ඉස්ලාම් සහ වහල්භාවය – 02

මේ අයුරින් ඉස්ලාම් ආගම, වහල් බවේ වර්තමාන තත්ත්වය එනම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට ඇති අයිතිවාසිකම්වලින් ඔවුන් වෙන්කොට නැති බව පැහැදිලි කළේ ය. මෙම සහතික වහලාට ජීවිතය පිළිබඳ ආරක්‍ෂාව සැලසීමට හොඳින් ම ප‍්‍රමාණවත් වූවා පමණක් නොව, ඉස්ලාම් ආගම පැමිණීමට පෙර හෝ පසුව පැවති වහල් නීතිවල මීට සමාන කාරුණික බවක් හෝ සම්භාවනීයයත්වයක් හෝ නොතිබිණ. මෙම අංශයෙන්, ඉස්ලාම් ආගම, ස්වාමියා විසින් තම වහලාට කම්මුල් පහරක් දීම පවා වලක්වන තරම් ඈතට ගමන් කළේ ය. කම්මුල් පහරක් පවා දිය හැක්කේ වහලාගේ වරදක් හරි ගැස්සීම සඳහා පමණි. (එයට ද සීමා කිරීම් පැවතිණි. මෙම සීමා කිසිම හේතුවක් නිසාවත් ඉක්මවා යා නොහැකි විය. තම දරුවන් කිසියම් අනර්ථයක් කළ විට ස්වාමියා විසින් යම් දඬුවමක් දෙනු ලැබේ ද, ඊට හාත්පසින් සමාන දඬුවමකි වහලාට ද දිය යුත්තේ* වහලා නිදහස් ව තැබීමට මෙයින් ද නෛතික සාධාරණත්වයක් ඉදිරිපත් විය. අපි මීළඟට ඊළඟ පියවරට නියම ස්වාධීනත්වයට පා තබමු.

මුල් අවදියේ දී ඉස්ලාම් ආගම වහලූන්ට ආධ්‍යාත්මික නිදහස ලබා දුන්නේ ය. එය වහලූන්ට ඔවුන්ගේ මානුෂිකත්වය යළි ලබා දුන් අතර ස්වාමිවරුන් භුක්ති විඳි පොදු උත්පත්තියක් පිළිබඳ තත්ත්වයට සමාන වූ තත්ත්වයක් ඔවුන්ට ද ඇති බව ඉගැන්විය. සමාජය තුළ සාමාජික ජීවිතයට කෙළින් ම සහභාගි වීමේ අයිතියෙන් වළක්වමින් ඔවුන්ගේ නිදහස ද ඔවුන්ගෙන් පැහැරගන්නා ලද්දේ හුදෙක් බාහිර කරුණු විසින් බව ද ඉගැන්විය. එහෙත් වෙනස පිළිබඳ එකම කරුණ මෙයයි. මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට ඇති අයිතිය ගැන සලකා බලන විට වහලූන් සහ ස්වාමිවරුන් අතර වෙනත් කිසිදු වෙනසක් දක්නට නැත.

නමුත් සෑම කෙනෙකු ම එක සමාන ලෙස නිදහස් කරමින් මිනිසුන් අතර පූර්ණ සමතාව ලබා ගැනීම එහි ප‍්‍රධාන ප‍්‍රාථමික මූලධර්මය බව ප‍්‍රකශ කළ ඉස්ලාම් ආගම එතැනින් නතර වූයේ නැත. මේ නිසා වහලූන්ට පූර්ණ නිදහස ලබා දීමට කරුණු දෙකක් අනූව ඉදිරියට ගියේ ය. එම කරුණු දෙක වනාහි

1- ස්වාමිවරුන් විසින් සිය කැමැත්තෙන් මුදාහැරීම (අල් ඉත්ක්*.

2- ඔවුන්ගේ නිදහස ලේඛන ගත කිරීම (මුකාතබා*.

