සැනසුම ඇත්තේ කොයිබද? (Where there is peace?)

මානසික සුවය සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේය. එහෙත් එය බොහෝ අයට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය මානසික පීඩනයට ලක්වෙති. ඇතැමුන්ට කොතරම් වස්තුව තිබුනත් බලය තිබුනත් ඔවුන්  මුහුණ දෙන ප්‍රශ්න නිසා රෑට නින්ද යන්නේ නැත. මේ නිසා ඔවුන්ට නිදිපෙති ගැනීමට සිදුව ඇත.බොහෝ අය සැනසුම සොයන දේවල්වල නියම සතුට නොමැත. ඇයිද යත් ඔවුන් සැනසීම සොයන්නේ මත්ද්‍රවය සහ මත්කුඩුවලින් නිසාය. මත්කුඩුවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත දෙස බැලීමේදී අනුකම්පා සිතෙන්නේය. තවත් සමහරු සතුට සොයන්නේ සංගීතයේ සහ නැටුම්වලය. එහෙත් ඔවුන්ද ඉන් තම ඉලක්කයන් සපුරාගන්නේ නැත. ඇත්ත වශයෙන්ම සංගීතයේ සැනසුම ඇත්නම් සංගීතඥයින් සිය දිවි හානිකර ගැනීමට අවශ්‍ය නැත. එහෙත් එම ක්ෂේස්ත්‍රය තුල සිය දිවි හානිකරගත් සුප්‍රසිද්ධ සංගීතවේදීන් විශාල ප්‍රමාණයක් සිටිති. ධනය තුල සැනසුම ඇත්දැයි බැලුවොත් එයත් නැත. ඇයිද යත් ලෝකයේ ඉහලම පෙලේ බොහෝ ධනවතුන් සිය දිවි නසාගෙන තිබෙන නිසාය. දේශපාලන බලය දෙස බැලුවොත් ලෝකයේ ඉතා දියුණු රටක් වන ඇමරිකාව ඇතුළු අනෙක් බොහෝ රටවල්වල දේශපාලනඥයින් සිය දිවි නසාගෙන ඇත. මේ හැමදෙයකින්ම පෙන්නුම් කරන්නේ ඉහත සඳහන් කිසිම දෙයක් තුල සැනසීම නැති බවයි. ඒවායේ යම් සැනසීමක් තිබුනත් එය තාවකාලික එකක් වනවාට කිසිම සැකයක් නොමැත.

එසේ නම් නියම සැනසුම ඇත්තේ කොයිබද?

ඉස්ලාම් දහම මානසික සුවය අත්කර ගැනීමට මාර්ගය පෙන්වා දී ඇත. ඒ අනුව මුස්ලිමරුන් අතර සිය දිවි නසාගැනීම් දැකිය හැක්කේ ඉතා අඩුවෙනි. සංඛ්‍යාලේකන විශ්ලේෂණය කිරීමෙන් එය බලාගත හැකිය.

අල්-කුරානයේ සඳහන් වන ආකාරයට මානසික සුවය ඇත්තේ තම මැවුම්කරු වන අල්ලාහ්ව සිහි කිරීම තුලය. මෙම කරුණ අල්-කුරානයේ ඇති එක් වගන්තියක නැවත නැවත අවධාරණය කොට ඇත.

“අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුළින් සිත් සැනසුම ලබයි” (කුරානය 13:28).

මුස්ලිම්වරුන්ගේ ජීවිතය අල්ලාහ් සමග නිතරම බැඳී පවතින්නේය. ඒ අනුව දිනපතා පස්වතාවක් සිදු කරන සලාතය මගින් දෙවියන් සමග සමීප වීමට මහඟු අවස්ථාවක් උදාවන්නේය. එසේම උපවාසය සzකාත් සහ හජ් වන්දනයන් නිසාද දෙවියන් සමග සමීප වීමට ඉඩ සැලසෙන්නේය.

නබිතුමාගේ ඇතැම් සිදුවීම් වලින් ඔහු දෙවියන්ට කොපමණ සමීපව සිටියාදැයි දැකගත හැකිය. සතුරන්ගේ හිංසාවන් නිසා නබිතුමා මක්කාවේ සිට මදිනා නගරයට පලා යන අවස්ථවේදී සව්ර් නම් ගුහාවේ රැඳී සිට ඇත. එම අවස්ථවේදීි සතුරන් එම ගුහාවේ කට ළඟටම පැමිණ තිබේ. එවිට නබිතුමා සමහ එහි රැඳී සිටි අබුබක්කර් රැලි තුමා සතුරන්ව දැක, “නබිතුමාණෙනි සතුරන් අපව දකිනු ඇත” යනුවෙන් පවසා ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා සමග තුන්වෙනියා ලෙස සර්වබලධාරී අල්ලාහ් සිටින බවයි.

තවත් අවස්තවකදී නබිතුමාව ඝාතනය කිරීමට අධිෂ්ඨාන කරගත් සතුරන් කඩුද අමෝරාගෙන ඔහුගේ නිවස වටලාගෙන ඇත. එහෙත් නබිතුමා එම අවස්ථවේදී කලබලයට පත් වුයේ නැත. අල්ලාහ් කෙරෙහි දැඩි විශ්වාසයෙන් සිටි ඔහු ඉතා සාමකාමිලෙස අල්ලාහ්ගේ නියෝගය පරිදි එම නිවසින් පිටත්ව ගොස් ඇත. ඔහු පිටත්වන අවස්ථාවේදී කුරෙයිශ්වරුන් ආරක්ෂාව සඳහා ඔහු ළඟ තබා තිබුණු දේවල් ඒවායේ අයිතිකරුවන්ට දීමෙන් පසු මදිනා නගරයට හිජ්රත් කරන ලෙස ඔහුගේ සහෝදර අලි රලි තුමාට පවසා තිබේ. අලි රලි තුමාද එම රැය ඉතා සැනසිල්ලෙන් ගත කොට පසු දින ඔහුට පැවරු කාර්ය ඉටු කිරීමෙන් පසු ජිජ්රත් ගමනේ යෙදී ඇත.

දහම තුල ජිවත්වන තැනැත්තා නියතවශයෙන්ම සැනසුම් ලබනු ඇත. ඔවුන් දෙවියන් දෙන ඕනෑම පරීක්ෂාවකදී නොසැලී සිටිනු ඇත. නබිවරුන්ගේ ජිවිත කතාවන් මිට හොඳම උදාහරණ ලෙස ගත හැකිය. දහම තුල ජිවත්වන්නාට වස්තුව නැතත් සැනසුම ඇත. ඔවුන්ට එක් වේලක් කා අනෙක් වේල බඩගින්නේ සිටියත් සතුටින් සිටීමට මානසික ශක්තිය ලැබෙන්නේය.

ජිවිතයේ නියම පරමාර්ථය හරි හැටි අවබෝද කරගන්නේ නම් මෙලොවදී පමණක් නොව එලොවදීද සැනසුම් ලැබිය හැකිය. එය නොසලකා හැරීමෙන් මෙලොවදී පමණක් නොව එලොවදීද විශාල පාඩුවක් වනු නොඅනුමානය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.