| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 79 views

බියකරු ‘වහාබ්වාදය’ පිළිබඳ හෙළිදරව්ව 

කතුවරයා/දේශකයා: on 8th April 2018

ජාත්‍යන්තර හා ජාතික ඉස්ලාම් විරෝධී මාධ්‍යයන්, විශේෂයෙන් ම සමාජ මාධ්‍යය, මෙන්ම ඇතැම් මුස්ලිම් මාධ්‍යයන් මගින් ද බියකරු, ත්‍රස්තවාදී, රුදුරු ‘වහාබ්වාදය’ පිළිබඳ මතයන් ඉදිරිපත් කරමින් සිටිති. ලංකාවේ මුද්‍රිත මාධ්‍යයන් අතුරින් ‘දිවයින’ පුවත්පත මෙම මාතෘකාවට අදාළ වන අයුරින් චතුර පමුණුව හා නිම්මි මුදිතා හේරත් වැනි ලේඛක ලේඛ්කාවන් මගින් ලිපි පළකරමින් සිටිති. මෙම ලිපි පළකරන විට බියකරු සිතුවිලි හා චිත්තරූප ඇති කරවන සිතුවම් එකතු කරන්නට ඔවුන් අතපසු නොකරති. ලිපිය කියවන්නට පෙරම එහි අන්තර්ගතයේ අඩංගු කරුණු පිළිබඳ පුර්ව දැනුවත් කිරීමක් මෙමගින් ඉතා දක්ෂ අයුරින් කරති. සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා බව පවසන බොදු බල සේනා සංවිධානය ප්‍රධාන ලේකම් ගලබොඩඇත්තේ ඤාණසාර හිමියන් ද නිතර අති භයානක ‘වහාබ්වාදය’ පිළිබඳ ව සඳහන් කරති. මේ හේතුන් නිසාම ‘වහාබ්වාදය’ පිළිබඳ හෙළිදරව් කිරීමක් අපගෙන් සිදුවිය යුතු බව සිතුනු හෙයින් මෙම ලිපිය සකස් කරන්නට තීරණය කළෙමු.

දැනට වසර 350කට පමණ පෙර මුස්ලිම් ලෝකය ඉතා අඳුරු හා බරපතල බිඳ වැටීමකට ලක්වී තිබුණු යුගයක් විය. මෙම යුගයේ මළවුන් වෙනුවෙන් සොහොන් සාදා මළවුන්ගෙන් සෘජුව මෙන්ම ඔවුන් මාර්ගයෙන් දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලීම, මෙම සොහොන් මුල් කර ගෙන විවිධ ආකාරයේ වතාවත් හා උත්සව පැවැත්වීම ආදිය මුස්ලිම් ජනයා අතර ඉතා ප්‍රචලිතව පැවතියේය. යන්ත්‍ර මන්ත්‍ර ආදිය කෙරෙහි ද ඔවුන් විශ්වාසය තබා කටයුතු කරමින් සිටියහ. මෙය ඉස්ලාමීය මුලික ඉගැන්වීම් අමතක කොට නව වැරදි පිළිවෙත් අනුගමනය කරමින් සිටි යුගයක් විය. ඉස්ලාමයේ මුලික හරය ඔවුන් කෙරෙන් ගිලිහී ගොස් තිබුණි. මෙම තත්ත්වය මෙලෙස පැවතෙමින් තිබුණ අවධියක ක්‍රි. ව. 1703 දී රියාද් නගරයට උතුරින් පිහිටි අයිනා නම් ස්ථානයේ මුහම්මද් බින් අබ්දුල් වහාබ් නම් ඉස්ලාමීය විද්වතා උපත ලැබීය. එතුමා ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රය වූ අල් කුර්ආනය මෙන්ම මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ප්‍රකාශන, අනුමත කළ දෑ හා ක්‍රියා අඩංගු ‘සුන්නා’ නමින් හැඳින්වෙන දෙවන වැදගත් මුලාශ්‍රය පිළිබඳ ව ද ගැඹුරු දැනුමක් ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙයට අමතරව පුර්වගාමී ඉස්ලාමීය විද්වතුන් වූ ඉබ්න් තයිමිය්යා හා ඉබ්න් අල් කය්යිම් වැනි ශ්‍රේෂ්ඨයින්ගේ ග්‍රන්ථ ද හදාරා ඉතා පුළුල් දැනුමක් ලබා ගැනීමට කටයුතු කරන ලදී.

