| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 65 views

ඉස්ලාම් ධර්මය (Islamic faith)

කතුවරයා/දේශකයා: on 21st January 2018

ඉස්ලාම්, ආදම් තුමාගේ සිට අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ ඒක දේවවාදී දහමකි. එම දහම අනුගමනය කරන අය මුස්ලිම්වරුන් වෙති. ඒ අනුව ඕනෑම කෙනෙක් දෙවියන්ගේ අණ පිළිපදිමින් ජිවත්වන්නේ නම් ඔහු මුස්ලිම්වරයෙකු වේ.ඉස්ලාම් දහම සම්පුර්ණ කරනු ලබන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල්-කුරානය මගිනි. එබැවින් එය ලොවට පහළ වූ අවසාන ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකිය. කිසිවෙකුට එහි අඩංගු කරුණු තමන්ගේ උවමනාව පරිදි වෙනස් කළ නොහැකිය. එය එක් ජන කොට්ටාසයක් සඳහා පහළ වූ එකක් නොවන අතර මුළුමහත් ලෝවැසියන් සඳහාම අයත් එකකි. එය පිලිපැදීමෙන් මෙලොව ජීවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගත හැකි වන්නේය.

සෑම මුස්ලිම්වරයෙකුම දහම අනුව ජිවත් විය යුතු වුවත් මිනිසෙකු වශයෙන් ඇතැම් අයගෙන් වැරදි සිදු විය හැකිය. එසේ සිදුවීම මුස්ලිම්වරුන්ට පමණක් නොව වෙන ඕනෑම දහමක් අනුගමනය කරන කෙනෙකුගෙන් සිදු විය හැකිය. එබැවින් එම වැරදි දැක දහමට දොස් කීම මුග්ධ කමකි. එහෙත් බොහෝ බටහිර ජන මාධ්‍යවලින් පෙන්වා දීමට උත්සාහ කරන්නේ මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙසත් ඉස්ලාම් දහම ත්‍රස්තවාදී දහමක් ලෙසත්ය. ඒ අනුව මුස්ලිම්වරයෙකු වරදක් කළ විට ඔහුගේ දහමත් සමග එම වරද සඳහන් කරන අතර මුස්ලිම් නොවන අය සඳහා එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ නැත.

ඉස්ලාම් යන්නෙහි අර්ථයම සාමය වේ. එබැවින් අල්-කුරානයේ සාමය ඇති කිරීම සඳහා බොහෝ වදන් දැකිය හැකිය. ඉස්ලාම් දහමින් යුද්ධය සඳහා අවසර ලබා දී ඇත්තේද ස්ථිර සාමය ඇති කිරීම සඳහාය. ඉස්ලාම් දහමින් යුද්ධයට අවසර ලබා දීමට පෙර මුස්ලිම්වරුන් සතුරන්ගේ අනේක විද තාඩන පීඩන වලට ගොදුරුක් වී ඇත. අවස්ථා දෙකකදී මුස්ලිම්වරුන්ට තම උපන් රට හැරගොස් වෙනත් ස්ථානවල රැකවරණය ලැබීමට පවා සිදුව ඇත.

මුස්ලිම්වරුන් කරන ක්‍රියාවන් දෙවියන්ගේ පිළිගැනීමට ලක් වීමට නම් කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. ඒ අනුව එය දෙවියන්ගේ නියෝගයක් විය යුතු අතර නබිතුමා පෙන්වා දී ඇති ප්‍රකාරව සිදු විය යුතුය. මෙම කොන්දේසි වලට අනුව සිදු නොවන කිසිම කාර්‍යයක් දෙවියන් බාර ගන්නේ නැත. ඒ අනුව ඇතැම් අය සිදු කරුණු ලබන ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් දහම අනුව විශාල වරදක් වන්නේය. ඇයිද යත් ඊට දෙවියන්ගේ නියෝගයක් හෝ නබිතුමාගේ මග පෙන්වීමක් නොමැති නිසාය. එසේ තිබියදී ඇතැම් ජන මාධ්‍යවලින් සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු ලෙස පෙන්වා දීමට උත්සාහ කිරීම පිළිකුලින් යුතුව හෙලා දැකිය යුතුය.

ඉස්ලාම් දහමේ විද්‍යාත්මක පදනමක් තිබෙන අතර මිත්‍යා විශ්වාසයන්ට ඉඩක් නොමැත. විශ්වයට මැවුම්කරුවෙක් සිටිය යුතු බව පරම සත්‍යයක් වේ. එම මතයේ නොසිට විශ්වයේ ආරම්භය කිසිවෙකුට සම්පුර්ණයෙන්ම විස්තර කළ නොහැකිය. තවද විශ්වය ගැන හැදැරීමේදී එය එක් දෙවිකෙනෙකුගේ ක්‍රියාවක් බවද දැනගත හැකිය. විශ්වයේ ඕනෑම තැනක එකම විශ්ව නියමයන් ක්‍රියාත්මක වීමෙන් පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. විශ්වය මවා ඇත්තේ එක් දෙවිකෙනෙකු නොවේ නම් ඉහත සඳහන් සංසිද්ධිය ඇති වන්නේ නැත.

මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහම ගැන දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවන්නේ නම් ඔවුන්ට දහම අනුව ජිවත් වීමට හැකි වන්නේ නැත. දහම ගැන මනා දැනුමක් නොමැති විට බොහෝ වැරදි සිදු විය හැකිය. මුස්ලිම්වරුන් නබිතුමාගේ මග පෙන්වීම අනුව ජිවත් විය යුතුය. එය කල හැක්කේ නබිතුමාගේ මග පෙන්වීම ගැන මනා අවබෝදයක් තිබුනේ නම් පමණි.

