් ගුනසේකර බයිබලයේ අනාවැකිය බොරුද? ඒක දේව විශ්වාසයේ කතෘ ලෙසත්, යුදෙව්, කි්‍රස්තියානි හා මුස්ලිම්වරුන්ගේ පොදු පියා ලෙසත් ආබ්‍රහාම් සැලකේ. […]
  • ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)May 14, 2017 ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education) (0)
    මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් […]

November 13, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Leave a Reply