වෛකල්පික සලාතයන් සහ එහි ශ්‍රේෂ්ඨත්වය!-01

මුස්ලිම් සමාජයෙහි බහුතරයක් විසින් වෛකල්පික සලාතයන් නොසැලකිලිමත්ව පැහැර හරීනු ලැබීම දැකගත හැක. වෛකල්පික සලාතයන්හි විශේෂත්වය, එයට ලැබෙන ප්‍රසාදයන් ඉමහත්ය. සලාතය ඉටු කරන බොහෝ සහෝදරවරුන් සලාතයට ප්‍රමාදව පැමිණීම පුරුද්දක් කරගෙන සිටි. ඒ වගේම අනිවාර්්‍ය සලාතය නිමවීමත් සමග ඉක්මනින් නැගිට යති. ප්‍රථම කැඳවීම බාංගු ශබ්දය ශ්‍රවණය කරන බොහෝ සහෝදරවරුන් එය අසා මස්ජිදයට නොපැමිණ, ඉකාමත් කියන තෙක් තමන්ගේ රාජකාරි වල නිරතවෙති. ඉන්පසු ප්‍රමාදව පැමිණීම පුරුද්දක් කරගෙන සිටිති. වෙනත් සමහරු නිවසින් සලාතය සඳහා පිටවූවත් මස්ජිදයට ඇතුල් නොවී අල්ලාප සල්ලාපවල නිරතවෙති. තවත් සමහරු මස්ජිදයට පිවිස එම වෛකල්පිත සලාතයන් නොකර වාඞ්වෙති. මෙම සලාතයන්ට අල්ලාහ් ලබාදෙන ප්‍රසාදයන් ඉමහත්ය. එම වෛකල්පිත සලාතයන් ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රසාද පිළිබඳ මතක් කිරීමයි මෙම ලිපියේ අරමුණ.

1- අනිවාර්්‍ය සලාතයන්හි ඇතිවන අඩු පාඩුකම්  වෛකල්පික සලාතයන් මගින් සැපිරේ:

’නියතයෙන්ම විනිශ්ච දිනයේ මිනිසුන් ප්‍රථමයෙන් යාඥාවන් අතුරින් ප්‍රශ්න කරනු ලබන්නේ ඔවුන්ගේ සලාතය පිළිබඳවයි. අපේ උත්කෘෂ්ට හිමියන් දේව දූතවරුන් අමතා මාගේ දාසයාගේ සලාතය සම්පූර්ණද? අසම්පූර්ණද? බලන්න. එය පරිපූර්ණ නම් පරිපූර්ණ යනුවෙන් සටහන් කරනු ලබයි. එහි යම් කිසි අඩුවක් වේ නම්, මාගේ දාසයාගේ වෛකල්පික සලාතයන් තිබේදැයි? බලන්න. වෛකල්පික සලාතයන් තිබේනම් මාගේ දාසයාගේ අනිවාර්්‍ය සලාතයෙහි අඩු පාඩුකම් එයින් සපුරන්න. ඉන් පසු වෙනත් යාඥාවන්ද එසේ කරනු ලබයි යනුවෙන් නබි (ﷺ)  තුමන් පැවසූහ. වාර්තාකරන්නේඃ අබූ හුෙරෙරා (රලි) තුමන්. මූලාශ්‍රයඃ අබූදාවුද්.

කිසි කෙනෙකුට පිහිටවීමට, මැදිහත් වීමට නොහැකි, කෙනෙකු තවත් කෙනෙකු දැක පලායන, මිළ මුදල් සම්පත් වලංගු නොවන තීරණාත්මක එම විනිශ්ච දිනයේ කෙනෙකුගේ වෛකල්පික සලාතයන් මගින් ඔහුගේ අනිවාර්්‍ය සලාතයන්හි අඩු පාඩුකම් සපුරනු ලබයි නම් එය කොතරම් උතුම් භාග්‍යයක්ද?. නබි (ﷺ) තුමන්ගේ වෙනත් ප්‍රකාශයකඃ “නියතයෙන්ම කෙනෙකුගෙන් විනිශ්ච දිනයේ ප්‍රථමයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. එය යහපත් නම් ඔහුගේ අන් සියළු යාඥාවන් යහපත් වේ. එය අයහපත් නම් ඔහුගේ අන් සියලූ යාඥාවන් අයහපත් වේ”  වෛකල්පික සලාතයන් මග හරින්නන්, එය ඉටු නොකර නොසැලකිළිමත්ව සිටින්නන් තම අනිවාර්්‍ය සලාතයන් කිසිදූ අඩුවකින් තොරව පවතින බව සහතික කළ හැකිද? අනිවාර්්‍ය සලාතයන්හි දැනුවත්ව, නොදැනුවත්ව සිදූවන බොහෝ අඩුපාඩු සපුරන්නට වෛකල්පික සලාතයන් ඉවහල් වේ නම් මීට වඩා විශේෂත්වයක් තිබිය හැකිද?

