විශ්වයේ ශ්‍රේෂ්ඨයා – 03

වහල් යදම් සිඳ……….

කතෘ: යූසුෆ් නියාස්

නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි‍්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප‍්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡු හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි‍්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි‍්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැුකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග‍්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව! පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව! ඉතිහාසයේ යම් අවස්ථාවක ශූරත්වය විදහා දක්වනු ලැබූ ප‍්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි‍්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත‍්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිබෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලේච්ඡු හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ‍්‍රිත අනාචාරය මේ නිසා ඒඞ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්? ”කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.”

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ‍්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග‍්‍රන්ථයක් සකස් වේ.* 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි‍්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය බෙදා වෙන් කරන්නාවූ පුහු ප‍්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය! මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත‍්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ….! විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි‍්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය!

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි‍්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්* තුමාණෝ පැවසූහ: ”ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.”

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published.