| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 45 views

ආගමික අධ්‍යාපනය (Religious education)

කතුවරයා/දේශකයා: on 30th November 2017

විසිවන සිය වස සුවිශේෂී වන්නේ මිනිසා කිසිදාක නොලැබූ දියුණුවක් අත්කර ගෙන ඇති බැවිනි. එම සියවසේදී පරිගණකය ඇතුළු සන්නිවේදන ක්ෂේස්ත්‍රයේ දැවැන්ත පෙරලියක් සිදු කොට ඇත. මිනිසා සඳ මත පා තැබුවේද එම සියවසේදීය. තවද වෙනත් ග්‍රහ වස්තුන් ගැන පර්යේෂණ වල නිරත වුයේද එම සිය වසේදීය. මේවා සියල්ලටම හේතුව විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මිනිසාට තවමත් විසඳාගත නොහැකි බොහෝ දේවල් ඉතිරිවී ඇත. ඒවා විසඳිය හැක්කේ දෙවියන් පහළ කළ දහමින් පමණි.දෙවියන් ගැන දැනගැනීමට විශ්වය ගැන හැදෑරීම ප්‍රයෝජනවත් වේ. ඇයිද යත් එය දෙවියන්ගේ මැවීමක් වන නිසාය. නවීන තාක්ෂණය නිසා මිනිසාට අභාවකාශය පිළිබඳව පෙර කිසිදාක නොතිබුණු ඉතා පුළුල් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස සදාතනික යැයි සිතු විශ්වයට ආරම්භයක් තිබෙන බව විද්‍යාඥයින් නිගමනය කොට ඇත. කෙසේ වෙතත් විශ්වය බිහිවූයේ කෙසේදැයි තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවකි. එබැවින් ඒ සඳහා වාදයන් ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් මෙතෙක් ඉදිරිපත් කොට ඇති කිසිම වාදයකින් විශ්වයේ ආරම්භය සිදු වන්නේ කෙසේදැයි සම්පුර්ණයෙන්ම විස්තර කොට නැත. එහෙත් දෙවියන් පහළ කළ දහම අනුව විශ්වය ඇතුළු සියළුම දේවල් මවා ඇත්තේ දෙවියන් විසිනි.

විද්‍යාව සත්‍යය මත පදනම් වී ඇතත් විද්‍යාඥයින් පවසන සෑම දෙයක්ම සත්‍යය නොවන බව බොහෝ දෙනෙක් තේරුම් ගෙන නැත. උදාහරණයක් ලෙස ඩාවින්ගේ පරිනාම වාදය පෙන්වා දිය හැකිය. මහා පිපිරුම් වාදයද විද්‍යාඥයින්ගේ මතයක් පමණි. මේවා සෑම එකකම බොහෝ අඩුපාඩු ඇති ඒවා බව සාමාන්‍ය ජනතාව තේරුම් ගත යුතු ය.

නවීන විද්‍යාවේ දියුණුව දැක ඇතැම් උදවිය විද්‍යාඥයින් පවසන සෑම දෙයක්ම පරම සත්‍යය ලෙස පිළිගැනීමට පුරුදුව සිටිති. මේ හේතුවෙන් විද්‍යාවට මුල් තැන දෙන බොහෝ අය ආගමික විශ්වාසයන්ගෙන් බැහැර වන්නේය. ඒ අතර සමහරු නිරාගමිකයින් බවට පත්වන්නේය. කෙසේ වෙතත් විද්‍යාවේ කිසිම තැනක ආගමට එරෙහි ප්‍රකාශන සිදු කොට නැත. කිසිම විද්‍යාඥයෙක් දෙවියන් නැතැයි මෙතෙක් ඔප්පු කොට පෙන්වා නොමැත. ඔවුන්ගෙන් ඇතැම් අය පවසන්නේ විශ්වයේ පැවැත්මට දෙවි කෙනෙක් අවශ්‍ය නොවන බව පමණි. කෙසේ වෙතත් විද්‍යාඥයින්ගෙන් සැලකිය යුතු පිරිසක් එම මතයේ නොමැත.

