| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 55 views

මුල්ම ජිවය ඇති වුයේ කෙසේද? (How did life start?)

කතුවරයා/දේශකයා: on 11th February 2018

මුල්ම ජිවය ඇතිවීම පිළිබඳව මතයන් කිහිපයක්ම විද්‍යාඥයින් විසින් ඉදිරපත් කොට තිබේ. ඉන් එක් මතයක් වන්නේ අකුණු කෙටිම නිසා මුල්ම ජීවියා බිහිවූ බවයි. තවත් මතයක් වන්නේ පිට සක්වලින් මුල්ම ජීවිය පැමිණ තිබිය යුතු බවයි. මිට අමතරව වෙනත් මතයන්ද  ප්‍රකාශ වී තිබේ. මේවා සියල්ලම හුදෙක් විශ්වාසයන් මිස විද්‍යානුකූලව සනාථ කරන ලද ඒවා නොවේ.කෙසේ වෙතත් විද්‍යාඥයින් පවසන අන්දමට දැනට වසර බිලියන තුනකට පමණ පෙර මුල්ම ජිවය ඇතිවී තිබේ. එහෙත් එම ජිවය ඇති වූ අන්දම නිශ්චිත වශයෙන්ම ඔප්පු කොට පෙන්වා නොමැත. ඒ කෙසේ වෙතත් මරණයට පත් වූ කෙනෙකුට නැවත ජීවිතය ලබා දීමට ද මෙතෙක් හැකි වී නොමැත.

මුල්ම ජිවය විදුලිකෙටිමකින් හට ගත්තේයැයි මොහොතකට සිතුවත් එසේ හටගන්නා ජිවය ඇතුලත් විය යුත්තේ ප්‍රෝටීන අඩංගුවන ශරීරයක් තුලටය. එසේ නොවන්නට ජීවයක් බිහිවිය නොහැකිය. එසේ නම් මුල්ම ප්‍රෝටීනය ඇතිවන්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නගින්නේය. කෙසේ වෙතත් ප්‍රෝටීන අනුවල සංකීර්ණතාව අධ්‍යයන කරන කල එවැනි අතිශයින්ම සංකීර්ණ අනු ඉබේ ඇතිවීමට තිබෙන සම්භාව්‍යතාව ශුන්‍ය යැයි කිව හැකිය. ඇත්තෙන්ම එවැනි දෙයක් ඇති වන්නේ නම් ඒ සඳහා යන කාලය විශ්වය ආරම්භ වීමට යන කාලයට වඩා වැඩි වනවාට කිසිම සැකයක් නැත.

ජීවීන්ගේ DNA අනුවල අඩංගු වන විස්තර ගැන බැලීමේදී එය අකුණු කෙටීමෙන් හටගැනීමට තරම් සරල ක්‍රියාවලියක් නොවේ. ඇයිද යත් DNA අනුවක් තුල විශාල පුස්තකාලයක් පිරවිය හැකි තරම් කරුණු අඩංගු වන නිසාය. එපමණක් නොව එම කරුණු කෙනෙකුට තේරුම් ගැනීමට හැකි පරිදි සකස් වී තිබෙනෙන් කෙසේදැයි ද ප්‍රශනයක් ඇත. මේ අනුව බලන කල මෙවැනි දෙයක් යම් ඥානාන්විත මැවුම්කරුවෙකුගේ මැදිහත් වීමකින් තොරව සිදු විය නොහැකි බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය. දෙවියන් විශ්වාස නොකරන අදේවවාදීන්ට මෙය අභියෝගයක් වනවාට කිසිම සැකයක් නැත.

අප හමුවේ ඇති නොදන්නා දේවල් විස්තර කිරීම සඳහා විද්‍යාඥයින් බොහෝ දේවල් උපකල්පනය කරති. කෙසේ වෙතත් තර්කයක් ගොඩ නැගීම සඳහා මොහොතකට එවැනි උපකල්පනයකට ඉඩ හරින්නේ නම් ජිවය මැවීමක් ලෙස පිළිගැනීම ද සාධාරණ ය. ඇයිද යත් විද්‍යාඥයින් අකුණු ගැසීමෙන් ප්‍රථම ජිවය හටගන්නේ යැයි උපකල්පයන කරන්නේ නම් දෙවියන් ප්‍රථම ජිවය මැවුයේ යැයි පිළිගැනීම ද යුක්ති සහගතය.