එවකට සිටි පාලකයින් වෙත ඉස්ලාමීය පිරිහීම් පිළිබඳ ව කරුණු පහදා දී ඉස්ලාමීය පුනරුදයක් ඇති කරමින් නිවැරදි ඉස්ලාමීය ඉගැන්වීම් වෙත ආරාධනා කරන්නට කටයුතු කරන්නට එතුමා ඉදිරිපත් විය. වැරදි පිළිවෙත් හි ඉතා ගැඹුරු අයුරින් ගිලී සිටි මුස්ලිම්වරුන් ට මෙය බරපතල ප්‍රශ්නයක් බවට පත් විය. වර්තමානයේ දී ද මෙම වැරදි පිළිවෙත් වෙනුවෙන් ඉතා කැපවීමකින් කටයුතු කරන මුස්ලිම්වරුන් දැකගත හැකි ය. මුහම්මද් බින් අබ්දුල් වහාබ් විද්වතාගේ ඉස්ලාමීය පුනරුද ව්‍යාපාරයට එරෙහි ආරම්භක සටන මෙම වැරදි පිළිවෙත් හි නියැලී සිටි මුස්ලිම්වරුන් ගෙන්ම ආරම්භ විය. අප රටේ ද කොළඹ නගරශාලාව ආසන්නයේ පිහිටි ‘දෙවටගහ පල්ලිය’ නමින් හැඳින් වෙන ස්ථානයේ සිදුකරමින් සිටින්නේ ද මළවුන් මාර්ගයෙන් උපකාර ඇයදීමේ වැරදි පිළිවෙත් අනුගමනය කිරීමය. මෙම සියලු පිරිස් මුහම්මද් බින් අබ්දුල් වහාබ් විද්වතාගේ ඉස්ලාමීය පුනරුද ව්‍යාපාරය පරාජයට පත් කිරීමට මුස්ලිම් නොවන සමාජයේ උපකාරය ලබා ගැනීම පිණිස එය ත්‍රස්තවාදය සමග බද්ධ කිරීමට කටයුතු කරන ලදී. මෙම මතය පිළිගත් බටහිර රටවල් ද ලොවේ විවිධ තැන්හි සිදුවන ක්‍රියා ‘වහාබ්වාදී’ ත්‍රස්තවාදයක් ලෙස හැඳින් වීමට ඉදිරිපත් වූහ. මෙයට හොඳම උදාහරණය බොදු බල සේනා වැනි සංවිධානයන් ට මෙම වැරදි මතය ලබා දීමට කටයුතු කොට ඇත්තේ ලංකාවේ ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි පිළිවෙත් අනුගමනය කර මින් ඉන්නා වූ මුස්ලිම් ජනයා බව නොරහසකි.

අවාසනාවට නිතර ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහි ව පදනම් විරහිත ලිපි ඉදිරිපත් කරන චතුර පමුණුවා වැනි උදවිය බියකරු ‘වහාබ්වාදයක්’ පිළිබඳ මතය සමාජ ගත කිරීමට ඉතා විශාල උත්සාහයක යෙදී සිටින බව දැකීම සත්‍යය වශයෙන් ම ඉතා අවාසනාවන්ත කරුණකි. එයට වඩා බරපත වන්නේ ‘දිවයින’ වැනි පුවත් පතක් මෙම පදනම් විරහිත අසත්‍යය තොරතුරු සමාජ ගත කිරීමට ලබා දී ඇති අවකාශයයි. මුහම්මද් බින් අබ්දුල් වහාබ් විද්වතාණන්ගේ ප්‍රධානතම ග්‍රන්ථය ලෙස සැලකෙන ‘කිතාබ් අල් තෞහීඩ්’ ග්‍රන්ථය දැනට ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇති හෙයින් කරුණාකර එම ග්‍රන්ථය කියවා එහි අන්තර්ගත සමාජ විරෝධී හෝ ත්‍රස්තවාදයට දිරිදෙන කරුණු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන්නට කැමැත්තෙමු. අවශ්‍යය අයෙකුට එතුමාණන්ගේ අනෙකුත් ග්‍රන්ථ ලැයිස්තු ව ද ඉදිරිපත් කළ හැක. ‘වහාබ්වාදය’ පිළිබඳ භීතිකාව වඳ පෙති වලට දෙවනි නොවන මිත්‍යාවක් බව සහතික වශයෙන් ම ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීමට මෙය උපකාරී වෙයි කියා විශ්වාස කරන්නෙමු.

මේ අතරතුර ඉස්ලාමයේ හරය පිළිබඳ මුලික කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමු. මුහම්මද් ධර්ම දුතයානන් වරෙක පවසා සිටි පරිදි “සැබැවින්ම මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම පිණිස මිස නැත” (අල් මුවත්තා නබි වදන් ග්‍රන්ථය ). තවත් වරෙක එතුමාණන් පවසා සිටියේ “දහම පිළිබඳව වඩාත් ශ්‍රේෂ්ඨ බැතිමතා වන්නේ තම චර්යාවන් පිළිබඳ වඩාත් ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයාය” (අබුදාවූද් නබි වදන් ග්‍රන්ථය 2199).

මේ අනුව මුහම්මද් තුමාණන්ගේ ධර්මදුත මෙහෙවරේ ප්‍රධාන අරමුණ සාරධර්ම සපිරි සමාජයක් ඇති කිරීම වන අතර දෙවිඳුන් අභියස යමෙකුට ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වීමට නම් ඔහුගේ චර්යාවන් ශ්‍රේෂ්ඨත්වයක තිබිය යුතු වෙයි. නමුත් මිනිස් ගතිපැවතුම් වෙත අවධානය යොමු කිරීමේ දී යහ හා අයහ මෙන්ම තම ආශාව පදනම් කරගෙන විවිධ ආකාරයේ වැරදි ක්‍රියාවන්ට යොමු වීමක් දකින්නට ඇත.