අල්-කුරානය පහළ වන්නේ හත්වන සිය වසේදී වුවත් එමගින් විසිවන සියවසේදී සොයා ගනු ලැබූ බොහෝ දේවල් සඳහන් කොට තිබීමෙන් එය දෙවියන්ගෙන් පහළ වු එකක් බව නිගමනය කළ හැකිය. උදාහරණයක් ලෙස විශ්වයේ ප්‍රසාරණය, කළලයේ විකසනය ඇතුළු තව බොහෝ දේවල් පෙන්වා දිය හැකිය. මේවා ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයින් ඔවුන්ගේ මවිතය ප්‍රකාශ කොට ඇති අතර අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව සුප්‍රසිද්ධ විද්‍යාඥයින් පවා පිළිගෙන ඇත.

ඉස්ලාම් දහම විද්‍යාවට මුල්තැන දී තිබේ. මේ නිසා නවීන විද්‍යාවේ දියුණුවට විශාල අනුග්‍රහයක් මුස්ලිම් විද්‍යාඥයින් විසින් ලබා දී ඇති බව ඉතිහාසය හැදෑරීමෙන් දැනගත හැකි ය.

ඉස්ලාම් මිත්‍යාදෘෂ්ටිකත්වයේ එල්බ ගෙන ඇති දහමක් නොවේ. එහි ඇති දේව විශ්වාසය තර්කය මත ගොඩනැගී ඇත. අල්-කුරානයේ ඇති පහත දැක්වෙන වැකියෙන් එය පැහැදිලි වන්නේය.

දැන ගනු! නියතව නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත …” (කුරානය 47:19).

ඉහත වැකියේ ඇති ‘දැනගනු’ යන නියෝගය නිසා දෙවියන්ගේ මැවීම් ගැන ගවේෂණය කොට දෙවියන් ගැන තේරුම් ගැනීම මිනිසාගේ වගකීමකි. එසේ කිරීමෙන් විශ්වයේ සහ එහි ඇති සියළුම දේවල්වල මැවුම්කරු ගැන දැනගැනීමට හැකි වනු ඇත. දෙවියන් ගැන දැනගැනීම සඳහා ඔහුගේ මැවීම් ගැන මෙනෙහි කිරීම ඉස්ලාම් දහම අනුව ඉබාදතයක් (කුසල් ක්‍රියාවක්) වේ. තාක්‍ෂණය කොතරම් දියුණු වුවද මිනිසාට දෙවියන් ලබා දී ඇති ඇස්, කන්, නාසය සහ සිත දෙවියන් ගැන දැනගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අවයවයන් ය. එහෙත් ඒවායින් ප්‍රයෝජනයක් නොගන්නේ නම් මිනිසාටත් තිරිසනාටත් වෙනසක් තිබිය නොහැකි ය.

“නුඹලා කිසිවක් නොදන්නන්ව සිටි තත්වයෙහි නුඹලාගේ මෑණිවරුන්ගේ කුසවලින් අල්ලාහ්ම නුඹලාව බිහි කළේය. තවද නුඹලා ඔහුට තුති කරනු පිණිස ශ්‍රවනයද, දෘෂ්ටින්ද, සිත්ද ඇති කළේය” (කුරානය 16:78).

මිනිසාට දෙවියන් ලබා දී ඇති ශරීර අවයවවලින් සහ මනසින් ඔහුව තේරුම් ගැනීමට උත්සහ කළ යුතුය. විනිශ්චය දිනයේදී ඒවා ගැන ප්‍රශ්න කරන බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

“නුඹට කුමක් ගැන දැනුම නැත්තේද නුඹ එය නොපිළිපැදිය යුතුය. නියතව ශ්‍රවණය, දෘෂ්ටිය, හදවත යනාදිය ගැන ප්‍රශ්න කරනු ඇත” (කුරානය 17:36).

