පිවිතුරු දේ….

”අල්ලාහ් අති පරිශුද්ධය, ඔහු පිවිතුරු දේ පමණක් පිළිගනි. අල්ලාහ් තම ශාස්තෘවරුන්ට කුමක් නියෝග කළේද එයම විශ්වාවන්තයින්ට ද නියෝග කරයි. ”ශාස්තෘවරුනි! තවද පවිත‍්‍ර දේ අනුභව කරන්න, යහපත් කි‍්‍රයාවන් කරන්න” තවද ”විශ්වාසවන්තයිනි! අපි ඔබට පිරිනමා ඇති පිවිතුරු දේ පමණක් අනුභව කරන්න” යනුවෙන් සඳහන් කරයි. පසුව ශාස්තෘවරයානන් දුර බැහැර ගමනක නිරතවූ පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කළේය, අවුල් වූ හිස කෙස්, (සිරුර පුරා* ¥විලි තැවරී ඇත, ඔහු තම දෑත් අහස දෙස ඔසවා, හිමියාණනි! හිමියාණනි! යනුවෙන් ප‍්‍රාර්ථනා කළේය, නමුත් ඔහුගේ ආහාර, පාන හරාම් වේ (නිත්‍යානුකූල නොවේ*, ඔහු ඇඳ සිටින ඇඳුමද හරාම් වේ (නිත්‍යානුකූල නොවේ*, ඔහුගේ මුළු ජීවනෝපායම නිත්‍යානුකුල නොවේ, මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ ප‍්‍රාර්ථනාවට කෙසේ පිළිතුරු ලැබෙයිද!” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ.
වාර්තාකරන්නේ: අබූ හුෙරෙරා (රලි*.
මූලාශය: මුස්ලිම්.
වාර්තාකරු පිළිබඳ කෙටි විස්තරය :
අබු හුෙරෙරා (රලි* ගේ සැබෑ නම ”අබ්දුර් රහ්මාන් ඉබ්නු සහ්ර් අත්තව්සි” (රලි* යනු වේ. එතුමන් කෛබර් කෝට්ටේ ජයගත් හිජ්රි 7 වැනි වර්ෂයෙහි ඉස්ලාම් දහම වැළඳගත්හ. සිප් සත හැදෑරීම සඳහා නබි (සල්* තුමන් සමග මුළු කාලයම කැප කළේය. හදීස් වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ විරුදාවලිය හිමිවන්නේද මෙතුමන්ටයි.

මෙම හදීසයෙහි වැදගත් භාවය:

ආගමික නීති රීතින් කිහිපයක් අන්තර්ගත මෙම ප‍්‍රකාශය තුළ තවත් විවිධ සුවිශේෂත්වයන් රාශියක් පවති. යහපත් කි‍්‍රයාවන් මගිනුයි කෙනෙකු අල්ලාහ්ට සමීපවිය හැක්කේ. නමුත් එම යහපත් කි‍්‍රයාවන් පිළිගනූ ලැබීමට කොන්දේසිය වන්නේ, කෙනෙකුගේ අහාර පාන ඇඳුම් පැළඳුම් සියල්ල හලාල් (අනුමත වූ මාර්ගයෙන් ඉපැයූ දේ* විය යුතුයි යන කරුණ මෙම පුවත මොනවට පැහැදිළි කරයි. තවද හරාම් (නිත්‍යානුකූල නොවන* දෙයින් මුළුමනින් බැහැර විය යුතුය. එසේ නොවන විට එය කෙනෙකුගේ ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ නොපිළිගනු ලැබීමට හේතු වේ. ප‍්‍රාර්ථනාව යනු අලල්ාහ් කරා සමීපවීමට තරම් බලවත් යාඥාවන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ වූ යාඥාවකි.