1- මෙයින් පළමුවැන්න අනූව (අල් ඉත්ක්* වහලා නිදහස් කිරීම ස්වාමියාගේ පක්‍ෂයෙන් සිදුවිය යුතු ස්වේච්ඡුා කි‍්‍රයාවක් විය. මේ අනූව කි‍්‍රයා කිරීම ඉස්ලාම් ආගම විසින් උසස් කරන ලදි. එසේම අනාගතවක්තෘන් වහන්සේ තම අනුගාමිකයන්ට තම තමන් හොඳම නිදසුනක් වශයෙන් පෙන්වූ සේක. උන්වහන්සේ තමන් සතුව පැවති සියලූ වහලූන් නිදහස් කළ සේක. උන්වහන්සේගේ සගයෝ – විශේෂයෙන්ම අබූ බක්කර් (රලි* තුමන් : කුරයිෂ්හි පිළිම වන්දනා කළ ප‍්‍රභූන්ගෙන් විශාල මුදල් ගෙවා වහලූන් මිලට ගෙන මුදා හළහ. මෙපමණක් නොවේ. වහලූන් නිදහස් කිරීමේ කාර්යය සඳහා මුදල් දෙපාතමේන්තුවේ මුදල් ඇති විට එම මුදල්වලින් ඔවුන් මිලට ගෙන මුදා හරිනු ලැබූහ. යහියා බින් සඊද් මෙසේ කියයි: උමර් බින් අබ්දුල් අසීස් මා අප‍්‍රිකාවෙන් ආහාර එකතු කර ගැනීම සඳහා යැවීය. මම ආහාර රැුස් කළෙමි. එසේ රැුස්කොට එම ආහාර බෙදා දෙනු වස් ඔවුන් අතර දුප්පතුන් ඇති දැයි සෙවීමි. කිසිවකු සොයා ගැනීමට නොහැකි විය. එහි සිටි කිසිවෙක් මෙම ආහාර පිළිගනිත් දැයි මට සිතන්නට නුපුළුවන් විය. මෙයට හේතුව උමර් බින් අබ්දුල් එම මිනිසුන් පොහොසතුන් බවට පත් කොට තිබීමය. මම වහලකු මිලට ගෙනවුත් නිදහස් කළෙමි.

මුස්ලිම්වරුන් දස දෙනෙකුට කියවීම හා ලිවීම ඉගැන් වූ හෝ මුස්ලිම් ජනතාවට ඉතා සුළු සේවයක් කළ වහලෙකු නිදහස් කිරීමට අනාගත වක්තෘන් වහන්සේ පුරුදුව සිටි සේක. වහලූන් නිදහස් කිරීම ඇතැම් පාපයක් සුද්ධ කිරීමක් ලෙස කුර්ආනයේ ඇතුලත් වූ අතර, කිසිවකු විසින් කරන ලද වෙනත් පාපයක් වහලූන් නිදහස් කිරීම නිසා නැතිවන බව අනාගත වක්තෘන් ප‍්‍රකාශ කළ සේක. මේ කරුණ වෙනත් කිසිදු කරුණට වඩා විශාල ප‍්‍රමාණයක් වහලූන්ට නදහස උදාකර ගැනීමට හේතුවිය. ”ආදම්ගේ දරුවන් (මිනිසුන්* වැරදි කරන්නන්ය” යන අනාගත වක්තෘන්ගේ කියමන අනූව කිසිදු පාපයක් නොකර සිටීමට මිනිසාට නොහැකිය. ඉස්ලාම් ආගම විසින් පාප හෝ ධනය සම්බන්ධයෙන් පනවා ඇති දේ, එම ආගම වහල් බව සම්බන්ධයෙන් දක්වන ආකල්පය මැනවින් පැහැදිලි කරන්නකි. වැරදීමකින් විශ්වාසවන්තයකු ඝාතනය කළ විට, වහලෙකු නිදහස් කිරීමෙන් හා ලේවල ලේවල වන්දිය ඔහුගේ මිනිසුන්ට ගෙවීමෙන් ශෝධනය වන බව ඉස්ලාම් ආගම පනවා තිබේ. ”යමෙක් වැරදීමකින් විශ්වාසවන්තයකු මරයි ද, ඔහු විශ්වාසවන්ත වහලෙකු මුදා හල යුතුය. ලේවල වන්දිය ඔහුගේ මිනිසුන්ට ගෙවිය යුතුය” (4: 92*. වැරදීමකින් මරණයට පත්වූ පුද්ගලයා වනාහි මනුෂ්‍යයෙකි. කිසිදු, නෛතික සාධාරණත්වයකින් තොරව, ඔහුගෙන් ජන සමාජයට හා ඔහුගේ මිනිසුන්ට සිදුවිය හැකිව තිබුණු සේවය මේ නිසාම නොලැබී ගියේය. මේ නිසාය ඔහුගේ මිනිසුන්ට හා සමාජයට යන දෙපාර්ශ්වයටම වන්දි මුදලක් ගෙවිය යුතු යයි ඉස්ලාම් ආගම පනවා තිබෙන්නේ. ඔහුගේ මිනිසුන් සාධාරණ ලේ වන්දියක් ලබන අතර, ජන සමාජය ඔහුගේ වෙනත් පුද්ගලයෙකු එනම් අලූතින් නිදහස් කරනු ලැබූ විශ්වාසවන්ත වහලෙකු ලබයි. මේ අයුරින්, වැරදීමකින් මරා දමනු ලැබීම නිසා නැති වී ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ගෙවිය යුතු වන්දියක් වශයෙන් වහලෙකු නිදහස් කිරීම වනාහි වෙනත් පුද්ගලයෙකුට ප‍්‍රාණය ලබා දීමකි. මෙයින් පැහැදිලි වන පරිදි, ඉස්ලාම් ආගමේ දර්ශනය අනූව වහල් බව මරණය වැනිය. එසේ නැතිනම් වහලෙකු සඳහා සපයා ඇති එය ද ආරක්‍ෂක සංවිධාන ගණන් නොගතහොත් මරණයට සමාන තත්ත්වයට මෙම අභාග්‍ය සම්පන්න මනුෂ්‍ය කොට්ඨාශයට නිදහස ලබා දීම තුළින් නැවත වරක් එම තත්ත්වය උදා කිරීමට තුඩු දෙන සියලූ අවස්ථාවන් උදුරා දමන ලද්දේ මේ නිසාය.