දෙවියන් ගැන දැනගැනීම සඳහා කාලය වැය කිරීම කුසල් ක්‍රියාවකි. එසේ කරන අය දෙවියන්ට වැඩි වැඩියෙන් ලං වනු ඇත. එහෙත් එය කළ හැක්කේ බුද්ධිමතුන්ට පමණි. පොදු ජනතාව ඔවුන්ගේ හැකියාව අනුව දෙවියන්ව තේරුම් ගත හැකිය. බුද්ධිමතුන් ගැන කුරානයේ පහත දැක්වෙන පරිදි පවසා ඇත.


“අල්ලාහ්ගේ ගැත්තන්ගෙන් ඔහුට බිය වන්නේ උගතුන්මය” (කුරානය 35:28).  තවද,

“නුඹලාගෙන් කවරහු විශ්වාස කර, දැනුමද දෙනු ලැබ ඇත්තෝද ඔවුන්ගේ තරාතිරම් අල්ලාහ් විසින් උසස් කරන්නේය” (කුරානය 58:11).

කුරානයේ කිසිම තැනක ලෞකික දේවල් වැඩියන් ලබා දෙන ලෙස ප්‍රාර්ථනා කරන මෙන් සඳහන් කොට නැතත් දැනුම වැඩිකර දෙන මෙන් ප්‍රාර්ථනය කිරීමට පවසා ඇත.

“මාගේ ‘රබ්’! මට දැනුම අධික කරනු මැනව’යි පවසන්න” (කුරානය 20:114).

තවත් තැනක මෙසේ සඳහන් වේ.

“දැනුම ඇති අයත් දැනුම නොමැති අයත් සමාන වන්නේදැයි (නබි!) නුඹ අසන්න! බුද්ධිමත්හුම උපදෙස් ලබන්නෝය” (කුරානය 39:9).

ලෞකික අධ්‍යාපනය මෙලොවට පමණක් සිමා වුවත් ආගමික අධ්‍යාපනය ඉන් ඔබ්බට යමින් මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට මග පෙන්වා දෙන්නේය. එබැවින් දෙවියන්ගෙන් පහළ වු අවසාන දේව පණිවිඩය වන අල්-කුරානය හැදෑරීම මතු ජීවිතය ජය ගැනීමට අදහස් කරන සියළු දෙනාටම ප්‍රයෝජනවත් වන්නේය. ඇයිද යත් අල්-කුරානය මුස්ලිම්වරුන්ට පමණක් පහළ වු ග්‍රන්ථයක් නොවන නිසාය.

අල්-කුරානය හැදෑරීමට ආරාදනා කරන්නේ අනෙක් ආගම් පහත් කොට සැලකීමට නොවේ. එය ලොව පහළ වූ අවසාන දහම නිසාය. අල්-කුරානයට පෙර පැමිණි යුදෙව් (තව්රාත්) සහ කිතුනු (ඉන්ජිල්) ආගම්ද දෙවියන්ගෙන් පහළ වූ ඒවාය. මුස්ලිම්වරුන් එය තරයේ විශ්වාස කළ යුතුය. එය විශ්වාස නොකරන තැනැත්තා මුස්ලිම්වරයෙකු වන්නේ නැත. කෙසේ වෙතත් දෙවියන් පහළ කළ අවසාන දහමින් ඉන් පෙර පහළ වූ සෑම දහමක්ම සම්පුර්ණ කොට ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)May 14, 2017 ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education) (0)
    මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් […]
  • අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!January 27, 2009 අබ්දුල්ලාහ් මනුලාල් ලියයි! (0)
    හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා ...... ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් […]
  • ඔබගේද වගකීමයිJanuary 4, 2010 ඔබගේද වගකීමයි (0)
    ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම […]
  • ගමනක උසස් විනයන්!May 11, 2009 ගමනක උසස් විනයන්! (0)
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! මිනිසාගේ […]
  • හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1March 16, 2013 හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1 (0)
    පෙරවදන සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ […]
  • August 16, 2015 හජ් හා උම්රා යාඥාවන් සඳහා අත්වැළක් (0)
    ජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය: ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ ක‍්‍රම වේද යොදා […]

November 30, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: යථාර්ථය

Leave a Reply