සුළු පිරිසකගේ පටු අරමුණු සඳහා ජාතින් අතර ගිනි ඇවිලවීම

ලංකාවේ පැරණි ඉතිහාසය ගත්කල සිංහල-මුස්ලිම් සමගිය කාලාන්තරයක් තිස්සේ පැවතුනේය. එහෙත් මැතක පටන් එක් එක් අයගේ පටු උවමනාවන් නිසා එම දෙපිරිස අතර වෛරය වපුරවමින් තිබීම ඉතාමත්ම කනගාටුදායක කරුණකි. මේවා නැවැත්වීමට නිසි ක්‍රියා මාර්ගයක් නොගැනීම එහි ව්‍යාප්තියට විශාල රුකුලකි.

මිලියන විස්සකට වැඩි ජනග්‍රහනයක් සිටින ලංකාවේ මෙවැනි දුෂිත සිත් ඇත්තවුන් සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බව නොරහසකි. එහි වෙසෙන බහුතර ජනතාව සාමයට කැමතිය. එබැවින් මෙම ව්‍යසනය ඔඩු දුවන්නට කලින් වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දී එය පාලනය කල යුතුය.

රටේ ගැටුම් ඇතිවීම රටේ දියුණුවට බාදාවක් පමණක් නොව රටේ කිර්තිනාමයටද විශාල තර්ජනයකි. මෙම සිදුවීම් නිසා ලංකාව ජාතියාන්තරය ඉදිරියේ ද හෑල්ලුවට ලක් වන්නේය. මේ නිසා දැන් ලංකාව ගොඩනගාගෙන තිබෙන ප්‍රතිරූපය ආපස්සට හැරවීමට කිසිවෙකුට ඉඩ නොදී වලක්වා ගත යුතුය.

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ පාඩුවේ ජිවත් වීම නොරහසකි. ඔවුන් කිසිම විටක ආයුද අතට ගෙන නැත. එසේ කිරීමට ඔවුන්ට උවමනාවකුත් නැත. එබැවින් ඔවුන් තම තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කරමින් රටේ මහා ජාතිය සමග සාමයෙන් ජිවත් වෙති. එසේ තිබියදී ඔවුන්ව මහා ජාතිය සමග ඇවිලවීම සඳහා කාලයක් තිස්සේ අමුලික බොරු චෝදනාවන් ගොතා මහජාතියගේ සිත් තුලටට විසබිජය ඇතුලත් කරමින් තිබේ.

මෙලෙස පතුරුවා ඇති විශාලතම බොරුව වන්නේ මුස්ලිම්වරුන්ගේ වෙළඳ සැල්වල විකුණන ඇඳුම්වල වඳ බෙහෙත් තවරා ඇති බවට කට කතා පතුරුවා හැරීම සහ ඔවුන්ගේ කෑමවල වඳ බෙහෙත් දමා ඇති බවට බොරු චෝදනාවන් සිදු කිරීමය. මේවායේ  කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති බව සත්‍යයකි. ඒ බව වෛද්‍යවරු පවා සනාථ කොට ඇත. එහත් ඒ බව  රටේ වෙසෙන මිනිසුන්ගෙන් බහුතරයක් දන්නේ නැත. මේ නිසා බොහෝ දෙනෙක් එම වංචනිකයින්ගේ බොරුවලට හසුවෙති. එබැවින් වහාම මෙය නිවැරදි කිරීමට රජය මැදිහත් විය යුතුය. 

මිනිසුන් අතර ප්‍රශ්න ඇතිවීම සාමන්‍ය දෙයක් වුවත් එවැනි සිදුවීම් ජාතිවාදයට හරවා ගැනීම වරදකි. එහෙත් දැන් දැන් සිදුවන්නේ සුළු සිද්ධියක් නිසා වැරදි කරුවට්න්ට දඬුවම් දෙන අතරම මුස්ලිම් ප්‍රජාවගේ ව්‍යාපාර ස්ථාන, ගෙවල් දොරවල්, දේවස්ථානවලට ගිනි තබා විශාල අලාබ හානි සිදු කිරීමය. මෙහි ඇති බරපතලම කරුණ නම් ඒවා මැඩපැවැත්වීමට ත්‍රිවිඩ හමුදාවට හැකියාව තිබුනත් එසේ සිදු නොවීමයි.

සිදු විය යුතු සියළුම අලාභහානිවලින් පසු එම ස්ථානවලට ආරක්ෂාව සැපයීමෙන් කුමක් බලාපොරොත්තු වන්නේද??? මේවා නැවැත්වීමට කලින්ම සැලසුම් තිබිය යුතු නොවේද?

By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.