2- වෛකල්පික සලාතයන් පදවීන් උසස් කරයි, පාපයන් කමා කරයි:

“නබි (ﷺ) තුමන්ගෙන් කෙනෙකු පැමිණ අල්ලාහ් මාව ස්වර්ගයට ප්‍රවිශ්ට කරවන යහපත් ක්‍රියාවක් මට දන්වන්න, නැතහොත් අල්ලාහ්ට ප්‍රියතම ක්‍රියාවක් දන්වන්න. නබි (ﷺ) තුමන් නිහඬව සිටීයහ” යළි ඇසුවේය එවිටත් නිහඬව සිටීයහ, යළි ඇසුවේය. එවිට අධිකව (අල්ලාහ්ට) සුජුද් කරන්නට ඔබට මා උපදෙස් කරමි. නියතයෙන්ම ඔබ කරන සුජුදයකට ඔබේ පදවිය (මතු දිනයෙහි) උසස්වී, ඔබේ පාපයකට සමාව ලැබෙයි.” මූලාශ්‍රයඃ මුස්ලිම්.

3- ස්වර්ගයට ප්‍රවිශ්ටවීමේ හා එහි නබි (ﷺ) තුමන් සමග සිටීමේ භාග්‍යය හිමිවේ:

රබීඅතිබ්නු කඃබුල් අස්ලමි (රලි) තුමන් විස්තර කරයි: “මා නබි (ﷺ) තුමන් සමග රාත්‍රියක නවාතැන් ගත්තෙමි. එතුමන්ගේ දෝවනය, වෙනත් අවශ්‍යතාවන් සඳහා (ජලය) ගෙනත් දුන්නෙමි. එවිට නබි (ﷺ) තුමන් මාගෙන් අසන්නැයි කීහ. මා නබි (ﷺ) තුමන්ගෙන්, ඔබත් සමග මා ස්වර්ගයේ එකට සිටිය යුතුයි යනුවෙන් ඇසුවෙමි. එවිට එතුමන් ඒ හැර වෙනත් යමක් අසන්නැයි කීහ. මට අවශ්‍ය එයයි මා කීවේමි. එසේ නම් ඔබ (අල්ලාහ්ට) වැඞ් පුර සුජූද් කිරීමෙන් මට උපකාරි වන්නැයි පැවසූහ”. (මූලාශ්‍රයඃ මුස්ලිම්).

මෙම වදනිත් තහවුරු වන කරුණ නම්, මුළු ලෝකයටම ශාස්තෘවරයෙකුවූ නබි (ﷺ) තුමන් සමග මා කොහොමද ස්වර්ගයේ සිටින්නේ? යැයි කෙනෙකු පෙරුම්පුරයි, සිහින මවයි එය නොහැකි කාර්්‍යයක් යැයි අවිශ්වාසයෙන් පසුවීමට අවශ්‍ය නොවේ. කෙනෙකු වැඞ් පුර සලාතයන් කිරීම මගින් එම උත්තරීතර බාග්‍ය ලබාගත හැක.

4- කායිකව කෙරෙන යාඥාවන් අතුරින් ජිහාදයට පසු වෛකල්පික සලාතයන් ඉතා වැදගත් වේ:

“ඔබ සලාතය ස්ථාපිත කරන්න එය සීමා නොකරන්න, ඔබේ යාඥාවන් අතුරින් ඉතා වැදගත් වන්නේ සලතායයි. දෝවනය කර විශ්වාසවන්තයෙකු මිස එම සලාතය ආරක්ෂා නොකරයි” යනුවෙන් නබි (ﷺ) තුමන් ප්‍රකාශ කළහ.
වාර්තාකරන්නේඃ සව්බාන් (රලි) තුමන්. මූලාශ්‍රය: ඉබ්නු මාජා.

5- වෛකල්පික සලාතයන් නිවසෙහි කිරීම සෞභාග්‍යය ඇතිවීමට හේතු සාධක වේඃ

“ඔබෙන් කෙනෙකු අනිවාර්්‍ය සලාතයන් මස්ජිදයෙහි ඉටු කළේ නම්, ඔහු වෛකලපික සලාතයන් තම නිවසෙහි ඉටු කරන්න. ඔහු එසේ සලාතය කිරීම මගින් ඔහුගේ නිවසට අල්ලාහ් සෞභාග්‍යය ඇති කරයි. යනුවෙන් නබි (ﷺ) තුමන් ප්‍රකාශ කළහ. වාර්තකරන්නේඃ ජාබීර් (රලි) තුමන්. මූලාශ්‍රයඃ මුස්ලිම්.