අල්ලාහ් සියළු අඩු ලූහුඬු කම් වලින් පරිශුද්ධයි :

අල්ලාහ් සියළු දුර්වලාතාවන්ගෙන්, අවශ්‍යතාවන්ගෙන් පරිශුද්ධයි. උදාහරණයට: බිරිඳ, ¥දරුවන් වැනි දේ කිව හැක. අල්ලාහ් මෙසේ පවසයි: ”දයාළුවන්තයා වූ අල්ලාහ් (තමන්ට* පුත‍්‍රයෙකු බිහිකරගෙන ඇතැයි යනු (කිතුවරුන්* පවසති. නියතයෙන්ම ඔබ මහත් බොරුවක් ගොතා ඇත (යනු ශාස්තෘවරයානනි පවසන්න*. (මෙම ප‍්‍රකාශය කෙතරම් භයානක දැයි* ඒ නිසා අහස පිපිරීමටත්, පොළොව වෙන් වී යෑමටත්, කඳු පර්වතයන් සුන් විසුන් වීමටත් යයි. තවද අල්ලාහ්ට පුතෙකු ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් ඔහුට නැත”
(19: 88- 92*.

තවද අල්ලාහ් සියළු අයුක්ති වලින් පරිශුද්ධ වන්තයාය. ඔහු මෙසේ පවසයි:

”නියතයෙන්ම අල්ලාහ් කිසිවෙකුට පරමානූවක තරම් හෝ අයුක්තියක් නොකරයි” (4: 40*.

තවද අල්ලාහ් නිද්‍රෝපගත වීමෙන් ද පරිශුද්ධ වන්තයාය. අල්ලාහ් පවසයි:

”ඔහු නිද්‍රෝපගතවන්නේ ද, සුළු නින්දක් ද ඔහුට නැත” (2: 255*.

ඔහුගේ ගෞරවයට හා කීර්තියට ඔබින ආකාරයට ඔහු සියළු දුර්වලතාවන්ගෙන් පරිශුද්ධවන්තයා යනු අල්කුර්ආනය පැහැදිළි කරයි.

”සැබවින්ම අල්ලාහ් පරිශුද්ධ වන්තයාය” යන නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශය තුළින් ගම්‍යමාන වන්නේ: ඔහු සියළු දුර්වලතාවන්ගෙන් සුවිශුදධ බවයි.

පිළිගනු ලැබේ යනුවෙන් අදහස් කෙරෙන්නේ:

”යහපත හැර ඔහු නොපිළිගනි”. යහපත පමණයි ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේ යන්නට ඉතහ සඳහන් ප‍්‍රකාශය සාධක වේ. මේ හැර වෙනත් නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශයන් තුළින් ද මෙම අදහස ගම්‍යමාන වේ. මෙය පුළුල්ව විග‍්‍රහකරන විට පහත සඳහන් අදහස ඉස්මතු වෙයි: ”යාඥාවන් පිළිගනු ලැබීමට පවතින කොන්දේසි සම්බන්ධව අලස භාවයක් දක්වන විට, ආගමික මූලික කරුණු සම්බන්ධව නොසැළකිලිමත් වන විට, හරාම් (තහනම්* දේ කරන විට ප‍්‍රාර්ථනාවන් හා යාඥාවන් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබේ.

1- සඳහන් වන වාර්තාවන් අනූව, ඔහු ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවන් මගහැරෙන අතර ඒ වෙනුවෙන් ලැබෙන යහපත ද නොලැබෙයි.

මෙයට සාධක වශයෙන්: ”මෙම මස්ජිදයේ අපවිත‍්‍රව සිටින කිසිදු කාන්තාවකගේ සලාතයන් නොපිළිගැනේ. ඇයට අනිවාර්්‍ය වූ එම ස්නානය ඉටු කර ඇය පැමිණෙන තෙක්” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: අබූදාවුද්, සහීහුල් ජාමිඃ 2762 – ෙෂෙක් අල්බානි*.

2- යාඥාවන් නොපිළිගැනේ යනුවෙන් අදහස් කෙරෙන්නේ, එම යාඥාවන් අසම්පූර්ණව කිරීම නිසා ඒ සඳහාවූ යහපත නොලැබී යෑමයි.

උදාහරණයට: ”දා්වනය නිෂ්ඵල වූ විට යළි දෝවනය නොකර ඉටු කරන සලාතයන් අල්ලාහ් නොපිළිගන්නේය” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (වාර්තාකරන්නේ: අබූ හුෙරෙරා (රලි*- මූලාශ‍්‍රය: මුස්ලිම්*.

