ෂරියා නීතිය පිළිබඳ වැරදි අවබෝධය (Misunderstanding about sharia law)

ෂරියාව ගැන මුස්ලිම් නොවන බොහෝ අයට නිවැරදි අවබෝදයක් ලැබී නොමැත. ඊට ප්‍රධාන හේතුව ෂරියාව පිලිබඳව මුස්ලිම් නොවන ජනමාද්‍ය මගින් සිදු කරනු ලබන වැරදි ප්‍රචාරයන් වේ. මේ නිසා ෂරියාව ගැන නිවැරදිව දැනගැනීමට නම් අල් කුරානය හැදෑරිය යුතුය.ෂරියාව යන්නෙන් අදහස් කරනු ලබන්නේ මුස්ලිම්වරුන් විසින් පිළිපැදිය යුතු අංග සම්පුර්ණ ජිවන මාර්ගයකි. මෙය අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ අල් කුරානය මගින් මිනිසාට එලි දක්වා තිබේ. එම ජිවන ක්‍රමය අනුගමනය කිරීමෙන් දෙවියන්ට සමීප විය හැකි වන්නේය. මේ නිසා එය මිනිසාට ලැබී ඇති භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

ෂරියාවට මුලාශ්‍රයන් වන්නේ අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. මෙම ක්‍රමය ඉස්ලාමිය රටක ව්‍යවස්ථාව ලෙස සලකනු ලැබේ. කෙසේ වෙතත් ෂරියා නීතිත අනුව පාලනය කරනු ලබන රටවල් මුළු ලෝකයේම ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. අනෙක් රටවල්වල වෙසෙන මුස්ලිම්වරුන් තමන්ට හැකි පමණින් අල් කුරානය සහ නබිවදන් පිළිපදිමින් ඉස්ලාමිය විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ ජිවත් වෙති.

ඉස්ලාම් අංග සම්පුර්න ජිවන මාර්ගයක් බැවින් එහි විවාහය, දික්කසාදය, ව්‍යාපාරික කටයුතු, මුදල් ගනු දෙනු ආදිය ඇතුලත් වේ. ඊට අමතරව මිනිසා විසින් දෙවියන්ට ඉටු කල යුතු සලාතය, zසකාත්, උපවාසය සහ හජ් පිලිබඳ කරුණු එහි ඇතුලත්වේ. මේවාට අමතරව මිනිසුන්ගෙන් සමාජයට සිදුවිය හැකි වැරදි සඳහා දඬුවම් නියම කොට ඇත.

ෂරියා නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. ඉන් එක් කොටසක් මිනිසා මිනිසාට කළ යුතු කාර්යයන් වන අතර අනෙක මිනිසා විසින් දෙවියන්ට කලයුතු කාර්යයන් වේ. මේවා අතරින් දඬුවම් නියම කොට ඇත්තේ මිනිසා මිනිසාට කරන වැරදි සඳහා පමණි. මිනිසා දෙවියන්ට කල යුතු කරනා විභාග කරුණු ලබන්නේ මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදීය.

ෂරියා නීතියෙන් පනවා ඇති දඬුවම්වල ස්වභාවයේ හේතුවෙන් වැරදි කරුවන්ගේ අඩුවක් සිදු වන්නේය. එහෙත් ෂරියා නොවන නීතිවල ඇති දඬුවම් ක්‍රියාත්මක වීමෙන් එවැනි දෙයක් සිදු වන්නේ නැත. සංඛ්‍යා ලේඛන හැදෑරීමෙන් මෙය තේරුම් ගත හැකිය.