ප්‍රවීන ආගමික විද්වතෙකු වන ඉමාම් නවවි (රහ්) තුමන්, වෛකල්පික සලාතයන් නිවසෙහි ඉටු කිරීමට දිරිගැන්වීමෙන් කෙනෙකුට මුනිච්චාවෙන්, ප්‍රසිද්ධියෙන් ඈත්විය හැක, ඔහුගේ එම සලාතයන් මුනිච්චාව නිසා නිෂ්ඵල වීමේ අවදානමද අඩුය. ඔහුගේ නිවසට සෞභාග්‍යය, අල්ලාහ්ගේ දයාව, දේව දූතවරුන්ගේ පැමණීම, නරක ෂෙයිතානුන් එම නිවසින් බැහැර වීම යන බොහෝ යහපත් කරුණු වලට මෙය හේතු සාධක වේ යනුවෙන් පවසයි.

“වෛකල්පික සලාතයන් ඔබ නිවසෙහි ඉටු කිරීම මා උපදෙස් කරමි. කෙනෙකුගේ සලාතයෙන් අනිවාර්්‍ය සලාතයන් හැර සෙසු සියළු සලාතයන් නිවසෙහි ඉටු කිරීමයි ශ්‍රේෂඨ වන්නේ” යැයි නබි (ﷺ) තුමන් පැවසූහ. (වාර්තාකරන්නේඃ ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) තුමන්, මූලාශ්‍රයන්ඃ මුත්තෆකුන් අෙලෙහි).

“ඔබේ වෛකල්පික සලාතයන් නිවසෙහි ඉටු කරන්න, මන්ද ඔබේ නිවස (සලාතයන් ඉටු නොකෙරෙන) සොහොන් කොත් බවට පත් නොකරන්න” යනුවෙන් නබි (ﷺ)  තුමන් පැවසූහ. වාර්තාකරන්නේඃ ඉබ්නු උමර් (රලි) තුමන්, මුලාශ්‍රයන්ඃ මුත්තෆකුන් අෙලෙහි.

වෛකල්පික සලාතයන් ඉටු කරන බොහෝ උදවිය එය නිවසෙහි ඉටු කිරීම කෙරෙහි අවදානය යොමු නොකරති. එසේ කිරීම දරුවන්ටද හොඳ ආදර්ශයක් වනු ඇත. තවත් සමහරු අනිවාර්්‍ය සලාතයන් නිවසෙහි ඉටු කිරීමට පුරුදූවී සිටිති. මෙය නබි (ﷺ)  තුමන්ගේ මග පෙන්වීමට මුළුමනින්ම පටහැනි වන අතර එතුමන්ගේ ප්‍රකාශයන්හි “සමූහ සලාතයට සහභාගි නොවන්නන්ගේ නිවෙස් ඔවුන් නිවෙස්හි සිටින තත්ත්වයකම ගිණි බත් කිරීමට මා සිතමි” යැයි තදින්ම අවවාද කර ඇත. තවද “කව්රුන් කිසිදූ හේතුවකින් තොරව අනිවාර්්‍ය සලාතයන් නිවෙස්හි ඉටු කරයිද ඔහුගේ සලාතයන් නොපිළිගැනේ” කුමන අවස්ථාවකවත් පිරිමියෙකු සමූහ සලාතයෙන් බැහැර නොවිය යුතුයි. ඒ හැර වෛකල්පික සලාතයන් නිවසෙහි ඉටු කිරීම සතුටු දායක ක්‍රියාවකි. “ඔබේ නිවෙස් සලාතයන් නොකරන සොහොන් කොත් බවට පත් නොකරන්න” යන ප්‍රකාශයෙන් තහවුරු වන කරුණ නම්, සොහොන් කොත්හි සලාතය කිරීම මුළුමනින්ම තහනම් බවයි. නමුත් අප සමාජයෙහි පවතින ඛේදනීය තත්තවය නම් බොහෝ මස්ජිදයන් පිහිටි ඇත්තේ සොහොන් කොත් මතයි. නැතහොත් මස්ජිදයන් තුළ අව්ලියා වරුන් කියන්නන්ගේ කබ්රයන් තිබේ. බිත්ති බාධකවලින් තොරව මෙසේ පවතින මස්ජිද්වල සලාතය කිරීම සපුරා තහනම්ය. මෙය ඉස්ලාමීය ඉගැන්වීම් වලට මුළුමනින්ම පටහැනිය. නබි (ﷺ) තුමන් තම අවසන් මොහොතෙහි පවා සොහොන් කොත් මස්ජිදයන් බවට පත් කිරීම අල්ලාහ්ගේ ශාපයට ලක්විය යුතු කරුණක් බව පවසා එය තදින්ම තහනම් කළහ.

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.