ඉස්ලාම් ආගමේ මෙම ස්වේච්ඡුා මුදාහැරීම තුළින් (අල්ඉත්ක්* විශාල ප‍්‍රමාණයක් වහලූන් නිදහස ලබාගත් බව ඉතිහාසය අපට කියයි. වර්තමාන යුගය දක්වා, ඉස්ලාම් ආගමට පෙර හෝ පසුව, ඉතිහාසයේ කිසිම ජාතියකින් මෙයට සමාන දෙයක් සිදුවී නැත. මෙපමණක් නොවේ මෙම මුදාහැරීමෙන් දෙවියන් වහන්සේගේ සන්තෝෂය දිනා ගැනීමට මුස්ලිම් භක්තිකයන් තුළ පැවති අවංක විශ්වාසය තුලින් පැන නැගුණු පවිත‍්‍ර මානුෂික උදේ‍යා්ගයයි.

2- ඉස්ලාම් ආගම වහලූන් සඳහා නිදහස ගෙන ආ දෙවන ක‍්‍රමය මුකාතබාය. එනම්: වහලාගේ ඉල්ලීම පරිදි, ස්වාමියා හා වහලා අතර ඇති කරගත් සම්මුතියකට අනූව ස්වාමියාට කිසියම් මුදලක් ගෙවා ඔහු නිදහස් කළ බව ලිඛිතව දැන්වීමය. එබඳු මුදලක් ගෙවීමට ගිවිසගෙන ඇති අවස්ථාවක දී වහලා නිදහස් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීමට හෝ ප‍්‍රමාද කිරීමට ස්වාමියාට නුපුළුවන. මුදල ලැබුණු හැටියේ ම වහලා නිදහස් කළ යුත්තේය. එසේ නොකළහොත් තම නිදහස ලබා ගැනීමට අධිකරණය වෙත යාමට වහලාට පුළුවන.

මෙම මුකාතබා ක‍්‍රමය මගින්, නිදහස කැමැති වහලූන්ට තම ස්වාමියාගේ හොඳ හිත ලැබෙන තුරු බැගෑපත් ව නොසිට තමා ම පහසු ක‍්‍රමයකින් නිදහස ලබා ගැනීමට ඉස්ලාම් ආගම විසින් මාර්ගය පාදා දී තිබේ.

