| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 64 views

ඉස්ලාමයේ අලුත් අවුරුදු උත්සව සැමරීමේ වැදගත්කමක් තිබේද? (Is it important to celebrate New Year’s Eve in Islam?)

කතුවරයා/දේශකයා: on 3rd January 2018

මිනිසාට කාලය නිර්ණය කිරීම සඳහා දින දර්ශනයක අවශ්‍යතාව ඈත ඉතිහාසයේ සිටම තිබී ඇත. ඒ අනුව අප දන්නා පැරණිම දින දර්ශනයට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් අද ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. මේ වන විට එම දින දර්ශනය සහ කිතුනු දහම අතර බැඳීමක් දක්නට ලැබෙන්නේය.  

බොහෝ දින දර්ශනවල ආරම්භය ආගමික මුහුණුවරක් ගෙන ඇත. ඒ අනුව වෙනත් ආගම් සඳහා ඔවුන්ගේම දින දර්ශන නිර්මාණය කොට තිබේ. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. මෙය නබිතුමාගේ අභාවයෙන් පසු උමර් රලි තුමාගේ මැදිහත් වීමෙන් ආරම්හ කොට ඇත. එය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. එහෙත් ඊට ආගමික වටිනාකමක් ලබා දෙමින් සැමරුම් කිරීමක් නොමැත. ඒ අනුව එම දින දින දර්ශනය ආරම්හ වන මුල් දිනයේදී කිසිම ආගමික උත්සවයක් සිදු කරනු ලබන්නේ නැත. කව්රුන් හෝ එම දින දර්ශනය පාදක කර ගනිමින් ඊට නබිතුමා පෙන්වා නුදුන් ආගමික මුහුණුවරක් ලබා දෙන්නේ නම් එය බලවත් වරදකි. එසේම එය නබිතුමාගේ ඉගැන්වීම අනුව බැහැර කළ යුතු වරදකි. එසේ තිබියදී මුස්ලිම්වරුන්ට ඉස්ලාම් නොවන දින දර්ශනයක් නිසා ආගමික උත්සව පැවැත්වීම කිසිසේත්ම කළ නොහැකිය.

ඉස්ලාම් දහම නබිතුමා ජිවත්ව සිටියදීම දෙවිඳුන් විසින් සම්පුර්ණ කොට ඇත. එබැවින් කිසිවෙකුට එය තුල අලුත් ඇදහිලි නිර්මාණය කිරීමට හෝ වෙනත් ආගමිකයින්ගේ ඇදහිලි අනුකරණය කිරීමට හෝ ඉඩක් තබා නොමැත.

නබිතුමා මුස්ලිම්වරුන්ට පෙන්වා දෙන ලද්දේ ආගමික උත්සව දෙකක් පමණි. එනම් හජ් උත්සවය සහ ඉදුල් ෆිතර් හෙවත් උපවාසය අවසාන වූ පසු පවත්වනු ලබන උත්සවය වේ. එම උත්සවයන් පවා කිසිවෙකුගේ උවමනා පරිදි සිදු කළ නොහැකිය. එය නබිතුමා පෙන්වා දුන් පරිදි ආගමික ස්වරුයක් උසුලන්නේය. එම දිනයේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ දෙවිඳුන් අපට ලබා දුන් දායාදයන් සඳහා තුති පිදීමකි. එසේ නොකර එම දිනයේදී ගිනි කෙලි වලින් අහස අලංකාරවත් කිරීම හෝ මත්පැන් පානය කොට යාළු මිත්‍රයින් සමග සතුටු වීම තහනම් ය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • සලාතයේ වැදගත්කම (Importance of Salah)March 14, 2017 සලාතයේ වැදගත්කම (Importance of Salah) (0)
    මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම […]
  • ඉඃතිකාෆ් පිළිබඳ දැනගනිමු!June 4, 2017 ඉඃතිකාෆ් පිළිබඳ දැනගනිමු! (0)
    ඉ:තිකාෆ් නම් වචනයෙහි අර්ථය: රැඳී සිටීම. ආගමික කෝනයෙන් ඉ:තිකාෆ් යනු අල්ලාහ්ගේ මස්ජිදයෙහි ඔහුට යාඥා කරමින් අඛණ්ඩව රැඳී සිටීම. ඉ:තිකාෆ් නම් යාඥාවෙහි මූලික අරමුණ නම්: මැවුම් කරුවා සමග […]
  • ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)May 25, 2017 ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam) (0)
    රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා […]
  • සලාතයේ වැදගත්කම!October 30, 2016 සලාතයේ වැදගත්කම! (0)
    අපරිමිත දයාන්විත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්            විශ්වය නිර්මාණය කලාවූ විශ්වයේ අධිපති වන අල්ලාහ් විසින් මිනිසාගේ සිත, කය, වචන සංවර කර ගැනීමෙන් මෙළොව ඉතා යහපත් ජීවිතයක් ගත […]
  • අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප්‍රාර්ථනා!March 9, 2017 අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප්‍රාර්ථනා! (0)
    කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ […]
  • දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද?August 16, 2017 දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද? (0)
    මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින […]

January 3, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්

Leave a Reply