| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 64 views

ආගමක සැබෑ අවශ්‍යතාවය කුමක්ද? (What is the real need for a religion?)

කතුවරයා/දේශකයා: on 15th April 2018

ආගමක් අවශ්‍යවන්නේ තමන්ගේ මැවුම්කරු හඳුනාගෙන ඔහුගේ අභිමතයට ගරු කරමින් ජිවත් වීමටය. ඒ අනුව දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මිනිසා පිළිපැදිය යුතු දහම් මාර්ගය පෙන්වා දී ඇත. දෙවියන් පෙන්වා දෙන මාර්ගය වෙනස් කිරීම මිනිසාට කළ හැකි දෙයක් නොවේ. මිනිසා කළ යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති දහම අනුව තමන්ව වෙනස් කර ගැනීම ය.මිනිසා අනුගමනය කළ යුතු හොඳම ක්‍රමය කුමක්දැයි ඔහුගේ මැවුම්කරු හොඳින් දන්නා බැවින් දහම තුලින් එය පෙන්වා දී ඇත. දහමේ සිමාවන්වලින් පිටතට පැමිණීමෙන් සිදුවන්නේ සාතන්ගේ මාර්ගයට ඇතුලත් වීමකි. අද බොහෝ අයට අවශ්‍යව ඇත්තේ සාතන්ගේ මාර්ගය අනුගමනය කිරීමය. ඒ අනුව දහමේ ඉතා වැදගත් කරුණක් වන ලජ්ජා ශීලී බව ගිලිහි යමින් පවතී. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර යම් තරමක් දුරට ලජ්ජාශීලි බව ආරක්ෂා වන්නේ ඔවුන් අඳින බුර්කාව නිසාය. යම් වැරැද්දක් වීමට පෙර ඉන් ආරක්ෂා වීම සඳහා වූ පෙර සුදානමක් වශයෙන් මුස්ලිම්වරුන්ගේ බුර්කාව පෙන්වා දිය හැකිය. එසේ තිබියදී ඇතැම් අය මුස්ලිම්වරුන්ගේ ඇඳුම දකින්නේ සංස්කෘතික ආක්‍රමණයක් හැටියට වීම කනගාටුදායක තත්වයකි.

සෑම දහමකම ඇති පොදු ලක්ෂණයක් වන්නේ වැරදි කිරීමෙන් වැලකී සිටීමය. මේ නිසා තමන් කුමන දහමක් අනුගමනය කලත් වෙනත් දහමක් පහත්කොට සැලකීම වරදකි. එසේ කිරීමෙන් සිදු වන්නේ ආගම් අතර වෛරය ඇති වීමයි. එබැවින් වෙනත් ආගමක ඉගැන්වීම් තේරුම් ගැනීමට නොහැකි විට කළ යුත්තේ එය අසා දැනගැනීම මිස ඒවා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නොවේ. නොදන්නා දෙයක් අසා දැනගැනීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු සාතන්ගේ සාමාජිකයෙක් බවයි.

අද රට පුරා අරක්කු තැබෑරුම් සහ ගණිකා මඩම් පිරි ගොස් තිබෙන්නේ දහම ගැන නිසි අවබෝදයක් නොමැතිකම නිසාය. පුජකතුමන්ලා ඇතුළු ආගමික නායකයින් මේවා වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබේ. ආගමික නායකයින් විසින් මේවා සිදු නොවන්නේ නම් ඔවුන්ගේ දැනුමෙන් ජනතාවට සෙතක් සිදු වන්නේ නැත. කෙසේ හෝ මුස්ලිම් සමාජයේ ඉහත සඳහන් කළ වැරදි දැකිය හැක්කේ ඉතා අඩුවෙන් ය.

සෑම දහමකින්ම මත්ද්‍රවය, සුරාව, සුදුව, කාමය වරදවා හැසිරීම තහනම් කොට ඇත. එබැවින් ඒවාට විරුද්ධව සියළුම ආගමික නායකයින් සහයෝගයෙන් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මේවා අතරින් මත් කුඩු බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. එය මැඩලීමට නම් සෑම ආගමික නායකයෙක්ම අත්වැල් බැඳ ගත යුතුව තිබේ. එසේ තිබියදී කිසිම වැදගත්කමක් නොමැති දේවල් විශාල ප්‍රශ්න ලෙස ජනතාව ඉදිරියේ තබමින් වැදගත් ප්‍රශ්න යට ගැසීම ආගම දහමට කරන බලවත් හානියකි. මේ නිසා ආගම් අතර වෛරය නොවපුරා සියළුදෙනාම එකතුවී යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා කටයුතු කළ යුතුය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • ඔබගේද වගකීමයිJanuary 4, 2010 ඔබගේද වගකීමයි (0)
    ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම […]
  • අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!January 27, 2009 අබ්දුල්ලාහ් මනුලාල් ලියයි! (0)
    හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා ...... ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් […]
  • හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1March 16, 2013 හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1 (0)
    පෙරවදන සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ […]
  • චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝDecember 8, 2011 චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝ (0)
    සෑම කි‍්‍රයාවකම මුල චේතනාවයි. චේතනාව පිවිතුරු නොවන ක‍්‍රියාවට කිසිදු පිළිගැනීමක් අල්ලාහ් ඉදිරියේ නැත. එබැවින් මෙම දේශණය ඔබේ ජීවිතයට ඉතා වැදගත් වනු ඇත. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ […]
  • මනස පිවිතුරු කරන්නේ කෙසේද?June 3, 2017 මනස පිවිතුරු කරන්නේ කෙසේද? (0)
    1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු  ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම. මෙසේ […]
  • ඉස්ලාම් (Islam)March 15, 2017 ඉස්ලාම් (Islam) (0)
    ඉස්ලාම් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. එය ආදම් තුමා පටන් කොටස් වශයෙන් පහළ වූ අතර මුහම්මද් නබි තුමා හට පහළ වූ අල්-කුරානය මගින් එය සම්පුර්ණ විය. අල්-කුරානය පහල […]

April 15, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: යථාර්ථය

Leave a Reply