කුර්ආනය සහ විද්‍යාව-03

කළල විද්‍යාව:

කුර්ආනයේ සඳහන් වන මානව ප‍්‍රජනන කි‍්‍රයාවලිය සම්බන්ධව බොහෝ කරුණු, මෙම විෂයය පැහැදිලි කිරීමට මානව නිදර්ශණයන් පතන නූතන කළල විද්‍යා විශේෂඥයන්ට විශාල අභියෝගයක් එල්ල කර ඇත. මූලික විද්‍යාවන්ගේ උපත සහ ”අන්වීක්‍ෂය” සොයාගැනීමෙන් අනතුරුව ඇතිවූ ජීව විද්‍යාත්මක සොයාගැනීම්වලට උපයෝගීත්වයෙන්, පසු කලකදී, කුර්ආනයේ සඳහන් මෙම කරුණු වල ගැඹුරු බව අවබෝධ කර ගැනීමට මිනිසාට හැකියාව ලැබුණි. 7 වන සියවසේ මුල්භාගයේ ජීවත් වූ මිනිසෙකුට මෙවැනි ඉතා සංකීර්ණ හා නිවැරදි කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම කිසිසේත්ම කළ නොහැක්කකි.

මැද පෙරදිග හෝ අරාබියේ විසූ මිනිසුන්, යුරෝපීය හෝ අන්‍ය ජාතීන් විසින් මේ විෂයය සම්බන්ධයෙන් දැන සිටි කරුණු වලට වඩා වැඩි යමක් දැනි සිටි බවට කිසිම ආකාරයක ඓතිහාසික සඳහනක් අපට දක්නට නොමැත. අද කුර්ආනය හා ස්වභාවික විද්‍යාවන් පිළිබඳව නිපුණ දැනුමක් සහිත බොහෝ මුස්ලිම්වරුන් විසින් මානව ප‍්‍රජනනය සම්බන්ධව කුර්ආනයේ එන කරුණු හා නූතන විද්‍යාත්මක සොයාගැනීම් අතර පුදුම උපදවන සුළු සමානත්වය පැහැදිලිව ඔප්පු කර ඇත.

18 වියැති සෞදි අරාබියේ හැදී වැඩුණු මුස්ලිම් තරුණයෙකු මානව ප‍්‍රජනනය පිළිබඳව මා හා කළ ප‍්‍රකාශය මෙහිදී මට නිරන්තරයෙන්ම සිහියට නැෙඟ්. ඔහු කුර්ආනය ගෙනහැර දක්වමින් මේ පොත අපට මේ විෂයය සම්බන්ධ අත්‍යවශ්‍ය සියළු තොරතුරු ලබා දී ඇත. මා පාසල් යන අවධියේදී මගේ ගුරුවරුන් දරුවෙකු උපදින්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට කුර්ආනය උපයෝගී කරගන්නා ලදී. ඔබේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පොත් (බටහිර ලිංගික අධ්‍යාපනය පිළිබඳව වූ ග‍්‍රන්ථ) මේ කරුණු සම්බන්ධයෙන් සිටින්නේ පසු පසිනි.”

ප‍්‍රජනනය පිළිබඳව කුර්ආනයේ දැක්වෙන සියළු කරුණු සවිස්තරාත්මකව මෙහි හුවා දැක්වීමට මා උත්සාහ දැරුවහොත්, සිදුවනුයේ මෙම කුඩා පොත්පිංච මහා ග‍්‍රන්ථයක් බවට පරිවර්තනය වීමයි. ”බයිබලය, කුර්ආනය සහ නුතන විද්‍යාව” නම් මාගේ ග‍්‍රන්ථයෙහි, මේ සම්බන්ධ සවිස්තර විද්‍යාත්මක පැහැදිලි කිරීම්, සරල භාෂා විලාශයකින් ඉදිරිපත් කර ඇති අතර, එය අරාබි බස නොදත් හෝ කළල විද්‍යා විෂයය ගැන නොදත්  ඕනෑම අයෙකුට කුර්ආනයේ මේ සම්බන්ධව ඉදිරිපත් කර ඇති කරුණු, නූතන විද්‍යාත්මක දැනුම ඇසුරින් සරලව හා වටහා ගැනීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත.

කුර්ආනය ලොව පහළ වු අවධියේ මිනිසා තුළ වූ විශ්වාසයන් ගැන සළකා බැලීමේදී කුර්ආනයේ එන මෙම නූතන විද්‍යාව හා බෙහෙවින්ම සැසඳෙන, විද්‍යාත්මකව පිළිගත හැකි කරුණු අප සැම මවිතයෙන් මවිතයට පත්කරවීමට සමත්ය. කුර්ආනය පහළ වූ අවධියේ මේ විෂයය සම්බන්ධයෙන් මිනිසා තුළ වූ කිසිදු වැරදි, මිථ්‍යා අදහසක් කුර්ආණයෙහි සඳහන් නොවීමද මෙහි ඇති තවත් වැදගත් සලකා බැලිය යුතු කරුණකි.

