ඉස්ලාම් සහ වහල්භාවය – 03

ඉස්ලාම් ආගම සියලූම මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයන්ට සුදුසු යයි කියා ද, යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් හේතු එය වැළඳගෙන ඇතැයි කියා ද, අප කිවුවොත් එයින් අදහස් වන්නේ එය සර්වකාලීන හා සර්ව ව්‍යාපී සවිස්තර නීති පනවා ඇති බවක් නොවේ. එය එසේ නොවේ. ඉතිහාසයේ විවිධ කාලපරිච්ඡේද තුළ නො වෙනස් ව පවත්නා මූලික මානුෂික ප‍්‍රශ්න සම්බන්ධයෙන් පමණක් එය සවිස්තර සටහන් පෙන්වා ඇත. මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව නො වෙනස්ව පවත්නා අදෘශ්‍යමාන හේතු වශයෙන් මෙම ප‍්‍රශ්න ගැඹුරට ම කිඳා බැසි තිබේ. සැමදා වෙනස්වන ජීවන තත්ත්වයන්ට අනුකූලව, මිනිසාගේ අනාගත අභිවෘද්ධියට අදාළ වන ඇතැම් සාමන්‍ය මූලධර්ම රාශියකින් ඉස්ලාම් ආගම සංයුක්ත වෙයි. කොටින් කියතොත්, වහල් බව පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආගම විසින් ඉටු කරන ලද දෙය මෙයයි. ස්වේච්ඡුා විමුක්ති ප‍්‍රදානය මගින් වහලූන් මුදවාලීම සඳහා යෝග්‍ය පදනමක් දමා තිබේ. එසේ නැතිනම්, මුදල් ගෙවා නිදහස ලබා ගැනීමට මෙම පැරණි සංකීර්ණ ප‍්‍රශ්නයට ආනගතයේ විසඳුමක් ලැබෙන අයුරින් කටයුතු යොදා තිබේ.

ඉස්ලාම් ආගමෙන් මනුෂ්‍ය ස්වභාවයේ වෙනසක් අනපේක්‍ෂිතය. මනුෂ්‍ය වර්ගයා තුළ පවත්නා අනිවාර්ය සීමා කිරීම්වලට ඉඩ තබමින් එය ශීලාචාර කිරීම හා කිසිදු මර්දනයකින් හෝ තර්ජනයකින් තොරව ශ‍්‍රී සමෘද්ධියේ උපරිම තලයට මනුෂ්‍ය වර්ගයා පමුණුවා ලීම එහි අරමුණය. සමහර පුද්ගලයන් වෙනත් තත්ත්ව වලට පත්කරලීමෙන් එය පුදුම සහගත වාර්තා පිහිටුවා ඇත. මනුෂ්‍ය සමාජය සමස්තයක් වශයෙන් ගත් කළ එහි සාර්ථකත්වයේ අඩුවක් නැත. එය මනුෂ්‍ය ඉතිහාසය තුළ ලබාගත් වෙනත් කිසි දෙයකට දෙවැනි නොවේ. එය මෙසේ වූවත්, මානුෂික සීමාකරණ මධ්‍යයෙහි, ප‍්‍රායෝගික ජීවිතයෙහි දුර්ලභ වූ ද අවශ්‍ය වූ ද සමෘද්ධිමත් තත්ත්වයකට මනුෂ්‍යයා පරිවර්තනය කිරීමට එහි බලාපොරොත්තුවක් නැත. දෙවියන් වහන්සේ මෙය අදහස් කළ සේක් නම්, ආදියෙහි දීම සුර ¥තයන් වැනි මිනිසුන් නිර්මාණය කිරීමට උන්වහන්සේට ඉඩ තිබිණ. සුර ¥තයන් විසින් පමණක් ඉසිලිය හැකි බර ඉසිලීමට ඔවුනට නියම කරනු ඇත. උන්වහන්සේ ඔවුන් ගැන මෙසේ ප‍්‍රකාශ කළහ. ”උන්වහන්සේ ඔවුන්ට නියම කළ කිසිම දෙයකට ඔවුහු අකීකරු නොවෙති. ඔවුන්ට නියම කළ  ඕනෑම දෙයක් ඔවුහු කරති.” (16: 6*. මිනිසුන් මෙවැනි සුර ¥තයන් බවට පත් කිරීමට දෙවියන් වහන්සේ අදහස් නොකළ සේක. උන්වහන්සේ ඔවුන් මිනිසනු කළ සේක. එසේ ම උන්වහන්සේ ඔවුන්ගේ දක්‍ෂතා දනිති. ඔවුන්ගේ දියුණුවට අදාළ ආඥාවන් අනුගමනය කිරීමට හා සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට සුදුසු කාලය ද උන්වහන්සේ දනිති. කෙසේ වෙතත්, වහලූන් මුදා හැරීමේ ව්‍යාපාරය පළමුවෙන් ආරම්භ කළ පුරෝගාමියා හැටියට ඉස්ලාම් ආගමට එය හොඳට ම ප‍්‍රමාණවත් ය. මේ දෙය කිරීමට සෙසු ලෝකයාට සියවස් හතක් පමණ ගතවිය. කෙසේ වෙතත් සත්‍යය තම ඉස්ලාම් ආගම අරාබි අර්ධද්වීපය තුළ වහල්බව ප‍්‍රායෝගිකව අවසන් කොට බොහෝ කල් ගතවී ඇති බව ය. වහල් බව ලෝකයේ සෑම තැනකට ම රිංගා යාමට තුඩුදුන් අලූත් හේතුවක් ඇත. අරාබි අර්ධද්වීපයෙන් වහල් බව මුලිනුපුටා දැමුවාක් මෙන් මුළු ඉස්ලාම් ලෝකයෙන් ම එය මුලිනුපුටා දැමීම එතරම් අමාරු කාරියක් නොවේ. පරවශ්‍යතාව පිළිබඳ මෙම නව හේතුව කෙළින් ම නැති කර දැමීමට ඉස්ලාම් ආගමට පමණක් කළ නොහැක්කකි. ඉස්ලාම් ආගමෙන් පාලනය කළ නොහැකි එහි ම යටත් නොවන විරුද්ධ වාදීන් ද එයට සම්බන්ධ හෙයිනි. වහල් බව සම්පූර්ණයෙන් නැති කර දමනු ලැබීමට විරුද්ධව නැගී සිටි ප‍්‍රබල ම සාධකය වූයේ යුද්ධය. අපි එය මදක් විස්තර කොට සාකච්ඡුා කරමු.

