ඉස්ලාම් දහම සහ කාදියානි දහම (Islam and Qadianism)

කදියානි දහමේ නිර්මාතෘ මිzස්රා ගුලාම් අහමඩ් ය. ඔහු 1835 දී උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි කාදියාන් නමැති ගමේ උපත ලබා ඇත. ඔහු සහ ඔහුගේ පව්ලේ උදවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාට ගැතිකම් කොට ඇත. ඒ අනුව ඔහුට අවශ්‍යව තිබුනේ මාහා බ්‍රිතාන්‍යට විරුද්ධව ජිහාද් ප්‍රකාශ කිරීම වැළැක්වීමට යි. මිzස්රා ගුලාම් අහමඩ් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ මුහම්මද් තුමාගෙන් පසුව පැමිණීමට නියමිත මහ්දි තුමා  ලෙසය. ඒ අනුව ඔහු 1889 දී ඔහුගේ කාදියානි සංගමය පිහිටවාගත් අතර 1901 දී ඔහු නබිවරයෙකු බවට ප්‍රකාශ කොට ඇත.  ඔහු ඉදිරිපත් කල දහමේ කුරානයට සහ නබි වදන් වලට පටහැනි කරුණු රැසක්ම අඩංගු වේ. කාදියානි නායකයා 1908 දී මරණයට පත්ව ඇත.

කාදියානිවරුන් අල්-කුරානයේ ඇති බොහෝ කරුණු උපුටාගෙන ඇති අතර බැලු බැල්මට මුස්ලිම්වරුන් මෙන් වෙස් වලාගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ ඉගැන්වීම් ඉස්ලාමීය ඉගැන්වීම් වලට ඉඳුරාම වෙනස් ය. මේ අනුව ඔවුන්ටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් ඇත්තේම නැත.

අල්-කුරානයට අනුව ජේසු තුමාව කුරුසයේ ගසා ඝාතනය කරනු ලැබුවේ නැත. ඒ වෙනුවට ජේසු තුමාගේ අනුගමිකයෙක්ව ජේසු තුමාගේ වේශයට පත් කොට ඔහුව කුරුසයේ ගැසූ බවට කුරාණය මගින් පෙන්වා දෙන්නේය. එසේ තිබියදී කාදියානු දහම අනුව ජේසු තුමා කාශ්මීරයට පැන ගොස් ඇති අතර එහි වසර 120 ක් ආයු වළඳා මිය ගොස් ඇති බව පැවසේ.

කාදියනු දහමේ සලාතය (නැමදීම), උපවාසය හෝ හජ් වන්දනය නැත. ඔවුන් ඒවාට වෙනත් අර්ථයන් ලබා දී තිබේ. කාදියානුවන්ගේ දහම අනුව මත්පැන් පානය කළ හැකිය. එය තහනම් කොට නැත. එහෙත් ඉස්ලාම් දහම අනුව මත්පැන් පානය කිරීම හරාම් හෙවත් තහනම් වේ.

කාදියනුවන්ගේ ඉගැන්වීම් වලින් සමහරක් පහත දැක්වේ.

  1. කාදියානුවන් මුහම්මද් නබිතුමා අවසාන වක්තෘවරයා බව පිළිගන්නේ නැත. එහෙත් ඉස්ලාම් දහම අනුව මුහම්මද් සල් තුමා මෙලොව පහළ වූ අවසාන නබිවරයාය.
  2. ඔවුන්ට අනුව මිස්රා ගුලාම් අහමඩ් නබිවරයෙකි. ඉස්ලාම් දහම එය ප්‍රතික්ෂේප කරන්නේය.
  3. මුහම්මද් නබිතුමාගෙන් පසු දේව පණිවිඩ ලැබීම අවසන් වූ බව ඔවුන් පිළිගන්නේ නැත. අල්-කුරානයට අනුව මුහම්මද් නබිතුමාගෙන් පසුව දේව පණිවිඩ පැමිණෙන්නේ නැත.
  4. ඔවුන් පවසන අන්දමට මිස්රා ගුලාම් එලි දක්වා ඇති පොත කුරානය, බයිබලය සහ බයිබලයේ පරණ ගිවිසුමට සමාන වේ. මෙය ඉස්ලාම් දහම අනුව මුසාවකි.
  5. කාදියානිවරුන් කුරානයේ සඳහන් සෑම නබිවරයෙකුවම විශ්වාස කරන්නේ නැත. එහෙත් මුස්ලිම්වරුන් කුරානයේ සඳහන් සෑම නබිවරයෙකුම විශ්වාස කරති.
  6. කාදියානිවරුන් ජේසු තුමා විසින් සිදු කළ ප්‍රාතිහාරයන් විශ්වාස කරන්නේ නැත. එහෙත් ජේසු තුමා සිදු කළ ප්‍රාතිහාරයන් විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ.
  7. කාදියානිවරුන් ජේසු තුමාගේ නැවත පැමිණීම විශ්වාස කරන්නේ නැත. ඉස්ලාමීය ඉගැන්වීම අනුව ජේසු තුමා ලෝකය අවසාන වීමට පෙර නැවත මෙලොවට පැමිණීමට නියමිතය.
  8. කාදියානිවරුන් පවසන්නේ ලෝකය අවසාන වීමට පෙර පැමිණීමට නියමිත ගැලවුම්කරු ඔහු බවයි. මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ලෝකය අවසානයට පෙර මහදි තුමා පැමිණීමට නියමිත බවයි.
  9. කාදියනුවන්ගේ ඉගැනිව්ම් අනුව මිස්රා ගුලාම් අහමඩ් හින්දු වරුන්ගේ ක්‍රිෂ්ණා ය. මෙවැනි දෙයක් ඉස්ලාමයේ උගන්වා නැත.

කාදියනුවන්ගේ ඉගැන්වීම අනුව නිදහස වෙනුවෙන් හෝ ස්වෛරීභාවය වෙනුවෙන් හෝ දුෂ්ට පාලනයට එරෙහිව හෝ සටන් කළ නොහැකිය. එනම් ජිහාද් කිරීම තහනම් වේ. එහෙත් ඉස්ලාම් දහම අනුව රජයක් විසින් සතුරාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ හැකිය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.