සංසේචනය:

අපි දැන් ”ශුක‍්‍රාණුවක (පුරුෂ බීජයක) ඇති සංකීර්ණතාවය සහ සංසේචනය සඳහා ඉතා සුළු ප‍්‍රමාණයක ශුක‍්‍රධාතු ප‍්‍රමාණයක් සෑහීම” යන කරුණු සම්බන්ධයෙන් කුර්ආනයේ සඳහන් දෑ වෙන් වශයෙන් සලකා බලමු. මෙය අල් ඉන්සාන් පරිච්ඡේදයේ දැක්වේ.

”සැබැවින්ම මා මිනිසා මැවූයේ ඉතා සුළු ප‍්‍රමාණයක සම්මිශ‍්‍රිත තරලයකිනි.” (ශු: කුර්ආනය: 76: 2).

“nutfah” යන අරාබි වදන ”සුළු ප‍්‍රමාණයක්” ලෙස මෙහිදී පරිවර්තනය කර ඇත. එය වැගිරීම, කාන්දුවීම යන අරුත් ඇති ක‍්‍රියාපදයෙන් බිඳී එන අතර බාල්දියක ඇති දෑ හිස් කළ පසුව එහි අඩිය මත ඉතිරි වී ඇති ද්‍රව්‍ය යන්න විස්තර කිරීමට විශේෂණ පදයක් ලෙසද යොදා ගැනේ. ඉහත දැක්වූ කුර්ආනීය වගන්තියෙන් සංසේචනය සිදුවීමට භාවිතා වනුයේ ඉතා තරල ප‍්‍රමාණයක් පමණක් බව ඉතා පැහැදිලිව සඳහන් වේ.

තවද “amshaaj” නම් අරාබි වදන ”සම්මිශ‍්‍රිත තරලය” ලෙස පරිවර්තනය කෙරෙන අතර, එය අතීතයේ පටන් විස්තර විචාරකයින් විසින් ස්ත‍්‍රී සහ පුරුෂ ශ‍්‍රාවයන්ගේ මිශ‍්‍රණයක් ලෙස පැහැදිලි කර ඇත. එසේ වූවද නූතන සංස්කාරක වරුන් විසින් එය නොයෙකුත් ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වූ ”ශුක‍්‍ර තරලය” ලෙස නිවැරදිව විස්තර කරයි.

ශුක‍්‍ර තරලය – වෘෂණ කෝෂ, ශුක‍්‍ර ආශයිකා, ප්‍රොස්ටේට ග‍්‍රන්ථිය සහ කුෆර් ග‍්‍රන්ථිය යන කොටස් වලින් නිකුත් කරනු ලබන ශ‍්‍රාවයන්ගෙන් සමන්විත වේ.

සංසේචනය තරලය විවිධ ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වන බව දක්වන කුර්ආනය අනාගත ප‍්‍රජනිතයින් බිහිවනු ලබන්නේ මෙම තරලයෙන් උකහාගත් යම් කොටසකිනැයි ”අස් සජ්දාහ්” පරිච්ඡේදයේදී හෙළිකරයි.

”ඉතින් ඔහු මිනිසාගේ දරු පරපුර නොසැලකිය හැකි තරම් සුළු තරල ප‍්‍රමාණයකින් උකහාගත් සාරයෙන් ඇතිකරන ලදි.” (ශු කුර්ආනය : 32: 8).

“Sulaalah” යන අරාබි වදන ”සාරය” ලෙස පරිවර්තනය කෙරෙන අතර එහි නියම අර්ථය වනුයේ ”යමකින් පෙරාගනු ලැබූ එහි අඩංගු හොඳම කොටස” යන්නයි. කුමන ආකාරයකින් එය පරිවර්තනය කළද එය යමකින් ලබාගත් කුඩා කොටසක් ලෙස පෙනී යයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේදී ලිංගික සංසර්ගයේ යෙදෙන මිනිසෙකු විසින් පිටකරනු ලබන මිලියන 50 කට අධික වූ ශුක‍්‍රානු අතුරින් ස්ත‍්‍රී ඩිම්බයක් (ස්තී‍්‍ර ඩිම්බ කෝෂ මගින් නිකුත් කරන ඩිම්බ ෙසෙලය හෙවත් ”බිත්තරය”) සමඟ සම්බන්ධවීමට හැකියාවක් ලැබෙනුයේ එක් ශුක‍්‍රාණුවකට පමණි.

