ඉස්ලාම් දහමින් සමලිංගිකතාව දකින්නේ කෙසේද? (How do you view homosexuality?)

දෙවියන් සෑම දෙයක්ම ජෝඩු වශයෙන් මවා තිබේ. ඒ අනුව මිනිසාවද පිරිමින් සහ ගැහැනුන් වශයෙන් මවා ඇත. මින් පැහැදිලි වන්නේ ලොව ජිවත්වන අනෙකුත් ජීවින් මෙන්ම මිනිසාද විෂම ලින්ගිකතාව තුලින් තම වර්ගයා බෝ කිරීමය.මිනිසා හැර ලොව සිටින සෑම ජීවියෙකුම දෙවියන්ගේ නියෝගයට යටත්ව තම ආසාවන් ඉෂ්ට කරගන්නේය. මිනිසාට දහම මගින් නිවැරදි මාර්ගය පෙන්වා දී තිබියදීත් ඔහු දෙවියන්ගේ අණට අකීකරු වීමෙන් ඉතිහාසය පුරා දෙවියන්ගේ දඬුවමට ලක් වී ඇත. මෙවැනි සිදුවීම් ගණනාවක්ම අල්-කුරානයේ සඳහන් වන්නේ මිනිසාට ආදර්ශයන් ලැබීම පිණිසය.

ලුත් නබිතුමාගේ කාලයේ දී ජීවත්වූ ජනතාව කාන්තවන් විවාහ කරනවා වෙනුවට පිරිමින් සමග ලිංගිකව ඇසුරු කොට ඇත. මෙම අනර්ථ ක්‍රියාව ඊට පෙර කිසිවෙකු විසින් සිදු කොට නැත. එසේ තිබියදී මෙම ජනතාවට අවවාද අනුසාසනා කිරීම සඳහා ඉබ්‍රාහිම් නබිතුමාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු වන ලුත් නබිතුමාව පත් කොට හැර තිබේ. එතුමා සිය ජනතාවට කොපමණ අවවාද කලත් ඔවුන් එම වැරැද්ද අත්හැරියේ නැත.

“ලූත්, සිය සමුහයා වෙත (ගොස්): ‘නුඹලාට පෙර ලොවැසියන් කිසිවෙකු නොකළ ලැජ්ජා සහගත දෙය නුඹලා කරමින් සිටින්නේහුදැයි (ඇසු බව සිතා බලන්න). ඇත්ත වශයෙන්ම නුඹලා ස්ත්‍රින්ව හැර දමා පිරිමින් වෙතට (කාම) ආශාවන් වෙනුවෙන් යන්නේහුය. තවද, නුඹලා සීමාව ඉක්මවූ කණ්ඩායම වන්නෙහුය” (කුරානය 7:80-81).

කෙසේ වෙතත් මෙම අවවාදයෙන් ඔවුන් කරමින් සිටි වැරදි ක්‍රියවලින් මිදුනේ නැත. ඒ අනුව ඔවුන්ට දෙවියන්ගේ දඬුවම පහළ විය. ඔවුන්ට ගල් වරුසාව වැස්ස වීමෙන් දඬුවම් කොට ඇත.

“අපි ඔවුන් මත (ගල්) වර්ෂාව වැස්සුවෙමු. වැරදිකරුවන්ගේ අවසානය කුමක් වුයේදැ?යි (නබි) නුඹ බලන්න”(කුරානය 7:84).

මෙම ජනයාට අත්වූ ඉරණම භූවිද්‍යා කැණීම්වලින් සොයා ගෙන ඇත. මෙය අපට පාඩමක් විය යුතුය. මෙය නොතකා දෙවියන්ගේ නියෝගය කඩ කරන්නේ නම් ඊට නිසි දඬුවම් ලැබෙනු ඇත. මෙම වරද කරන අයට ඉස්ලාම් දහම මරණීය දඬුවම නියම කොට ඇත.

සමලින්ගික සේවනයේ නියැලුණු අයට මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණෝ මෙලෙස ශාප කොට ඇත. “දෙවියනි! ලුත්ගේ ජනතාව කල වරද කරනවුන්ට ශාප කරනු මැනව!” තුන්වතාවක්ම එලෙස පවසා ඇත.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.

Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.