නිදහස් වීම සඳහා වහලෙකු මුදලක් ගෙවීමට ගිවිසගත් මොහොතෙහි සිට, එම මුදල ප‍්‍රතික්‍ෂේප කිරීමට ස්වාමියාට නුපුළුවන. එසේ ම ඒ නිසා පැන නැගින කිසිම දෙයකට බිය වීමට වහලාට වුවමානවක් නැත. මෙයට හේතුව, මෙතැන් සිට වහලා තම ස්වාමියාට වැඩ කළ යුත්තේ නියමිත ගෙවීමකටය. එසේ නැතිනම්, නිදහස දිනා ගැනීම සඳහා අවශ්‍ය මුදල සපයා ගන්නා තුරු පිටස්තර පුද්ගලයෙකු වෙනුවෙන් කුලියට වැඩ කිරීමට ඉඩ දීමට ඉස්ලාමීය ආණ්ඩුව සහතික වීමය.

14 වැනි සියවසේ යුරෝපයේ සිදුවූයේ මෙයය. එය ඉස්ලාම් ආගම සිය රටවල මේ ක‍්‍රමය බල පවත්වා ශත වර්ෂ හතකට පමණ පසුවය. වෙනත් කිසිම තැනක දක්නට නොහැකි ඉස්ලාම් ආගමේ පමණක් දක්නට ලැබෙන ඉතා වැදගත් ලක්‍ෂණයක් නම්, මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් වහලූන් නිදහස් කිරීම සඳහා ඉස්ලාමීය ආණ්ඩුව වියදම් කිරීමය. කිසිදු භෞතික ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තොරව ස්වේච්ඡුාවෙන් වහලූන් මුදාහැරීම ඉස්ලාම් ආගමේ උසස් තත්ත්වය මැනවින් පැහැදිලි කරන්නකි. ඉස්ලාම් ආගම එසේ කරන්නේ හුදෙක් දෙවියන් වහන්සේගේ සන්තෝෂය දිනා ගැනීමටත්, උන්වහන්සේගේ වහලෙකු වශයෙන් තමාගේ යුතුකම් සම්පූර්ණ කිරීමක් වශයෙනුත් ය. දිළිඳු සහන දීමනා (අස්-සකාත්* වල ප‍්‍රතිඵල විස්තර කුර්ආන් පාඨයකින් මෙසේ කියැවෙයි. ”දානය දුප්පතුන් හා අසරණයන් සඳහා ය. ඔවුන්ට ඉහලින් සිටින නිලධාරීන් හා යුද අනාථයින් සඳහාය” (9: 60*. තමා උපයන පෞද්ගලික මුදලින් පමණක් තම නිදහස ලබා ගැනීමට නොහැකි වහලූන්ගේ නිදහස මිලට ගැනීමට දිළිඳු සහන දීමනා (අස්-සකාත්* වියදම් කළ යුතු යයි කුර්ආනය නියම කොට තිබේ.

ඉස්ලාම් ආගමේ මෙම සංස්ථා දෙක වහල් බව පිළිබඳ ඉතිහාසයේ ඉස්ලාම් ආගම ලබා ඇති ප‍්‍රායෝගික දියුණුව මැනවින් පෙන්වා දෙයි. වර්තමාන යුගයේ මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ඉතිහාසයෙහි දුර්ලභ දෙයක් වූ රාජ්‍යය මගින් වහලාට සපයන ලද ආරක්‍ෂාව වැනි නව සංවර්ධනය හැරුණු විට, අඩු වශයෙන් සියවස් හතකට පෙර මනුෂ්‍ය වර්ගයාගේ සාමාන්‍ය ඓතිහාසකි සංවර්ධනයට පෙර ඉස්ලාම් ආගම විසින් අනුගමනය කරන ලදි කි‍්‍රයා මාර්ගයකි. වහලූන්ට නිදහස ප‍්‍රදානය කරන ලෙස අවසානයේදී යුරෝපීය ජාතීන්ට බලපෑම් කරන ලද, කිසිදු ආර්ථික හෝ දේශපාලන සංවර්ධනයෙන් වැඩි බාහිර බලවේගයන්ගෙන් තොරව වහලාට දෙන ලද උතුම් පරිත්‍යාගශීලී සංග‍්‍රහ හෝ තමාගේ ම නිදහස් කැමැත්තෙන් ඔවුන් නිදහස් කිරීම වැනි ඇතැම් කරුණු තවමත් මනුෂ්‍ය වර්ගයාට අවබෝධ කරගැනීමට හැකි වී නැත.