අධිරෝපණය:

ස්ත‍්‍රී ශරීරය තුළ පිහිටි පැලෝපීය නාල තුළදී සංසේචනය වූ ඩිම්බය (බිත්තරය) හෙවත් අණ්ඩ ෙසෙලය ක‍්‍රමයෙන් එම නාල තුළින් පහතට සංක‍්‍රමණය වී ගර්භාෂය තුළ තැන්පත් වේ. මෙම කි‍්‍රයාවලිය ”කළලයේ අධිරෝපණය” ලෙස හඳුන්වනු ලැබේ. අධිරෝපණය සිදුවනුයේ කළලයෙන් (ඩිම්බය හා ශුක‍්‍රාණුව එක්වීමෙන් සෑදුණු යුක්තාණුව විකාශණය වීමෙන් සෑදුණු ව්‍යූහය කළලය නම් වේ).

පිටතට වර්ධනය වන ක්‍ෂුද්‍ර අංගුලිකා නමැති ප‍්‍රසර විශේෂයක් හේතුවෙනි. (මේවා පසුව කළල බන්ධයන් බවට වැඩි දියුණු වේ.) මෙම ප‍්‍රසර ගසක් එහි මුල් මඟින් පොළවට සවිවී ඇති අයුරින්ම කළලය ගර්භාෂ බිත්තියට දැඩිව සවිකර තබමින් ගර්භාෂ බිත්තිය තුළින් වැඩෙන කළලයට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍යයන් උකහා දෙනු ලබයි. මෙම අධිරෝපණ කි‍්‍රයාවලිය කුර්ආනයේ බොහෝ කොටස්වල ඉතා යෝග්‍ය ආකාරයෙන් විස්තර කෙරේ. ”අලක්” යන පරිච්ඡේදයම මෙම තේරුමින් නම්කර ඇත.

”දෙවියන් වහන්සේ මිනිසුන් නිර්මාණය කර ඇත්තේ ආසක්ත ව්‍යූහයකිනි.” (ශු: කුර්ආනය 96: 2).

“Alaq” යන අරාබි වදනෙහි මූලික/ප‍්‍රධාන තේරුම වූ ”ආසක්ත ව්‍යූහය” යන්න හැරුණු විට වෙනත් සුදුසු පරිවර්තනයක් මෙහිදී යෙදිය හැකි යැයි මම නොසිතමි. මෙහිදී මහාචාර්්‍ය හම්දුල්ලාහ්ගේ පරිවර්තනයේ මෙය ”රුධිර කැටියක් ලෙස දක්වා තිබීම සාවද්‍ය වූවකි. ”රුධිර කැටිය” යන්නද මෙම වදනින්ම ව්‍යූත්පන්න වූ අදහසක් වූවද මෙම වගන්තියේදී එය භාවිතා කිරීම යෝග්‍ය නොවේ.

කළලය:

මවගේ දේහයේ ගර්භාෂය තුළ කළලයේ සිදුවන පරිණාමය පිළිබඳව කුර්ආනයේ ඉතා කෙටියෙන් විස්තර කර ඇති නමුදු එය ඉතා නිවැරදි වූවකි. එහි සරල වචන භාවිතයෙන් දක්වා ඇති සියළු දෑ කළලයේ වර්ධනය සම්බන්ධව වූ මූලික වර්ධක අවධීන් හා මනාව සැසඳේ. ”අල් මූමිනූන්” පරිච්ඡේදයේදී අපි කියවනු ලබන්නේ මෙම කරුණුය.

මවිසින් නිර්මාණය කරන ලද ආසක්ත ව්‍යූහය, හපයක් බඳු මාංශ ගුලියක් බවට පත්කර, ඉන්පසු ඒ තුළින් අස්ථින් නිර්මාණය කර, එම අස්ථින් මාංශ පේශීන්ගෙන් ආවරණය කර ආරක්‍ෂා කළෙමි.” (ශු. කුර්ආනය 23: 14).

”හපයක් බඳු මාංශ ගුලිය” යන හැඳින්වීම (mulghag) මිනිස් කළල විකසණයෙහි එක් මුල් අවධියක පෙනුම විස්තර කිරීමට සැබැවින්ම යෙදිය හැක. එසේම අස්ථි වර්ධනය සිදුවනුයේ මෙම අවස්ථාවේ මෙම ව්‍යූහය තුළය. තවද මෙසේ සෑදෙන අස්ථින් පසුව මාංශ පේශීන්ගෙන් ආවරණය වීමද සිදුවේ. (lahm) හෙවත් ”ආවරණ මාංශ” ලෙස කුර්ආනයෙහි මෙය දක්වා ඇත.