වහලූන්ට මැනවින් සංග‍්‍රහ කිරීමේදීත්, ඔවුන්ගේ මානුෂික ප‍්‍රතිසාධනය කිරීමේදීත් ඉස්ලාම් ආගම පුදුම එළවන, සම්භාවනීය නිදර්ශන කීපයක් ඉදිරිපත් කොට ඇත. මේ අතුරින් අපි කුර්ආන් පාඨ කීපයකුත්, අනාගතවක්තෘ තුමාගේ සම්ප‍්‍රාදය කීපයකුත් ගැන සඳහන් කළෙමු. මෙහි දී, ආදි යුගයේ ප‍්‍රායෝගික ජීවිතයෙන් ලබා ගත් නිදර්ශන කීපයක් කෙටියෙන් සඳහන් කරමු. අනාගතවක්තෘ තුමා මදීනාවෙහි සිටි කාලය තුළ වහලූන් කීප දෙනෙකුන් අතර සහෝදරත්වය තහවුරු කළහ. රබාහ් ගේ පුත‍්‍ර සහ රු වයිහාමා අල්කසාම්ගේ පුත‍්‍ර බාලිඞ්, අනාගතවක්තෘ තුමාගේ නිදහස් කළ වහලා වන සයිඞ් සහ එතුමාගේ මාමා වන හම්සා, සයිඞ්ගේ පුත‍්‍රයා වන ඛරීජා සහ අබූබක්කර්, මේ අයුරින් එතුමා සහෝදරයන් වශයෙන් සම්බන්ධ කළ අය ය. මෙම සහෝදර සම්බන්ධය ලේ ඥාතීත්වය වැනි බැඳීමකි. දැන් ලේ ඥාතින් අතර පමණක් සිදුවන්නාක් මෙන් එකිනෙකාගේ උරුමවන සහෝදරයන් වශයෙන් පුද්ගලයන් දෙනෙකු අතර බැඳීමක් ඇති කරන ලදී.

ඉස්ලාම් ආගම එයින් නතරවූයේ නැත. එය තවත් පියවරක් තැබී ය. මේ අයුරින් අනාගත වක්තෘ තුමා නෑනණ්ඩිය වූ ද, ජාස්ගේ ¥වනිය වූ ද, සෙයිනබ් තමා නිදහස් වූ වහලාට සරණපාවා දුන් සේක. විවාහ සම්බන්ධය පුද්ගලයෙකුගේ විශේෂයෙන් කාන්තාවකගේ ජීවිතයෙහි ඉතා දුර්වල අංගයකි. මේ නිසා සයිනබ් තමාට වඩා පහත් සමාජ තත්ත්වයක් ඇති මිනිසෙකු පිළිගත්ත ද, තමා වැනි නම්බුකාර පවුලකින් නොපැවතෙන කිසිදා ධනයකට හිමිකම් නොකියන පුද්ගලයකුගේ බිරිඳ වීම ඇය නොඉවසුවාය. එහෙත් අනාගතවක්තෘ තුමා මෙසේ කළේ, දුෂ්ට මනුෂ්‍යයින් විසින් අපකීර්තියේ අගාධයට හෙලනු ලැබූ වහලෙකුට වූව ද කුරයිෂ් ප‍්‍රභූවරයෙකුගේ උසස් තත්ත්වයට පමුණුවීමට හැකියි යන ආදර්ශය තැබීම සඳහාය. එහෙත් තවමත් මෙය ඉස්ලාම් ආගමේ තෘප්තියට හේතු නොවේ.