ඉස්ලාම් ආගම ඇතුළු අනිකුත් සියලූම ක‍්‍රම මනුෂ්‍ය වර්ගයාගේ ආර්ථික සංවර්ධනයේ එක් අවස්ථාවක් පෙන්වීමක් මිස අනිකක් නොවේ යයි කියන කොමියුනිස්ට් වාදීන්ගේ ව්‍යාජ පිළිගැනීම් නිෂ්ප‍්‍රභා කිරීමට මේ කරුණු දෙක හොඳටම ප‍්‍රමාණවත් ය. ද්වන්ද්වාත්මක භෞතිකවාදයේ නීති වලට හිතවාදී කොමියුනිස්ට් වරුන් අනූව ඉස්ලාම් ආගම එහි විශ්වාසකයන් හා දර්ශන සමග එයට ම සුදුසු වකවානුවක පැනනැගිණ. එයින් එම අවධිය තුළ ආර්ථීක හා ද්‍රව්‍යමය තත්ත්ව පැහැදිලිවෙයි. එසේම එයින් ආර්ථික පීවිතය පිළිබිඹු වනු මිස අනාගත ආර්ථික තත්ත්වයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. ඉහළින් හෝ පහළින් එන ව්‍යාජයෙන් බලපෑම් කළ නොහැකිය. කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනය අනූව මෙම සිද්ධාන්තය ව්‍යාජයක් විය නොහැකියයි ඔවුහු කිය.ි මාක්ස්වාදීන් සියලූ වංචාවන් නිෂ්ප‍්‍රභා කරන ඉස්ලාම් ආගම විසින් එම ව්‍යාජයේ පතුලටමප හර දී තිබේ. එයට හේතුව, අරාබියානු අර්ධද්වීපයේ හෝ ලෝකයේ වෙනත් කිසිම තැනක මාක්ස් විසින් නියම කරන ලද ක‍්‍රමය මාක්ස්වාදය කි‍්‍රයා නොකිරීමයි. ඉස්ලාම් ආගම යටතේ, වහලූන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මෙය සත්‍ය වන්නේ පමණක් නොව, එය ධනය බෙදා හැරීමේ ක‍්‍රමයකුත්, පාලකයා හා පාලිතයා අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව තීරණය කිරීමේදීත් ස්වාමියා හා ඔහුගේ කුලීකාරයා අතර සම්බන්ධතාව තීරණය කිරීමේ දිත් මෙය සෑම අතින්ම සමාන ලෙස තහවුරු කළ හැකිය. සමාජ ක‍්‍රම පිළිබඳ ඉතිහාසයෙහි නොයෙක් ආශාවලින් තවමත් අනුලංඝනීයව, අසමානව පවත්නා ක‍්‍රමයක්, ඉස්ලාම් ආගම විසින් සිය කැමැත්තෙන් ම නගා තබන ලද සමාජ හා ආර්ථික සැකිල්ල තුළ දක්නට ලැබේ.

මෙහි දී එක් සංකීර්ණ ප‍්‍රශ්නයකින් සමහර මිනිසුන් බියට පත්වනු ඇත. ලෝකය ඉදිරියෙහි පිටස්තර කිසිදු තර්ජනයකින් හෝ බලාත්කාරයකින් තොරව, ස්වේච්ඡුාවෙන් ම, වහලූන් මුදා හැරීමේ මහා පුරෝගාමියා වූ ද එම කරුණ සඳහා රැුඩිකල් පියවර ගත්තාවූ ද, ඉස්ලාම් ආගම, ආදම්ගේ දරුවන් තමන්ගේ වෙනත් නිර්මාණයන්ට වඩා උසස් තත්ත්වයකින් තැබූ දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද, සර්වාකාර පරීපූර්ණ වූ ද ප‍්‍රතිඵලදායී වූ ද, මනුෂ්‍ය වර්ගයාට මහත් වැඩදායකු වූ ද ක‍්‍රමයක් බව ඔප්පු කරනු වස් වහල්බව සම්පූර්ණයෙන් නැතිකර දැමීම පිණිස අවසාන හා තීරණාත්මක පියවරක් නොගන්නා ලද්දේ කුමක් නිසා ද?