පවිත‍්‍රත්වයෙන් තොර කෙනෙකු සලාතය ඉටු කරයි නම් එය අල්ලාහ් ඉදිරියේ පිළිනොගෙන අතර ඔහු අනිවාර්්‍ය භාවයෙන්ද නොමිදෙයි. (එබැවින් කෙනෙකු පවිත‍්‍රත්වයෙන්, දෝවනයෙන් තොර සලාතය නොකළ යුතුයි*. කවුරුන් පවිත‍්‍රව, දෝවනය කර සාලතය ඉටු කරයි ද එවිටයි ඔහු අනිවාර්්‍ය භාවයෙන් මිදෙන්නේ, තවද ඔහුගේ සලාතය ද පිළිගනු ලබන්නේ.

”යහපත හැර නොපිළිගැනේ” යන නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශය තුළින් ගම්‍යමාන වන්නේ: යහපත් කි‍්‍රයාවන් සඳහාවූ ප‍්‍රසාදය, අල්ලාහ්ගේ තෘප්තිය, දේව ¥තවරුන්ගේ පැසසුමට ලක්වීම, ඔහුගේ යහපත නිසා දේව ¥තවරුන් ආඩම්බරයට පත්වීම ආදි යහපත් සියල්ල ඔහුට අහිමි වේ. තහනම් මාර්ගයෙන් ඉපැයූ මිළ මුදල්වලින් කෙරෙන දාන මාන අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ යන්නට පහත සඳහන් ප‍්‍රකාශය සාධක වේ:

”පවිත‍්‍රත්වයෙන් තොර කෙරෙන සලාතය හා, ප්‍රෝඩාවෙන් උපයන මුදලින් කෙරෙන දන් දීම අල්ලාහ් අභියස නොපිළිගැනේ” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්*.
ඉමාම් ෂාෆිඊ (රහ්* තුමන්ගේ මතය වන්නේ: තහනම් මාර්ගයෙන් ගනු ලැබූ දේ ආරක්‍ෂා කළ යුතුයි. එහි අයිතිකරු හඳුනා ගන්නා තෙක් එය දන් දීමට නොහැක. එයින් දාන මාන කිරීම ද තහනම් වේ. කෙනෙකුට අයත් මුදල් සොරකම් කරනු ලබයි, ඉන් පසු ඔහු එම ප‍්‍රදේසයෙන් පිටවී යයි. ඔහුට එය දන්වන තෙක් එය රඳවා ගත යුතුයි.
හලාල් අනුමත දේ අනුභව කිරීම:

”අල්ලාහ් තම ශාස්තෘවරුන්ට නියෝග කළේ කුමක් ද එයම විශ්වාසවන්තයින්ට ද නියෝග කළේය” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ.

තවද අල්ලාහ් මෙසේ පවසයි:

يَاأَيُّهَا الرُّسُلُ كُلُوا مِنْ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا

”ශාස්තෘවරුනි පවිත‍්‍ර දේ අනුභව කරන්න, තවද යහපත් කි‍්‍රයාවන් කරන්න” (23: 51*.

يَاأَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ

”විශ්වාසවන්තයිනි! මා ඔබට පිරිනමා ඇති පරිශුද්ධ දෙයින් අනුභව කරන්න.” (2: 172*.

අල්ලාහ් විසින් අනුමත කළ දේ අනුභව කරන ලෙසත්, නිත්‍යානුකුල මාර්ගයෙහි ඉපැයීමටත්, ඔහු තහනම් කල දෙයින් ඉවත් වී සිටීමටත් ඉහත හදීසයෙන් තහවුරු වෙයි.

අල්ලාහ් මෙසේ පවසයි:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمْ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ فَمَنْ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ :173ථ 2*

”ඔබට තහනම් කළ ඇත්තේ ස්වභාවයෙන්ම මැරුන, ලේ, ඌරු මස්, අල්ලාහ්ගේ නාමයෙන් තොර වෙනත් නම් පවසා කැප කරන ලද දෙය” (2: 173*.

අල්ලාහ් තහනම් කළ දේ ඉතා අල්පය නමුත් ඔහු අනුමත කළ දේ බහුලය. එබැවින් යමෙකු තම ආහාර, පාන, ඇඳුම් පැළඳුම් සියල්ලෙහි අනුමත දේ පමණක් තෝරාගත යුතුයි. මන්ද තහනම් කළ දේ ඔහුගේ යාඥාවන්, ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබීමට ලොකුම බාධකය වේ.

යාඥාවන් පිළිගනු ලැබීමට පවතින කොන්දේසි :

යහපත කිරීමට අල්ලාහ් අණ කර සිටි.

