| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 51 views

ඉස්ලාම් දහම අනුව තාරුණ්‍යයේ වැදගත්කම (The importance of the youth according to Islam)  

කතුවරයා/දේශකයා: on 16th April 2018

කාලය මිනිසාට ලැබී ඇති මිල කළ නොහැකි සම්පතකි. එහෙත් නවීන සමාජයේ ඇති මාධ්‍ය පහසුකම් නිසා බොහෝ තරුණයින්ගේ කාලයෙන් වැඩි හරියක් ගතවන්නේ රුපවාහිනිය බැලීමෙහි හෝ ස්මාට් පොන් බාවිතා කිරීමෙහිය. එහෙත් ඉස්ලාම් දහම අනුව මිනිසා වැය කරන සෑම මොහොතක් ගැනම දෙවියන්ට පිළිතුරු දිය යුතුව තිබේ. 
“ආදම්ගේ දරුවන්ගෙන් අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගෙන් ගැලවී යා නොහැකිය; ඒ අනුව කෙනෙක් ජිවත් වුයේ කෙසේද, ඔහුගේ තාරුණ්‍ය ගත කළේ කෙසේද, කුමන අකාරයකින් ධනය රැස්කලේද එය කුමන මාර්ගයේ වැය කලේද, ඔහුට ලබා දුන් දැනුම අනුව ජිවත් වුයේ කෙසේද යන කරුණු වලට පිළිතුරු දීමට සිදු වන්නේය” (සුනන් තිර්මිසි).

ඉහත සඳහන් නබිවදන අනුව තාරුණ්‍යට විශේෂ තැනක් හිමි වන්නේය. එබැවින් මිනිසාට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීමට නම් දහම අනුව ජිවත් විය යුතුය.

දැනට සිදු කොට ඇති ගවේෂණයන්ට අනුව තරුණයින්ගේ කාලයෙන් වැඩිම කොටසක් අන්තර්ජාලයේ සැරිසැරීම හේතුවෙන්ද රුපවාහිනි වැඩසටහන් බැලිම හේතුවෙන්ද තරබාරු වන බව සොයාගෙන තිබේ. එපමණක් නොව මානසික අවපාතය (depression), කාන්සිය (loneliness) ඇතිවීමට එය හේතුවකි. එසේ තිබියදී වර්තමාන සමාජයේ බොහෝ තරුණයින්ගේ කාලය වැයවන්නේ ස්මාර්ට් පොන් සමගය. ඇමරිකානු ලේකඛ නිකොලස්කා පෙන්වා දෙන්නේ අධික ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම නිසා පාසල් ළමුන්ගේ සිතීමේ හැකියාව මන්දගාමී වන බවයි.

අන්තර්ජාලය සහ රුපවාහිනිය සඳහා වැය කරන කාලය සිමා කිරීමෙන් ව්‍යායාම කිරීම සඳහා ද නෑදෑයන් ආශ්‍රය කිරීම සඳහා ද ආගමික කටයුතු සඳහා ද යොදා ගත හැකිය. එසේ කළ හැකි නම් එය නිරෝගී ජිවිතයකට හේතුවක් මෙන්ම කුසල් ක්‍රියාවක් ද වනු ඇත.

මිනිසාට ලබා දී ඇති කාලය නිසි පරිදි ගත කිරීමෙන් මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබෙන බව නබිතුමා පවසා ඇත. මේ නිසා තාරුණ්‍යයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට උත්සාහ කළ යුතුය. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් වලින් දහමට පටහැනි ක්‍රියාවල නිරත නොවී දහම ඉගෙන ගැනීමට සහ දහම ප්‍රචාරය කිරීමට එය ප්‍රයෝජනයට ගත හැකිය. එසේ කිරීමෙන් එය ස්වර්ගයට යා හැකි මෙවලමක් බවට පත් කළ හැකිය.

නබිතුමා පවසා සිටින වග නම්: අල්ලාහ්ගෙන් ලැබෙන සෙවන හැරුණුවිට වෙන කිසිම සෙවනක් නොමැති එම දිනයේදී කණ්ඩායම් හතකට අල්ලාහ්ගේ අර්ස්හි සෙවන ලැබෙන්නේය. ඔවුන් කව්රුදන යත්, සාධාරණ අන්දමින් පාලනය කළ පාලකයා; දෙවියන් වෙනුවෙන් තම තාරුණ්‍ය කැපකළ තැනැත්තා; සෑම මොහොතේම තම හදවත මස්ජිදය සමග බැඳී ඇති තැනැත්තා; අල්ලාහ් වෙනුවෙන්ම පමණක් ඇලුම් කරන දෙදෙනා, ඔවුන් එකතු වන්නේද වෙන් වන්නේද අල්ලාහ් වෙනුවෙන්ම පණනි; අලංකාර, කුලවත් කාන්තාවක් (අනියම් සම්භන්දයක් සඳහා) අරාධනා කලත් ‘මා අල්ලාහ්ට බිය වෙමියි’ පවසා ඉන් වැලකී සිටින තැනැත්තා; තම වම් අතට හොරෙන් දකුණු අතින් දාන දෙන තැනැත්තා; හුදකලාවේ සිට අල්ලාහ්ව මෙනෙහි කොට කඳුළු සලන තැනැත්තා වේ (සහිහ් අල් බුහාරි, වෙළුම 1 හදිස් අංකය 629 සහ සහිහ් මුස්ලිම් වේලම 2, හදිස් අංකය 2248).

ඉහත දැක්වෙන හදිසය අනුව කුලවත් කාන්තාවක් වැරදි ක්‍රියාවකට ඇරයුම් කලත් දෙවියන් කෙරෙහි ඇති බිය නිසා ඉන් වැලකී සිටියේ නම් අර්ෂ්හි සෙවන ලැබීමට හේතුවක් බව පවසා ඇත. ඒ අනුව අල්ලාහ්ට ඇති බිය නිසා අන්තර් ජාලය ඔස්සේ සිදු විය හැකි එවැනි වැරදි වලට හසු නොවී සිටීමත් විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබීමට හේතුවක් වනු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Related Posts

  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)May 14, 2017 ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education) (0)
    මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් […]
  • අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!January 27, 2009 අබ්දුල්ලාහ් මනුලාල් ලියයි! (0)
    හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා ...... ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් […]
  • ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට හිමි තැන (The place of knowledge in Islam)March 29, 2017 ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට හිමි තැන (The place of knowledge in Islam) (0)
    අධ්‍යාපනය ලැබීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. මෙම කරුණ නබි වදනකින් සනාථ වන්නේය. තවද ඉස්ලාම් දහම තුල ක්‍රියාවට පෙර අධ්‍යාපනයට මුඛ්‍ය ස්ථානයක් ලබා දී ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු යම් […]
  • අලි බිලෝසින්August 28, 2009 අලි බිලෝසින් (0)
    ”මාගේ ජනතාවනි අල්ලාහ්ගේ ඇරයුමට ඇහුම්කන් දෙන්න” යන දේව පාඨය ප‍්‍රත්‍යක්‍ෂ කරන්නා සේ සැකසුනු කැඳවුම් කරුවෙකුගේ ප‍්‍රකාශය මෙන්, ඉස්ලාමීය කැඳවුම් කරුවෙකු හා ප‍්‍රවීනයෙකු වන ”අලි බිලෝසින්” […]
  • හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1March 16, 2013 හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -1 (0)
    පෙරවදන සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ […]

April 16, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Leave a Reply