ඉස්ලාම් ආගම යම් හේතූන් නිසා, අපේක්‍ෂිත වූ වහල් බව සම්පූර්ණ නැති කිරීමක් පමා කළේ ද, ඒ වහල් බව පිළිබඳ සාමාජික, මනෝවිද්‍යාත්මක හා දේශපාලන ප‍්‍රශ්න ගැන පරීක්‍ෂණයක් මෙම ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් කළ යුතුව තිබේ. ඉස්ලාම් ආගම බලාපොරොත්තු වූවාට වඩා වහල්බව සත්‍ය වශයෙන්ම නැති කිරීම මදක් පමා වූ බව හෝ යම් හෙයකින් එය ක‍්‍රියාත්මක වූවා නම්, නොමග යාම්වලින් අ¥ෂිතව නියමාකාර පරිශුද්ධතාවකින් සිදුවීමට ඉඩ හැරිය යුතුව තිබුණු බව ද, මෙම පරීක්‍ෂණයේ දී සිහියේ තබාගත යුතු ය.

ඉස්ලාම් ආගම පැමිණෙන විට වහල්බව, සමාජ ආර්ථික පැවැත්මේ පිළිගත් සාධකයක්ව ලොව පුරා පැවති බව පළමුවෙන්ම සඳහන් කළ යුතුව ඇත. මේ කාලයේ දී කිසිවකුට එය ප‍්‍රතික්ෂේප කිරීමට හෝ කිසියම් වෙනසක් කිරීමට හෝ වුවමනාවක් නොවීය.

මේ නිසා එහි වෙනසක් කිරීමට හෝ සම්පූර්ණයෙන් අතහැර දැමීමට හෝ දීර්ග කාලයකින් කළ යුතු ක‍්‍රමික වැඩ පිළිවෙලක් අවශ්‍ය විය. සුරා (මත්පැන්* තහනම ඉක්මනින් ම පලනොදරා අවුරුදු කීපයක සූදානම් වීමකින් පසු පළදැරූ බව දැකිය හැකිය. මෙය අන් හැම දෙයටම වඩා පුද්ගලික පුරුද්දක් වී තිබුණු හෙයිනි. මෙයින් නොයෙක් සාමාජික ගැටුම් ඇති වූ බව සැලකිල්ලට නොගත්තත් ඇතැම් අරාබි ජාතිකයන් සුරා තහනම ගැන නොසලකා සිටි යුගයේ දී තමා, සුරාපානය නම්බුකාර මිනිසෙකුට නුසුදුසු පහත් දෙයකැයි එයින් වෙන්ව සිටි බව පෙනේ. එහෙත් ඔවුන් විසින් වහල්බව දෙස බලන ලද්දේ මීට හාත්පසින් වෙනස් අයුරකිනි. එය එම යුගයේ සමාජ රටාවෙහි ගැඹුරට මුල් බැස ගෙන තිබුණු අතර පුද්ගල මනස තුළ ද එසේ ම විය. පුද්ගලයාත් සමාජයත් ආර්ථිකයත් වටා එය වෙලී පැවතිණ. මීට ඉහතින් අප නිරීක්‍ෂණය කළ පරිදි කිසිවෙක් එහි පැවැත්ම අශෝභන දෙයකැයි නොසිතූහ. අනාගත වක්තෘ තුමාගේ ජීවිත කාලයටත් වඩා දිගු කාලයක් වහල්බව සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා අවශ්‍ය වූයේ මේ නිසාය. අනාගත වක්තෘ තුමා මගින් දිව්‍යමය ඥානය ලබාගත් යුගය ද මෙය බව සිහිතබා ගත යුතුය. තමා නිර්මාණය කළ සෑම දෙයක් ගැනම තදින් ම දන්නා වූ දෙවියන් වහන්සේ, අවුරුදු කීපයක් නීතියෙන් තහනම් කිරීමෙන් ම පූර්ණ සුරා තහනමක් ඇති කළ හැකි බව දැන සිටිසේක. ඒ නිසා එබඳු අවස්ථාවක් පැමිණී විට උන්වහන්සේ සුරා තහනම අනුදත්හ. ඒ වගේම ජීවිත තත්ත්වය එබඳු විනි නම්, වහල්භාවයේ ආදිනව හුදු මගපෙන්වීමකින් පමණක් මැඩ පැවැත් විය හැකිව තිබිණ. සර්ව බලධාරි දෙවියන් වහන්සේ විසින් තවත් පමා නොකර සදාකාලයට ම එය තහනම් කිරීමට ඉඩ තිබිණි.

මතු සම්බන්ධයි………

කතෘ:
මහාචාර්ය මුහම්මද් කුතුබ්

 සිංහල පරිවර්තනය:
බී. එන්. ආර්. ජයසේන

Leave a Reply

Your email address will not be published.