ඔහු මෙසේ පවසයි:
فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا

”කවුරුන් තම හිමියන්ගේ හමුව අපෙක්‍ෂා කරයිද ඔහු යහපත් කි‍්‍රයාවන් කරත්වා” (18: 110*.

යහපත් කි‍්‍රයාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබීමට විවිධ කොන්දේසීන් පවතී. නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශයෙන් ගම්‍යමාන වන තවත් කරුණක් නම් ”යහපත හැර අල්ලාහ් අභියස නොපිළගැනේ” පිවිතුරු (තයියිබ්* යනු, දාන මාන පමණක් නොව සෙසු සියළු යාඥාවන් පිළිගනු ලැබීමට කොන්දේසිය වේ. අල්ලාහ් අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් කරයි:

إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ

”පරිශුද්ධ වචනයන් ඔහු කරා ඉහළ නැෙඟ්. තවද යහපත් කි‍්‍රයාවන් එය (අල්ලාහ් කරා* ඉහළ නංවයි” (ෆාතිර් 35: 10*.

පරිශුද්ධ වචනයන් යනු (දික්ර්* අල්ලාහ් සිහි කිරීම, (තිලාවත්* අල්කුර්ආන් පාරායනය, (දුආ* ප‍්‍රාර්ථනාව.
වචනයන් හා කි‍්‍රයාවන් යහපත් විය යුතුයි යනුවෙන් අදහස් කෙරෙන්නේ:

වචනයන් හා කි‍්‍රයාවන්හි මුනිචිචාව නොපැවතීමත්, අපේ සිතුවිලි, ෙචිතනාවන් පවා මුනිචිචාවෙන් පරිශුද්ධ වීමත් වේ. අප හිමියන් අපට නියෝග කළා සේ අප ජීවිතය සකසා, ඔහුගේ අණ පනත්වලට යටත්වී කටයුතු කළ යුතුයි.

ප‍්‍රාර්ථනාවන්ට මූලිකත්වය හිමිවන කරුණු:

1- දිගු ගමන :

මෙයට සාධක වශයෙන් නබි (සල්* තුමන්ගේ දීර්ග ගමනක යෙදුනු පුද්ගලයා පිළිබඳ ප‍්‍රකාශය, මගියෙකුගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට ඇති හේතු කාරණා පිළිබඳ අල්ලාහ් හොඳින් දන්නේය. මන්ද මගියෙකු තම ගමනෙහිදී බොහෝ දුරට වෙහසට පත්වෙයි, වෙනත් බොහෝ ශ‍්‍රමයන් ඔහුට ඇත, මෙය ප‍්‍රාර්ථනාවන් පිළිගනු සඳහා ඇති වැදගත් සාධකයකි.

වැඩි දැනුමක් සඳහා :

මෙයට සාධක වශයෙන් තවත් හදීසයක් පවති, ”සැකයෙන් තොර තිදෙනෙකුගේ ප‍්‍රාර්ථනාවන් පිළගනු ලැබේ. අසාධාරණයට ලක්වූ තැනැත්තාගේ ප‍්‍රාර්ථනාව, මගියෙකුගේ ප‍්‍රාර්ථනාව, දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනාව” (තිර්මිදි, අබූදාවුද්*.

2- ඔහුගේ භාහිර රූපයෙහි දක්නට ලැබෙන සංවර භව:

හිස කෙස් අවුල් වී, ¥විලි තැවරුනු යන නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශයෙන් ගම්‍ය මාන වේ.

3- දෙ අත් අහස වෙත එසවීම :

”ඔහුගේ දෙඅත් අහස කරා ඔසවා හිමියනි! හිමියනි! යන වචනයෙන් තහවුරු වේ. තවද නබි (සල්* තුමන් පැවසූහ: ”සත්‍ය වශයෙන්ම අල්ලාහ් ජීවමානයි, සදාතනිකයි, දාන පතියෙක් කව්රුන් හෝ ඔහු කෙරෙහි තම දෑත් ඔසවා ප‍්‍රාර්ථනා කරන විට එම දෑත් හිස්ව යවන්නට ඔහු ලැජ්ජා වෙයි” (අහ්මද්, අබූදාවූද්, තිර්මිදි*.

