බුර්කාව ගෝනියක් නම් බිකිනිය කුමක්ද?

එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවකදී බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම්  බිකිනියට කුමක් කිව යුතුද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් හෝ පැවසුවේ නැත. මා සිතන්නේ ඔහු එම ඇඳුමට ප්‍රිය කරනවා විය හැකිය. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියන්ට පවා මෙම ඇඳුම් දෙකේ වෙනස හොඳින් තේරුම් ගත හැකිය. 

සමාජයේ පවතින බොහොමයක් ස්ත්‍රී දුෂණවලට හේතුව කාන්තාවන්ගේ නිරුවත නිතර නිතර දැකීම බව බොහෝ විද්වතුන්ගේ මතය වන්නේය. තවද නවීන සමාජය තුල පියා විසින් දුව කෙලසිම ගැනද ගුරුවරයා විසින් ශිෂ්‍යාව කෙළසීම ගැනද එම ස්වාමින් වහන්සේ නොදන්නා ගානට බුර්කාව ගැන බොහෝ දොස් කිවේය.

නවීන ලෝකයේ සෑම සමාජයකම ඇඳුම වෙනස් වී ඇත. ඇතැම් අය තම ශරීරය අනුන්ට පෙන්වීමෙන් සතුටක් ලබනවා විය හැකිය. එහෙත් මුස්ලිම් සමාජය දහම අනුව යමින් පිටස්තර මිනිසුන් හමුවේ තම ශරීරය වසා ගැනීමට පුරුදු වී ඇත. ඇත්තෙන්ම ගිහියන් කෙසේ වෙතත් පුජක තුමන්ලා මෙම ප්‍රවණතාවය බලා සතුටු විය යුතුය. එහෙත් අද සිදු වී තිබෙන්නේ  ඇතැම් ස්වාමින් වහන්සේලා විසින් ගිහියන් අතර ද්වේශය ඇතිකරන අකාරයේ වැරදි ප්‍රචාරයන් සිදු කරමින් බුර්කාවට දොස් කීමය.

මෙම සකජාවේදී එම ස්වාමින් වහන්සේ පැවසූ තවත් කරුණක් නම් ජාතික විභාගවලදී ගුරුවරුන්ට පවා බුර්කාවට සැඟවී ළමයින් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු දිය හැකි බවයි. ඔහු එම චෝදනාව කළේ කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරමින් නොවේ. ඇත්තෙන්ම මින් පෙනී යන්නේ ඔහු සිතින් මවාගත් යම් කිසි වැරදි අදහස් අනුව ජාතින් අතර වෛරය සහ ද්වේශය වපුරන බවයි.

එම ස්වාමින්වහන්සේ විසින් පෙන්වා දීමට උත්සාහ කළේ බුර්කාව ඇඳීම අන්තවාදයක් ලෙසය. බුර්කාව ඇඳීම අන්තවාදය නම් බිකිනිය ඇඳීමත් තවත් අතකින් අන්තවාදය වන්නේය. නමුත් කිසිවෙකු විසින් බිකිනියට විරුද්දව කතා කරන්නේ නැත.

ස්වාමින් වහන්සේලාට කළ යුතුව තිබෙන්නේ අනුන්ගේ වැරදි සෙවීමට වඩා තමන්ගේ දහම අනුව යමින් එය රැක ගැනීමයි. එවිට ඉබේම ගබ්සා මද්‍යස්ථාන, සුරාසැල්, මංකොල්ල කෑම, අනුන්නේ දේපල ගිනි තැබීම වැනි දේවල් අඩුවී යනු ඇත. මිනිසුන් අතර සංහිඳියාව ඇති කිරීමටද එය විශාල රුකුලක් වනු ඇත.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.