විශ්වයේ බිහිවීම (The formation of the universe)

හබල් ට පෙර බොහෝ තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වුයේ විශ්වය වෙනස් නොවන එකක් බවයි. කෙසේ වෙතත් හබල් විසින් විශ්වය ව්‍යාප්ත වන බව සොයා ගැනීමෙන් පසු අතීතයේදී එය ඉතා කුඩා එකක් විය යුතු බව නිගමනය කරන ලදී.

එසේ තිබියදී විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් විද්‍යාත්මක මත බොහොමයක්ම ඇත. ඒවා අතරින් වඩාත් පිළිගැනීමට ලක් වන්නේ මහා පිපුරුම් වාදයයි. මෙම වාදයන් කිසිවක් විද්‍යානුකුලව ඔප්පු කල ඒවා නොවන අතර හුදෙක් විද්‍යාඥයින්ගේ මතයන් පමණි. තවද මෙම වාද වලින් විශ්වයේ බිහිවීම අංග සම්පුර්ණව විස්තර වන්නේ ද නැත. එසේ තිබියදී ඇතැම් විද්‍යාඥයින් විසින් මහා පිපුරුම් වාදය ප්‍රතික්ෂේප කරන්නේය.

සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හෝකින් මහතාගේ නවතම මතය අනුව විශ්වය ඉබේ බිහිවී තිබිය යුතුය. එහෙත් බොහෝ විද්‍යාඥයින් එම මතය පිළිගනු ලබන්නේ නැත.

විද්‍යාඥයින්ගේ විශ්වාසයන් කුමක් වෙතත් දෙවියන් පහළ කළ සෑම ආගමකම සඳහන් වන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. ප්‍රධාන වශයෙන් එය යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් දහම් වල උගන්වනු ලැබේ.

විද්‍යාත්මක සොයාගැනීම් පර්යේෂණ මත රඳා පවතින අතර දෙවියන්ගේ නියෝජිතයින් පවසන දේවල් ප්‍රාතිහාරයන් මගින් ඒත්තු ගන්වනු ලබන්නේය. මේ අනුව ජේසු තුමා ලාදුරු රෝගීන් සුව පත් කොට ඇත, මළවුන් නැගිටුවා ඇත. මුසා නබිතුමා මුහුද දෙබෑ කොට ඇත, මුහම්මද් නබිතුමා ජිවතුන් අතර සිටියදී බොහෝ ප්‍රතිහාරයන් පෙන්වා ඇත. අල්-කුරානය අදටත් ප්‍රාතිහාරයකි.  කුරානයේ ඇති අභියෝග මේ දක්වා කිසිවකු විසින් ජය ගෙන නැත. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.

විශ්වය ඉබේ බිහිවී ඇතැයි යමෙක් පවසන්නේ නම් යන්ත්‍ර සුත්‍ර ද ඉබේ ඇතිවිය යුතුය. එහෙත් කිසිවෙකු විසින් එවැනි දෙයක් පිළිගන්නේ නැත. තවද දෙවියන්ව විශ්වාස නොකරන කිසිවෙකු ජිවය හෝ පරමාණුවක් නිෂ්පාදනය කිරීමට සමත් වී නොමැත.

විශ්වයේ ඇති මැවීම් මෙන්ම ජීවීන්ගේ ශරීරයේ ඇති ඉන්ද්‍රියයක් ගැන බලන කල්හි ඒවා ඉතා සංකීර්ණ බව පෙනී යන්නේය. මේවා ඉතා ඥානාන්විත මැවීම් වේ. කිසිම අකාරයකින් ඒවා ඉබේ ඇතිවිය නොහැකිය. එබැවින් මේවා නිර්මාණය කළ දෙවි කෙනෙකු සිටිය යුතු බව නිගමනය කළ හැකි විය යුතුය.

විශ්වයට ආරම්භයක් ඇතත් දෙවියන්ගේ ආරම්භයක් නොමැත. ඇයිද යත් දෙවියන් කිසිවෙකුගේ මැවීමක් නොවන නිසාය. තවද අපට දෙවියන් ගැන ස්වයං නිගමනයකට පැමිණිය නොහැක්කේ ඔහු මෙම විශ්වයට අයත් නොවන නිසාය. ඒ අනුව දෙවියන් ගැන දැනගැනීමට ඇති එකම ක්‍රමය ඔහු විසින් පහළ කළ දේව පණිවිඩයක් හැදෑරීම වේ.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research

Leave a Reply

Your email address will not be published.