ආගමික අධ්‍යාපනයේ වැදගත්කම (The Importance of Religious Education)

ලෞකික අධ්‍යාපනය සඳහා දරුවන් අතර පමණක් නොව දෙමව්පියන් අතර ද විශාල වටිනාකමක් ලැබී ඇත. ඊට ප්‍රධාන හේතුව එහි ආනිසංස ඇස්පනා පිට දැකීමට හැකි වීමයි. එහෙත් ආගමික අධ්‍යාපනයෙන් මෙලොව ජීවිතය පමණක් නොව මතු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේය. කෙසේ වෙතත් ආගමික අධ්‍යාපනය තුලින් සිසුන්ගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකිය. එබැවින් සෑම ශිෂ්‍යයෙකුටම තම තමන් අදහන දහම ගැන මනා අවබෝදයක් පාසල් අවදියේදීම ලබා දීම දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ප්‍රධාන වගකීමකි.මිශ්‍ර පාසල් ඇතිකිරීමෙන් ජාතින් අතර සමගිය ඇති කිරීමට හේතුවකි. එමගින් කුඩා කාලයේදීම ආගමික සහජීවනය ඇතිකළ හැකිය. කෙසේ වෙතත් එවැනි අධ්‍යාපනයක දී  සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ ගුරුවන්රුන්ට සෑම ආගමක් ගැනම පොදු දැනුමක් තිබීමය. මින් අදහස් කරනු ලබන්නේ ළමුන්ට ඔවුන්ගේ ආගමට බාදා නොවන අයුරින් කට යුතු කිරීමට හැකි වීමයි. උදාහරණයක් වශයෙන් බෞද්ධ සිසුන් ගුරුවරුන්ට ආචාර කරන විදිය පෙන්වා දිය හැකිය. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන්ට හැර වෙනත් කිසිවෙකුට වැඳීම විශාල පවක් ලෙස සලකනු ලබේ. තවද මුස්ලිම් ගෑනු ළමුන්ට දහමින් පනවා ඇති සීමාවන් තුල ඇඳුම් ඇදීම අනිවාර්‍ය වේ. එබැවින් මේවා ගැන ගුරුවරුන් දැන සිටිය යුතුය.

පාසලේදී ආගමික අධ්‍යාපනයට නිසි වටිනාකමක් ලබා දෙන්නේ නම් විවිධ ආගම් අදහහන ළමුන් සිටින  පාසලක ඉගෙනුම ලබන ළමයින් අතර අන්‍යෝන්‍ය අවබෝදය සහ විශ්වාසය ප්‍රගුණ කිරීමට හැකි වනු ඇත. එසේ කිරීමෙන් රටේ සාමය ඇති කිරීමටද උදව්වක් වනු ඇත.

නුතන සමාජයේ ආගමික පොත් පත් කියවීමට ළමුන් අතර කැමැත්තක් දැකිය නොහැකිය. මේ නිසා ඔවුන්ගේ දහම් දැනුම පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මෙම තත්වය වෙනස් කිරීමට නම් සෑම නිවසකම දහම ගැන ලියවුනු පොත පත තිබීම වැදගත්ය. එසේ කිරීමන් පමණක් සෑහීමකට පත් නොවී ඒවා කියවීමට ද සැලැස්විය යුතුය.

පාසල් අධ්‍යාපනයට අමතරව දෙමව්පියන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් ය. ඒ අනුව ආගමානුකුලව ජිවත් වන පවුලකින් දැහැමි සමාජයක් නිර්මාණය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටු කල හැකිය.

සෑම විටම දෙමව්පියන්ගෙන් ළමුන්ට ලැබෙන ආදර්ශය ඉතා වැදගත් ලෙස සැලකිය යුතුය. ඒ අනුව දෙමව්පියන් දහමට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ඔවුන්ගෙන් අපට යහපත් ළමා පරපුරක් බලාපොරොත්තු විය නොහැකිය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.