නබි (සල්* තුමන් බද්ර් සටන අවස්ථාවෙහිදීත්, වැසි වැසීමට ප‍්‍රාර්ථනා කළ විටත් තම දෑත් ඔසවා ප‍්‍රාර්ථනා කළහ.

දෙඅත් එසවීමේ ක‍්‍රම:

1- මහ පොට ඇඟිල්ලෙන් පමණක් සඥා කිරීම, නබි (සල්* තුමන් වේදිකාවේ සිටින විට මෙසේ කළහ.

2- කිබ්ලාවට මුහුණලා දෙඅත්ලෙහි පිට පැත්ත එසවීම.

3- අහස දෙසට දෙඅත්ලෙහි මතු පිට පැත්ත එස වීම.

නබි (සල්* තුමන් වැසි පතා ප‍්‍රාර්ථනා කළ විට දෙ අත්ලෙහි පිට පැත්ත අහස දෙසට එසව්වේය. (වාර්තාකරන්නේ: අනස් (රලි* – මූලාශ‍්‍රය: මුස්ලිම්*.

නබි (සල්* තුමන් වැසි පතා සලාතය කළ විට තම දෑත් කිසිල්ල පෙනෙන තෙක් එසෙව්වේය. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

4- හෘදයාංගව, බැගෑපත්ව ප‍්‍රාර්ථනා කිරීම :

ඔහුයි අප හිමියන් යනු නිරතුරුව සිහිපත් කරයි. නබි (සල්* තුමන්ගේ ”යා රබ්, යා රබ්” යන වචනයෙන් මෙයි පිළිබිඹු වෙයි. මාගේ අවශ්‍යතාවන් ඔහු විසින් පමණයි ඉටු කර දිය හැක්කේ යන අපේක්‍ෂාව, දැඩි විශ්වාසය යන්නට ඉහත සඳහන් වාක්‍ය සාධක වේ.

මෙයට තවත් නිදර්ශනයක් කිව හැක: ”නබි (සල්* තුමන් ප‍්‍රාර්ථනා කළ විට තෙවරක් ප‍්‍රාර්ථනා කරයි, ඉල්ලන විට තෙරවක් ඉල්ලයි, කුෙරෙෂ්වරුන්ගේ වගකීම ඔබම භාරගනු” යනුවෙන් නබි (සල්* තුමන් තෙවරක් ප‍්‍රාර්ථනා කළහ. (මූලාශ‍්‍රය: මුස්ලිම්*.

5- තම සිතුම් පැතුම් අල්ලාහ් අභියස පිළිගනු ලැබීමට ආහාර, පාන, ඇඳුම්, පැළඳුම් ආදි දෙහි හලාල් අනුමත දේ භාවිතා කිරීම.

නබි (සල්* තුමන්ගේ මතු සඳහන් ප‍්‍රකාශය මෙය පසක් කරයි. එනමුත් ඔහුගේ ආහාර, පාන හරාම් නිත්‍යානුකුල නොවේ, ඔහු ඇඳ සිටි වස්ත‍්‍රද හරාම් නිත්‍යානුකුල නොවේ, ඔහුගේ මුළු ජීවිතයම නිත්‍යානුකුල නොවේ, මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ ප‍්‍රාර්ථනාවට කෙසේ පිළිතුරු ලැබෙයිද! යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. මෙම ස්ථානයෙහි ආශ්චර්්‍යමත් ලෙස එතුමන් විමසීමෙන් එය ඉතා දුරස්ව පවතින බව පැහැදිළ වෙයි.

සඃද් (රලි* තුමන්, වරක් නබි (සල්* තුමන්ගෙන් මාගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට මා කෙසේ කටයුතු කළ යුතුද? යනු ප‍්‍රශ්න කළ විට, ”ඔබේ ආහාරයට අනුමත දේ පමණක් තෝරාගන්න, ඔබ ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබුනු කෙනෙකු වන්නේය” යනුවෙන් පිළතුරු දුන්හ.
තවද ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට විවිධ කාරණා ඇත එය මෙහි සඳහන් කර නොමැත. (අල්ලාහ්ට ආදේශයන් නොකිරීම, ශාස්තෘවරයානන්ගේ මග පෙන්වීම ඔස්සේ යාඥාවන් කිරීම*

Leave a Reply

Your email address will not be published.