වහල්ලූ, යුද හමුදා ආඥාපතීන්ගේ හා නායකයන්ගේ තත්ත්වය උසස් කරනු ලැබූහ. අනාගත වක්තෘ තුමා, ඉතාමත් කිට්ටු සගයන් ගෙන් විදේශිකයන්, සහායකයන් හා පිළිගත්, අරාබි නායකන්ගෙන් සෑදුනු සේනාංකයක් පිට ප‍්‍රදේශයකට යැවීමේ දී, එහි ප‍්‍රධාන්තවයට පත් කළේ වහලකු වූ සයිඞ්ය. සයිඞ්ගේ මරණින් පසු ඔහුගේ පුත‍්‍රයා වන උසාමා හමුදා නායකයා ලෙස් පත්කරනු ලැබීය. එම හමුදාවේ ද අනාගත වක්තෘ තුමාගේ ප‍්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු හා එතුමාට පසුව එම තැනගත් දෙදෙනා වන අබූබක්කර්, උමර් වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සමන්විත වූවකි. මේ අයුරින් වහලූන්ට අන්‍යයන් හා සමාන තත්ත්වයක් ලබා දුන්නා පමණක් නොව නිදහස් මිනිසුන්ගෙන් සෑදුණු හමුදාවේ ප‍්‍රධානත්වය වැනි උසස් තත්ත්ව වලට ද, ඔවුහු පත්කරනු ලැබූහ. මේ කරුණු සම්බන්ධයෙන් අනාගත වක්තෘ තුමා තම ශ‍්‍රාවකයන්ට මෙසේ කියන ලදැයි සඳහන් වේ. ”ඔබට ඉහලින් ඔබේ නායකයා වශයෙන් පත් කරනු ලැබ ඇත්තේ කෙඳිවැනි හිසක් ඇති නීග්‍රෝ වහලෙකු වූව ද ඔහු දෙවියන් වහන්සේගේ නීතිය කි‍්‍රයාත්මක කරන තුරු ඔහුට ඇහුම් කන් දෙන්න. කීකරුවන්න” (මූලාශ‍්‍රය: බුහාරි*. මේ අයුරින් වහලෙකුට වූව ද ඉස්ලාම් රාජ්‍යයේ ඉහල තනතුරු බලාපොරොත්තු විය හැකි ය. තමාගේ අනුප‍්‍රාප්තිකයා පත් කිරීමේ ප‍්‍රශ්නය මතු වූ අවස්ථාවේ උමර් මෙසේ කීය. ”අබූ හුදයිෆා ගේ වහලා වන සලීම් ජීවතුන් අතර සිටියේ නම් මම ඔහු කලීෆා වශයෙන් පත්කරමි” මෙය අනාගත වක්තෘ තුමාගේ සම්ප‍්‍රදාය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමකි.

උමර්ගේ ජීවිතයත්, මුස්ලිම් සමාජය තුළ වහලූන් භුක්ති විඳි සම්භාවනීය තත්ත්වය පිළිබඳ තව අවස්ථාවක් පැහැදිලි වෙයි. දිනාගත් ඉඩම් පිළිබඳව, කලින් වහලෙකු වූ රබාහ්ගේ පුත‍්‍රයා වන බිලාල් දැඩි ලෙස තමන්ට විරුද්ධ වූ අවස්ථාවේ දී, විරුද්ධ පාර්ශ්වය නිශ්ශබ්ද කිරීමට දැරූ සියලූ ප‍්‍රයත්න අසාර්ථක වූ විට උමර් මෙසේ දෙවියන්ට යාඥා කළේ ය. ”මාගේ දෙවියනි, බිලාල් ඔහුගේ සගයන් සමග මා සමාදාන කරන්න” තමාගේ යටත් වැසියන් අතරින් එක් නිදහස ලත් වහලෙකුගේ විරුද්ධතාවයට කලීෆා වරයෙකු දැක් වූ ප‍්‍රතිකි‍්‍රයා කෙබඳු වූවක්ද?

කතෘ:
මහාචාර්ය මුහම්මද් කුතුබ්

සිංහල පරිවර්තනය:
බී. එන්. ආර්. ජයසේන

Leave a Reply

Your email address will not be published.