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100:8).

මෙලෙස සැකසී ඇති මිනිස් ස්වභාවය යහකම තුළ රඳවා ගැනීම සඳහා විවිධ ආකාරයේ ආයතන ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිසිය, අධිකරණය, බන්ධනාගාර, රේගුව ආදිය මෙම ආයතනයන්ගෙන් කිහිපයකි. මෙම ආයතන සාර්ථක අයුරින් කටයුතු කොට ඇත්නම් වර්තමානයේ යහකමින් පිරිපුන් සමාජයක් සැකසී තිබිය යුතුය. නමුත් සැබැවින්ම අප දකිමින් සිටින්නේ සදාචාර සෝදාපාළුවකට ලක්වූ තත්ත්වයක් නොවේ ද? පාලකයෙකු තමන් ව නිරීක්ෂණය කරමින් සිටිනා අවස්ථාවේ සියලු කටයුතු නිසි පරිදි සිදුවනු භෞතික ලෝකයේ ඉතා පැහැදිලි අයුරින් දකින්නෙමු. නමුත් 24 පැයම සියලු කටයුතු නිරීක්ෂණය කරමින් කටයුතු කළ හැකි භෞතික පාලකයෙකු කිසිසේත්ම සිටිය නොහැක. එහෙයින් මිනිසාට 24 පැයම ඔහුගේ කටයුතු සම්මා අයුරින් සකස් කර ගැනීම පිණිස නව පන්නයේ පාලකයෙකුගේ අවශ්‍යතාවක් මතුවී තිබෙනවා නොවේ ද? එම පාලකයා මිනිසාගේ භෞතික ක්‍රියාකාරකම් පමණක් නොව ඔහුගේ චෛතසිකයේ නලියන සියලු සිතුම් පැතුම් නිරීක්ෂණය කළහැකි ආකාරයේ බලගතු පාලකයෙකු විය යුතුය.

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක. මිනිසාගේ පාලකයා කෙලෙස විය යුතු ද යත් ඔහු පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක. මෙවන් පාලකයෙකු කෙරෙහි විශ්වාසය තබා තම ජීවිතය සාරධර්ම පිරි යහ චර්යාවන්ගෙන් යුක්තවුවක් බවට පත්කර ගැනීම ඉස්ලාම් ධර්මයේ මුලික හරය ලෙස දැක්විය හැක. මෙම පාලකයා ඉස්ලාමීය පිළිවෙතෙහි හඳුන්වන්නේ ‘අල්ලාහ්’ යනුවෙනි. මෙම පාලකයා විශ්වාස කිරීමට ඇති යථාර්ථය, බුද්ධිය හා විද්‍යාව පදනම් කරගත් කරුණු අවශ්‍යය නම් ඉදිරි කළ හැක.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Related Posts

  • සුවිශේෂිවූ දහම ඉස්ලාම්June 12, 2011 සුවිශේෂිවූ දහම ඉස්ලාම් (2)
    මුළු ලොව වාසි ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමය වූ ඉස්ලාම් දහම මිනිස් ආකල්ප තුළින් බිහිවූ දහමක් නොව අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට දායාද කරන ලද […]
  • වාර්ගික – ආගමික බහුවිධතාව හා සමාජ සංහිඳියාවJanuary 31, 2017 වාර්ගික – ආගමික බහුවිධතාව හා සමාජ සංහිඳියාව (0)
    තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට […]
  • බයිබලය තුළින් පෙන්වන මුහම්මද්September 17, 2008 බයිබලය තුළින් පෙන්වන මුහම්මද් (0)
    කතෘ:ආචාර්ය ජමාල් බදවි අනුවාදය: අබ්දුර් රහ්මාන් ගුනසේකර බයිබලයේ අනාවැකිය බොරුද? ඒක දේව විශ්වාසයේ කතෘ ලෙසත්, යුදෙව්, කි්‍රස්තියානි හා මුස්ලිම්වරුන්ගේ පොදු පියා ලෙසත් ආබ්‍රහාම් සැලකේ. […]
  • දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”February 28, 2017 දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය” (0)
    කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා […]
  • සලාතයේ වැදගත්කම!October 30, 2016 සලාතයේ වැදගත්කම! (0)
    අපරිමිත දයාන්විත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්            විශ්වය නිර්මාණය කලාවූ විශ්වයේ අධිපති වන අල්ලාහ් විසින් මිනිසාගේ සිත, කය, වචන සංවර කර ගැනීමෙන් මෙළොව ඉතා යහපත් ජීවිතයක් ගත […]
  • ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)May 14, 2017 ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education) (0)
    මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් […]

April 8, 2018 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්

Leave a Reply