මේවා හැරුණු විට ෂරියා නීතිය සහ ෂරියා නොවන නීතය අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ෂරියා නොවන නීතියෙන් මිනිස් ඝාතනයක් සඳහා මරණීය දඬුවම නියම කරනු ලබන්නේ නඩුකාරයා විසිනි. එහෙත් ෂරියා නීතියෙන් එවැනි වරද කරුවෙකුට වන්දියක් ගෙවීමෙන් හෝ ඝාතනය සිදුවූ පාර්ශවයෙන් සමාව ගැනීමෙන් නිදහස් විය හැකිය. එහෙත් එම උත්සාහයන් දෙකම අසාර්ථක වන්නේ නම් පමණක් ඔහුට මරණ දඬුවම නියම වන්නේය. මේ අනුව ෂරියා නීතියෙන් මිනිස් ඝාතකයෙකුට පවා සමාව ගැනීමට අවස්ථාව සැලසෙන්නේය.

ෂරියා නොවන නීතියට අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කොට වරද කළ කෙනාව ඔහුගේ මරණය දක්වා මහජන මුදලින් නඩත්තු කරන්නේය. මේ නිසා වරද කරුද ජීවිතාන්තය දක්වා මානසික පිඩනයට පත්වන්නේය. එසේම මිනිස් ඝාතකයෙකුව මරණය දක්වා මහජන මුදලින් නඩත්තු කිරීම මහජනයාට කරන අසාධාරණයක් ද වන්නේය.

ෂරියා නොවන ක්‍රමය නිසා අලුතින් සිරගත වන අයට පැරණි සිරකරුවන්ගෙන් භයානක වැරදි කිරීමට ඉගෙන ගත හැකිය. එහි ප්‍රතිපලයක් ලෙස වැරදි කරන අය දිනෙක් දින වැඩි විය හැකිය. එහෙත් ෂරියා නීතියෙන් දෙන දඬුවම් නිසා එවැනි තත්වයක් උත්ගතවන්නේ නැත.

සොරකම සමාජයේ ඇති තවත් භයානක උවදුරකි. එමගින් මිනිසාට බයක් සැකක් නොමැතිව ජිවත් වීමට නොහැකි වන්නේය. එබැවින් සොරකම අවම කල හැකි දඬුවම් ෂරියා නීතියෙන් නියම කොට ඇත. එහෙත් ෂරියා නොවන නීතියෙන් සොරකමට ලබා දෙන්නේ ඉතා ලිහිල් දඬුවම් ය. එවැනි දඬුවම් නිසා සොරුන්ගේ අඩුවක් සිදු වන්නේ නැත.

කාමය වරදවා හැසිරීම ද සමාජයේ දැකිය හැකි තවත් භයානක උවදුරකි. ඒවා අවම කළ හැක්කේ දැඩි දඬුවම් නියම කිරීමෙන්ය. එබැවින් කාමය වරදවා හැසිරීම ඔප්පු වූ අවස්ථවේදී ෂරියා නීතිය මගින් දැඩි දඬුවම් නියම කොට ඇත. එහෙත් ෂරියා නීතියෙන් එවැනි වරදක් ඔප්පු කිරීම සඳහා සාක්ෂි හතරක් අවශ්‍ය වන්නේය. මේ නිසා එවැනි වරදක් ඔප්පු කිරීම පහසු කාර්යයක් නොවේ.

ෂරියා නිතිය තුල දැඩි දඬුවම් නියම කොට ඇත්තේ ඉහත සඳහන් කළ ප්‍රධාන වැරදි කිහිපය සඳහා පමණි. එසේ කිරීමෙන් සමාජය තුල වැරදි කරන අයගේ සංඛ්‍යව අවමයක් බවට පත් කොට ඇත. නබිතුමාගේ කාලයේදී කාමය වරදවා හැසිරීම වෙනුවෙන් දඬුවම් කොට ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. එහෙත් ෂරියා නොවන නීතිය ක්‍රියාත්මක වෙන රටවල් වල එවැනි වැරදි විශාල ලෙස ඉහල ගොස් ඇත. මේවායින් පෙන්නුම් කරනු ලබන්නේ ෂරියා නීතියේ ඇති වැදගත්කමයි.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.