ඉස්ලාම් දහම විශ්වාසයේ කරුණු හයක් මත පිහිටා ඇත. ඒවා සියල්ලම විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. ඒවා පහත දැක්වෙන පරිදි වේ.

  1. අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවිකෙනෙකු නොමැති බව විශ්වාස කිරීම.
  2. දේවදුතයින් සිටින බව විශ්වාස කිරීම. (මොවුන් ආලෝකයෙන් මවා ඇත).
  3. අල්-කුරානයට පෙර පහළ වූ දහම් පුස්තක සහ අනපනත් ගැන විශ්වාස කිරීම.
  4. නබිවරුන් ගැන විශ්වාස කිරීම. (ඒ අනුව තව්රාත් ආගම පහළ වූ මුසා නබිතුමා ඇතුළු බයිබලය පහළ වූ ජේසු තුමා ඇතුළු සියළුම නබිවරුන් ගැන විශ්වාස කළ යුතුය)
  5. විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
  6. දෙවියන්ගේ කැමැත්ත අනුව සියළුම දේවල් සිදුවන බව විශ්වාස කිරීම. එම කරුණු වේ.

තවද මුස්ලිම්වරයෙකු පහත දැක්වෙන කරුණු නිසියාකාරව ඉටුකළ යුතුය.

  1. ෂහාදාව හෙවත් අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැති බවත් මුහම්මද් නබිතුමා ඔහුගේ වක්තෘවරයා බවත් මුවින් ප්‍රකාශ කිරීම.
  2. දිනපතා සලාතය ඊට නියමිත වෙලාවලදී ස්ථාපනය කිරීම.
  3. සzකාත් බද්ද ගෙවීමට සුදුසුකම් ලබන අය වසරක් පාසා එය ඉටු කිරීම.
  4. සෑම වසරකම රමළාන් මාසයේදී පුරා මසක් උපවාස කිරීම.
  5. සුදුසුකම් ඇති අය ජිවිතයේ එක්වතාවක් හෝ හජ් වන්දනය ඉටු කිරීම.

ඉස්ලාම් දහමේ විශේෂත්වයක් වන්නේ එහි කුලබේද හෝ වර්ණ බේද නොතිබීමයි. ඒ අනුව දෙවියන් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ලෙස සැලකේ. තවද ඉස්ලාම් දහම තුල පුජක පක්ෂයක් නොමැති වීම විශේෂත්වයකි.

ඉස්ලාමිය භුමිදානයක් වේවා විවාහයක් වේවා සියළුම දෙනා පිලිපදිය යුත්තේ එකම ක්‍රමයක් වේ. ඒවා දෙවියන් නියම කල නිතිය තුල නබිතුමාගේ මග පෙන්වීම ට එකඟව තිබිය යුතුය.

ඉස්ලාම් දහමේ අවසාන ඉලක්කය වන්නේ දෙවිඳුන්ගේ නියෝග පිළිපැද ස්වර්ගයට ඇතුළු වීමය. ස්වර්ගවාසින්ට මරණයක් නොමැත. එබැවින් ඔවුන්ට එහි අනන්ත කාලයක් ජිවත් වනු ඇත. තවද ස්වර්ගවාසින්ට අල්ලාහ් දෙවිඳුන්ව දැකීමට ලැබීම ඔවුන් ලබන උසස්ම සතුට වනු ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • ඔබගේද වගකීමයිJanuary 4, 2010 ඔබගේද වගකීමයි (0)
    ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම […]
  • පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03April 18, 2017 පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03 (0)
    "عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ "කෙනෙකුගේ දිවේ […]
  • ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)January 14, 2018 ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?) (0)
    ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. මෙහිදී සිදු කරනු ලබන වරද නිසා රට ආඝාදයට යා හැකිය. අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ.කෙනෙක් […]
  • අබ්දුල්ලාහ් මනුලාල්ගෙන් සටහනක්October 22, 2009 අබ්දුල්ලාහ් මනුලාල්ගෙන් සටහනක් (0)
    දැහැමි ජීවිතයකට ඉස්ලාම් මග පාදයි පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි කරුණාබර වැඩිහිටියනිæ සහෝදර සහෝදරියනිæ මිනිසෙකු වශයෙන් උපත ලැබීමට වාසනාව ලද ඔබ අපි හැම දෙනාම ප්‍රධාන වශයෙන් සැළකිය යුතු කාරණා […]
  • දුම්පානය කිරීමේ අනිසි විපාක (Effects of smoking)December 31, 2017 දුම්පානය කිරීමේ අනිසි විපාක (Effects of smoking) (0)
    දුම් වැටි නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස හානි සිදු වන්නේය. එහෙත් එහි නරක ප්‍රතිපල දැකිය හැක්කේ කල් ගත වීමෙන් පසුය. මෙම ප්‍රමාදය හේතුවෙන් බොහෝ උගතුන් පවා දුම්වැටි පානයට පුරුදු ව […]
  • ඉස්ලාම් (Islam)March 15, 2017 ඉස්ලාම් (Islam) (0)
    ඉස්ලාම් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. එය ආදම් තුමා පටන් කොටස් වශයෙන් පහළ වූ අතර මුහම්මද් නබි තුමා හට පහළ වූ අල්-කුරානය මගින් එය සම්පුර්ණ විය. අල්-කුරානය පහල […]

January 21, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ

Leave a Reply