| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 50 views

ඉස්ලාමයේ ත්‍රස්තවාදයක් තිබේද? (Is there terrorism in Islam?)

කතුවරයා/දේශකයා: on 11th February 2018

ඉස්ලාම් යන වචනයේ අර්ථයම සාමයයි. එහි තවත් අර්ථයක් වන්නේ දෙවියන්ගේ අණට කීකරු වීමයි. මේ දෙකෙන් කොයි එක බැලුවත් එහි ත්‍රස්තවාදයට ඉඩක් නොමැත. තවද ත්‍රස්තවාදය බිහි වන්නේ අල්-කුරානය පහල වී සියවස් ගණනාවක් ගෙවී ගිය පසුවය. ඒ අනුව ත්‍රස්තවාදය සහ ඉස්ලාම් දහම අතර සම්බන්දයක් පැවතීමට කිසිම හේතුවක් නොමැත.අල්-කුරානයට අනුව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම ලෝවැසියන් සියලුදෙනාම ඝාතනය කලාට සමානය. එසේම එක් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම ලෝවැසියන් සියළු දෙනා බේරාගැනීමට සමානය. මෙම කුර්ආන් වැකිය පහත දැක්වේ.

“නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු”(කුරානය 5:32).

මෙවැනි වගන්තියක් ඉස්ලාම් දහම හැර වෙනත් කිසිම දහමක දැකිය නොහැකිය. එසේ තිබියදී බස්නැවතුම් පොලක හෝ සාප්පු සංකීර්ණයක බෝම්බ පුපුරා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කෙසේ නම් ඉස්ලාම් දහමින් අනුමත කල හැකිද? එවැනි ක්‍රියාවක් ඉහත දැක්වෙන කුර්ආන් වගන්තියට කොතරම් පටහැනි වනවාදැයි බැලිය යුතු නොවේද?

කිසිවෙකුට අල්-කුරානය තමන්ගේ හිතු මතේට අර්ථ කථනය කල නොහැකිය. එහි විවරණය ඇත්තේ නබි වදන් වන හදිස්වලය. මේ නිසා ඉස්ලාම් දහම තුල ෆික් නීතියක් තනි මිනිසෙකුගේ උවමනාව පරිදි සම්පාදනය කල නොහැකිය. ඉස්ලාමිය නීතියක් වලංගු වීම සඳහා මුස්ලිම් විද්වතුන්ගේ ඒකමතික අවසරය තිබිය යුතුය. ඒ අනුව යම් කිසි කෙනෙකුට කුමන හේතුවක් නිසාවත් අල්-කුරානයේ හෝ අල්-හදිස් මුලාශ්‍ර නොමැතිව ඉස්ලාම් දහම තුල නීතියක් සම්පාදනය කල නොහැකිය. උදාහරණයකට උසාමා බින් ලාඩන්ට ඔහුගේ හිතු මතයට ත්‍රස්තවාදයක් නිර්මාණය කොට එය ජිහාද් සංවිදානයක් ලෙස නම් කල නොහැකිය. එසේම ISIS ත්‍රස්තවාදීනට ඔවුන්ගේ උවමනාවන් පරිදි සංවිදාන ඇතිකළ නොහැකිය.

ජිහාද් යන වචනයට ඉස්ලාම් දහමින් නියම කරන ලද පුළුල් අර්ථයක් තිබේ. මේ නිසා ඉස්ලාම් දහමට දොස් පැවරීමට පෙර එම දහම නිවැරදිව හැදෑරීම අත්‍යවශ්‍ය වේ. හජ් වන්දනය ඉටුකිරීම මෙන්ම දෙමව්පියන්ට සැලකීමද උතුම් ජිහාද් ක්‍රියාවන් වේ.

ඉස්ලාම් දහමින් අවසර දෙන යුද්ධයකදී පවා පිළිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ අනුව යුද්ධයට සම්බන්ද නොවන අය හෝ කුඩා දරුවන් හෝ කාන්තවන් හෝ පල දරන ගස් කෝලන් හෝ විනාශ කිරීම බලවත් වරදකි. එබැවින් එම නීති උල්ලංගනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේය.

කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදින් දැකීමට ලැබීම ඉස්ලාම් දහමට පමණක් අයත් ප්‍රශ්නයක් නොවේ. සෑම ජාතියකම සහ සෑම ආගමකම ත්‍රස්තවාදී සංවිදාන දැකිය හැකිය. එබැවින් ත්‍රස්තවාදීන් ඇතිවීමට  හේතු සොයා බලා ඒවා වැළැක්වීමට ගත  හැකි සෑම පියවරක්ම ඒ ඒ රජයන් විසින් සිදු කල යුතුය. එසේ තිබියදී යම් කණ්ඩායමක් කරන වැරදි නිසා ඉස්ලාම් දහමට වරදක් කිව නොහැකිය.

ඇතැම් අය ඕනෑකමින්ම කුරානයට වැරදි අර්ථ කථනයන් දෙන්නේය. එහෙත් අල්-කුරානය තේරුම් ගැනීමට පිළිවෙලක් ඇත. එය මග හරිමින් තමන්ට උවමනා පරිදි කුර්ආන් වැකි අතරින් පතර තෝරාගෙන තමන්ට උවමනා පරිදි ඒවාට අර්ථ කතන දීම බලවත් වරදකි. මින් සිදු වන්නේ ජාතින් අතර අසමගිය ඇති වීම පමණි.

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute.

 

Related Posts

  • ඉස්ලාම් ත්‍රස්තවාදී දහමක්ද? (Is Islam a terrorist religion?)January 18, 2017 ඉස්ලාම් ත්‍රස්තවාදී දහමක්ද? (Is Islam a terrorist religion?) (0)
    ඕනෑම ප්‍රවෘතියක් මාධ්‍යයට අවශ්‍ය පරිදි හැසිරවීමේ දක්ෂතාවය ඔවුන් සතුව ඇත. ඒ අනුව ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ වහාම එය පළකරන්නේ "මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විශ්වාස […]
  • සතුරන් විසින් පවා ඇගයීමට ලක්වූ එම උතුම්වූ චරිතය කවුද?November 28, 2011 සතුරන් විසින් පවා ඇගයීමට ලක්වූ එම උතුම්වූ චරිතය කවුද? (0)
    ඉබ්නු අබ්බාස් (රලි) තුමා මෙසේ විසතර කරයි: (කුරෙයිෂ්වරැන්ගේ ප‍්‍රධානියා වන) අබූ සුෆ්යාන් බින් හර්බ් සමග හා කුරෙයිෂ් මිථ්‍යා  දෘෂ්ටිකයින් සමග නබි (සල්) තුමාණෝ (හුදෙයිබියා නමි ස්ථානයේදී) […]
  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03July 1, 2007 කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03 (0)
    කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ. මුස්: එය සම්පූර්ණ ඇත්තක් ආගම […]
  • ඉස්ලාම් සහ වහල්භාවය – 03October 12, 2008 ඉස්ලාම් සහ වහල්භාවය – 03 (0)
    ඉස්ලාම් ආගම සියලූම මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයන්ට සුදුසු යයි කියා ද, යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් හේතු එය වැළඳගෙන ඇතැයි කියා ද, අප කිවුවොත් එයින් අදහස් වන්නේ එය […]
  • ඉස්ලාම් දහම තුල මූලධර්මවාදයක් තිබේද? (Is there fundamentalism in Islam?)April 3, 2017 ඉස්ලාම් දහම තුල මූලධර්මවාදයක් තිබේද? (Is there fundamentalism in Islam?) (0)
    ලොවට පහළ වූ මුල්ම මිනිසා සහ නබිවරයා වන ආදම් තුමාගේ පටන් අවසාන නබිවරයා වන මුහම්මද් තුමා දක්වා පහළ වූ දහම ඉස්ලාම් ය. මෙලොව ජිවිතයේ අරමුණ ජය ගැනීම සඳහා එම දහම පිළිපැදීම දෙවියන්ගේ නියෝගයකි. […]

February 11, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Leave a Reply