කළල විකසනයේ ඇතැම් අවධිවලදී සමහරක් අවයව කොටස් එයින් ඇතිවන අනාගත ජීවියාගේ දේහයේ ඇති ආකාරයට ප‍්‍රමාණාත්මක සබඳතාවයන් සහිතව වර්ධනය වන අතර, තවත් සමහර විකසන අවධිවලදී මෙය ප‍්‍රමාණාත්මකතාවයෙන් ඈත්ව පවතී. මෙය කුර්ආනයෙහි ”අල්හජ්” පරිච්ඡේදයෙහි දැක්වේ.

මස් ගුලියක් හා වෙලි පැවති ද්‍රව්‍යයක් බවට ප‍්‍රමාණාත්මකව හා ප‍්‍රමාණයෙන් පිට අප මිනිසා නිර්මාණය කළෙමු.

”මම මිනිසා නිර්මාණය කිරීමට යොදාගත් අසක්ත ව්‍යූහය මස් ගුලියක් බවට හරවා ඉන්පසු එය ප‍්‍රමාණාත්මකව හා ප‍්‍රමාණාත්මක නොවන පරිදි සැකසුවෙමි.” (ශු කුර්ආනය 22: 5).

මීළඟට සංවේදනයන් ඇතිවීම හා අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන් ව්‍යූත්පන්න වීම සම්බන්ධව ”අස්- සජදාහ්” පරිච්ඡේදයේ දැක්වෙන දෑ සලකා බලමු.

…. ”තවද දෙවියන් වහන්සේ ඔබට කන්, ඇස් සහ හෘදය නියම කළේය” (ශු කුර්ආනය: 32: 9).

මෙහි සඳහන් කිසිවක් අද අප දන්නා දත්ත හා පරස්පර විරෝධී ඒවා නොවේ. එසේම කුර්ආනය බිහිවූ අවධියේ මිනිසුන් තුළ වූ දුර්මත කිසිවක්ද එහි අන්තර්ගත නොවේ. මධ්‍යතන යුගයේදී මානව වර්ධනය පිළිබඳව විවිධාකාරයේ මිථ්‍යා හා අනුමාන මත පදනම් වූ විශ්වාස බොහෝ පැවති අතර ඒවා එම යුගයේ සිට ශතවර්ෂ ගණනාවක් ඉදිරියට වූ කාලය පුරාද එලෙසම මිනිසුන් තුළ පැවතුණි. ඉතිහාසය ගැන සලකා බලන කළල විද්‍යාව සම්බන්ධව එහි ඉතාමත් මූලික, ප‍්‍රාථමික අවධිය ආරම්භ වනුයේ 1651 දී ”විලියම් හාවි” විසින් ”ජීවය මූලාරම්භය ලබනුයේ බිත්තරයක් තුළිණි” යැයි කළ ප‍්‍රකාශයත් සමගය.

(විලියම් හාවි (1578- 1675) ඉංග‍්‍රීසි ජාතික වෛද්‍යරයෙකු වූ අතර ”රුධිර සංසරණය” පිළිබඳව නිවැරදි අදහස් හා හෘදයේ නියම ක‍්‍රියාකාරිත්වය රුධිරය පොම්ප කිරීම වශයෙන් මුල්වරට ලොවට හඳුන්වා දුන්නේ ඔහු විසිනි).

(නව බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂය – 5 වෙළුම – පිටු අංක 734).

මෙම අවධිය වන විට අන්වීක්ෂයේ සොයාගැනීම තුළින් විද්‍යාව විශාල දියුණුවක් ලබා තිබුණද, ඩිම්බය හා ශුක‍්‍රාණුවෙහි කි‍්‍රයාකාරීත්වයන් පිළිබඳව මිනිසුන් අතර නොයෙකුත් තර්ක විතර්ක හටගෙන තිබුණි. ”බෆන්” නමැති ශ්‍රේෂ්ඨ ස්වභාව විද්‍යාඥයා ”ඩිම්බ න්‍යාය” නම් මතවාදය මුල්වරට ඉදිරිපත් කළ අතර ”බොනට්” විසින් එයට සහයෝගය දක්වමින් ”ඒව්ගේ ඩිම්බකෝෂය” නම් වූ වාදයක් ගෙනහැර දැක්වීය. මෙහිදී ඒව් මානව වර්ගයාගේ මව ලෙස සැලකු අතර, ඇයගේ දේහය තුළ සියළු මිනිසුන්ට අදාල බීජයන් සියල්ල එකක් තුළ එකක් වශයෙන් ගොණුකර ගබඩා කර තිබුණි යැයි ඔවුහු පවසති.

මතු සම්බන්ධයි…….

ආචාර්ය මොරිස් බුඛෙයිල් ප‍්‍රංශ වෛද්‍ය විද්‍යා ඇකඩමිය

සිංහල පරිවර්තනය: නජ්මා පෙරේරා.

www,yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.