| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 63 views

ඉස්ලාම් දහම තුල ත්‍රස්තවාදයට ඉඩක් තිබේද? (Is there room for terrorism in Islam?)

කතුවරයා/දේශකයා: on 18th March 2018

කිසිම දහමකින් ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැතත් ඕනෑම ආගමිකයින් අතර ත්‍රස්තවාදීන් දැකිය හැකිය. එසේ වන්නේ ආගම්වල වරදක් නිසා නොව මිනිසුන්ගේ වැරදි නිසාය. කෙසේ වෙතත් ලෝකයේ ඇති සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාම් දහමින්ද මිනිස් ජිවිතයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දී ඇත. එහෙත් ත්‍රස්තවාදීන් මිනිස් ජීවිතයට නිසි වටිනාකමක් ලබා දී නොමැත.  අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම මුළු මිනිස් වර්ගයාවම ඝාතනය කළාට සමානය. මෙවැනි වදනක් අල් කුරානයේ හැර වෙනත් කිසිම දහමක නොමැත.

“මේ හේතුවෙන්ම “කව්රුන් හෝ තවත් ආත්මයක් ඝාතනය කිරීමට දඬුවම් වශයෙන් හෝ නැතහොත් භුමියෙහි විශාල කලබලයක් වැළැක්වීමට හෝ මිස (අයුක්ති සහගතව කෙනෙක්ව) ඝාතනය කරන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ඝාතනය කළාට සමාන වන්නේය. තවද එක් ආත්මයක් ජිවත් කරවීම මිනිසුන් සියල්ලෝම ජිවත් කරවීමට සමාන වන්නේය” (කුරානය 5:32)

මෙම කුර්ආන් වැකිය අනුව ඉස්ලාම් දහමින් වෙන කිසිම දහමක නැති තරම් ත්‍රස්තවාදයට ඉඩ අහුරා තිබේ.

ලෝකයේ සිටින සෑම ජාතියකම ත්‍රස්තවාදීන් සිටිති. එහෙත් අනෙකුත් ජාතින් සමග සැසඳීමේදී මුස්ලිම්වරුන් අතර සිටින ත්‍රස්තවාදීන්ගේ ප්‍රතිශතය ඉතාමත්ම අඩුය. ඇමරිකාවේ සිදුකරන ලද සංගණනයටකට අනුව ඇමරිකාව තුල සිදුවුණු ත්‍රස්තවාදී කටයුතුවල මුස්ලිම්වරුන්ගේ සහබාගිත්වය 6% කි. ඉතිරි 94%ම මුස්ලිම් නොවන ත්‍රස්තවාදී සංවිදාන විසින් සිදු කල ඒවාය. එහෙත් මුස්ලිම් නොවන ජන මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු ලෙසය.

ත්‍රස්තවාදය කෙසේ වෙතත් පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී අහිංසක ජිවිත සහ දේපල විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇත. එය ත්‍රස්තවාදීන් කරන විනාශයට වඩා අතිශයින්ම විශාලය. පළමු ලෝක යුද්ධයේදී පමණක් මිනිස් ජිවිත 37,000,000 (මිලියන තිස් හතක්) නැති විය. දෙවන ලෝක යුද්ධයේ දී එම සංක්‍යාව 48,231,700 විය. මේවා ඇතැම් පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා සිදුවුණු විනාශයන්ය.

ඇමරිකාවේ සිදුවූ 9/11 සිද්ධිය පිටුපස යුදෙව්වන් සිටින බවට බොහෝ සාක්‍ෂි සොයාගෙන ඇත. එසේ තිබියදීත් එම ප්‍රහාරය සිදු කලේ මුස්ලිම්වරුන් බවට බොරු චෝදනාවක් සිදු කොට ඇත. එපමණක් නොව එම ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ද නොවූ සියළුම මුස්ලිම්වරුන්ව ඉලක්ක කර බොහෝ හිරිහැර සිදු කොට තිබේ. මෙය ඉස්ලාම් දහමට එරෙහිව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.

ලෝකයේ ඇති බොහෝ ත්‍රස්තවාදී සංවිදාන නම් කොට ඇත්තේ එම දහම්වල නමින් නොවේ. එහෙත් මුස්ලිම්වරුන් සම්බන්ද වන ත්‍රස්තවාදී සංවිදාන පමණක් ඉස්ලාම් දහම සමග සම්බන්ද කොට තිබේ. ඒවා ඇතැමුන්ගේ පටු අරමුණු නිසා සිදු කරනු ලබන ක්‍රියාවන්ය. එපමණක් නොව ලෝකයේ කොතනකවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ වහාම ඊට සියළුම මුස්ලිම්වරුන් සම්බන්ද යැයි චෝදනා කරති. එහෙත් වෙනත් කිසිම ආගමිකයෙක් කරන ත්‍රස්තවාදී ක්‍රියාවකට එවැනි චෝදනාවක් කරනු ලබන්නේ නැත. මෙය අද ලෝකයේ පවතින දෙපටකාටු ක්‍රමයක් වන්නේය.

By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • ඉස්ලාමයේ ත්‍රස්තවාදයක් තිබේද? (Is there terrorism in Islam?)February 11, 2018 ඉස්ලාමයේ ත්‍රස්තවාදයක් තිබේද? (Is there terrorism in Islam?) (0)
    ඉස්ලාම් යන වචනයේ අර්ථයම සාමයයි. එහි තවත් අර්ථයක් වන්නේ දෙවියන්ගේ අණට කීකරු වීමයි. මේ දෙකෙන් කොයි එක බැලුවත් එහි ත්‍රස්තවාදයට ඉඩක් නොමැත. තවද ත්‍රස්තවාදය බිහි වන්නේ අල්-කුරානය පහල වී […]
  • කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03July 1, 2007 කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03 (0)
    කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ. මුස්: එය සම්පූර්ණ ඇත්තක් ආගම […]
  • ඉස්ලාම් සහ වහල්භාවය – 03October 12, 2008 ඉස්ලාම් සහ වහල්භාවය – 03 (0)
    ඉස්ලාම් ආගම සියලූම මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයන්ට සුදුසු යයි කියා ද, යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් හේතු එය වැළඳගෙන ඇතැයි කියා ද, අප කිවුවොත් එයින් අදහස් වන්නේ එය […]
  • නවීන ප‍්‍රකාශ විද්‍යාවේ පියා ඉබ්නු අල් හයිතම්April 9, 2008 නවීන ප‍්‍රකාශ විද්‍යාවේ පියා ඉබ්නු අල් හයිතම් (0)
    ක‍්‍රි.ව. 570 සවුදී අරාබියේ මක්කාහි උපත ලද මුහම්මද් නබි (සල්* තුමා කුඩා අවදිය පටන් සත්‍යය හා අවංක වූත් උතුම් ගුණාංග වලින් හෙබි වූත් පුද්ගලයෙකු විය. ඉබ්රාහීම් (අෙලෙ* තුමා දෙසුවාක් මෙන් […]
  • මිනිසා යනු කවරෙක්ද? – 02April 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 02 (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් 1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් […]

March 18, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: ගවේෂණය

Leave a Reply