ජිවය පමණක් නොව විශ්වය ඇතුළු එහි ඇති සෑම දෙයක්ම මවා ඇත්තේ සර්වබලධාරී අල්ලාහ් යන්න ආගමික විශ්වාසයයි. මෙහිදී අදේවවාදීන් නැගිය හැකි ප්‍රශ්නයක් වන්නේ දෙවියන්ව මැවූ කෙනා කව්රුන්ද යන්නයි. ඊට පිළිතුරු දීමට කලින් මේ විශ්වය නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ ශක්තිය මුලින්ම ඇතිවුනු හැටි පැහැදිලි කල යුතුය.

අල්-කුරානයට සහ බයිබලයට අනුව මුල්ම මිනිසා සහ ජිවය දෙවියන් විසින් මවා තිබේ. එය පහත සඳහන් කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත.

“නුඹගේ සමිඳුන් දේවදුතයින් හමුවේ, ‘නියතවශයෙන්ම මම මිනිසාව මැටියෙන් මවන්නට යන්නෙමි’යි පැවසූ දෙය (සිතා බලන්න!). මෙලෙස මා ඔහුව හැඩගස්වා ඔහුගේ ප්‍රාණය ඇතුල් කල පසු ඔබලා ඔහුට සුජුද් කරන්න” (කුරානය 38:71-72).

ඉහත වැකියෙන් අපට පැහැදිලි වන්නේ ආදම් තුමාව ඔහුගේ මුල් රුපයෙන්ම මවන ලද බවත් ඉන් පසු ඔහුගේ ප්‍රාණය දෙවියන් විසින් ඔහුගේ ශරීරයට ඇතුලත් කල බවත් ය. මෙය තහවුරු වන්නේ මිනිසාගේ ශරීරයේ පස්වල අඩංගු මුල ද්‍රව්‍යවලට වඩා කිසිම දෙයක් වැඩියෙන් දැකීමට නොහැකි නිසාය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • මිනිසා සහ ඔහුගේ ආහාරය!October 18, 2011 මිනිසා සහ ඔහුගේ ආහාරය! (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට […]
  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam)October 18, 2017 සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam) (0)
    මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ට මෙන්ම ගස් කොටන්වලටත් හානි නොකරන ලෙස ඉස්ලාම් දහමින් උගන්වා ඇත. යුද්ධයකදී පවා ඊට සම්බන්ද නොවන කාත්තාවන්, ළමයින්, මහල්ලන්, සිව්පාවන් ඇතුළු ගස්කොලන් වලට හානි […]
  • මරණින් මතු ජීවිතය!January 1, 2017 මරණින් මතු ජීවිතය! (0)
    සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට […]
  • අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක!May 1, 2012 අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක! (0)
    පරිවර්තනය: නිස්තාර් - ගම්පළ සර්ව බල සම්පන්න අල්ලාහ්, මුළු විශ්වයේම නිර්මාතෘවරයා හා පෝෂකයා වේ. මුළු මානව සංහතියම ඇදහිය යුත්තේ තම මැවුම්කරුවාටය. නමුත් අවාසනාවකට මෙන් එම යථාර්ථය බහුතරයක් […]
  • අල්-කුරානයට අනුව කළලයයේ විවිධ අවස්ථාවන් (Embryonic stages in the Quran)August 5, 2017 අල්-කුරානයට අනුව කළලයයේ විවිධ අවස්ථාවන් (Embryonic stages in the Quran) (0)
    අල්-කුරානය පහළ වන්නේ අන්වීක්ෂයක් හෝ සරල කාචයක් හෝ නිපදවා නොතිබුණු යුගයකය. එම යුගයේදී මිනිස් කළලය සම්භන්දයෙන් තිබී ඇත්තේ ඉතා අල්ප දැනුමකි. එසේ තිබියදී අල්-කුරානය මගින් මිනිස් කලලයේ […]

February 11, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: ගවේෂණය

Leave a Reply